අහිමි නුඹ
අහිමි නුඹ ලඟට ගෙන
ආදරෙන් සිප ගන්න
තුරුළු කර ආදරෙන්
උණුහුමට ගුලිවෙන්න
නුඹේ ඔය ඇස් දෙකෙන්
ලෝකයම දැක ගන්න
පතනවා මම තාම
අහිමි බව දැන ගෙනම...
මට අහිමි පුංචි මල
ආදරෙන් රැකගන්න
පොඩි වෙන්න ඉඩ නොදී
ආදරෙන් සිප ගන්න
පතනවා මම තවත්
නුඹ අහිමි බව දැන දැනම ...
ඔබේ පුංචි ඇස් දෙකට
හාදුවක් පුද දෙන්න
නුඹෙ සිනිදු දෙකොපුලේ
මගේ තොල් රදවන්න
සීතලම රාත්රියක
නුඹෙ පපුවේ ගුලි වෙන්න
පතනවා මම තවත්
නුඹ අහිමි බව දැන දැනම ...
නුඹ මගේ නොවුවත්
ආදරෙයි මම නුඹට
මගේ ලග නොසිටියත්
නුඹ ලගයි මම තවම
අහිමි බව දැන දැනත්
නුඹට පෙම් බදින මම
ආදරෙයි හැමදාම
මගෙ පුංචි කුමරියට.....
අහිමි නුඹ ලඟට ගෙන
ආදරෙන් සිප ගන්න
තුරුළු කර ආදරෙන්
උණුහුමට ගුලිවෙන්න
නුඹේ ඔය ඇස් දෙකෙන්
ලෝකයම දැක ගන්න
පතනවා මම තාම
අහිමි බව දැන ගෙනම...
මට අහිමි පුංචි මල
ආදරෙන් රැකගන්න
පොඩි වෙන්න ඉඩ නොදී
ආදරෙන් සිප ගන්න
පතනවා මම තවත්
නුඹ අහිමි බව දැන දැනම ...
ඔබේ පුංචි ඇස් දෙකට
හාදුවක් පුද දෙන්න
නුඹෙ සිනිදු දෙකොපුලේ
මගේ තොල් රදවන්න
සීතලම රාත්රියක
නුඹෙ පපුවේ ගුලි වෙන්න
පතනවා මම තවත්
නුඹ අහිමි බව දැන දැනම ...
නුඹ මගේ නොවුවත්
ආදරෙයි මම නුඹට
මගේ ලග නොසිටියත්
නුඹ ලගයි මම තවම
අහිමි බව දැන දැනත්
නුඹට පෙම් බදින මම
ආදරෙයි හැමදාම
මගෙ පුංචි කුමරියට.....
♥ ♥ ♥ ♥ ♥


