සූර්යයාගේ වායුගෝලයේ පහළින්ම පවතින ස්ථරය වන වර්ණ ගෝලය (chromosphere) හරහා, "සූර්ය කොරෝනාව" (Sun's corona) ලෙස හදුන්වන සූර්යයාගේ වායුගෝලයේ වූ පිටත ස්ථරයෙන් ප්ලාස්මා සහ චුම්බක ක්ෂේත්‍රය විශාල වශයෙන් බැහැර කිරීම කිරීමේ ක්‍රියාවලිය (coronal mass ejection) හේතුවෙන් අතිවිශාල ගිනිදැල් නිකුත්වීම සිදුවේ. මෙම සූර්ය ගින්දැල් "solar prominence' ලෙස හදුන්වන අතර පහත වීඩියෝවෙන් නිරූපණය වන්නේ 2022 වසරේ ජූලි මස 10 වන දින පෘතුගාල ජාතික තාරකා විද්‍යා ඡායාරූප ශිල්පියෙකු වන "Miguel Claro" විසින් හසුකර ගත් මෙවැනි දැවැන්ත සූර්ය ගින්දැල්ලකි (solar prominence).

