රෝග තුන්දොස් සියලු මැඩගෙන සෑමකල් දිවි සුව විදින්නට,විදින්නට පෙම් සිහින තරු දිලෙන සුව රැයක,
මිදෙන්න්ට ඉගි කරයි හැගුම් පිරි හදවතක,
ගයන්නට ජය ගීත උතුරනා සෙනෙහසක,
පැතුම් මල් පුරවගෙන වසන්තය දොරකඩක…
සීත සුළගක දැනෙන සිසිලස විලස සිත්වල හැගුම් තැබුමට,
නේක බාධක මග හරෝගෙන සීන එලෙසෙම පල දරන්නට,
ඈත අහසේ තාරකාවක කෙනෙකු ඇත අප දෙදෙන රැකුමට…