අනුස්සති කියන්නෙ යළි යලිත් මෙනෙහි කිරීමයි.ප්‍රධාන වශයෙන් අනුස්සති භාවනා තුනක් පිලිබදව මේ ලිපියෙන් අවධානය දෙමු.ප්‍රධානම කරුණ අනුස්සති භාවනා සමථ ගණයට ගැනෙන්නෙ.
01. බුද්ධානුස්සති භාවනාව
* බුදුගුණ මෙනෙහි කිරීම තමා මේකෙන් වෙන්නෙ.ඊට අදාල බුදුගුණ හා ඒවායේ අර්ථ මෙසේ දත යුතු.
• අරහං - සියලු පාපයන් මෙන්ම සියලු කෙලෙස් දුරුකළ හෙයින්
• සම්මා සම්බුද්ධ - දත යුතු සියල්ල මනාකොට දන්නා හෙයින්
• විජ්ජාචරණ සම්පන්න - විද්‍යා ඥාන 8ත් චරණ ධර්ම 15ත් මනාව දන්නා හෙයින්
• සුගත - සුන්දර ගමන් මෙන්ම සුන්දර වචන දේශනා කරන නිසා
• ලෝකවිදූ - තුන්ලෝකය පිලිබදව මනාව අවබෝධයක් ඇති නිසා
• අනුත්තර පුරිස ධම්ම සාරථී - දමනය කළ නොහැකි පුද්ගලයන් දමනය කළ නිසා
•සත්ථා දේවමනුස්සානං - සියලු දෙවි මිනිසුන්ගෙ ගුරුවරයා
• බුද්ධ - චතුරාර්ය සත්‍ය මනාව අවබෝධ කරගන අන් අයටද අවබෝධ කරවන නිසා
• භගවා - අපමණ පුණ්‍ය ශක්තියක් ඇති නිසා
ඉන් පසුව භාවනාව කරන්නට පෙර අප ගෞතම බුදුරදුන්ගේ අපණය ගුණ කදම්බය තුලින් මතු වූ නව අරහාදි බුදුගුණයන්ට මම නමස්කාර කරමි. නමස්කාර වේවා කියමින් ඉතිපිසෝ ගාථාව සිහි කරන්න.ඉන්පසුව එක් එක් බුදුගුණය වෙන වෙනම ගන්න.
නිදසුනක් ලෙස ;
අප මහ බුදුපියාණන් සියලු කෙලෙස් නැසූ සේක.සියලු පාපයන්ගෙන් දුරු වූ සේක.මගෙ බුදුපියාණන් තම අවසන් අරමුණ වූ බුද්ධත්වය කරා යන ගමනේ කිසිදු අයෙකුට හින්සා නොකල සේක.කිසිදු පාපයක් නොකළ සේක.එනිසා උන්වහන්සේ අරහං නම් වන සේක.උන්වහන්සේගේ අරහං බුදුගුණයට මාගේ නමස්කාරය වේව..!
ඔය විදිහට බුදුසිරිතේ සිදුවීම් සිහිපත් කරමින් භාවනා කරන්න.
ගුණ නවයම අවසන යලි යලිත් මගෙ බුදුපියාණන්ගෙ අරහං සම්මා සම්බුද්ධ... ( බුදුගුණ 9ම දක්වලා) නම් බුදුගුණයන්ට මාගෙ නමස්කාරය වේවා...ඒ මහා උත්තමයාණන්ට මගෙ නමස්කාරය වේවා.සියලු සත්ත්වයන්ට ඒ උතුම් නිර්වාණය සාක්ෂාත් වේවා...
කියලා අවසාන කරන්න.
02. ධම්මානුස්සති භාවනව
ධර්ම රත්නයේ ගුණ සිහිකිරීම මේ භාවනාව තුළින් වෙන්නෙ.මේ සඳහා දම් ගුණයන් මෙසේ දත යුතු.
• ස්වාක්ඛාත - මනාව දේශනා කළ නිසා
• සන්දිට්ඨික - තමා විසින්ම දැකිය යුතුය
• අකාලික - තුන්කාලය්ටම යෝග්‍යය.තවද කල්නොයවා අවබෝධ කළ යුතුය.
• ඒහි පස්සික - ඇවිත් බලන්න යැයි කිව හැකි නිසා
• ඕපනයික - තමාගෙ සිතට පමුණුවා ගැනීමට සුදුසුය
• පච්චත්ත වේදිතබ්බ විඤ්ඤූහී - නුවණැත්තන් විසින් අවබෝධ කරගත යුතුය
03. සංඝානුස්සති භාවනාව
මේ තුළ සඟ් ගුණ මෙනෙහි කිරීම සිදු වේ.ඒ සදහා ආර්ය මහා සඟ ගුණ මෙසේ දත යුතු.
• සුපටිපණ්ණ - මහා වූ පිළිවෙත් පුරණ නිසා
• උජුපටිපණ්ණ - ඍජු පිලිවෙත් පුරණ නිසා
• ඥායපටිපණ්ණ - නිවන් පිණිස මාර්ගයකට පැමිණි නිසා
• සාමීචිපටිපණ්ණ - සිව් පසයෙන් සංග්‍රහ ලැබීමට සුදුසු
• ආහුණෙයිය - වැඩම කරවා දන් දීමට සුදුසු
• පාහුණෙයිය - ආගන්තුකයින් සදහා වෙන් වූ ආහාර පිළිගැන්වීමට සුදුසු
• දක්ඛිනෙයිය - පරළොව කර්මඵල වෙනුවෙන් දෙන දාන පිළිගැන්වීමට සුදුසු
• අංජලිකරණෙයිය - ඇඟිලි බැද වැදීමට සුදුසු
• අනුත්තරං පුඤ්ඤක්ඛෙත්තං - නිරුත්තර වූ පින් කෙතක් බදු
* බුදුගුණ විදිහට දහම් ගුණ හා සඟ ගුණත් සිහි කරන්න පුලුවන්.
ඔය භාවනාවන් තුනම එකවර කිරීමට අපහසුයි.එක දිනක වරු තුනකට හෝ දින තුනකට භාවනාවන් ත්‍රිත්වය බෙදාගත හැක.භාවනාවට පෙර අදාල ගාතාව සජ්ජායනා කළ යුතුය.
උදෑසන අවදි වූ පසු බුද්ධානුස්සතිය වැඩීම සුදුසුය.ඒ තුළින් දවස ආරම්භ කිරීමට පෙර බුදුගුණ සිහිකිරීමක් සිදුවේ.
ඔබ සැමට බුදුසරණයි..!