දිනය: 2023 පෙබරවාරි 10
උතුරුදිග ආකාසයේ 'Auriga' තාරකා රාශිය දෙසට වන්නට දිස්වූ "C/2022 E3 (ZTF)" සහ "C/2022 U2 (ATLAS)" නම් වූ වල්ගාතරුවන් ද්විත්වය පහත දැක්වෙන දුරේක්ෂීය ඡායාරූපය මගින් නිරූපණය කෙරේ. පසුගිය පෙබරවාරි 06 වන දින රාත්‍රියේ ජර්මනියේ පිහිටා ඇති "Bavarian Forest" නමින් හදුන්වන වනාන්තරය තුළ පිහිටුවා ඇති "garden observatory" නම් අභ්‍යවකාශ නිරීක්ශනාගාරය මගින් ලබාගත් මෙම ඡායාරූපය මගින් අංශක 2.5 ක ක්ෂේත්‍රයක් පුරා විහිදී පවතින තාරකා වලින් පිරි ආකාස පථයක් හසුකරගෙන ඇත.
ප්ලූටෝ හා බාහිර සෞරග්‍රහ මණ්ඩලයෙහි වූ පරිස්ථිති තැටියක (circumstellar disc) ආකාරයක් ගන්නා "Kuiper Belt" නම් ප්‍රදේශයේ සීමාවත් අතර පිහිටා තිබෙන සෛද්ධාන්තික ගෝලාකාර වලාකුළක් වන "Oort cloud" පිහිටා ඇති කාලාපයේ සිට අපගේ සෞරග්‍රහ මණ්ඩලයේ අභ්‍යන්තරය හරහා ගමන් කරන වල්ගාතරුවන් (long-period comets) ගවේෂණය කිරීම සදහා 2022 වසරේදී දියත් කරන ලද "Zwicky Transient Facility" සහ "Asteroid Terrestrial-impact Last Alert System" යන ආකාශ නිරීක්ශන ව්‍යාපෘතියන්හීදී මෙම වල්ගාතරුවන් පළමුවරට නිරීක්ශනය කිරීමට ලැබී තිබේ. මෙම වල්ගාතරු ද්විත්වය අතරින් දීප්තියෙන් අඩු වල්ගාතරුව වන "C/2022 U2 (ATLAS)" වල්ගාතරුව පසුගිය ජනවාරි 29 වෙනිදා පෘථිවියට ආසන්නයෙන්ම ගමන් කළ අතර එලෙස ගමන් කරන ලද්දේ පෘථිවියේ සිට ආලෝක මිනිත්තු 4.6 ක දුරකිනි. මේ අතර "C/2022 E3 (ZTF)" වල්ගාතරුව පසුගිය පෙබරවාරි 02 වනදා පෘථිවියට වඩාත් ආසන්නයෙන් ගමන් කළ අතර එය එලෙස ගමන් කරන ලද්දේ පෘථිවියේ සිට ආලෝක මිනිත්තු 2.4 ක දුරකිනි.
"C/2022 U2 (ATLAS)" වල්ගාතරුවෙහි පවතින වල්ගය, "C/2022 E3 (ZTF)" වල්ගාතරුවේ පවතින වල්ගය මෙන් පියවි ඇසට පවා දිස්වන, මනාව සකස් වූ වල්ගයක් නොවුන ද වල්ගාතරු ද්විත්වයම කොළ පැහැයට හුරු කොමාවන්ගෙන් (coma)යුක්ත වේ. වල්ගාතරුවක 'කොමාව' යනු වල්ගා තරුවක න්‍යෂ්ටිය වටා පවතින නිහාරිකාමය ආවරණයයි. මෙම කොළ පැහැති කොමාවන්ගේ පවතින ද්වි පරමාණුක කාබන් අණු වලින් සිදුවන විමෝචනය සූර්යාලෝකයේදී වඩාත් ප්‍රතිදීප්තව දිස්වන අයුරු නිරීක්ශනය කළ හැකිය. ඉහළ නිරීක්ශන හැකියාවක් සහිත දුරදක්නයක් යොදාගනිමින් අද රාත්‍රියේදී ආකාසය නිරීක්ශනය කළහොත් මෙම වල්ගාතරුවන් ද්විත්වය අඟහරු ග්‍රහයාට ආසන්නයෙන් දිස්වන අයුරු ඔබට නිරීක්ශනය කිරීමට හැකිවනු ඇත.
Image Credit & Copyright: Stefan Bemmerl
C/2022 U2 (ATLAS)
C/2022 E3 (ZTF)
Zwicky Transient Facility
Asteroid Terrestrial-impact Last Alert System

. Eclipse ekak thibboth wahinawa. Meteor shower ekak thibboth walakulu .
