Hardware දෝෂ නිවැරදිව පිරික්සීමේ දී අනුගමනය කල යුතු ක්‍රියාමාර්ග
ඔබේ කම්පියුටරයේ Hardware දෝෂයක් නිවැරදි කර ගැනීමට වුවමනා වූ විට System Unit එකෙහි පියන් ගැලවීමට සිදු වෙයි . එය තරමක් සුපරික්ෂාකාරීව කල යුතු කටයුත්තකි ... නමුත් මෙම කාර්ය කිරීමට ප්‍රථමයෙන් මෙම අදියරයන් කරනතුරු System Unit එකට අත නොතැබීම නුවණට හුරු ය .....
1. ප්ලග් එක ගලවන්න - කම්පියුටරයට සවි කර ඇති ප්ලග් බේස් එකේ ස්විචය ඕෆ් කිරීම පමණක් ප්‍රමාණවත් නැත . බොහෝවිට එසේ Turnoff කල විටද එතැනින් තරමක් විදුලිය ගලා එයි ... එබැවින් කම්පියුටරයට තුළ වැඩ කිරීමට පෙර , සාමාන්‍යයෙන් මිනිත්තු 15 කට පමණ පෙර ප්ලග් එක ගැලවීම නොවැරදීම කරන්න .. එසේ කල් ඇතිව ගලවන්නේ කැපසිටර් ( ධාරිත්‍රක) තුළ ඇති විදුලිය ඉවත් වීමට වුවමනා බැවිනි ..... එමෙන්ම මොඩම් හා නෙට්වර්ක් කේබල් ආදිය ද ගලවා තැබීම සුදුසුය ........
2.සංවිධානය වෙන්න - ඔබේ කම්පියුටරය තුළ සිට විසකුරු සර්පයෙකු සමග පොර බදන්නට සිදු වෙතැයි සිතා ගන්න .....
ඒ සදහා පහසුවෙන් දෙඅත් හැසිරවීමට පුළුවන් පරිදි ඉඩ සකස් කර ගත යුතුය ..... තවද ඊට ප්‍රමාණවත් ඉඩකඩ තිබේද ?...... පද්ධති ඒකකය තුළ ඇති දේවල් ඔබට හොදින් දැක ගත හැකිද ?.... යන්න ඔබ සිතා බැලිය යුතුය ...
3. භූගත වන්න - කම්පියුටරය තුළ ඇති සියුම් කොටස් වලට හානි වීමට තරම් බලවත් විදුලියක් ඔබේ සිරුර තුළ ඇත... එයට ඇති හොදම විසදුම grounding strap එකක් පැලදිමය .... එසේ නැති නම් අභ්‍යන්තර පරිපථ අත පත ගාන හැම අවස්ථාවකදීම ගලවා ඉවත් කර ඇති කේස් එකේ ලෝහ කොටස් ස්පර්ශ කර සිටින්න .........
4. ප්‍රවේශම් වෙන්න - කම්පියුටරයට සවි කර ඇති අතිරේක කාඩ් සවි කිරීමේදී මෙන්ම ගැලවීමේදී ද ඒවා අතිශයෙන්ම සියුම් ඒවා බව අමතක නොකරන්න ... ඒවා මොනම අවස්ථාවකදීවත් නොනැමිය යුතුය .. මෙම කාර්ය සිදු කිරීමේදී ඉතා පරිස්සමෙන් එය සිදු කරන්න ..... තවද කාඩ් සවි කිරීමේදී ඇතැම් විට ඒවා තද කිරීමට සිදු වෙයි .... එයද කල යුත්තේ අනුක්‍රමයෙනි........
5. නිවැරදි ආම්පන්න සොයා ගන්න - ඔබේ කම්පියුටරයේ නඩත්තු කටයුතු වලදී Swiss Army Knife හා paper clip වැනි හැම දෙයක්ම කල හැකි තනි මෙවලම් භාවිතයෙන් වලකින්න ....... නොගැලපෙන මෙවලම් ඇතැම් විට ලිස්ස යා හැකිය . එබැවින් ඒවායින් ඔබට මෙන්ම කම්පියුටරයටද තුවාල වීමට ඇති ඉඩකඩ බෙහෙවින්ම ඉහළය......... එම නිසා එයට උචිත නිවැරදි ආම්පන්න සොයා ගන්න .....
තවද System Unit එකෙහි පියන් ගැලවීමේදී හා පරිපථ සමග ගනුදෙනුවේදී පාවහන් යුගලයක් දමා ගෙන පරිපථ සහිත කොටස් ඇල්ලීම වඩාත් යෝග්‍යය.......... මෙවැනි ක්‍රියාමාර්ග කිරීමෙන් ඔබගේ PC එක වඩාත් ආරක්ෂාකාරිව තියා ගැනීමට උපකාරී වේ ........
ඒ වගේම නිවැරදි ආම්පන්න කට්ටලයක් සොයා ගත යුතුය.... මෙමගින් Hardware දෝෂ නිවැරදිව පිරික්සීම කල හැකිය ........

හැමදාමත් දානවා වගේ හොද thread එකක්...