♥♥♥♥ කෑවේ නැතත් කමක් නෑ : වතුර බීපන්ලා ♥♥♥♥

tshirtZ

Well-known member
  • Aug 31, 2011
    5,437
    1,372
    113
    Kelaniya
    ♥♥♥♥ කෑවේ නැතත් කමක් නෑ : වතුර බීපන්ලා ♥♥♥♥

    drinking-water-460_979746c.jpg



    තිබහ ආවම වතුර ටිකක් බීවම මදෑ කියල හිතන් එපා..


    දීර්ඝ කාලීනව ජලය අඩුවෙන් පානය කිරීම


    - වකුගඩුවල ක්‍රියාකාරීත්වය දුබල වීම -
    - මුත්‍රා ගල් ඇතිවීම -
    - රුධිර පීඩනය අවිධිමත් වීම -
    - හිසරදය -
    - ආහාර නොදිරවීම -
    - සම මතුපිට ආසාධන -
    - උඩු සම වියලී යාම -
    - කබර කොරපොතු -
    වැනි තත්වයන් ඇතිවෙන්න හේතු වෙනවා



    oil-up_7-ways-to-care-for-dry-skin-in-winter.jpg



    නිතරම වතුර බොනවා නම් ලැබෙන වාසි

    - සිරුරේ බර පාලනය කරයි -

    (ජලයේ කැලරි අඩන්ගු නැහැ. ඒ නිසා වැඩිපුර ජලය පානය කිරීමේදී ආහාර ගැනීමේදී මෙන් බර වැඩිවීමක් වෙන්නේ නෑ)

    - හිසරදයට ස්වාබාවික ප්‍රතිකර්මයකි -

    (හිසරදය ඉරුවාරදය වැනි රෝගයන්ට ප්‍රධාන හේතුවක් තමයි ජලය මදිකම)

    - නීරෝගී සමක් ලැබීම -
    (සමෙහි පවතින තෙතමණය නිසි මට්ටමක පවතිනවා, සම වේලී යාමෙන් විවිධ ආසාදන තත්වයන් ඇති වෙන්නෙ නෑ. නීරෝගී දිදුලන සමක් ඔබට හිමි වෙනවා)

    - ඔබේ හදවත සුවෙන් තබයි -

    images



    - එදිනෙදා මහන්සී වී වැඩ කරන විට අලස බව උදාසීන බව මගහරියි -
    (මොළයේ සක්‍රීයත්වයට උදව් වෙනවා)

    - ශරීර උශ්නත්වය පාළනය වීම -
    (ශරීරයට වැඩි ජවයක් ඇති බව ඔබට තේරෙන්න පටන් ගන්නවා)

    - ආහාර ජීරණයට පහසු වෙනවා -

    (ආහාරයේ ඇති තන්තුමය කොටස් හා ජලය එකතු වීමෙන් දිරවීමේ ක්‍රියාවලිය ඉතා පහසු කරවනවා.. මල බද්ධය, අර්ශස් වැනි රෝග තත්ව ඇති වන්නේ නැහැ.)

    - මස්පිඩු පෙරලීම්, උළුක්කු වීම් අවම වෙනවා -
    (සන්ධි හා මස්පිඩු අතර ගැටීම නිසි ආකාරයෙන් ක්‍රමවත්ව සිදු වෙනවා)


    - මුත්‍රාශයේ ගල් ඇතිවීම අවම කරනවා -

    - ශ්වසනාබාධ, බඩවැල් ආශ්‍රිත රෝග, රක්තවාතය, ආමවාතය (ආතරයිටිස්) වැනි රෝග අවම කරනවා -


    bacterial-intestinal-infection.jpg



    - ප්‍රතිශක්තීකරණ හැකියාව ඉතා ඉහල මට්ටමක පවත්වා ගන්නවා -

    - පිළිකා වැනි නිට්ටාවටම සුව නොවන රෝගී තත්වයන් ඇතිවීම අවම කරනවා -


    water-man.jpg



    ශරීරයට ප්‍රමාණවත් තරම් ජලය ලැබෙන්නේ නැත්නම්?

    - මුත්‍රා අව්පැහැ ගැන්වෙනවා -

    - උඩු සම වියලී යාමෙන් නිසි වයසෙට පෙර සම වියැකී යනවා -

    - අධික වෙහෙසක් නිතරම දැනෙන්න ගන්නවා -

    - 20%ට වඩා විජලනය වූවිට මරණයද සිදුවන්නට පුළුවන් -



    drink-water-.jpg



    ඉතින් දැන් කොච්චර වතුර බොන්න ඕනද?

    වැඩුනු මිනිසෙක් අවම වශයෙන් දිනකට වතුර ලීටර 2ක්වත් අවම වශයෙන් පාණය කල යුතුයි කියලයි මම නිර්දේශ කරන්නේ.


    මිනිස් සිරුර වැඩියෙන්ම තියෙන්නේ මොනවද?


    ඇත්තටම මිනිස් සිරුරේ කොතැනක උණත් 60% - 70% ප්‍රමාණයක් ජලය තමයි පවතින්නේ


    importance-of-drinking-water-2-bg.jpg



    රුධිරයේ 83%
    මොළයේ 75%
    හදවතේ
    79%
    අක්මාවේ 86%
    වකුගඩු
    වල 83%
    මස්පිඩු වල 75%
    අස්ථිවල 22% කුත්


    ප්‍රතිශතාත්මකව ජලය පවතිනවා..



    benefits-of-drinking-water-001.jpg



    ඇත්තටම කේශාන්තයේ සිට පාදාන්තය දක්වා හැම අස්සක් මුල්ලකම තියෙන්නේ ජලය. ඒ නිසා නිතරම හැකි පමණ ජලය පානය කරන්න ඔබත් පුරුදු වෙන්න ඕනි. මොකද ජලය වැඩිපුර පානය කිරීමෙන් රෝග ඇතිවෙනවා කියලවත් යම් හෝ ආසාධනයන් ඇති වෙනවා කියලවත් කවුරුත් කොහෙවත් කියලා හෝ සොයාගෙන නෑ.


    draft_lens18136338module151402711photo_1312059271benefits-of-drinking-wate.jpg



    සේරම කරුණු ටික ඩොකෙක් ගෙන් දැනගත්තේ නෝට් බුක් එකකුත් උස්සන් ගිහින් ලියන් ආවේ, උබලත් දැනගනින් :)

    සොබා දහමේ අමිල දායාදය වුණ මේ පැන්වලින් සුවපත්ව, දුලබව ලද මේ දිවියේ නීරෝගීව ගුණධර්ම දියුනු කරමින් ඒ අමාපැන් වළදන්නට ඔබටත් වාසනාව ලැබේවා!!



    avatar371199_49.gif


    VMooiT3hkbmU.gif



    5la2c0.gif




     
    Last edited: