☻☻☻ හෙළබස ☻☻☻

Nov 24, 2011
812
217
0
Colombo, Sri Lanka
උදෙන්ම හෙල බස සම්බන්දයෙන් කතා දෙකක් දාන්න හිතුනා. බලපන්කෝ හොදයිද කියලා



කතා අංක 01

ඔන්න හළබසින් කතා කරන කෙනෙක්ගේ ගෙදරට එයාගේ යාලුවෙන් ආවලු (යාලුවත් කතා කරන්නේ හෙලබසින්). අපි මේ ‍ගෘහමූලිකයට කියමු "චිලී" කියලා...

විලී මේ කියන වෙලාවේ එදා ගෙදරට ආපු තවත් යාලුවෝ ටිකක් එක්ක කෑම කනවලු. ඒ නිසා හදිස්සියේම ආපු යාලුවට ගේ දොරකඩදීම මුණගැහෙන්නේ විලීගේ නෝනව.

යාලුවා : විලී හු සිටිත් ද?

නෝනත් කල්පනා කරාලු මම මෙයත් එක්ක හෙලබසින් කතා නොකරොත් මහත්තයාගේ නම්බුවට හොඳනෑ කියලා, දන්න හෙලබසින් ගැටගහලා උත්තර දෙවලු...

නෝනා : විලී හු කති...

එක ප්‍රශ්ණෙන් කතාව නවත්තන එක හොඳනැති නිසා යාලුවා ආයෙ ඇහුවලු මෙහෙම..

යාලුවා : බිරින්දෑ මෙහි සිටියදී විලී හු කන්නේ කා සමගද?

නෝනා : අද උදෑසන අප නිවසට පැමිණි යහලුවන් පිරිසක් සමග විලී හු කති...

ඔන්න එතනින් එහාට මොනවා උනාද කියලනම් මම දන්නේ නෑ...

*********************************************************
කතා අංක 02

දවසක් හෙලබසින් කතා කරන වියතෙක් ගියාලු ත්‍රී වීලර් එකක. දැන් ගමන ගිහින් ගාස්තුව ගෙවන වෙලාවේ සංවාදය මෙහෙමයිලු...

වියතා : රථ පළුව මාගේ බරපැන කෙතෙක් ද?

3W මල්ලි : මහත්තයා මේ... නිකන් අනං මනං පාට් දාන්න එන්න එපා... මගේ ගාන දෙන්න.

වියතා : නැත දරුව, මා ඒ වැනුයේ හෙළුවෙනි...

3W මල්ලි : මහත්තයා... හෙළුවෙන් බැරිනම් ඕනෙ විදියකට වනාගනින් මගේ ගාන දීලා...

වියතා : නැත නැත.. ඔබට නොතේරේ, දරුව හෙළුවෙන් වනන්නෝ වනාහි පකට පුබුදෝය (= ප්‍රකට ප්‍රබුද්ධයෝය)

3W මල්ලි : (මළපැන) අඩෝ මේ.... උඹ ප*$*$ බැරිනම් හු*$*$*$ හරි පුබුද්ද ගනිං... මගේ හයර් එකට රු. 100ක් දිලා...

කතාව ඉවරයි.... හයර් එක රු 100යි.



ඉවර නෑ.... :eek: තව තියෙනවා. Bonus එකක් විදියට උඹලට ඇම්ඩා ගේ කතා දෙකකුත් දෙන්නම් :lol: :lol:

ඇම්ඩා....
අද උදේ ඉඳන්ම කුණුවෙන්න වහිනවා. අපි කට්ටියම ඔෆිස් ආවෙත් හොඳ ගානට නාගෙන. ඒ ආවත් වැඩකෙරිල්ල පැත්තක තියලා තෙමිච්ච ඇදුම් වේලගන්න එක තමයි කරේ. නැතිනම් අර AC අස්සේ තෙත ඇදුම් ඇඳගෙන වැඩකරන්නේ කොහොමද අප්පා....

ඔන්න ඔහොම ඇඳුම් වේලන අතරේ තමයි අපේ චන්දරේ අයියා මේ ඇම්ඩගේ කතාව අපිට කීවේ.....

ඔන්න මේ ඇම්ඩ පොඩි කාලෙලු.... ඒ කියන්නේ අවුරුදු හතරක් පහක් විතර වගේ.... ඒත් ඒ කාලෙත් මුගේ වැඩනම් පොඩි නෑ කියලා කවුරුත් දන්නවනේ....

කොහොම හරි ඇම්ඩා මේ කාලෙ නිදාගන්නේ තාත්තා එක්කලු. ඒත් අම්මයි තාත්තයි ඉන්න කාමරේ ඇම්ඩටත් නිදාගන්න ඉඩ මදි හින්දා කරන්නේ අම්මා විතරක් ඒ කාමරේ නිදාගනිද්දි තාත්තා ඇම්ඩත් එක්ක අනිත් කාමරේ නිදාගන්න එකලු...

දැන් ඉතින් හැමදාම මේක කරන්න පුළුවන් වැඩක්යැ... අනික ඇම්ඩගේ අම්මටයි තාත්තටයි පෞද්ගලික රහසිගත වැඩ නැතුවයැ කරගන්න.... ඒනිසා අම්මයි තාත්තයි පොඩි වැඩපිළිවෙලක් හැදුවා. රෑට අවශ්‍යතාවය ඇතිඋන කෙනා පොඩ්ඩක් උගුර පාදනවා "හ්ම්...." කියලා. අනිත් කෙනත් එකඟනම් එයත් උගුර පාදලා පොඩි සිග්නල් එකක් දෙනවා... ඊට පස්සේ ඉතින් ඒ ඒ දේවල් ඒ ඒ විදියට කෙරෙනවා.

දැන් ඉතින් මේ අද වගේ වැස්සක් වහින සීතල රෑක ඇම්ඩගේ අම්මා පොඩි සිග්නල් එකක් දුන්නලු "හ්ම්..." කියලා. තාත්තත් ඉතින් ඇම්ඩා නිදිද කියලා එහෙම බලලා, සිග්නල් එකටත් රිප්ලයි කරලා යන්න ලෑස්ති වෙනකොටම ඇම්ඩා ඇහැරලා අඬන්න ගත්තා....

"තාත්තෙ... තාත්තෙ... මාව දාල කොහෙද යන්නෙ..." කියලා ඇම්ඩා අඬනකොට, "ආ පුතේ මම මේ පොඩ්ඩක් එලියට යන්න හැදුවේ..." කියලා තාත්තා ආයෙත් ඇම්ඩා ලඟින් නිදාගත්තා...

ආයෙ ටිකක් ඇම්ඩට නින්ද යනකන් හිටපු තාත්තා හෙමින් සැරේ අනිත් කාමරේට යන්න කියලා දොර ලඟට යනකොටම ඇම්ඩා ඇහැරලා "තාත්තේ..." කියලා කෑගහනවා.... තාත්තා ආයෙත් ඇම්ඩා ලඟට එනවා...

මෙහෙම තුන් හතර පාරක්ම උනා... තාත්තගේ දැන් මල අතේ...

අන්තිම සැරේ තාත්තා මේ පාරනම් යනවමයි කියලා හිතාන කොහොමහරි ඇම්ඩට හොරෙන් ගිහින් වැඩේට එන්ටර් වෙනකොටම අ‍රහෙන් ඇහෙනවා ඇම්ඩා කෑගහනවා.....

හොඳටම මල පැනලා හිටපු තාත්තත් කෑගහලා කීවා "කෑගහන්නේ නැතිව හිටපිය යකෝ..... මම තොගේ අ$$$$$ හු$$$$$ එනකන්" කියලා....

මේක ඇහිච්ච ඇම්ඩා කියනවා "අයියෝ තාත්තේ.... ඕක මට මුලින්ම කීවනම් හරිනේ.... එහෙනම් වැඩ ඉවර වෙලා මේ වෙනකොට අපි ආයෙ හොඳට නිදිනේ" කියලා.....

****************************************************

ඔන්න කාලෙකට පස්සේ ජෙරියගෙන්, තවත් අලුත් කස්ටිය අහලා නැති ඇම්ඩාගේ කතාවක්....

ඔන්න දවසක් ඇම්ඩට ඇතුළු අනිත් උගේ යාලුවෝ සෙට් එකට ගුරුවරයා කාන්තා පියයුරු වර්ණනා කවි ලියන් එන්න කියලා ( මරු කවි තමා ගුරත් ලියන්න කියන්නේ? ) බලමුකෝ මොකෝ උනේ කියලා....

ගුරුවරයා - “මම කිව්වනේ අපේ පැරණි කවියෝ උපමා යොදාගෙන කාන්තාව වර්ණනා කරල තියෙන කවි ආදර්ශයට අරගෙන කාන්තා පියයුරු වර්ණනා කෙරෙන කවියක් ලියන්න කියලා...... ඇම්ඩන් ඇවිත් කියනවා බලන්න තමන් ලියපු කවිය.” ( මරු එකාට මුලින්ම කියවන්න කිවුවේ )

ඇම්ඩන් - ( ඔන්න කියනවා මරු කවියක් )
“කුළුඳුල් වියේදී පීදෙන නෙළුම වගෙයි
නාඹර වියේදී දිලිසෙන ඇපල් වගෙයි
මැදි වියේදී මැලුවුන ගස් ලබ්බ වගෙයි
අඩසිය වයස පැන්නම රතු ළූණු තමයි”

ගරුවරයා - “තරමක් හොඳයි......... ඇම්ඩන් කවිය ලිය‍නකොට සභ්‍යත්වයත් ආරක්ෂා කරන්න වගබලාගන්නත් ඕනි. රතු ළූණු උපමාවකට භාවිතා කරන්නේ කොහොමද කියලා පැහැදිලි කරමු බලන්න.” ( මරු ගුරා )

ඇම්ඩන් - “මෙහෙමයි ස...ර්..... රතුළූණු පොත්ත ගලවනකොට ඇ‍‍‍‍‍‍ඬෙන්නා සේ..ම.. අඩසියවස පැනපු කාන්තාවගේ පියයුරු වහල තියෙන එක ගලවල බලපුවහම ඇ‍‍ඬෙනවනේ...”

ඔන්න අපේ ඇම්ඩා


හිනා යන්නේ නැද්ද උඹලට ? එහෙනම් කරන්න දෙයක් නෑ. කිචි කවාගනින් :lol::lol:

බුකියෙන් ඉස්සුවේ. හොදයිනම් සලකපන්. අඩුම තරමේ බම්ප් එකක් වත් දාගෙන පලයන්
 
Last edited:

tshirtZ

Well-known member
  • Aug 31, 2011
    5,437
    1,372
    113
    Kelaniya
    Laughing01.gif
    Laughing01.gif
    Laughing01.gif
    Laughing01.gif
     

    prabash06

    Well-known member
  • Nov 7, 2009
    2,246
    557
    113
    Sri Lanka
    හෙල බස කතා 2 නම් මරු ඇම්ඩා කතා 2 නම් චා...
    හෙල බස කතා 2ට මගෙන් රෙප් 5+