♔දේශපාලන ප්‍රතිපත්ති සහ අපි

NisalPerera

Well-known member
  • Dec 21, 2013
    895
    203
    63
    අහසේ
    ♔දේශපාලන ප්‍රතිපත්ති සහ අපි

    ⚉ මම එකටම අහනවා උබලට "දේශපාලන ප්‍රතිපත්තියක්" කියලා එකක් තියෙනවද? නැත්නම් උබලා එහෙම එකක් අහලා තියෙනවද?

    හරි උබලට එහෙම එකක් තියෙනවයි කියමුකෝ... හරි එහෙනම් කථාව මේකයි...
    උබලා කැපුවත් නිල්, කැපුවත් කොළ, කැපුවත් රතු කියනවා වෙන්න පුළුවන් මට එකෙන් වැඩක් නෑ මිනිහෙක් විදියට උබලට සත්තුන්ට වඩා හොදට මොළයක් ලැබිලා ඇති හැබැයි සමහරුන්ට අලයක් තරම්වත් මොලයක් ලැබිලා නෑ කියලා නම් පේනවා. :confused:

    ආණ්ඩු පක්ෂය හෝ විපක්ෂය හෝ වේවා.. දැන් කතා කරන්න තියෙන්නේ ඇත්තටම ඒ දෙක විතරනේ... උබලා උදෙන්ම ෆේස් බුක් ලොග් වෙනවා ඊට පස්සේ උණු උණු උණුවෙම මේකේ පොස්ට් වෙන දේශපාලන මඩ පොස්ට් ටික උබලත් හරි උජාරුවෙන් උබලාගේ දේශපාලන මතය සපයන්න හරි ලොකුවට ෂෙයාර් කරලා LIKES, Comments ගන්නවා.. Elakiri එනවා ඒත් කරන්නේ රේප් කපනවා, රේප් දෙනවා, වලි දා ගන්නවා ඒ ටිකමයි.. සමහරු හොදට හිටපු උන් එක්ක උරන වෙන්නේ තමන්ගේ විරුද්ධ වාදී මත ඉදිරිපත් කරන්න ගිහින්.. :baffled:


    මට මේ පොස්ට් දැක්කාම ආස හිතෙනවා, මොකද මට හිතෙන්නේ දේශපාලනය කරන, දේශපාලන විද්‍යාව හදාරා තිබෙන නැතිනම් අධිනීතිඥයන් තවද බුද්ධි අංශ වල රාජකාරි කටයුතු කරනාවූ පිරිසක් මෙවැනි දේ ප්‍රසිද්ධ කරනවා වැනිය. මමද ඔවුන්ගේ මිතුරෙකු වීම ගැන. :cool:


    උබලා නිකමටවත් හිතුවද උබලා කියන කරන, පෙන්වන දේවල් ඇත්තද කියලා... හොදයි ඇත්තයි කියමුකෝ ඒත් බන් යම් සත්‍යකට බොරුවෙන් ටිකක් එකතු වූ විට අනිවාරෙන් ඒ කෙබරයකි. ෆේස් බුක්හි බොහෝ ඇඩ්මින්වරුන් (පිටු හසුරුවන්නන්) සත්‍ය, අසත්‍යතාව නොබලමින් මෙහි කුමක් හෝ කෙබරයක් වීරත්වයෙක් පළකරති. උබලත් ඒවා උජාරුවෙන් උබලගේ පක්ෂේ වාසියට ෂෙයාර් කරනවා.. උබ නිකමටවත් හිතුවද මේවා අඩුම තරමේ දානකොට කොච්චර චරිත ඝාතනයක් වෙනවද කියලා? අඩුම තරමේ අගක් මුලක් නැති බේගලයක් කියලවත් හිතුනේ නැද්ද? :P


    මේ රටට පත් වූ කිසිම ජනාදිපති කෙනෙක් 100% හොදයි කියන්නත් බෑ, හැබැයි 100% නරකයි කියන්නත් බෑ..ඔක්කොම ජන්දෙට කලින් අපිට අහස උසට බලාපොරොත්තු දෙනවා.. ඒක තමයි දේශපාලනය කියන්නේ... නෑ නෑ ලංකාවේ දේශපාලනය..

    මම කියන්නේ මෙච්චරයි උබට ජන්ද බලය තියෙනවනම් උබට කුමන හෝ දේශපාලන ප්‍රතිපත්තියක් අත්‍යවශයි... එකේ පාට තීරණය කරන්න ඕනේ උබම තමයි. හැබැයි පාට වලට වහල් වෙන්න එපා.. ඒ වගේම අනිවාර්යෙන්ම ඒ, ඒ ප්‍රතිපත්ති ප්‍රකාශ බලපන්... උබ ජන්දේ තීරණය කරන්නේ අතීතයේ උබලට ලැබුණු දේවල් වලටද, නැත්නම් අනාගතේදී උබලට දෙඤ්ඤම් කියපු මොකක් හරි මගුලක් නිසාද??? :angry:


    උබට ඇත්තාවූ දේශපාලන ප්‍රතිපත්තියක් මත උබ ජනවාරි 08 වෙනිදට ජන්දේ පාවිච්චි කරපන්.. නමුත් ෆේස් බුක් වල, එළකිරියේ අසත්‍ය තොරතුරු පතුරුවන බොරු වීරයෝ වෙන්න එපා.. ළඟ ඉන්න හොද යාලුවෝ ටික තරහ කරගන්න එපා... දේශපාලනය හැමදාම අපිව මුලා කලා.. ඉදිරියටත් එසේම තමයි. :sorry:

    අවසාන වශයෙන් කියන්න තියෙන්නේ එක එක දේශපාලුවන්ගේ කටු කන සුනඛ පෝතකයෝ මේකට කමෙන්ට් කරන්න එපා.. මම කතා කලේ බුද්ධිය තියෙන පාට පක්ෂ නොබලන නිහතමානි මිනිස්සුන්ට! :yes:


    ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයන් දෙදෙනා හැරුනු විට ජනාධිපති පුටුවට තරග වදින අනෙක් අපේක්ෂකයන් 17 දෙනා වැනි අපිට විහිළු සපයන ජෝකර්ලා වෙන්න එපා බන්..:rofl:

    " මතක තියාගනින් දේශපාලකයෝ හැමදාම එක පැත්තක, දුක් විදින්නේ පිඩිත පන්තියම තමයි ඉතින් " (මමත් පීඩිත පන්තියෙම තමයි ඉතින් )

    " හැමෝම කියන දේ විනයකින් අහගෙන ඉදපන් බුද්ධිමත් මිනිහෙක් විදියට... "
    තීරණය උබ ගනින්...


    ♞ජන්දය නොදා ඉන්නත් එපා,
    "ජන්දය නුබේ අයිතිය"... ;)
    අදහස - නිසල් පෙරේරා...
     
    Last edited:

    Mahesh+

    Well-known member
  • Jul 3, 2012
    3,312
    807
    113
    Verified ✔
    ලංකාවේ උන්ට ඕක තේරෙන්නේ නැති එකනේ බං අවුල වෙලා තියෙන්නේ :angry:
     

    NisalPerera

    Well-known member
  • Dec 21, 2013
    895
    203
    63
    අහසේ
    ලංකාවේ උන්ට ඕක තේරෙන්නේ නැති එකනේ බං අවුල වෙලා තියෙන්නේ :angry:
    හ්ම්ම්
    :sorry:
    bp ntn balan unta uba desh a drohiyek weyi
    අනේ මන්දා බන්.. අපේ උන් බොරුවට පක්ෂ වලට මරා ගන්නවා... අන්තිමේදී අපිම තමයි පරාද! :sorry:
     

    DMSPD

    Active member
  • Sep 21, 2010
    304
    37
    28
    Pannipitiya
    යාලු මොකද කියන්නේ..... බත් කන කටින් මම අසුචි කන්නේ නැහැ.....