☄️🛰️🚀 වල්ගාතරුවක මතුපිට ස්වරූපය දැකලා තියෙනව ද? : "67P/Churyumov–Gerasimenko (67P, 67P/C–G) වල්ගාතරුව" 🚀🛰️☄️

Stimulus mind

Well-known member
  • Feb 27, 2021
    31,033
    153,133
    113

    philae-landing-on-comet_13339.jpg

    ✍️ ලිපිය සැකසුම: Stimulus mind ✍️


    මේ ඡායාරූපයෙන් දැක්වෙන්නෙ "comet 67P/Churyumov–Gerasimenko (67P)" නමින් හදුන්වන වල්ගාතරුවෙ මතුපිට පෘෂ්ඨයේ ස්වභාවයයි. කක්ෂීය කාලපරිච්ඡේදය වසර 20 කට වඩා අඩු , සූර්යයා වටා භ්‍රමණය වෙනවා වගේම වත්මන් කක්ෂයන් මූලික වශයෙන් බ්‍රහස්පතිගේ ගුරුත්වාකර්ෂණ බලපෑම මත තීරණය වෙන "Jupiter-family comets" නම් වුණු වල්ගාතරු අතර තියෙන එක් වල්ගාතරුවක් වෙන මේ "comet 67P/Churyumov–Gerasimenko (67P)" වල්ගාතරුව, ප්ලූටෝත් බාහිර සෞරග්‍රහ මණ්ඩලයට අයත් වුණු පරිස්ථිති තැටියක (circumstellar disc) ආකාරයක් ගන්න "Kuiper Belt" නම් ප්‍රදේශයේදී බිහිවුණු වල්ගාතරුවක් විදිහටයි හදුනාගෙන තිබෙන්නෙ. මේ වල්ගාතරුව ගවේෂණය කරන්න 2004 වසරේ මාර්තු 02 වැනි දින යුරෝපානු අභ්‍යවකාශ ඒජන්සිය (European Space Agency - ESA) මගින් අභ්‍යවකාශ ගත කරපු 'Rosetta' අභ්‍යවකාශ යානය (Rosetta space probe) විසින් ලබාගත්තු "comet 67P/Churyumov–Gerasimenko (67P)" වල්ගාතරුවෙ මතුපිට පෘෂ්ඨයේ ස්වභාවය නිරූපණය කෙරෙන මේ ඡායාරූපය ලබාගෙන තියෙන්නෙ වල්ගාතරුවෙ ඉදලා කිලෝමීටර 8 ක් උන්නතාංශෙක සිටිමිනුයි. ඡායාරූපය ලබාගෙන තියෙන්නෙ 2004 වසරෙ ඔක්තෝම්බර් 14 වන දිනයි.


    Credit: ESA/Rosetta/MPS/UPD/LAM/IAA/SSO/INTA/UPM/DASP/IDA

    FqOjlpvXwAEVYwV




    මේ GIF ඉමේජයෙන් දැක්වෙන්නෙ 'OSIRIS' (Optical, Spectroscopic, and Infrared Remote Imaging System) කියන 'Rosetta' අභ්‍යවකාශ යානයෙ තියෙන ප්‍රධාන විද්‍යාත්මක රූපකරණ පද්ධතියෙන් (main scientific imaging system) හසුකර ගත්ත "comet 67P/Churyumov–Gerasimenko (67P)" වල්ගාතරුවෙ මතුපිට පරිසරය නිරූපණය කෙරෙන කෙටි වීඩියෝ පටයක්. පසුබිමින් දැක්වෙන්නෙ වල්ගාතරුවෙ තිබෙන දූවිලි, වල්ගාතරුවෙ පෘෂ්ඨය මත පතිත වෙන "cosmic rays" හා ආකාසයේ දිස්වන දුරස්තර තාරකාවනුයි.

    Credit: ESA/Rosetta/MPS for OSIRIS Team MPS/UPD/LAM/IAA/SSO/INTA/UPM/DASP/IDA

    67P_Churyumov-Gerasimenko_surface.gif




    "Comet 67P/Churyumov–Gerasimenko (67P)" වල්ගාතරුව (2015 වසරේ මාර්තු මස 17 වනදා ලබාගත්තකි)

    Image Credit: ESA / Rosetta / MPS for OSIRIS Team (MPS / UPD / LAM / IAA / SSO / INTA / UPM / DASP / IDA) / Justin Cowart

    67P_Churyumov-Gerasimenko_-_Rosetta_%2832755885495%29.png





    67P/Churyumov–Gerasimenko (Comet)


















    ✍️ ලිපිය සැකසුම: Stimulus mind ✍️

     
    Last edited:

    Stimulus mind

    Well-known member
  • Feb 27, 2021
    31,033
    153,133
    113
    බම්පි.. :love2:
    කෝ මලේ යූටියුබයෙ අප්ඩේට්?
    පහුගිය ටිකේ පොඩි වැඩ වගයක් තිබ්බා සහෝ. ඒ හින්දා වෙලාවක් හම්බුණේ නෑ.:sorry: ළගදිම අලුත් එකක් දාන්නම්. :)(y)