1970 දශකයට අයත් කාල වකවානුවක නැගෙනහිරදිග යුක්‍රේනයේ 'Donetsk' කියන ප්‍රදේශයේ (යුක්‍රේනය, සෝවියට් සමූහාණ්ඩුවට අයත් වෙලා තිබ්බ කාල වකවානුවෙදි) පිහිටලා තිබ්බ ඉදිකිරීම් කටයුතු සදහා සැපයීම් සිදු කරන ගල් කොරියකදි "radiation level gauge" උපකරණයක අන්තර්ගත කරලා තිබුණු අධි විකිරණශීලීතාවයක් පවතින "cesium-137 capsule" එකක් නැති වෙනවා. කොහොම වුණත් සෝවියට් ආණ්ඩුව මේ නැතිවුණු "cesium-137 capsule" එක හොයන්න උනන්දු නොවී සිදුවීම යටගහලා පරීක්ෂණ නවත්තලා දානවා. පස්සෙ කාලෙක 'Donetsk' ප්‍රදේශයටම අයත් 'Kramatorsk' කියන නගරයෙ පිහිටලා තිබුණ "residential building" එකක ඉදිකිරීම් කටයුතු සදහා යොදගත්තු කොන්ක්‍රීට් පැනල් හදන්න අවශ්‍ය කරන ගල් ලෝඩ් එකේ සැපයීම සිදු කරන්නෙ මේ "cesium-137 capsule" එක නැතිවුණු සිද්ධියට සම්බන්ධ ගල් කොරියෙනුයි.
අවාසනාවකට මේ සපයපු ගල් ලෝඩ් එක අස්සෙ නැතිවුණු 'capsule' එක තිබුණු නිසා ගොඩනැගිල්ලේ බිත්ති ඉදිකරන්න යොදාගත්තු එක විශාල කොන්ක්‍රීට් පැනල් (concrete panel) එකක් ඇතුළෙ අර නැතිවුණු "cesium-137 capsule" එක තැන්පත් වෙනවා. මේ සම්බන්ධව කිසිම දෙයක් දැනගෙන හිටපු නැති මේ ගොඩනැගිල්ලෙ ජීවත් වුණු මිනිස්සු වසර 9 කට අධික කාලයක් (1980 සිට 1989 වසර දක්වා) තිස්සෙ අර කොන්ක්‍රීට් පැනල් එක අස්සෙ තැනපත් වෙලා තිබුණු "cesium-137 capsule" එකෙන් නිකුත් වෙච්ච අධික විකිරණවලට නිරාවරණය වෙනවා නොදැනුවත්ව ම. මේ අවාසනාවන්ත සිදුවීම නිසා අවසානයේදි ඒ ගොඩනැගිල්ලෙ ජීවත් වුණු සිව් දෙනෙක්ට ජීවිත අහිමි වෙලා, 17 දෙනෙක් රෝගාතුර වීම ද සිද්ධ වෙනවා. මේ වීඩියෝ එකෙන් කතා කරන්නෙ "Kramatorsk radiological accident" කියන නමින් ප්‍රසිද්ධ වුණු ඒ අවාසනාවන්ත සිදුවීම ගැනයි.

සිදුවීමට මුල් වූ "cesium-137 capsule" එක සහ කොන්ක්‍රීට් පැනලය සවිකර තිබූ ගොඩනැගිල්ල
(රතු පැහැති වෘත්තයෙන් විකිරණශීලී කැප්සියුලය අන්තර්ගතව පැවති කොන්ක්‍රීට් පැනලය සවි කර තිබූ ප්‍රදේශය නිරූපණය කරයි)
Last edited: