☢️ රට බාරගන්න අපි සූදානම් – සජිත් ☢️

asbestos

Well-known member
  • May 5, 2022
    2,200
    2,656
    113
    සංසාරය
    IMG_20220508_130026.jpg

    මේ රට බලවත් ව්‍යසනයකට පත්ව ඇති මේ මොහොතේ සමගි ජන බලවේගය සහ සමගි ජන සන්ධානය රට ගොඩනැගීම වෙනුවෙන් තිරසාරව පෙනී සිටින බවත් ඒ වෙනුවෙන් ඕනෑම කැපකිරීමක් කිරීමට දෙවරක් නොසිතන බවත් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පවසනවා.

    සමගි ජන බලවේගය සහ සමගි ජන සන්ධානය විසින් ඉදිරිපත් කරනු ලැබූ 21 වෙනි සංශෝධනය ප්‍රකාරව විධායක ජනාධිපති ධූරය අහෝසි කොට ප්‍රජාතන්ත්‍රවාදය ශක්තිමත් කිරීම අත්‍යවශ්‍ය බව පවසන විපක්ෂ නායකයා වගකීම සහ වගවීම හරහා ක්‍රියාත්මක වන රාජ්‍ය පාලනයක් ගොඩනැඟිය යුතු බව අවධාරණය කරයි. ශ්‍රී ලංකා නීතිඥ සංගමය ඉදිරිපත් කොට ඇති යෝජනාවලියත්, සමගි ජන බලවේගය විසින් ඉදිරිපත් කොට ඇති 21 වැනි සංශෝධනයත් අතර විශාල පරස්පරතාවයක් නැති බව පැවසූ ප්‍රේමදාස මහතා ඒ යෝජනා පදනම් කරගනිමින් ප්‍රගතිශීලී ඉදිරි පියවර බව රැසක් ගැනීමට කටයුතු කරන බවද පැවසීය.

    පවත්නා අර්බුදයට ප්‍රමුඛතම හේතුව වන්නේ ඒකාධිපති විධායක ජනාධිපති ධූරය බව පැවසූ විපක්ෂ නායකයා එය වහාම අහෝසි කළ යුතු බවද පැවසීය. සත්කාරක පාර්ශවයක් ලෙස මේ කටයුත්තට මැදිහත් වන ලෙස නීතිඥ සංගමයෙන් ඉල්ලා සිටින බව පැවසූ විපක්ෂ නායකයා, රටට ප්‍රජාතන්ත්‍රවාදය අත්කර දීම වෙනුවෙන් සමගි ජන බලවේගය තබන ප්‍රගතිශීලී වෑයමට සහයෝගය ලබා ලබාදෙන ලෙස ඉල්ලා සිටියේය.

    අද (08) පෙරවරුවේ ශ්‍රී ලංකා නීතිඥ සංගමය හමුවීමෙන් අනතුරුව සජිත් ප්‍රේමදාස මහතා මේ අදහස් ප්‍රකාශ කළේය.

    මේ මොහොතේ වැදගත් වන්නේ ඔටුනු හෝ තනතුරු පළඳවා ගැනීමට නොවන බව පැවසූ විපක්ෂ නායකයා වැදගත් වන්නේ සමාජ හා ජාතික වගකීම ඉටුකිරීම බවද පැවසීය. රට ඉදිරියට යෑමට නම් 21 වෙනි සංශෝධනය ක්‍රියාත්මක විය යුතු බවත් වහාම විධායක ජනාධිපති ධුරය අහෝසි කළ යුතු බවත් පැවසූ විපක්ෂ නායකතුමා ඒ මත පදනම්ව ඕනෑම අභියෝගයක් බාර ගන්නා බවද සඳහන් කළේය.
     
    thomian

    Well-known member
  • May 20, 2011
    12,674
    17,830
    113
    මුට දෙන එක හොඳයි.. මේ වෙලාවෙම මේ අම්බරුවත් එලව ගන්න පුළුවන්.. නැත්තම් නාහෙන් අඬ අඬ ඉඳී මැරෙනකම්ම
     
    Pan-X

    Well-known member
  • Oct 16, 2011
    1,675
    1,050
    113
    කොළඹ
    සුපිරි සුපිරි :cool: අහන්නත් සතුටුයි
    සාාාාාාාාජත් සාාාාාාාාාාජිත්
     
    deanXX

    Well-known member
  • Oct 15, 2013
    21,558
    16,384
    113
    2025 දී ලංකාව කියලා රටක් ඉතුරුවෙයි ද කියලා ෂුවර් නැහැ🤣
    :lol: :lol: :lol: :lol:

    Baiya says:
    May 8, 2022 at 12:10 pm

    මිනීමරු ප්‍රභා ගෙන රට බේරා ගෙන ඔබ තුමා ඇති තරම් හොර කැවත් කමක් නැහැ…
    ඔබ තුමාට සීරීමක් උනේ නැතිව හමුදා සෙබළුන් කොච්චර යුද්ධයට බිලි උනත් කමක් නැහැ.
    අපේ දරු පැටව කන්න නැතුව මැරුණත් කමක් නැහැ රත්තරන් මහින්ද මහතගේ පවුලේ අයට මුකුත් කරදරක් වෙන්න එපා
     
    elajani

    Well-known member
  • Oct 18, 2020
    10,582
    6,351
    113
    View attachment 170240

    මේ රට බලවත් ව්‍යසනයකට පත්ව ඇති මේ මොහොතේ සමගි ජන බලවේගය සහ සමගි ජන සන්ධානය රට ගොඩනැගීම වෙනුවෙන් තිරසාරව පෙනී සිටින බවත් ඒ වෙනුවෙන් ඕනෑම කැපකිරීමක් කිරීමට දෙවරක් නොසිතන බවත් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පවසනවා.

    සමගි ජන බලවේගය සහ සමගි ජන සන්ධානය විසින් ඉදිරිපත් කරනු ලැබූ 21 වෙනි සංශෝධනය ප්‍රකාරව විධායක ජනාධිපති ධූරය අහෝසි කොට ප්‍රජාතන්ත්‍රවාදය ශක්තිමත් කිරීම අත්‍යවශ්‍ය බව පවසන විපක්ෂ නායකයා වගකීම සහ වගවීම හරහා ක්‍රියාත්මක වන රාජ්‍ය පාලනයක් ගොඩනැඟිය යුතු බව අවධාරණය කරයි. ශ්‍රී ලංකා නීතිඥ සංගමය ඉදිරිපත් කොට ඇති යෝජනාවලියත්, සමගි ජන බලවේගය විසින් ඉදිරිපත් කොට ඇති 21 වැනි සංශෝධනයත් අතර විශාල පරස්පරතාවයක් නැති බව පැවසූ ප්‍රේමදාස මහතා ඒ යෝජනා පදනම් කරගනිමින් ප්‍රගතිශීලී ඉදිරි පියවර බව රැසක් ගැනීමට කටයුතු කරන බවද පැවසීය.

    පවත්නා අර්බුදයට ප්‍රමුඛතම හේතුව වන්නේ ඒකාධිපති විධායක ජනාධිපති ධූරය බව පැවසූ විපක්ෂ නායකයා එය වහාම අහෝසි කළ යුතු බවද පැවසීය. සත්කාරක පාර්ශවයක් ලෙස මේ කටයුත්තට මැදිහත් වන ලෙස නීතිඥ සංගමයෙන් ඉල්ලා සිටින බව පැවසූ විපක්ෂ නායකයා, රටට ප්‍රජාතන්ත්‍රවාදය අත්කර දීම වෙනුවෙන් සමගි ජන බලවේගය තබන ප්‍රගතිශීලී වෑයමට සහයෝගය ලබා ලබාදෙන ලෙස ඉල්ලා සිටියේය.

    අද (08) පෙරවරුවේ ශ්‍රී ලංකා නීතිඥ සංගමය හමුවීමෙන් අනතුරුව සජිත් ප්‍රේමදාස මහතා මේ අදහස් ප්‍රකාශ කළේය.

    මේ මොහොතේ වැදගත් වන්නේ ඔටුනු හෝ තනතුරු පළඳවා ගැනීමට නොවන බව පැවසූ විපක්ෂ නායකයා වැදගත් වන්නේ සමාජ හා ජාතික වගකීම ඉටුකිරීම බවද පැවසීය. රට ඉදිරියට යෑමට නම් 21 වෙනි සංශෝධනය ක්‍රියාත්මක විය යුතු බවත් වහාම විධායක ජනාධිපති ධුරය අහෝසි කළ යුතු බවත් පැවසූ විපක්ෂ නායකතුමා ඒ මත පදනම්ව ඕනෑම අභියෝගයක් බාර ගන්නා බවද සඳහන් කළේය.

    FB_IMG_16520007344591966.jpg
     
    IMMuhandiram

    Well-known member
  • Feb 6, 2012
    10,862
    11,161
    113
    Raigamaya president
    Gampolaya PM

    How lucky citizens we are😍😍😍

    Cultural ministry eke 3 Billion essella deela enna kiyamu netha😁
     
    Similar threads