♥ ෴සිත තාම සුවදයි ෴ ♥

crazybuddy

Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    THAWA dapan
    අනිවා.. නිදාගන්නැතුව ලිව්වා මේ වෙනකන් 10 ඉදලා.. :yes:

    ela machan,mekanam amuthuma kathawak,hitha ganna be mona weida kiyala.ela ela,ohoma yan...
    මේ අද දාන කොටස් වලින් ඒ සීන් එක වෙනස් වෙයි මචං..

    :growl::growl::growl:ado meke bhutha seen 1kuth thiyenawa wage:growl::growl::growl::lol::lol:
    බලපංකෝ මේ කොටස් ටික.. කතාව වෙනස් වෙයි..:lol::lol:

    නියමයි........
    දිගටම ලියමු...........
    ස්තුතියි මචෝ.. එලස්..

    ela machan...
    එලස් මචං.. :yes::yes:
     

    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    Cover-13.jpg


    13.png


    පුබුදු එනවිට බොහෝ රෑ වන්නට ඉඩ තිබෙන බැව් සවස දුරකථන ඇමතුමක් දී මට කීවේය. ඒ කතාබහේදී ද ඔහුගේ වචන වල වෙනදා තිබූ තරම් තද ලෙංගතුකමක් තිබුණේ නැත. මගේ සිතට ඉහිලුම්ම නොදෙන දෙය නම් සිතට වද දිදී දැනෙනා මේ කුමක්දෝ නොදන්නා වියෝගයයි. එය පුබුදු ගැන හා දිනූකා මිස් ගැන හා පූර්ණිමා ගැන වූවා කියා විශේෂත්වයක් නොමැත. මේ හැමෝම කෙරෙහි මට එය තදින් දැනේ. එහෙත් මට අහිමි වූ කිසිවක්ද නැත. එසේ නම් සිත මේ තරම් හඩා වැටෙන්නේ ඇයිදැයි කියා මම නොදන්නෙමි. සිත මේ තරම් පුපුරු ගසන වේදනාකාරී හැගීම කුමක්ද..?

    උදේ සිටම, සිතට ඔහේ පාවෙන්නට පාවෙන්නට ඉඩ දී මම නිකරුනේ බලාගෙන සිටියෙමි. එහෙත් සවස් වනවිට මම තීරණයක් ගතිමි. තවත් දුරට මේ හැමදේම දිහා, හද්දා පිටිසර හිගන්නෙකු සේ බලා සිටීමෙන් ඵලක් නැත. එයින් මා හට අත්වස සෙතක් ද නැත. මා දැන්වත් ක්‍රියාත්මක විය යුතුව ඇත.

    "ඔන්න ඔතන ඉස්සරහ ගෙදර..."

    පූර්ණිමාගේ නිවස ආසන්න වෙද්දී මම ත්‍රීවිලරයේ රියදුරාට කීවෙමි. ඔහු මා දෙස බලා සිටියේ පුදුමයෙන් මෙනි. ඒ මක් නිසාදැයි මම තේරුම් ගත්තෙමි. ත්‍රීවිලයෙන් මම බැස්සා නොව පැන්නෙමි. පූර්ණිමා මුණ ගැහෙන්නට මට තිබූ උවමනාව ඒ තරම් දැවැන්ත එකක් විය. මගේ සිතේ තිබූ එකම බිය වූයේ ඇය නිවසේ නොසිටියොත් කුමක් කරන්නද යන ගැටලුවයි. එසේ වුවහොත් මම රෑ බෝවනතුරු හෝ මෙතන රැදී සිටිනෙමි.

    ඉදිරිපස දොර සම්පූර්ණයෙන්ම වසා දමා තිබිණි. ගෙදර වටපිටාවේ වුවත් තිබුණේ මනුස්ස වාසයක ලකුණු නම් නොවේ. දවස් ගණනාවකින් කිසිවෙකුත් පදිංචිව සිටි බවක් නිවෙසින් දිස් වූයේ නැත. මම දොරට කීප වරක්ම තට්ටු කලෙමි. එහෙත් මා හට ලැබුණු පිළිතුරක් නම් නැත. සිතේ තිබූ පාළුව යළි යළිත් දෙගුණ තෙගුණ වී දැනෙද්දී සිත ඉදිරී වැටෙනා තරම් කාන්සියකින් මම උතුරා ගියෙමි. ආපසු හැරෙන්නට පය ඔසවනවාත් සමගම නිවස තුළින් සෙරෙප්පු දෙකක් අද්ද අද්දා එන හඩක් මට ඇසිණි. දෙවියනේ... එසේ නම් පූර්ණිමා ගෙදර සිටියි. මගේ සිතට දැනුණේ අසීමිත වූ සහනදායී බවකි. මම අඩියට දෙකට දොර වෙත ළංවිනි. ඇතුළතින් දොරේ බෝළ කැරකෙන හඩත්, දොර අරින්නට ගතවන ප්‍රමාදයත් මගේ සිත නැවත නොඉවසිලිමත් කරන්නට විය. මා මේ ගමන මීට කලින් නාවේ ඇයි...?

    "පූර්ණි..."

    සියල්ලන්ටම කලින් මගේ මුව විවර විය. එහෙත් ඇරුණු දොරින් එළියට ආවේ පූර්ණීමා නොව, මා කිසි දින දැන නොමැති වයසක මනුස්ස පරානයකි.

    "පූර්ණිමා ඉන්නවද...?"

    "කවුද පූර්ණිමා කියන්නේ..?"

    පොල් පරාල පයින් යනවා කියන්නේ මෙන්න මේවාටය. පූර්ණිමාගේ ගේ ඇතුලේ ඉදන්, පූර්ණිමා කියන්නේ කවුදැයි කියා මේකා මගෙන් අසයි. මේ මනුස්සයාගේ වයස ගැන සිතා මම හිතට කේන්තිය නොගත්තෙමි.

    "පූර්ණිමා කියලා කියන්නෙ මේ ගෙදර පදිංචි වෙලා හිටිය ගෑනු ළමයා. අවුරුදු ගානක්ම එයා මේ ගෙදරනේ හිටියේ.."

    "ආ... හරි.. හරි.. මට නිච්චියක් නැතුව ගියා මහත්තයෝ.. මං ඒ දරුවගෙ නමක් ගමක් දන්නෙ නෑනේ.. ඒ දරුවගෙ තාත්තවනේ අදුනන්නේ.."

    "දැන් කෝ ඒ ළමයා..?"

    සිතේ වූ නොඉවසිල්ල දෙගුණ තෙගුණ වී එද්දී මම ගේ තුළට එබුණෙමි. එහෙත් පරණ පුස් ගදක් විනා මට දැනුණු කිසිවක් නැත.

    "අපොයි මහත්තයෝ... ඒ ළමයා මෙහෙන් ගිහිල්ලා හුග දවසක් වෙනවනේ.."

    "මෙහෙන් ගියා...?"

    ජීවිතය ඉදිරියේ සිදුවනා දේ විටෙක අදහා ගැනීමට බැරි තරම් පුදුමාකාරය. වයසක මිනිසාගේ උත්තරයෙන් මට මා සිටින්නේ කොහිදැයි කියා සිතා ගන්නට පවා අමතක විය.

    "ඔව්... කට්ටියම ගියා.. මගේ ලොකු පුතා මේ ගේ ගත්තා.. දැන් මෙහේ ඉන්නෙ මායි, මගේ ලොකු පුතයි විතරයි.."

    "කට්ටියටම මෙහෙන් යන්න තරම් හේතුවක් තිබ්බෙ නෑ නේ අංකල්.. ඇයිද දන්නෑ ගියේ නේද..?"

    "මමත් හරියට දන්නෑ මහත්තයෝ..."

    "එයාලා කොහෙටද ගියේ..?"

    සියලු බලාපොරොත්තු එකින් එක බිදී යද්දී මම අවසාන බලාපොරොත්තුවෙන් ලය පුරවාගෙන වයසක මිනිසා දෙසට එබුණෙමි. ඒ වියපත් දෑසේ තිබුණේ ශෝකයක්දැයි කීමට මා හට පුළුවන්කමක් තිබුණේ නැත. එහෙත් මගේ දෑසේ වූ ශෝකය ඔහු හදුනා ගත්තේය.

    "ඒකත් මං කියන්න දන්නෑ මහත්තයෝ.. හැබැයි මං මේ ගෙදර යතුර බාරගනිද්දි ඔය මහත්තයා කියන ගෑණු දරුවා නම් හොදටම අඩ අඩයි හිටියේ. මං හිතුවෙ මේ ගෙවල් දොරවල් අතෑරලා යන්න බැරිකමට කියලා.."

    "එහෙම නැත්නම්...?"

    "දැන් මට තේරෙනවා ඒ අඩලා තියෙන්නෙ මහත්තයව දාලා යන්න බැරි කමට කියලා.."

    ඔහු එසේ කීවේ ඇයිදැයි මා අසන්නට ගියේ නැත. එසේනම් පූර්ණිමා රැකියාවෙන් පමණක් නොව අවුරුදු ගණනාවක් දිවි ගෙවූ නිවසද සුපුරුදු පරිසරයෙන්ද සමුගත්තාය. ජීවිතයේ බොහෝ කලක් නිස්කලංකයේ ගත කළ මේ පුංචි නවාතැනින් පිටමං වී යන විට ඒ දිගු දෑස් වලින් හෝ ගගා කදුළු කඩා වැටෙන්නට ඇත. එහෙත් එය එසේ වූයේ ඇයි..? සිදුවන මේ කිසිවක් තේරුම් ගැනීමට බැරි දුප්පත් කාංචනට තිබෙනා ලොකුම ප්‍රශ්ණය එයයි.

    පූර්ණිමා බැලීමට ගියාටත් වඩා ඔද්දල් වූ සිතින් මම ආපසු නවාතැනට පැමිණියෙමි. ඒ එන අතරමගදී අයියාට දුරකථන ඇමතුමක් දී මම බොහෝ වේලාවක් කතා කෙරුවෙමි. වැඩ අධිකකම නිසා ඔහු බැලීමට එන්නට හැකියාවක් නැතැයිද ඒ ගැන කහටක් හිතේ තියාගන්නට එපා යැයි මම අයියාගෙනි කීප වරක්ම අයැද සිටියෙමි. ඔහු සිනාසෙමින් මා හට කී එකම දෙය නම් වැඩ ටික හරියට කරගෙන ඉන්න කියාය. එහෙත් දිනූකා මිස් නිසා වැඩ ටිකක් තියා එක වැඩක්වත් හරියාකාරව මට කරගත නොහැකි බැව් මා ඔහුට කියන්නට ගියේ නැත.

    *********************************

    රාත්‍රී අටයි තිහ පමණ වන විට පුබුදු පැමිණියේය. දාඩිය නිසාම ඇගටම ඇලී ඇති කමීසය ගලවා ඔහු ඇදුම් රාක්කය දෙසට විසි කළේය. එහෙත් එම විසි කිරිලේලේ තිබූ අලස බව නිසාම කමීසය ඇදුම් රාක්කයට මෙහායින් බිමට වැටිණි.

    "අද නම් එපා වුණා කාංචන.."

    දවසේ විස්තරත් තවත් මොනවදෝ විස්තර වගයකුත් පුබුදු ඔහේ කියවගෙන යයි. එහෙත් ඒ කිසිවක් මගේ මනසේ නොරැදී මා සිටින්නේ අමුතු ලොවකය. ඒ ලෝකය තනිකරම පිරී ඇත්තේ, දුක, වේදනාව, සංතාපය මිශ්‍රවී සෑදුනු අමුතුම දෙයකිනි. සිහිනයකින් හෝ නොසිතූ පරිද්දට පූර්ණීමාගේ මේ සමුගැන්ම මගේ සිත කඩා බිද දමන්නක්ම විය.

    "කාංචන..."

    මා සිතුවේ මා සමග කතා නොකර හිද ඇය උත්සාහ ගන්නේ තමන්ගේ රැකියාව බේරා ගන්නට කියාය. එහෙත් දේවල් සිදුවී ඇති ආකාරයට එය ද එසේ සිදුවී නැත. හදිසියේම ඇය මේ සියල්ලම අතැර දමා නොදන්නා පළාතකට යන්නට ගියේ ඇයි..? මට දවසක් හෝ ආදරය කලා නම් පූර්ණිමාට යුතුකමක් වශයෙන් හෝ මට කියා යන්නට තිබිණි. ඇයව දමා නොයන සේ, මගේ දෑතම අල්ලාගෙන බැගෑපත් වූයේ ඇයයි... එහෙත් දැන් මා දමා ගොස් තිබෙන්නේද ඇයමයි..

    "කාංචන... උඹ කොයි ලෝකෙකද ඉන්නේ...?"

    පුබුදුගේ කටහඩ මට ඇසුණේ සිහිනයකින් මෙන්ය.. මම තිගැස්සී ඔහු දෙස හැරී බැලුවෙමි..

    "උඹ මොනව හරි කිව්වද..?"

    "මොනවත් නම් කිව්වෙ නෑ.. ඒත් පස් පාරක් විතර උඹට කතා කරා.. ඒත් උඹ මේ ලෝකෙ නෙමේනේ හිටියේ.."

    පුබුදුගේ මුවේ මද සිනාවක් ඇදී නොපෙනී ගීයේය. ඇග පිසදාගත්තද තවමත් ඔහුගේ ඇගේ තැනිත් තැන ඇති වතුර බිංදු මට පෙනෙයි.

    "මගේ ඔලුව සේරම අවුල් වෙලා පුබුදු.."

    "ඇයි දිනූකා මිස් ආයෙත් බකට් එකක් පෙරලුවද..?"

    "ඒක නම් එහෙම තමයි.. අද මං මිස් එක්ක හොදටම රංඩු වුණා.. මිස් ආයෙත් ඔෆිස් එකට එන්නෑ කියලයි ගියේ.. වෙනද වගේ නම් මං කටවහගෙන හිටියෙ නෑ. එයා කියන කියන දේවල් වලට, මාත් දන්න දේවල් කිව්වා.."

    දවසේ සිදුවූ දේවලා කියවාගෙන ගොස් මම පුබුදු දෙස බැලුවෙමි. කලින් ඇදී මැකී ගිය මද සිනාව ඒ මුහුණේ දැන් දිගටම තිබෙණු මම දුටිමි.

    "පුබුදු මට හිනාවෙනවා.."

    "නෑ කාංචන.. කලින් රස්සාවෙන් අස්වෙලා යන්න හැදුවෙ උඹයි.. ඒත් දැන් රණ්ඩුවෙලා අයින් වෙලා යන්න හදන්නෙ දිනූකා මිසුයි.. ඒකයි මට හිනා ගියේ.."

    පුබුදු කියනා කතාවේද ඇත්තක් තිබේ.. කලින් මගේ පැත්තෙන් සිදුවූ දේවල් දැන් දිනූකා මිස්ගේ පැත්තෙන් සිදුවේ..

    "ඒත් උඹේ මූණෙ හැටියට ප්‍රශ්නෙ ඕක විතරක්ම නෙමේ කියලා මට හිතෙනවා.. උඹ ඉන්නෙ හරියට හැමදේම නැතිවෙච්ච මිනිහෙක් ගානට කාංචන.. ප්‍රශ්නෙ මොකක්ද කියලා මට කියපං.. කරන්න පුළුවන් දෙයක් නම් බෙල්ල කඩාගෙන හරි මං කරනවා කියලා උඹ දන්නවනේ.."

    "ම.. මං අද පූර්ණිමාලගෙ ගෙදර ගියා..."

    "පූර්ණිමාලහ ගියා....?"

    පුබුදුගේ ඇස් දෙක උඩ ගියේය. මා කියූ දේ ඔහුට ඒ තරමටම විශ්වාසයට ගන්නට බැරි විය.

    "ඔව් පුබුදු.. මං පූර්ණීමාලහ ගියා..."

    "ඉතිං පූර්ණිමා හිටියද..? එයා මොනවද කිව්වේ..? ඇ.. ඇයි රස්සාවෙන් අස්වෙලා ගියේ කියලා උඹ ඇහුවද..? මේ හැමදේටම දිනූකා මිස් සම්බන්ධයි කියලා කිව්වා නේද..? එයා.. එයා අපි එක්කත් තරහා වෙලාද..?"

    කලබල වැඩි කමට පුබුදු මගෙන් ප්‍රශ්න පනහක් විතර එක දිගට ඇසුවේය. ඒවායින් කුමන එකකට පිළීතුරක් දිය යුතුදැයි මට සිතාගන්නට බැරි විය.

    "පූර්ණි ගෙවල් අතෑරලා ගිහින් පුබුදු..."

    "මොනවා....?"

    මා කියූ දේ අදහාගෙන, නියම සිහිකල්පනාවට ඒමට පුබුදුට ටික වේලාවක් ගතවිය. පූර්ණිමා ගැන පුබුදු උවමනාවටත් වඩා ලතවෙන බව් තේරුම් ගන්නට මට වෙනත්, අටුවා ටිකා ටිප්පිණි අවශ්‍ය නොවිය.

    "ඔව්.. දැන් දවස් ගානක් වෙනවලු.. එයා හිටපු ගෙදර දැන් ඉන්නෙත් වෙන කට්ටියක්.. කොහේ ගියාද කියලා දන්නෙත් නෑල්ලු.. අපි මොකද කරන්නෙ පුබුදු..?"

    "කොහොම හරි පූර්ණීව හොයාගන්න ඕන.. අනේ පව් දෙයියනේ... හම්බකරන් කාපු රස්සාව දාලා ගියාට, මං කීයටවත් හිතුවෙ නෑ පූර්ණි ගෙවලුත් අතෑරලා යයි කියලා. මේ හැමදේකටම දිනූකා මිස් වගකියන්න ඕන.. එයා හින්දා තමයි පූර්ණිට මේ හැමදෙයක්ම දාලා යන්න උනේ.."

    "මාත් හිතන්නෙ ඔය විදියටමයි.. මෙතන අපි නොදන්න මොකක් හරි ලොකු දෙයක් සිද්ධ වෙලා තියෙනවා.. පූර්ණිව හොයා ගත්තොත් අපිට වෙලා තියෙන හැමදෙයක්ම දැනගන්න පුළුවන් වෙයි. ඒත් එයා ඇයි අපිටත් නොකියා මෙහෙම ගියේ.. දිනූකා මිස් එයාට වැරදි කරාට අපි පූර්ණිමාට වැරදි කරේ නෑනේ.."

    කල්පනා ලෝකයේ අනන්තයේ ගිලී සිටි පුබුදුට මා කී දේ නෑසුනාක් වැන්න.. ඔහු මේ තරම් කල්පනා කරන්නේ මොනවාද..? පූර්ණිමා ගැන ඔහු මේ තරම් ලතැවෙන්නේ ඇයි..?

    "අපි පූර්ණිමාට වැරැදි කරේ නැති එක ඇත්ත.. ඒත් අපි එයා ගැන හෙව්වෙ නෑ.. ඒක වැරදි කරේ නැති එකටත් වඩා ලොකු වැරැද්දක්.."

    පුබුදු කීවේ සම්පූර්ණ වැරැද්දම අපේ පිටට පටවා ගන්නා ආකාරයෙනි. එහෙත් පසුගිය දවස් ගෙවී ගිය ආකාරයත් දිනූකා මිස් වෙතින් මා හට තිබූ පීඩනයත්, වැඩ රාජකාරී බහුල කමත් අතර ගෙවී ගිය මගේ ජීවිතයට නම් කිසිදු විවේකයක් තිබුණේ නැත. ඒ ගැන ඉතා හොදින් දැන සිටියේ පුබුදුගේ මේ කතාව මගේ සිත සැබවින්නම රිදවන්නක් විය.

    "පුබුදු කියන්නෙ මේ හැමදේටම වැරදිකාරයා මම කියලද..? පහුගිය දවස් වල සිද්ධ වුනේ මොනවද කියලා මම අයන්නෙ ඉදලා පුබුදුට කියලා තියෙනවනේ.. අනික පුබුදුට මතක නැද්ද පූර්ණිමා අපිව කොයි තරම් මග ඇරියද කියලා.. අපි වචනයක් කතා කරන්න එයාගෙ පස්සෙන් කී සැරයක් නම් ගියාද..? ඇ.. ඇයි පුබුදු ඔයත් ඔහොම කතා කරන්නේ..?"

    මා ඇසූ දේට පුබුදු කිසිවක් කීවේ නැත. මගේ පිටට අත තබා බර කරමින් ඔහු නැගිට්ටේය. මෙසේ නිහඩවම හිදිනවාට වඩා ඔහු මොනවා හෝ කියනවා නම් හොදය. මේ නිහැඩියාව මගේ හිත මහා කාංසියකින් පුරවා දමයි. ඉතා හොද හයළුවන් වූ අප දෙදෙනා අතරට මේ ඇවිදින් ඇති මොකක්දෝ අහේතුක දෙය මගේ සිතත තත්පරයෙන් තත්පරය මිරිකා දමයි. හැම පැත්තකින්ම අසරණ වී ඇති මගේ සිත පුබුදුත් අසරණ කරන්නේ ඇයි..?

    "පුබුදු කියන්නෙ පූර්ණිමාට උනා වගේ දෙයක් ඔයාටත් වේවි කියලද..? එහෙමත් නැත්නම් මොකක් හරි ප්‍රශ්නෙකදි මං ඔයාව අතාරීවි කියලද..?"

    මගේ දෑස දෙස තවත් වරක් එබී බලා පුබුදු කාමරයේ දොර දෙසට ඇවිදගෙන ගියේය. ඔහු මෙසේ හැසිරෙන්නේ ඇයි..? දිනූකා මිස් සේම ඔහුත් හදන්නේ මා පිස්සෙකු බවට පත් කරන්නද..?

    "ඔයාට පණටත් වැඩිය ආදරේ කරපු පූර්ණිමාව ඔයාට බේරගන්න බැරිවුණ එකේ.. මං ගැන කවර කතාද කාංචන..?"

    හදවත මැදට පිහිතල දෙක තුනක් බැස්සා සේ වේදනාවකින් මම කම්පා වී ගියෙමි. දෙවියනේ... මේ නම් කවර කතාවක්ද..? හැමෝම කතා කරන්නේ හැමදේකටම වැරදිකරු මා ලෙස සලකාගෙනය. මා ඔවුන් ගැන කොතරම් අව්‍යාජ හැගීමකින් ක්‍රියා කරනවාදැයි, කොතරම් ලෙංගතු ලෙස සිතනවාදැයි කියා කිසිවෙකුත් බිදක් හෝ නොසිතයි. මෙය සමහර විට මාගේ උප්පත්ති දෝෂයක් වන්නට ඇත. වෙන දෙයක් නම් වන්නට බැරිය..

    *****************************

    මුළු රාත්‍රිය මුළුල්ලේම මා ගතකළේ නින්දත්, නොනින්දත් අතරේය. චිත්‍රපටියක එකකට එකක් පිටුපස එන රූප රාමු මෙන් ගෙවී ගිය දවස්වල සිදුවූ සිද්ධීන් එක පිට එක මගේ දෑස ඉදිරියේ මැවෙන්නට විය. එක් පසෙකින් දිනූකා මිස් කට පුරා සිනාසෙමින් බලා සිටි අතර, අනෙක් පසින් කදුළු වගුරවමින් මදෙස බලා සිටියේ පූර්ණිමාය. ඇය මේ වේලාවේ කොහේ සිටිනවා ඇත්ද..? සමහර විට මා මෙන්ම නිදි නොමැති රැය පහන් කරනවා විය හැකිය.. මේ අසරණ ජීවිතයේ විදවන්නට බොහෝ දේවල් තවත් ඉස්සරහට ඉතිරිව ඇති බවක් මට හැගී යයි. දෙවියනේ.. මේ සෑම දෙයකම අවසානය කොහිද..? මගේ සිතට කොතෙක් දුරට මේ සැමදේම ඉවසා හිදින්නට හැකිවේද..? මෙතුවක්ම මගේ ළගින් සිටි ආදරණිය මිතුරා වූ පුබුදුත් මගෙන් ඈත්වෙන්නට උත්සාහ දරයි.. ඔහු කතා කළ දේවලුත් අනුව, අඩා වැළපී හෝ ඔහුව නවත්තා ගැනීමට, ඔහුට දේවල් පහදා දීමට, මට දැන් හැකියාවක් නැත..

    Mathusambandai.gif

     

    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    Cover-14.jpg


    14.png


    "කාංචන සර්ට ලොකු මහත්තයා එන්න කිව්වා..."

    කාර්යාලයේ පඩිපෙල නගිනවාත් සමගම මගේ ඉදිරියට ආ බන්දුල කීවේය. කලින් දවසක ඔහුගේ වෑන් රථය අනතුරට පත්වී තිබියදීත් මාත්, පුබුදුත් ඔහුට කළ උදව්ව නිසා එතැන් සිට මා කෙරෙහි වඩාත් ලෙංගතුකමක් බන්දුල දක්වන්නට විය.

    "හදිසියක්ද බන්දුල..?"


    "හිටපු මූඩ් එක නම් ඒ තරම් හොද නෑ.. කෝකටත් ටිකක් පරිස්සමින් කතාබහ කරන්න.."

    "ඇ.. ඇයි බන්දුල..?"

    පපුවේ තිගැස්ම හෙමින් සීරුවේ වැඩිවෙද්දී මම බන්දුලගේ අතකින් අල්ලා ගත්තෙමි. මේ වෙන්නට යන්නේ කුමක්ද..?

    "උදේම මොකක්දෝ එහෙකට ජයන්තට කෑගහලයි ඉන්නේ.. ඊයෙ නුවරඑළි යවපු බතික් ඕඩර් එකක් කම්පැනි එකෙන් බාරගත්තෙ පරක්කු වෙලාලු.."

    "පරක්කු වෙලා කියන්නේ..?"

    "නෑ ඉතිං.. කන්ඩෙම් කරලා වගේ කතා කරලයි අරගෙන තියෙන්නේ.. මං හිතන විදියට තවත් කවුරු හරි මේ ෆිල්ඩ් එකට බැහැල තියෙන පාටයි. බැහැල තියෙන කෙනා කවුරු වුණත් අපිට මිනිහත් එක්ක හැප්පෙන්න වෙනවා.."

    "ඒ කියන්නෙ අලුත් ඩිසයිනර් කෙනෙක්..?"

    "මට හිතෙන විදියට නම් ඔව්.. කාංචන මහත්තයා මෙහේ ඩිසයිනින් කරන හිදනයි මං අරහෙම කිව්වේ.."

    කියූ දේවල්වලට බන්දුලට ස්තුති කරමින් මම කාර්යාලීය කාමරය තුළට ආවෙමි. ඇතුළු වන විටම මට දැනුණේ දිනූකා මිස්ගේ ඇගේ ගල්වන විලවුන් සුවදයි.. හරියට මේ දැන් තත්පරයකට දෙකකට කලින් ඇය කාමරය තුළ සිටියාක් වැනිය. මම හෙමින් සීරුවේ කාමය අවට දෑස් යැවුවෙමි. කෙමෙන් අඩුවීගෙන යන විලවුන් සුවදත්, ඇල්පෙනෙත්තක් බිමට වැටුනත් ඇසෙන නිහැඩියාවත් හැරුනු විට මා දැකි අලුත් දෙයක් නම් නැත. මෙය නම් ඇත්තටම මහා පුදුමාකාර දෙයකි. මා මේ කාමරයට එන්නට පෙර කාමරය තුළ සිටි දිනූකා මිස්, මා කාමරයට ඇතුළු වන විටම කාමරයෙන් අතුරුදන් වන්නට ඇත. තවමත් යාන්තමින් දැනෙනා, මේ සිත මන්මත් කරනා විලවුන් සුවද නොකියා කියන්නේ එයය.

    අලුතින් රැගෙන ආ පින්සල් දෙක මේසය මත තබා මම ආපසු හැරුණෙමි. මැණික්දිවෙල මහතාව මේ දැන්ම හමුවීමට යා යුතුය. මනස්ගාත ගැන සිතා ලතැවී ලැතැවී හිදින මොහොතේ ඔහු මාව රස්සාවෙන් අස් කර දමන්නට වුවත් බැරි නැත. තවත් වරක් හැරී කාමරය සිසාරා බැල්මක් හෙලූ මම කාමරයෙන් පිටවුනෙමි. ඒ පිටවන මොහොතේද කවුරුන් හෝ කාමරය තුළ ඇතැයි මගේ සිත මොරගා කියයි. එසේ හිදිනා පුද්ගලයා දිනූකා මිස් හැරුනු කළ වෙන කිසිවෙකුත් නොවන බම මම දනිමි. එහෙත් දෑසට නොපෙනී මගේ සිතට පමණක් දැනෙනා ලෙසය ඇය හිදින්නෙ කෙසේද..?

    "කාංචන තවත් පරක්කු උනා නම් මම රූම් එකට එන්නයි හිටියේ.."

    මා දුටු විගසම තමා ඉදිරිපිට පුටුවෙන් වාඩිවෙන්නැයි අතින් සන් කරමින් මැණික්දිවෙල මහතා කීවේය.

    "සමාවෙන්න සර්..."

    මම ඉතා යටහත් පහත්ව කීවෙමි. කිසිදු නිශ්චිත අරමුණක් නොමැතිව දිවි ගෙවූ මා වැනි අසරණයෙකුට ජීවිතයේ ඉහළට නගින්නට අවැසි දිරිය ලබා දුන් උතුම් පුද්ගලයා මොහුය. මොනවා කීවත් අහගෙන, දරාගෙන හිදිනවා යැයි මම සිතා ගත්තෙමි.

    "නෑ.. නෑ.. නෑ.. ඒකෙ ප්‍රශ්නයක් නෑ.. කාංචන දන්නවද මං කාංචනට එන්න කිව්වෙ ඇයි කියලා..?"

    "න.. නෑ.. සර්.."

    බන්දුල කියූ ආකාරයේ රළු බවක් නම් මම මැණික්දිවෙල මහතාගෙන් නොදැක්කෙමි. ඔහු කතා කළේ අතිශය ලෙංගතු ආකාරයටය. මගේ සිතේ මුලින් තිබූ බිය කෙමෙන් කෙමෙන් සිදී යනු මට දැනිණි.

    "මේ වෙනකොට අපේ බතික් තිර රෙදි වල මාකට් එක ටිකක් බැහැලා. මං ඒ ගැන විශේෂයෙන් හොයලා බැලුවා. බැහැයි ඉතිං බලන් ගියාම අපිට කරන්න වැඩි දේකුත් නෑ. ඩිංගක් ඔලුව පාවිච්චි කරලා ආයෙත් ඕඩර් ටික අල්ලගන්නයි තියෙන්නේ.."

    "මං මොනවද කරන්න ඕනෙ සර්.. මේ ආයතනයෙ දියුණුව වෙනුවෙන් මං ඕන දෙයක් කරන්නම් සර්.."

    මැණික්දිවෙල මහතාගේ මුවේ මද සිනාවක් ඇදී මැකී නොපෙනී ගියේය. ඔහුගේ තියුණු දෑස මගේ මුළු මුහුණම පිරික්සන්නට විය.

    "කාංචනගේ වචනය ගැන මට හුගක් සන්තෝසයි. මගේ දුව, ඔයාව නිතර නිතර ගැරන්ට් කරන්නේ, එහෙනම් මෙන්න මේ වගේ හොද කොලිටීස් ඔයා ලග තියෙන හින්දා වෙන්නැති. කාංචන දන්නවද මගේ දුව, මේ ආයතනයේ වැඩ කරන සේවකයන්ගෙන් කැමතිම කෙනා කවුද කියලා..?"

    "න්... නෑ.. සර්.."

    "වැඩිය ආඩම්බර වෙන්නෙපා.. ඒ පුද්ගලයා ඔයයි කාංචන.. ඔයාව මේ ආයතනයේ තවත් ඉහළට ගන්න ඕන කියලා දුව ඊයෙත් මගෙත් එක්ක කතා බහ කළා. අපි තව ඉස්සරහට ඒවා ගැන බලමුකෝ.."

    මේ නම් කවර පුදුමයක්ද..? ඇසෙන ඇසෙනා වදනින් මා විස්මයට පත්වෙයි. දිනූකා මිස් ගෙදර ගොසිනුත් මා ගැන කතාබහ කරනවා කියා මා කෙසේ නම් සිතන්නද..? කාර්යාලීය කාමරයේ ඇය මා හා ගත කරන්නේ රංඩු සරුවල් වලින් පිරී ගිය, සිත අනන්තයටම කලකිරවන තාලේ හැසිරීමකිනි. කොටින්ම මා සිතා සිටියේ ඇයට මා පෙන්නන්නට බැරි බවකි. එහෙත් දැන් මේ සිදුවී ඇත්තේ කුමක්ද..?

    දිනූකා මිස් මොන වගේ තරුණියක්දැයි මට හීනෙකින්වත් සිතා ගැනීඹට පුළුවන් වන්නේ නැත. සිංහල අකුරු වලින් සෑදිය හැකි සියලුම පහත් වචන වලින් මට දමා ගසන ඇය, ඉන් අනතුරුව මාගේ අභිවෘර්දිය තකා තම පියා සමග කතාබහ කරනවා යැයි විශ්වාස කරන්නේ කෙසේද..? මෙය නම් අනෙකුත් ප්‍රශ්න සේම සිත අවුල් කරන තාලේ අමතුම එකකි. උත්තරයක් පෙනෙනාතෙක් මානයේ නැති මහා අප්‍රභංශයකි.

    "මං කියන්න ගියේ මේකයි කාංචන.. අපි අපේ බතික් ඩිසයින් වල මෝස්තර ආයෙත් අලුත් කරන්න ඕන.. පරණ ඒවයෙ කැටලොග්ස් ටික එහෙම්ම තියෙන්න ඇරලා අපි අදම අලුත් ඒවා ටිකක් පටන් ගමු.."

    "හොදයි සර්.. මං අදම වැඩේ පටන් ගන්නම්.."

    "ඔව්.. මට වැඩේ ඉක්මනට කරලා ඕන.. ඒ වගේම තවත් දෙයක් තියෙනවා.."

    මා පුටුවෙන් නැගී සිටින විට මැණික්දිවෙල මහතා මවෙතට හැරුණි.

    "දිනූකා මිස් ලේසියෙන් කෙනෙක් ගැන ගැරන්ට් කරන්නෑ.. මට කාංචන ගැන හරි ආඩම්බරයි.. මහන්සි වෙලා කැපවීමෙන් වැඩ කළොත් කාංචනට තවත් ඉහළට යන්න පුළුවන් වේවි."

    "තැන්ක් යූ සර්..."

    මැණික්දිවෙල මහතාගේ කාමරයෙන් මා එළියට පැමිණියේ සිහිනයක් දකිනවා වැනි හැගීමකිනි. සමහර විට මගේ නරක කාලය දැන් අවසන් වී යනවා විය යුතුය. මේ ආයතනයට පැමිණි දා පටන්, දින හත අටක් හැරුණු කළ අනෙක් දියලුම දවස් මා සිටියේ සිත රිදවගෙනය. කොටින්ම දිනූකා මිසගෙන් කුමන හෝ බැනුමක් අසාගෙනය.

    ඒත් ඊයෙන් පසුව ඒ හැමදේම වෙනස් වන්නට ඇත. දිනූකා මිස් ඊයේ මා සමග ගත කළ අවසන් විනාඩි කිහිපයේදී හැසිරුණු ආකාරය, මගේ සිතේ යම්කිසි සොදුරු හැගීමක් ඇති කරවයි. ඒ වාගේ සොදුරු රුවැත්තියකට හරියන්නේ ඒ වාගේ අහිංසක හැසිරීමක්ය. එසේත් නැතිව අම්මා මෝ නැතිව බැණගෙන බැණගෙන යන තාලේ පහත් හැසිරීමක් නම් නොවේ. කලන්තය සෑදී මාගේ දෑත මතට ඇද වැටුණු පසු ඒ මුහුණේ තිබූ අවිහිංසක පෙනුම මා මෙතෙක් දුටු කිසිදු තරුණියක වෙතින් දැක නැත. සමහර විටෙක ඒ පෙනුම දිනූකා මිස්ගේ සැබෑ මුහුණුවර වෙන්නට ඇත..

    ඇය, මා ඉදිරියේ මේ දමා සිටින්නේ අලි පත වෙස්මුහුණක් වන්නට ඇත. දිනූකා මිස් කාර්යාලය තුළදී මගේ මුහුණට මොනවා කීවත්, මා නැති තැන මාව වර්ණනා කර ඇත, මට ඉහළ තනතුරක් ලබාදිය යුතු යැයි යෝජනා කර ඇත. දුකින්ම පිරී ගිය මගේ අන්ධකාර ජීවිතයට එම යෝජනාව පවා මහා සැනසුමක් නොවන්නේද..? මට සැනසීමට මේ කාරණා වැඩිත්තෙක්ක යැයි සිතන්නට බැරිද..?

    කල්පනා ලෝකයේ අනන්තයටම කිමිද ගොසින් මා කාර්යාලය තුළට ආවේ සිත්පිත් නැති රූකඩයක් මෙනි. අද ඔෆිස් එන්නෑ, ආයෙත් කවදාවත් එන්නෑ කියා දිනූකා මිස් ඊයේ කියා ගියාට ඇය දැන් පැමිණ සිටිනු ඇත. මෙතෙක් කල් මවෙතින් දැන හෝ නොදැන සිදුවූ වැරදි වලට ඇය වෙතින් සමාව ඉල්ලිය යුතුය. ඇය, මගේ සතුරෙකු ලෙසින් මා සිතා සිටියද මා ගැන ඇය සිතා ඇත්තේ ඊට වඩා හර්දයාංගම ආකාරයෙන් යැයි මට සිතෙයි. මා ඇයට කොතෙක් නම් දේවල් කීවාද..?

    කාමරය තුළට ඇතුළු වන විමට මගේ දෑස දුව ගියේ දනූකා මිස්ගෙ ලොකු පුටුව වෙතයටය. මෙතෙක් වේලා මහා විශාලෙට පිම්බී තිබූ හුළං ගිය යෝධ බැලුනයක් පරිද්දට මගේ සිත හැකිලී ගියේය. එතැන මා බලාපොරොත්තු වූ සොදුරු රූපය නැත. එසේ නම් ඇය කියූ ආකාරයටම නෑවිත් සිටින්නට උත්සාහ කරනවාද..? එය එසේ වුවහොත් මේ ආයතනය මා හට පට්ට පාලු තැනක් වනු ඇත.

    බැණ වදින්නට හෝ ඇය මගේ ඉදිරියේ සිටිනවා නම් කොතරම් හොදද..? බොහෝ වේලාවට අපි දෙදෙනා එකිනෙකා දෙස හොරැහින් බැලීමට පුරුදු වී සිටියෙමු. එසේ බලන්නට ගොස් අතටම අසුවූ අවස්ථාද එමටය. එවිට මගේ මුහුණටම මොනවද බලන්නේ කියාල අසන්නට ඇය පුරුදුව සිටියාය. හරි නම් මාත් ඇසිය යුත්තේ ඒ පැනයම නොවේද..?

    දිනූකා මිස්ගේ විළවුන් සුවද පමණක් යාංතමට කාමර තුළ පැතිර ඇත. එහෙත් මම ඒ ගැන සිතන්නට නොගියෙමි. සුවද දැනුණාට ඇය කාමරය තුළ සිටින්නට විදියක් නැත. හිදිනවා නම් මට පෙනෙන්නට ඕනෑය. එසේ මට නොපෙනී හිදිනවා නම් ඇය නොපෙනී හිදිමින් අවට සැරිසැරිය හැකි පිටසක්වල ජීවියෙක් වත් විය යුතුය.

    සිතට තත්පරෙන් තත්පරේ එබුණු පාලුවක් වැනි හැගීමද, මොකක්දෝ ලොකු අඩුවක් ඇති බැව් දැනෙනා හැගීමද මගේ සිත කාන්සයෙන් බර කරවයි. ඒ කාන්සිය පිටින්ම මැණික්දිවෙල මහතා කියූ වැඩය කරන්නට පටන් ගතිමි. හැමදේම පැත්තකින් තබා රාජකාරිය අකුරට කළ යුතුය. එය පැහැර හැරියොතින් මට යන එන මං පවා නැතිවනු ඇත. බැණුම් අසාගෙන හෝ මා හට දිනූකා මිස් ළගින් ඉන්නට හැකිවී ඇත්තේ මේ රස්සාව නිසාය.

    මම කොතෙක් වේලා මේසයට බරවී බතික් මෝස්තර ඇන්දාදැයි නොදනිමි. දිනූකා මිස් ඇග ගල්වන විළවුන් සුවද ටිකෙන් ටික වැඩිවෙමින් කාමරය පුරාම පැතිරි යන්නට විය. හිතේ වූ සැකය නිසාම මම හෙමින් සීරුවෙ ඔලුව උස්සා කාමරයේ දොර දෙස බැලුවෙමි. එතැන කිසිදු වෙනසක් නැත. අනතුරුව මා බැලුවේ දිනූකා මිස්ගේ රාජකාරී මේසය දෙසය. දුටු දෙයින් මම තක්කු මුක්කු වී ගියෙමි.

    ලොකු කුෂන් පුටුව මතට වී මදෙස කන්නට මෙන් බලා සිටියේ දිනූකා මිස්ය. දෙවියනේ.. ඇය කුමන වේලාවක කාමරය තුළට ආවාද..? අඩුම ගණනේ දොර ඇරී වැහෙනවාවත් මට ඇහුනේ නැත. මෙය නම් කෙසේවත් සිදු වන්නට බැරි දෙයකි. ඇය මේ දොරින් කාමරයට ආවා නම් අනිවා මගේ දෑසට හසුවනු ඇත. මා මොන කල්පනාවක සිටියත් මගේ දෑස තිබුණේ දැඩි විමසිලිමත් බවකින් බැව් මට විශ්වාසය. එය එසේ වූ කල අහසින් පාත්වූවාක් සේ දිනූකා මිස් කාමරයට ආවේ කෙසේද..? මෙයට පෙර අවස්ථාවලදී සේම දැනුත් මගේ සිතට ආ එකම ගැටලුව එයයි.

    මම මේසය දෙස බැලුවෙමි. මැණික්දිවෙල මහතා හමුවීමට යාමට පෙර, මම පාවිච්චි කරනා හොද වර්ගයේ පින්සල් දෙක මේ මේසය මත තබා ගියෙමි. එහෙත් දැන් ඒ පින්සල් දෙක මේසය මත නැත. දිනූකා මිස් දෙස හොරැහින් බලනා ගමන් මම කල්පනා කෙරුවෙමි. මගේ මතකයේ හැටියට මා මේ කාමරය තුළට, මැණික්දිවෙල මහතා හමුවී නැවත පැමිණෙන විටත් පින්සල් දෙක මේසය මත තිබුණේ නැත. ඒ කියන්නේ මා කාමරයට පැමිණෙන්නට පෙර කවුරුන් හෝ පින්සල් දෙක ගත් බවය. සමහර විටක ඒ දිනූකා මිස්ම වන්නට ඇත. එහෙත් ඇය මේ කාමරයට ආවේ මා දැන් පැමිණියාඉන් පසුවය. එසේ නම් පින්සල් දෙක ගත්තේ වෙන කවුරුන් හෝ වන්නට පුලුවන.

    "මිස් ආවෙ දැන්ද..?"

    සිතේ වූ සියලුම දෑ පසෙක තබා මම දිනූකා මිස්ට කතා කෙරුවෙමි. ඊයේ දහවලින් පසුව ඇය මා වචනයක්වත් කතා කරන්නට හැකියාවක් ලැබුණේ නැත. ඇය මේ කාමරය තුළ කතා නැතිව හෝ රැදී සිටිනවා න් ඒත් මගේ සිත කැමතිය. ඇය නැති තැන මට දැනෙන්නේ මහා පාලු ගතියකි. කිසිදු වැඩක් හෝ නිසියාකාරව කර ගත නොහැකි බවකි.

    ඇසූ ප්‍රශ්නයට පිළිතුරක් නොලැබුණු නිසාවෙන් කුමක් හෝ අවුල් වී ඇති බවක් මගේ සිතට දැනුණි. මම වඩාත් පරික්ෂාකාරීව ඇය දෙස බැලුවෙමි. බටර් පැහැ ගත් සොදුරු මුහුණේ මහා කෝප කලු සෙවනැලි ඇදී තිබෙනු දැක මම වෙව්ලා ගියෙමි. දෙවියනේ.. ඇයට මේ සිදුවන්නේ කුමක්ද..? ඊයේ මා සමග කතාබහ කළ අවසන් වචන ටිකෙන් ඇයගේ සිත කොතරම් අහිංසක දැයි දිනූකා මිස් නොකියා කීවාය.

    "මං ආපු වෙලාව තමුන්ට මොකටද..?"

    ඒ වචන වෙඩි උන්ඩ මෙනි. වැදුනු ගමන් මුලු හිතම පුපුරා යයි. ඇයට මා නැවතත් තමුන් වෙලාය.

    "මං මෙතන ආර්ට් වර්ක් කරන පින්සල් දෙක තිබ්බා. ඒක දැන් නෑ මිස්... මං ඒකයි එහෙම ඇහුවේ.."

    බරාස් ගා පුටුව පසෙකට ඇද දමමින් ඇය නැගිට්ටාය. මා දවා අලු කළ හැකි තරමේ කේන්තියක් ඒ රූමත් මුහුණේ වතුවී තිබිණි.

    "මේක මහ මල කරදරයක්නේ හලෝ.. තමුන් හිතන්නෙ තමුන් ඔය අත ගාන මල ජරා පින්සල් මං ගත්තා කියලද..? ආ.. කියනවා බලන්න.. අනික තමුන් දැනගන්න ඕන තමුන් මෙතන කවුද කියන එක.. එනකොට නම් ආවේ, නාබර පෙරාගෙන.. දැන් ටික ටික ඉස්සරහට යනකොට මුල එහෙම් පිටින්ම අමතකයි.. ඔහොම තමයි ඉතිං කූඩැල්ලා මෙට්ටෙ උඩ තියන්න බෑ නේ.."

    දෙවියනේ.. මේ ඇය කියවන්නේ මොනවාද..? මා නාබර පෙරාගත් හඩු කොල්ලෙකු බව නේද..? මොවා කලත් මගේ පහත් ගතිගුන ඉස්මතු වන බව නේද..? සිත පතුලටම දැනුණු දුකට මගේ දෑස කදුලින් බොදවී ගියේය. මෙසේ කුණු වෙන්නට මා හට බැණ වදින්නට මම ඇයට කිසිදු වරදක් නොකලෙමි.

    "ඕනම දේකට ඉතිං ඕචරනේ.. හොට්ට පෙරාගෙන අඩන්න.. මට නම් ඇත්තටම මේ දකින දේවල් තිත්ත වෙලයි තියෙන්නේ.. වචනයක් කියන්න බෑ, ගෑනියෙක් වගේ අඩන්න ගන්නවා.. තමුන් හිතන්නෙ තමුන් ඇඩවහම මං තමුන්ව අහිංසකයෙක් කියලා පිළිගනියි කියලද..? ආ.. කියනවා බලන්න.. හ්.. ග්.."

    ඇට්ටි හැලෙන්නට කිසිදු අවුලක් නැතිව මා හට බැණ වැදුනු ඇය, නැවතත් පුටුවේම වාඩිවූවාය. ඇයට එසේ වාඩිවීමට සිතුනු එකත් හොදය. එසේ නොවුනා නම්, මේ ඇයට තිබෙනා කේන්තියට මගේ බේලලවත් මිරිකා දමනු ඇත..

    "ම.. මං මිස්ට වැරැද්දක් කෙරුවෙ නෑ මිස්.."

    ඉකි ගැසෙන්නට එන සිත පසෙක තබා මම හැඩුම්බරව කීවෙමි. නිල් මහනෙල් දෙනෙත නැවතත් මා වෙතට යොමුවිණි.

    "ම... මං හිතන් හිටියෙ විශ්වාසෙට ගන්න පුළුවන් මනුස්සයෙක් කියලා.. බැලුවහම තඹේකට විශ්වාස කරන්න බැරි මනුස්සයෙක් නේ මං ගාව ඉදලා තියෙන්නේ.. හොට්ට පෙරාගෙන, බබා වගේ අඩ අඩ මෙතන ඉදන් කියවනකොට මාත් මෝඩයා වගේ විශ්වාස කරා.. මේ තමයි ලෝකෙ ඉන්න අහිංසකම මිනිහා කියලා.. බැලුවහම මහ කට්ට කයිරාටික අමනුස්සයෙක් නේ.. හැබෑට තමුන්ට කොහොමද ඔය වගේ බඩල් ඇක්ටින් කරන්න පුරුදු වුණේ...? ඕක පරම්පරාවෙන් ආපු එකක්ද..? එහෙමත් නැත්නම් අමාරුවෙන් ප්‍රගුණ කරල හදාගත්තු දෙයක්ද..?"

    "ම.. මට මිස් කියන දේවල් තේරෙන්නෑ.."

    "තේරෙන්නෑ... තේරෙන්නෑ.. කොයි වෙලාවෙත් කටේ තියෙන්නෙ ඔය බණේම තමයි.. එනවා මෙතෙන්ට.."

    ඇයගේ අනින් මම උඩ ගොස් බිම වැටුණෙමි. ඇය ළගට මට එන්න කියන්නේ ඇයි..? ඇය අත දිග හැර මා හට හොද වර්ගයේ කම්මුල් පාරක්වත් දෙන්නද..?

    "ඇ... ඇයි මිස්..?"

    "තමුන් බබානේ.. ඒක හින්දා එනවා තමුන්ව හරහට වඩාගෙන කිරි ටිකක් දෙන්න.."

    ක්ෂනිකව ඇතිවූ මහ විශාල ලැජ්ජාවකින් මම හිරිවැටී ගියෙමි.. දෙවියනේ.. ඇයගේ කටට මේ වචන කෙසේ නම් එනවාද..? මේ තරම් ලස්සන රුවකින්, මේ තරම් විෂ උතුරන්නේ ඇයි..?

    "ම.. මට ඔහොම කතා කරන්න එපා මිස්.. ම.. මං මිස්ට වැරැද්දක් කෙරුවෙ නෑ.. මං මිස් ගැන අහිතක් හිතුවෙත් නෑ.."

    "බම්බුව තමයි.. තමන් ඔය කතා කරන්නේ කටෙන්ද.. එහෙමත් නැතිනම් වෙන කොහේ හරි තැනකින්ද..?"

    දිනූකා මිස්ට මේ තරම් කේන්ති ගොස් තිබෙනු මම කිසි දිනෙක දැක නැත. පින්සල් දෙක දැක්කාදැයි ඇසූ පලියට මේ තරම් කේන්ති යන්නේ නැත. මෙය නම් වෙන මොකක් හරි අවමගුලකි. කරුමෙ කියන්නේ, ඒ අවමගුල ගොස් තිබෙන්නේ මගේ කරපිටින් වීමය.

    "දෙයියන්ගෙ නාමෙට මට තේරෙන විදියට කියන්න මිස්.. මගේ ඔලුවත් එක්ක අවුල් වෙලයි තියෙන්නෙ.. ඇත්තමයි මං මිස්ට දැනුවත්ව නම් වැරැද්දක් කරලා නෑ.. ඔය තරම් කැත විදියට මට කතා කරන්න එපා.."

    අවසාන හරිය කියාගෙන යද්දී මට හැඩිණි. ඇස්වලින් උල්පතකින් ජලය මතුවෙන්නා සේ කදුළු ගලා ගෙන එයි. මගේ කදුළු දැකී ගමන්ම ඇය තම මුහුණ පසෙකට හරවා ගත්තේය. දැන මට දිනූකා මිස් පෙනෙන්නේ බොද වූ සිතුවමක් විලසටය..

    "කැත...? කැත කවුද කියලා මගෙන් අහන්නෙපා.. මෙතන මගේ ළග මුළු දවසෙම ඉදලා, මට ජීවිතයක් නැති කරලා දාලා, හවස් වුණායින් පස්සෙ එක එකීගෙ ගෙවල් ගානෙ රිංගන්න යනවා.. ඇත්තටම තමුන් මොන තරම් කැත මිනිහෙක්ද..?"

    බළලා මල්ලෙන් එළියට පැන්නේ අන්තිම තත්පරයේදීය. එසේ නම් මේ සියලුම කතාන්දරවලට මුල මා ඊයේ හවස පූර්ණිමා බැලීමට ගිය ගමනය. මගේ සිත එකවරම ඇතිවූයේ කිව නොහැකි තරම් සහනදායී හැගීමකි. ඇත්තටම මා සිතුවේ මගෙන් ඇයට වෙන කුමන ආකාරයේ හෝ වැරැද්දක් සිදුවී ඇති බවය. එසේ නම් දිනූකා මිස් මා හට මේ තරම් කුණුවෙන්නට බැන්නේ තනිකරම ඉරිසියාව පදනම් වූ දෙයක් නිසා බැව් මට හැටහේ. ඇය ඉරිසියා කරන්නේ, මා ඇගෙන් ඈත් වේ යැයි බයෙන්ද..? ඒ සිතුවිල්ල පවා මගේ සිතට ගෙනාවේ සතුටකි. ගියාගත නොහැකි වූ මිහිරකි..

    "ඒ පාර විරෝපට්ටන් ගහගෙන කල්පනාව.. මොකද මං කියපුව බොරුද..?"

    මා පූර්ණිමා බැලීමට ගිය වගක් ඇය දැනගත්තේ කෙසේද..? සමහර විටක ඇය මගේ පිටුපස චරපුරුෂයන් යොදවන්නට ඇත. මා කරන්නේ කුමක්දැයි ඔවුන් නිරන්තරවම ඇයට දැනුම් දෙනවා ඇත. මට මෙ ්තරම් කුණු කතා අසන්නට වී ඇත්තේ ඒ නිසාය.

    "මං මිස්ගෙ ජීවිතේ නැති කලේ නෑ නේ මිස්..."

    කතාව ඇදීගෙන යන විදියට මට තවත් බැනුම් අසන්නට වෙන නිසාම ඇය කියූ දෙයක් මම අල්ලා ගත්තෙමි. සොදුරු දෑස තත්පරේට දෙකට මා වෙතට යොමුවෙනු පෙනුණි. කලින් තිබූ තරහව, දරදඩුකම ඒ සොදුරු මුහුණේ නැත. ඇත්තේ නිමා කළ නොහැකි වූ පසුතැවිල්ලක් බැව් මා හට ඕනෑ තැනක දිව්රා කිය හැකිය. එහෙත් එසේ මා දිව්රා කියන්නේ කාටද..?

    "ඒක තමුන්ට කවද හරි දැනගන්න ලැබෙයි.. මට තවත් දුරට තමුන් එක්ක මේකෙ වැඩ කරන්න බෑ.. මං මෙහෙන් යනවා.. තමුන්ට තියෙන්නේ සංතෝසෙන්, ඔය හිතේ පිරිලා ඉන්න ගෑනුත් එක්ක ඉන්නෙකයි.."

    "ම... මට එහෙම කවුරුත් නෑ මිස්.."

     

    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    "කවුරුත් නෑ.. ඇයි තමුන් මාව රවට්ටන්න හදන්නේ..? මගේ ළග තමුන් මාස කීයක් නම් වැඩ කලාද..? ඊයෙ දවල් මං මෙතනින් ගියාට පස්සෙ මට මොකද උනේ කියලා බිංදුවක්වත් හොයල බැලුවද..? තමනුයි, මායි අතරෙ ඇතිවෙච්ච කතාබහෙන් පස්සෙ නේද මං මෙතනින් නැගිටලා ගියේ. අඩු ගානෙ මගේ මානසික මට්ටම මොන විදියට තියෙන්න ඇත්ද කියලවත් හොයල බැලුවද..? ඕන දේකට හොටු පෙරාගෙන ඇඩුවහම තමුන් හිතන්නෙ හැමදේම හරි කියලද..? තමුන් හිතන්නෙ මේ ලෝකෙ වැඩියෙන්ම සංවේදී තමුන් කියලද..? එතකොට අනිත් මිනිස්සු ඔක්කොම අසංවේදී මිනිස්සුද.? ඔය තරම් සංවේදී කියලා කියාගන්න තමුන්, ඊයෙ දවාලෙන් පස්සෙ මට උනේ මොකද කියල සත පහකටවත් ගණන් ගන්නැතුව හිතේ පිරිල ඉන්න පිවිතුරු රූපෙ හොයාගෙන ගියා. එතකොට මං තමුන් ගැන හිතාගෙන ඉදපු දේවල් මොන තරම් බොරුවක්ද..?"

    සිදුවී ඇති අතපසුවීම කොතරම් විශාල එක්කදැයි මා හට දැනෙන්නට පටන් ගත්තේ දිනූකා මිස්ගේ කතාවෙන් පසුවය. මා ඊයේ දහවලින් පසුව ක්‍රියා කර ඇත්තේ කොතරම් මෝඩ ආකාරයටද..? දිනූකා මිස්ට ලංවීමට තිබූ හොදම සුභදායී අවස්ථාවක් මම නැතිකර ගත්තෙමි. නැති කරගත්තා පමණක් නොව ඇය මා කෙරෙහි තැබූ ලෙංගතුකමද මම විනාශ කර ගත්තෙමි. මේ සියල්ලටම මුල මගේ තකතීරුකමය.

    මා, පූර්ණිමාලහ ගියේ මොන හේතුවක් අරඹයාදැයි මේ අවස්ථාවේ ඇයට පැහැදිලි කරදී පලක් නැත. ඇය සිටින්නේ මා කියනා දේ පිළි නොගන්නා තත්වයේය.

    "ෂිහ්... මං තමුන් ගැන හිතන් ඉදපු දේවල් මොන තරම් විහිලුවක්ද කියලා තේරෙනකොට මට මං ගැනම ලැජ්ජයි. ඇත්තටම තමුන් මහ කැත මනුස්සයෙක්. හිතෙයි, බඩෙයි එකක් තියාගෙන ඊට කිසිම සම්බන්ධයක් නැති කෙහෙල් මල ගැන කතා කරන අන්තිම පහත් ජාතියෙ මිනිහෙක්.. ෂිහ්... මට තියෙන එකම දුක මේ ලෝකෙ ඉන්න ලොකුම මෝඩි වගේ මං තමුන්ව විශ්වාස කරානේ.. අඩු ගානේ මුණෙ තියෙන අහිංසක කම හිතෙත් ඩිංගක් හරි ඇති කියලා මං හිතුවා. ඒත් මට මහ හුගක් වැරදිලා."

    ඇය මේ කියවාගෙන යන්නේ මොනවාද..? මට කිසිම දෙයක් තේරුම් ගැනීමට බැරිය. ඇය මාව විශ්වාස කරනා බැව් හෝ කළ බවක් මා ඔය ඇසුවාමය. අනික දිනූකා මිස් මං ගැන හිතන් ඉදපු දේවල් කියා තවත් නොතේරෙන මොනවදෝ කීවාය.. එහෙත් ඒ හිතේ තියන් ඉදපු දේවල් මොනවාද..? දහ අතේ මෙන්ම විසි අතේද කල්පනා කළද, මා හට උත්තරයක් නම් ලැබුනේ නැත. එනිසාම දිනූකා මිස්ටම කතා කරන්න ඉඩ දී මං ඔහේ ගල් බිල්ලෙකු සේ බලා සිටියෙමි.

    "ම.. මගේ තහනමක් නෑ.. යන්න ඕන තැනක ගිහින් එනවා.. ආයෙම මං තමුන් ගැන හොයන්නෑ.. මොකෝ කරුවල කාමරයක් ඇතුලට දාලා වහල රැක ගන්න පුලුවන් මනුස්සයෙක්ද..? එහෙම දාලා තිබ්බත් ඒකෙනුත් පැනලා යයි.."

    "මිස් මට කියන්නෙ මොනවා කරන්න කියලද..?"

    තවදුරටත් මේ සෑම දේම ඉවසාගත නොහැකිව මම ඇයගෙන් ඇසුවෙමි. ඇයි හත්දෙයියනේ.. මේවා නම් මහ හතරබීරි කතාය. හිත ඇතුලේ සහ බඩ ඇතුලේ එකක් තියාගෙන වෙන වෙන දේවල් කතා කරන්නේ මො නොව ඇයයි. අනික දිනූකා මිස්ගේ හිත තුල පුරවාගෙන ඇති ලට්ට ලොට්ට සියල්ලම මා හා කීවා නම් මේ මළ කරදර, සිත් තැවුල්, අවුල් වියැවුල් කිසිවක්ම නැත..

    මගේ ප්‍රශ්නයෙන් දිනූකා මිස්ගේ දෑස තවත් සිහින් විය. රත්පැහැ ගත් දෙතොල හෙමින් සීරුවේ එකට තදවිය. ඇය මට නැවතත් බනින්නට සැරසෙනවා වත්ද..? මට කිසිම දෙයක් සිතා ගැනීමට නොහැකි විණි.

    "කරන්න කිව්වා කියලා තමුන් කිසිම දෙයක් හරියට කරන මනුස්සයෙක්ද..? මූණෙ තියෙන අහිංසකකම පෙරිල උතුරල ගියාට කරන්නෙම අනිත් මිනිස්සුන්ගෙ හිත රිද්දන එකනේ.."

    "මං කාගෙවත් හිත රිද්දුවෙ නෑ මිස්.. මං බැලුවෙ හැමෝමත් එක්ක සහයෝගයෙන් වැඩ කරන්න.."

    "හ්ම්.. ඒක හොද සහයෝගෙ.. එහෙනම් ඒක වෙන්නැති මගෙත් එක්ක සහයෝගෙන් වැඩ කරන ගමන්, පූර්ණිමාව බලන්න යන්නේ.. බලන් ගියහම රට වටේම ඉන්න ගෑනුත් එක්ක සහයෝගෙන් වැඩ කරන්න වගේ හිතන් ඉන්නේ.."

    "මිස්..."

    "වචනයක්වත් කතා කරන්නෙපා.. තමුන් මගේ විශ්වාසෙ හොදටම කැඩුවා.. මං අනේක වාරයක් එපා කියල කියාපු දේ, මං ඩිංගක්වත් කැමති නැති දේ, තමුන් බොහොම ආසාවෙන් සැදී පැහැදී ඉදගෙන කාරා.. මට ආයෙ තමුන් එක්ක කතාවක් නෑ. තමුන් පූර්ණීමාත් එක්ක සහයෝගෙන් වැඩ කරගන්න එකයි තියෙන්නේ.."

    "මි.. මිස් හිතන තාලෙ දෙයක් මෙතන සිද්ධ වෙලා නෑ.. මේක වරදවා වහටා ගැනීමක්.."

    "ඔව්.. වරදවා වටහා ගැනීමක් තමයි.. හොර පූසා වගේ පූර්ණිමාගේ ගේ අස්සට රිංගලා ගෙදර කවුරුත් නැති වුණහම ආවා කොමියුනිකේෂන් එකට.. බලන්න එපැයි එහෙට මෙහෙට ඇඹරි ඇඹරි විනාඩි විස්සක් විතර කතා කරපු ලස්සන.. එනවා මෙතන වටහා ගැනීමක් ගැන කතා කරන්න.. ඇත්තටම තමුන් ලැජ්ජ වෙන්න ඕන තමන් එක්ක එකට වැඩ කරන කෙනෙක් ඉස්සරහ මේ වගේ විසාල බොරුවක් කරල ඒක අහුවුණාම. බලන් ගියාම තමුන්ට කිසි ලැජ්ජාවක් නෑනේ.. ඔය ඉන්නෙ යස අගේට බැබලි බැබලි.."

    සුදු පැහැති හෑන්ඩ් බෑගයද අතින් ගෙන දිනූකා මිස් නැගිට සිටියාය. ඇය මේ හදන්නේ ආපසු යන්නද..? අනික මා දුරකථනයෙන් අයියා සමග කතාබහ කළ තැන පිටත්සර කිසිවෙකුත් සිටියේ නැත. එය එසේ වූ කළ කතා කරන පුද්ගලයා ගැන කිව් තොරතුරු වැරදි වුවත්, මා හරියටම විනාඩි විස්සක ඇමතුමක් ගත් බව දිනූකා මිස් කීවේ කෙසේද..? සමහර විට ඇය මගේ පසුපසින් පැමිණියා වන්නට පුළුවන.. එසේ නම් මා ඇය නොදැක්කේ ඇයි..?

    "ම.. මං කතා කළේ අයියා එක්ක මිස්..."

    "අයියා එක්ක.. ඔව් ඉතිං දැන් කියන්න බැරියෑ, අයියා එක්ක හරි අම්මා එක්ක හරි කියලා.. මොකෝ මං කනේ තියාගෙන අහං හිටියෙ නෑ නේ.."

    මේවා නම් ගිය ආත්මයේ සිට පතාගෙන එන දුක් කරදර විය යුතුය. අද ඉවරවේ, හෙට ඉවරවේ කියාගෙන සිතා හිත සනසාගෙන සිටියත් කිසිමදාක මේ කරදර නිමා නොවන බව මට පැහැදිලිය. සිදුවූයේ කුමක්දැයි දිනූකා මිස්ට තේරුම් කර දීමට මට ක්‍රමයක් නැත. තවදුරටත් මේවා කල්පනා කළහොත් සිදුවන්නේ මා අමුම අමු පිස්සෙකු වන එකය.

    "අම්මා එක්කවත්, තාත්තා එක්කවත් කතා කරා කියලා මට කියන්න විදියක් නෑ දිනූකා මිස්.. එයාලා දෙන්නම නැතිවුණේ මං පුංචි දවස්වල. එතැන ඉදලා මාව බලා කියාගත්තේ, ඔය මං කතා කරපු මගේ අයියා විතරයි.. එයා කුලී වැඩ කර කර මට ඉගැන්නුවෙ. එයාගෙ හැම සතුටක්ම, සංතෝසයක්ම පැත්තකට දාලා එයා කරේ මාව බලාගත්තු එක. රටේ මිනිස්සුන්ගෙන් කුණු ජරා බැනුම් අහ අහ, කුලී වැඩ කරලා දවසෙ වේල් තුනට එක වේලක් විතරක් කාලා මාව බලගත්ත, මගේ අයියටයි මං කතා කරේ මිස්.. එහෙම නැතුව කෙල්ලෙකුට නෙමෙයි.."

    දෑස පැලී කදුලු දිය උල්පත් මතුවෙද්දී මම කියාගෙන කියාගෙන ගියෙමි. අකුණු තුන හතරක් හිස මත පිපුරුවා සේ දෑස් ලොකු කරන් මා සෙද විස්මයෙන් තෝන්තු වී බලා සිටින දිනූකා මිස්ව මා දැක්කේ බොද වූ දෙනෙත් අතරිනි. බේරි ගලා යන කදුලු දිය දහර මා දැක්කේ ඉන් අනතුරුවය. මට කුණු වෙන්නට බැණ වැදී ඇය දැන් අඩන්නේ ඇයි..? මෙතුවක් වේලා කියන්නට තියෙන හැම දෙයක්ම කියා තමන්ගේ සිත සැහැල්ලු කර ගත්තේ ඇයය. එසේ නම් මේ ගලන කදුලු සතුටු කදුලු විය හැකියි. දුපප්ත් කාංචනට ඇට්ටි හැලෙන්නට, නැතහොත් දණ බිම ඇනෙන්නටම වැඩේ දුන්නා කියා හදවතින්ම නැගෙන සතුටු කදුලුය.

    "මි.. මිස් ඔය කියවපු හුගක් දේවල් වලට මං වැරදි කාරයෙක් නෙමෙයි. මං මිස්ව රිද්දන්න හිතාගෙන කිසිම දෙයක් හිතල කරලා නෑ. මගේ අතින් මිස්ගෙ හිත රිදුන නම් මට එක පාරට සිය දහස් පාරක් සමාවෙන්න. මං බැලුවෙ හැමදාම මිස් එකක් සංතෝසෙන් වැඩ කරන්න.. ඒත් මගේ කරුමක්කාර, කාලකණ්නි දෛවය ඒකට ඉඩ දෙන්නෙම නෑ වගේ.. මං මොන තරම් හොද දෙයක් කරන්න හැදුවත්, මිස්ට ඒක පේන්නෙම වැරදි විදියට.. ම.. මං ඉතින් මොනව කරන්නද මිස්.. මේක මගේ කරුමෙනේ.."

    "ම.. මට මෙතන තවත් හිටියොත් ඇත්තටම පිස්සු හැදෙයි.. දෙයියන්ගෙ නාමෙට ඔය කියවන එක නවත්තන්නකෝ.. මනුස්සයෙකුට ඔය කියන ඒවා දරාගෙන ඉන්න පුලුවන්ද..?"

    එතකොට ඇය කියවාගෙන කියවාගෙන යද්දි මට පිස්සු නොසෑදුනේ ඇයි..? මා කියන ඒවා දරාගෙන හිදින්නට ඇය වැනි මනුස්ස දුවකට බැරි බව ඇත්තය. නමුත් ඇය කියනා දේවල් දරාගෙන හිදින්නට මට පුලුවන් වී ඇත්තේ මා අමනුස්ස පරාණයකැයි ඇය සිතනා නිසා වන්නට ඇත. කොහොමටවත් ඇයට මාව පෙනෙන්නේ අමනුස්සයකු ලෙසටය. සිතේ ඉවුරු කොනේ නැවතී ඇති දුක් කන්දරාව, මගේ සිත තවත් බර කරවයි.. දෙවියනේ.. මේ හැම කුණු කන්දලක්ම පැත්තකට දමා අපිට එකට වැඩ කරන්න බැරි ඇයි..? දිනූකා මිස්ටත් මටත් සංතෝසෙන් හිදින්නට බැරි ඇයි..? මේ කාමරයේ මාස ගණන් පුරාම සිටියේ අප දෙදෙනා පමණක් නොවේද..?

    "ම.. මට සමාවෙන්න මිස්..."

    ආපසු යනවාදැයි, එසේ නැත්නම් තව පැය කිහිපයක් හෝ මෙතන රැදී සිටිනවාදැයි සිතාගත නොහැකිව දිනූකා මිස් කාමරයේ මැද නතර වූවාය. ඒ සොදුරු මුහුණතේ තිබිණේ අසීමිත වූ ආරණිය බවකි. ජීවිතයේ එකම එක වරක් හෝ ඒ දිග ඇහිපියන් යට සැනසෙන්නට ඉඩ ලැබේ නම් කියනා අනුරාගී සිතුවිල්ල මගේ සිතේ ඇදී සැනෙකින් මැගී ගියේය.. දෙවියනේ.... මා මේ සිතන්නේ මොනවාද..?

    "කාංචන ඉන්න.. මං ගෙදර යනවා.. මට තවත් මෙතන වැඩ කරන්න බෑ..."

    වෙනස් ම වූ හඩකින් දිනූකා මිස් කීවාය. ඒ කටහඩේ වූ අතිශය හැගීම්බර ගෑනු කටහඩට මම වශී වී ගියෙමි. මේ තරම් අපූරුවට කතා කරන්නට පුලුවන්කම තියෙද්දී, ඇය අර තරම් රලු විදියට කතා කරන්නේ ඇයි..? මම සිහිනයකින් ඇවිදින්නාක් සේ ඇය වෙතට ගියෙමි..

    "මිස්ට ගෙදර ඉන්න බැරි මං හින්දා නම්, මං ගෙදර යන්නම් මිස්.. මේවා මිස්ට අයිති දේවල්.. මිස්ට ඕන දෙයක් කරන්න බලය තියෙනවා.. මං වගේ කාලකණ්නියෙක් හිනද මේක දාලා යන්නෙපා.. මිස් මෙතන හැමදාම ඉන්න.. මං ගෙදර යන්නම්.."

    ඇය ඉදිරියේ මම බැගෑපත් වුණෙමි. මේ රංඩුව අදවත් කෙසේ හෝ විසදා ගත යුතුය. අඩුම ගණනේ මා කළ යුතු දෙය පිළිබදවවත් ඇය මට කුමක් හෝ කියනවා නම්..? පස්මහ බැලුම් හෙලා මා කරනා සෑම දෙයක්ම අවසන් වූයේ ඇයගෙන් මෙලෝ සිහියක් නැතිව බැනුම් ඇසීමෙනි..

    "ගෙදර යන්න ඕන්නෑ.. දිගටම වැඩ කරන්න.. මං ආයෙ ඔයාට කරදරයක් වෙන්නෑ.."

    කාමරයේ දොර ළගටම ගොස් ආපසු හරී ඇය කීවාය. හුන් තැනින් අඩි කිහිපයක් විත් මම ඇය කරා ළංවුණෙමි. වැටුණු උණුසුම් කදුළුවල කැලැල් ඉතිරි වී තිබුණු නිල් මානෙල් දෙනෙත එක එල්ලයේම යොමු වී තිබුණේ මා වෙතටය.

    "අ... අනේ යන්නෙපා මිස්... ප්ලීස්......."

    දිනූකා මිස් වෙත මම තවත් ළංවුණෙමි. ඇයට මා මේ තරම් ගතින් ළංවූයේ ප්‍රථම වතාවටය. ඇයගේ ලය මඩල වේගයෙන් උස් පහත් වනු මට පෙනේ. මේ සියල්ල සොදුරුය. හැඩකාරය. දිනූකා මිස්ගේ උණුසුම් හුස්ම පොදවල් මගේ මුහුණේ ගෑවී නොගෑවී යයි. අනේ මෙහෙම්ම මේ මුලු ලෝකයම අදුරු වී යනවා නම්..?

    "ම.. මං ආයෙත් මිස්ගෙ හිත රිද්දන්නෙ නෑ.. මං ආයෙ මිස් එක්ක රණ්ඩු කරන්නෙ නෑ.. අ.. අනේ මිස් අපි හොදින් ඉමු.. මිස්.. .. අ... අපි.. අපි යාලු වෙමු මිස්.."

    මගෙන් ඒ වචනය පිටවූයේ කෙසේදැයි මමම වික්ෂිප්ත වී ගියෙමි. සමහර විටෙක මෙ ්තිබෙන සොදුරු විනාඩි ගණන කඩා බිද විනාශ කර, ඇය මට අම්මා මෝ නැතුව බනින්නට පුළුවන. කාමරයේ දොරට අත තබාගනෙ සිටි දිනූකා මිස්ගේ මුහුණේ, අද දවසේ ප්‍රථම වරට හීන් සිනා රැල්ලක් ඇදී මැකී නොපෙනී ගියාය. ඉතා පරික්ෂාවෙන් බලා සිටි නිසා මම එය දැක්කෙමි.

    "ඔ... ඔව් අපි යාලුවෙමි..."

    ඒ කතාව කීවේ දිනූකා මිස්මද කියා මට සිතා ගන්නට බැරිවිය. සිතට හදිසියේ ගලා ආ අති විශාල සංතෝසයෙන් බර නිසාම මගේ පපුව හිර වෙන්නටද විය. දෙවියනේ... අදහා ගන්නටත් බැරිදේ සිදුවනවා කියන්නේ මෙන්න මේවාට විය හැකිය. කලින් ඇදී මැකී නොපෙනී ගිය, සොදුරු සිනා රැල්ල, යළිත් කිසිදාක මැකී නොයන සේ දිනූකා මිස්ගේ මුහුණේ රැදී තිබෙනු අනතුරුව මම දැක්කෙමි.

    "මං ගෙදර ගිහින් එන්නම් කාංචන.. ඔයා වැඩ ටික කරන්න.. හවස් වෙන්න කලින් මං එනවා.. කොහේවත් යන්නෙපා.."

    කාමරයේ දොර හැරගෙන දිනූකා මිස් පිටව ගියාය. කුමක්දෝ සිතට නොවැටහෙනා ලෙංගතු හැගීමකින් මම ඒ මොහොතේ උතුරා යමින් සිටියෙමි. සියලුම වස්දොස් හා මගේ අපල කාලය අදින් පසු අවනාස වනු ඇත. ඇත්තටම එය එසේ වේවා යැයි නැවත්ත මේසය කරා පැමිණෙන ගමන් මම සිය දහස් වාරේ පැතුවෙමි. අඩුම ගණනේ ඇය හා රංඩු නොවී මෙතන වැඩ කරන්නට හැකි නම් එයද පට්ට ජයග්‍රහණයකි.

    ඉතිං අද දින සිට මම ජයග්‍රහණයට ඇප කැපවී ක්‍රියා කරන්නෙමි.. හවස් වෙන්න කලින් මං එනවා කොහේවත් යන්නෙපා යාමට ප්‍රථම ඇය එසේ කියා ගියේ ඇයි..? ඒ තනි තනි වචන වල තිබූ විවිධ තේරුම් දිගේ මම බොහෝ වේලාවක් කල්පනා කෙරුවෙමි. එහෙත් කිසිවක් වටහා ගැනීමට මට නොහැකි විය. සමහර විට අපි යාලුවෙමු යැයි කී වචන දෙකට ඌන පූර්ණයක් වශයෙන් එකී වචන ටික එක එක්කලාස වෙන්නට පුලුවන. කෙසේ වුවද මෙතුවක් දවස් සිදුවූ දේවල් වලට වඩා මේ මොහොතේ සිදුවූ දේ නම් ඉතා සොදුරුය. මා ඇයගෙන් මෙවැනි වචන කිහිපයක් බලාපොරොත්තුව සිටියේ කොපමණ කාලයක සිටද..? දිනූකා මිස්ගෙන් මා අනුකම්පාව පමණක් බලාපොරොත්තුවෙන් කොතරම් දවසක් නම් බලා සිටියාද..?

    මින්පසු කිසිම කලෙක මේ දුප්පත් කාංචන දිනූකා මිස්ගේ සිත නොරිදවනු ඇත. ඇය මා පිලිබදව සිතා සිටි තරම වරින් වරේ ඇගේ මුවින් බොහෝ කෙටියෙන් පිටවූ වචන අතරින් මම තෝරා බේරා ගත්තෙමි. මා, ඇය පිළිබදව නිදි නොමැතිව සිතමින් රැයවල් පහන් කළා සේම, ඇයගේ ලෝකයේද නිදි නොමැති රාත්‍රීන් ගණනාවක්ම ගෙවී යන්නට ඇත. ඒ පිළිබදව අපට හෙමින් සීරුවේ කතාබහ කරන්නනට හැකිවනු ඇත.

    නිරපරාදේ ඔහේ කියවා ගනිමින් බුම්මාගෙන තරහ වී දෙපසට වී, සිට කාලය ගැන නැවත කතා කිරීමත්, පුදුම තරම් සුන්දර දෙයක් වනු ඇත. ඇත්තටම අප දෙදෙනාම කොතෙක් නම් මේ කාමරය තුළදීම හඩන්නට ඇතිද..? ඒ සියල්ලම දැන් අයිති වන්නේ සොදුරු අතීතයටය. පැය දෙකක් තුනක්ම මං කළේ ඒ අතීතය මැද්දෑවේ කිමිදෙමින්, තැලී පොඩි වී ඇති සිත සුවපත් කරගැනීමය.


    Mathusambandai.gif

     

    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    Cover-15.jpg


    15.png


    මගේ කල්පනාවේ තරම කොතෙක්දැයි කියා කියනවා නම්, එකදිගට නාද වූ දුරකතනයේ හඩ මට ඇසුණේ බොහෝ වේලාවකින් පසුවය. මුලින් මුලින් මට සංගීතමය නාදය එන්නේ කොහෙන්දැයි කියා සිතා ගැනීමට බැරිවිය. සිහිනයකින් මිදෙනවා සේ දෑස ඇර බැලූ කල දිනූකා මිස්ගේ මේසය මත තිබූ දුරකථනය මම දැක්කෙමි. සමහර විට මේ දිනූකා මිස් වන්නට ඇත. මා කාමරය තුළ සිටිනවාදැයි ඇය සොයා බලනවා විය හැකිය. ඇයගේ වචනය මා අහනවාදැයි බලා ගැනීමට උවමනා වන්නට ඇත. මම අඩියට දෙකට දුරකථනය ළගට පැන රිසිවරය ගත්තෙමි.

    "මොනාද බබා වෙලා තියෙන්නේ..? මං දැන් කොච්චර වෙලාවක ඉදලා ගන්නවද..? ඒ මදිවට මොබයිල් එකත් ඕෆ් කරලා..."

    එහැ පැත්තෙන් ඇසුනේ ලාමකම ලාමක ගැණු කටහඩකි.. ෂුවර් එකටම මේ දිනූකා මිස්ගේ යාළුවෙකු වන්නට ඇත. සමහර විට ඇය නිතරම පාහේ කතා කරන රෝෂි නම් වූ යෙහෙළිය වන්නට ඇත.

    "මට කියන්න ඔයා මොනවද කරන්නෙ කියලා දිනූ.. ඔතන ඉන්න අහිංසක සුදු කොල්ලගෙ ඇස් දෙක දිහා බලන් ඉන්නවද..? මතකද ඔයා අර දවසක් කිව්වේ, ඌ හරිම අහිංසක කොල්ලෙක් කියලා.."

    මම හිරි වැටී ගියෙමි. දිනූකා මිස් එහෙනම් ඇයගේ යෙහෙළිය සමග මා ගැන විස්තර කතා කරන්නට ඇත. එහෙත් එසේ කතා කරන්නට තරම් දෙයක් මගේ රූපයේ නැත. ඇයගේ යෙහෙළියට මා ගැන දිනූකා මිස් මොනවා කියන්නට ඇත්ද..? මොනවා කීවත් ඒ සියල්ලම සුන්දර දේවල් වන්නට ඇත. ඇගේ හෙයෙළිය මේ තරම් හැගීම්බරව කතා කරන්නේ ඒ නිසාය.

    "මොකද ඔයා, ඌව අදත් ඇඩෙව්වද..? ආ බබා.. එහෙම දවසටනේ ඔයා කා එක්කවත් කතා නොකර ඉන්නේ.. ඔයාට කාවවත් පේන්න බැරි.. මං හවස්වෙලා ඔයාට ගන්නම්.. එතකන් හිත ඩිංගක් කූල් කරගන්නකෝ.."

    වචනයක්වත් කියන්නට පෙර එහා පැත්තෙන් දුරකථන ඇමතුම විසන්ධි විය. ගොලු කසාය බිව් එකෙකු සේ මම මොහොතක් තක්කු මුක්කු වී බලා සිටියෙමි. එසේ නම් මා ඇඩෙවූ දවස් වලට ඇයත් නොසෑහෙන තරම් දුක් විද ඇත. ඇයගේ මිතුරියගේ වදන් එයට සාක්ෂි දරයි. දෙවියනේ මා කොතෙක් නම් වැරදි ලෙස දිනූකා මිස් ගැන සිතා සිටියාද..? කොටින්ම ඇයගේ හදවත මහා කලු ගලකින් නිම වී ඇතයි මම සිතා සිටියෙමි. මුවින් නොකීවත් සිත පතුලෙන්ම ඇයට කොතෙක් නම් බැණ වැදුණාද..?

    එහෙත් අවසානයෙදී මා හට ඉතිරි වූ එකම එක ගැටලුව දිනූකා මිස් මෙසේ හැසිරුණේ මන්ද කියාය. පුබුදු සහ පූර්ණිමා සැක කළ පරිදි, මගේ සිත වරින් වර මට ඇගෙව් පරිදි ඇය මට ආදරය කරනවාවත්ද..? එහෙත් ඇය වැනි සද දෙව්දුවකට මා වැනි හඩ්කෙු ගැන කෙසේ නම් ආදර සිතුවිලි පහළ වන්නේද..? අප අතර ඇති පරතරයම දුර පෙනෙන ක්ෂිතිය ඉමක් වැනිය. ඇයගේ සමාජ මට්ටම, මට කෙසේ වත් පෑහෙන්නේ නැත. එසේ සිතෙද්දී නම් මගේ සිතට දැනුණේ මහා දුකකි. හිමිකර ගැනීමට නොහැකි වුවත් මේ සොදුරු කාමරය තුළ අප දෙදෙනා හැමදාකම මුණ ගැසුනා නොවේද..?

    රිසිවරය තමා නැවතත් මගේ මේසය කරා එන්නට මම හැරුණෙමි. සිතේ ඉපදී තිබූ සිතුවිලි කන්දරාව කොතරම්ද කියා කියනවා නම්, දිනූකා මිස්ගේ මේසයට පසෙකින් තිබූ සිටූල් එකක පැටලී මම බිම ඇදගෙන වැටුනි. මගේ පියවි සිහියට ආවේ තලපතෙකු සේ බිමට ඇද වැටී අතද රිදෙන්න ගත් පසුවය.

    දිනූකා මිස් මේ වේලාවේ කාමරය තුළ නොසිටීම ගැන මම දෙවියන්ට පින් දුන්නෙමි. සිටියා නම් අසන්නට වෙන බැනුම් කන්දරාව නිමක් නැතිවනු ඇත. දනිපනි ගා නැගිට මම පෙරලී තිබූ ස්ටූලය කෙලින් කෙරුවෙමි. මා බිමට ඇද වැටෙද්දී මගේ අතේ තිබූ පෑනද කොහේ හෝ මුල්ලකට විසි වී ගොස් ඇති බව දැනුනේ නැවත මේසය කරා ආ විටය. මම නැවත ස්ටූලය තිබූ තැනට ගොස් බිමට නැඹුරු වී පෑන හෙව්වෙමි.

    එහෙත් මා සිතා සිටි තරම් ඉක්මනට පෑන ලැබුනේ නැත. විනාඩි දහයක් පමණ හැමතැනම පෑන හොයා, පෑන ගැන අදහස සිතින් ඉවතකර ගන්නට හදන විටම මම අහම්බෙන් මෙන් පෑන දැක්කෙමි. පෑන තිබුණේ දිනූකා මිස්ගේ රාජකාරි මේසයට පිටුපසින් වූ බිත්තියේ ගසා තිබූ දැවැන්ත බතික් තිර රෙද්ද ළගය. මේ මළ ඉලව් පෑනටත් ඇත්තේ පුදුම තරම් අසමජ්ජාතී ගතිගුණය. විනාඩි දහයක් පහළවක් මාව මහන්සි නොකර ඌට මේ ළගක වැටෙන්නට තිබුණා නොවේද..? මේකත් හරියට අර අපිට උපන්නොත් අං ඇති වගේ කතාවකි.

    හිතේ කේන්තියටම මා පෑන ගත්තේ බතික් තිර රෙද්දට හේත්තු වී බිමට නැවීගෙනය. මගේ ඉමහත් පුදුටමයට හේතුවන පරිද්දෙන් බතික් රෙද්ද මදක් බිත්තිය තුලට එබී ගියේය. මෙම තිර රෙද්ද ගැට ගසා ඇත්තේ ගඩොලින් බැද කපරාරු කර තිබූ බිත්තියක බැව් මම හොදින්ම දැන සිටියෙමි. එසේ නම් බතික් තිර රෙද්ද බිත්තිය තුලට එබී ගියේ කෙසේද..? මගේ සිතට පැන නැගුනේ සිතා ගැනීමටත් නොහැකි තාලේ සැකයකි.

    අතේ පෑනත් තබාගෙනම මම බතික් තිර රෙද්ද මෙහා කොණට ආවෙමි. ඒ කොණ බිත්තිය සමග සම්බන්ධ වී තිබුණේ තද කල විට ගලවා ගතහැකි පුංචි අගුලකිනි. මම හෙමින් සීරුවේ එම අගුල තද කෙරුවෙමි. මේ කාමරයේදී නිරන්තරවම දැනුණු දිනූකා මිස්ගේ විලවුන් සුවදත්, මේ කාමරය ගැන මගේ සිතේ තිබූ සැකයත් මේ මොහොත වන විට ඉතා ඉහළ මට්ටමකට ගෙන ගොස් තිබිණි.

    බතික් තිර රෙද්ද මදක් පැත්තකට කර බැලූ විට මා දැක්කේ බිත්තිය මැද සවිකර තිබූ දොරවල් වලට අල්ලන තාලයේ ලොකු බෝල අගුලකි. පපුවේ ගැස්ම දෙගුණ තෙගුණ වී වැඩි වෙද්දී මින් එහාට මා කුමක් කළ යුතුදැයි මට සිතා ගන්නට බැරිවිය. මේ කාමරය ගැන මුල සිටන්ම මට දැනී තිබූසැකය මහ හරවා ගැනීමට මීට වඩා හොද අවස්ථාවක් මට යළි උදා නොවෙනු ඇත. දිනූකා මිස් යළි එනවා කීවේද හවස් වරුවේය. ඇය අහම්බයකින් හෝ ආවොතින් මිසක මේ කාර්යය කිරීමට මට උවමනාවටත් වඩා කාලයක් තිබේ..

    මම කාමරයේ වූ අනෙක් බිත්ති දෙස බැලුවෙමි. ඒවායෙහි ඇති බතික් තිර රෙදි මේ බිත්තියේ තිබෙනා එකට වඩා පුංචි විය. මේ බිත්තියේ තිර රෙද්ද විශාලය. අනික මෙවැනි බිත්තියක මේ ආකාරයෙන් බෝල අගුලක් තිබෙන්නේ නිකන් නම් වන්නට බැරිය. මෙතන මොකක් හෝ හොරයක් තිබෙනා බැව් මගේ සිත මොර ගා කියයි. එහෙත් ඒ හොරය කුමක්ද..? සමහර විටක අර අලිබබා සහ හොරු හතලිය කතාවේ වැනි ගල් දොරක් ඇරෙනවා සේ මේ මුලු බිත්තියම ඇරී මහා අනර්ඝ නිධානයක් මගේ දෑස ඉදිරිපිට තිබෙන්නට පුළුවන. උඩ ඉන්නා තිස්තුන් කෝටියක් දෙවි දේවතාවුන් වහන්සේලා සියලු දෙනාම සිහිකර ගනිමින් මම බිත්තියෙ වූ බෝලයට අත තැබුවෙමි.

    මගේ ඉමහත් විස්මයට හේතුවන පරිද්දෙන් බිත්තියේ තිබූ විවරයක් අර බෝලය සමග ඇතුලට විවර වන්නට විය. ඒ සමගම දිනූකා මිස්ගේ විලවුන් සුවද ඇය මේ දැන් මගේ ළගින් හිදින්නා සේ දැනෙනා තරමට මට දැනුණි. එසේ නම් දිනූකා මිස් කාමරය තුළ නැති අවස්ථාවල වුවද මට ඒ සුවද දැනුණේ මේ විවරය තුළින් වන්නට ඇත. ඒ කියන්නේ මා කාමරය තුළ සිටිනා අවස්ථාවල මේ විවරය මදක් හෝ ඇරී තිබෙන්නට ඇති වගය. මෙම විවරය ඉබේ විවෘත විය නොහැකි නිසා ඒ දේ කරන්නට ඇත්තේ දිනූකා මිස්ම විය යුතුය. ඇය සිටින්නට ඇත්තේ මේ විවරයෙන් එහා යම්කිසි තැනකය.

    කුමක් කරනවාදැයි කියා මද වේලාවක් මම දෙගිඩියාවෙන් ඇරී තිබුණු විවරය දෙස බලා සිටියෙමි. මා මේ කරනා වැඩය හරිද..? සමහර විටක මේ විවරය තුළ මා කිසිසේත්ම දැන නොගත යුතු දෙයක් තිබෙන්නට පුලුවන. අනික වැරදිලාවත් දිනූකා මිස් නැවත පැමිණියොත් සිදුවන දේ ගැන කීමට දන්නේ උඩ ඉන්නා දෙවියන් පමණි. ඇයත් මාත් අතර යාන්තමින් මල් ඵල ගැන්වී ආ යාලුකමද කුඩේ කුඩු වනු ඇත. ඇය අත දිග හැර මට කම්මුල් දෙකටම පාහරවල් ගසන්නට වුවද බැරි නැත. එහෙත් තත්පරයෙන් තත්පරය කාලය ගෙවී යද්දී මගේ සිත කිවේම විවරය ඇතුළට යන්නට කියාය. අනික මගේ සිතේ ඇති සැකයත් දුරු කර ගැනීමට මෙය ඉතා අනගි අවස්ථාවකි. සමහර විටක මගේ සිතේ ඇති සියලුම ප්‍රශ්න වලට මේ අහම්බෙන් දකින්නට ලැබුණු විවරයෙන් පිළිතුරු ලැබෙනු ඇත. එසේත් නැතිනම් සියලු දෙයම යලිත් තිබුණා සේ තිබෙනු ඇත.

    දිනූකා මිස් ළගින් එන විලවුන් සුවද වඩාත් තදින් දැනෙද්දී විවරයෙන් එපා පැත්තේ ඇත්තේ කුමක්දැයි නොදැනම මම මදක් නැවී විවරය තුළට ඇතුලු විමි. ඇතුලු වූ විගසම විවරය වැසී ගියේත්, මා සිටි ස්ථානය හොද ආලෝකයකින් පිරී ගියෙත් එක විටය.

    *****************************

    ආලෝකයට දෑස හුරුවූ විගසම මා වටපිට බැලුවේ මෙය මොනව වගේ තැනක්දැයි දැන ගැනීමටය. එය මදක් විශාල වූ හරි හතරැස් කාමරයකි. අධි සුඛොපභොගී කාමරයක තිබිය යුතු සියලුම ගෘහ භාණ්ඩ හා අනෙකුත් දේවල් එහේ අඩුවක් නැතුවම තිබිණි. මම මදක් ඉදිරියට ගොස් කාමරය මැදම වාගේ තිබූ සුවපහසු ඇදේ වාඩි වූයෙමි. ඇද විට්ටම් ළගින්ම තිබි කැබිනය මත කිරි ගරුඩෙන් වාගේ අමුතුම හැඩයකට නිම කරන ලද භාජනයක් තබා තිබිණි. වඩාත් ළං වී බලද්දී දිනූකා මිස් වෙතින් නිරතුරුවම දැනෙන විලවුන් සුවද හමා එන්නේ ඒ කිරිගරුඩ භාජනයෙන් බව මම දැනගතිමි.

    සිතේ තිබූ සියලුම ගැටලු වලට පිලිතුරු එකින් එක මගේ මනසට විද්‍යාමාන විය. එසේ නම් මා කාමරය තුළ සිටිනා බොහෝ අවස්ථාවල, ඇයද සිටින්නට ඇත්තේ මේ කාමරය තුළට වී වන්නට ඇත. හිටි ගමන් ඔෆිස් කාමරයෙන් ආවේත්, නැවත අන්තරස්දාන වූයේත් මේ කාමරය තුළ සිට වන්නට ඇත. ඇයගේ විලවුන් සුවද වඩාත් තදින් පැතිර ගියේ, මේ කාමරය විවෘත තිබෙනා විට බැව් මම හොදින්ම තේරුම් ගතිමි. ඒ මේ කිරි ගරුඩ මංජුසාව එළියේ වූ වාතය හා මිශ්‍ර වූ විටය. බොහෝ විටක ඇය ඔෆිස් නාවා යැයි මා සිතා සිටි බොහෝ දවස් වල දිනූකා මිස් මටත් කලින් පැමිණ මේ කාමරය තුළට වී සිටින්නට ඇත. එහෙත් එසේ කිරීමට නම් ඇයට කුමක් හෝ විශාල අරමුණක් හෝ ඉලක්කයක් තිබිය යුතුය. මා හට තේරුම් ගැනීමට බැරි වූ එකම එක දෙය නම් එයයි.

    පැය තුන හතරක් එක දිගට මේ කාමරය තුළට වී ඇයට කරන්නට ඇත්තේ මොනවාද..? මා එහා කාමරය තුළ සිටියත් ඇයට මා පෙනෙන්නේ නැත. අප දෙදෙනා අතර ඇත්තේ ගඩොලින් බැද තිබෙනා බිත්තියකි. එසේ නම් ඇය මට නොපෙනී මේ කාමරය තුළ සිට ඔෆිස් කාමරයට එන්නේ කෙසේද..? ඇයගේ රහස මා දැනගන්නවාට ඇය කිසිදු කැමැත්තක් නොදක්වන බැව් මම දනිමි. මා එහා කාමරය තුළ සිටින විට මෙලෝ සිහියක් නැතිව දිනූකා මිස් මේ විවරයත් ඇරගෙන එන්නේ නැති බැව් සහතිකය. එසේ නම් ඇයට මේ කාමරයේ සිට ඔෆිස් කාමරය තුළ සිදුවන දේ බලා ගැනීමට හැකි යම්කිසි දෙයක් තිබිය යුතුය.

    ඇදේ වාඩි වී ගෙනම මම ආපසු හැරී මා පැමිණි විවරය දෙස බැලුවෙමි. නෙත දුටු දර්ශනයෙන් මම ගල් සැගී සියෙමි. විවරය සම්බන්ධ වූ බෝලය මෙහායින් බිත්තියේ සාමාන්‍ය මට්ටමේ ජනේලයක ප්‍රමාණයක ඉඩකින් ඔෆිස් කාමරයේ සෑම අස්සක් මුල්ලක්ම දැක ගන්නට මට හැකිවිය. වඩාත් ළංවී බලද්දී එය බිත්තියට වාගේ සවිකර තිබූ අමුතුම ආකාරයේ දර්පණයක් බැව් මම තේරුම් ගත්තෙමි. දෙවියනේ දිනූකා මිස් කාමරය තුල නැතැයි සිතා මා කළ කී දෑ බොහෝමයක් ඇය මේ කාමරය තුළ හිද හරි අපූරුවට බලා හිදින්නට ඇත. මා එක්කෝ ඔෆිස් කාමරයයෙන් පිටව ගිය විට හෝ මේසයට ඔලුව ගසාගෙන කල්පනා කරන විට හෝ ඇය හෙමින් සීරුවේ මේ කාමරයේ සිට එහා කාමරයට යන්නට ඇත. මගේ පුංචි අතපසුවීමකදී හෝ මගේ අවධානය අඩු වූ අවස්ථාවලදී දිනූකා මිස් ඔෆිස් කාමරයේ සිට මේ කාමරයට පැන ගන්නට ඇත.

    එහෙත් ඇය මෙවැනි දෙයක් කළේ ඇයි..? දිනූකා මිස් මා ගැන දැඩි අවධානයක් දැක්වූ බැව් ඉතා පැහැදිලිය. කිසිවෙකුටත් මගේ ළගට ළංවීමට ඇය ඉඩ දුන්නේද නැත. චිත්‍රපටියක රූප රාමු වෙන් ගෙවී ගිය අතීතයේ සිදූ වූ දියලුම දෑ මගේ මනසේ දිස්වන්නට විය. ඇය මෙවැනි දෙයක් කරන්නේ මා මුලින් සිතූ පරිද්දට යම්කිසි දෙයක් නිසා විය යුතුය. ඒ යම්කිසි දෙය කුමක්ද..?
     

    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    මම කාමරය දිහා නැවතත් සුපරික්ෂාකාරීව බැලිමි. බිත්තිවල වූයේ විවිධ ආකාරයේ බතික් වලින් කැටයම් කල හැඩ වැඩ දමා තිබූ සාමාන්‍ය මට්ටමේ තිර රෙදිය. එහෙත් කාමරයේ එහා කොනට වන්නට වාගේ බිත්තියට හේත්තු කර තිබූ මගේ ප්‍රමාණයට වාගේ උසට හා අඩි තුනක් පමණ පළලින් තිබූ වයිට් බෝට් එකක් මම දැක්කෙමි. මම මදක් වේලා කල්පනා කෙරුවෙමි. මේ සොදුරු කාමරයට වයිඩ් බෝඩ් එකකින් ඇත පලය කුමක්ද..? සමහර විට මෙය නිකමට බිත්තියට හේත්තු කර තිබෙනවා වන්නට පුලුවන. එහෙත් වඩාත් ළං වී බලද්දී එය වයිට් බෝඩ් එකක් නොව බිත්තිය පැත්තට රූපය හරවා තිබූ, අති විශාල ඡායාරූපයක් බව මම තේරුම් ගත්තෙමි. මේ ඡායාරූපයේ සිටින්නේ කවුරුන් විය හැකිද..? සමහර විට දිනූකා මිස්ගේ හැඩකාර සොදුරු ඉරියව්වකින් යුක්ත වූ සමනළ රූපයක් විය හැක.

    එසේත් නැත්නම් තවත් බතික් ඩිසයින් එකක් වනු ඇත. එහෙත් නැත්නම් ස්වභාවික සෞන්දර්යය මවා පෙන්වන අතිශය සොදුරු කදුකර පරිසරයක ඡායාරූපයක් විය හැක.

    එහෙත් ඡායාරූපය මගෙ පැත්තට හරවා බලද්දී මම විස්මයෙන් විස්මයට පත්විනි. සත්තකින්ම එය මගේ හදවත නැවතුවාක් බදු විය. දෑසට පෙනෙනා දේ අදහාගත නොහැකිව මම තවත් මොහොතක් ඒ දෙස බලා සිටියෙමි. මේ මා දකින්නේ සිහිනයක්ද..? මම දෑස පිස දමා නැවතත් ඡායාරූපය දෙස බැලිමි. දෙවියනේ මෙය විශ්වාස කල හැකිද..? ඡායාරූපයේ සිටින්නේ මමය. පිරිසිදු සිනාවක් මුවේ රදවාගෙන අව් කන්ණාඩිය කොණ්ඩය මත රදවාගෙන ඉතාමත් ජැන්ඩි පහට සැරසීගෙන උන්නේ අහිංසක අසරණයකු වූ දුප්පත් කාංචනය. මෙය කොයි වෙලාවේදි කොතැනකදී කවුරුන් ගන්නට ඇත්ද..?

    මා සිටියේ සිහි එළවාගන්නට බැරිවය. මෙවැනි ජැන්ඩි පහේ ඇදුම් කට්ටලයක් මට කිසි දිනෙක තිබුණේ නැත. ඡායාරූපයේ මට පිටුපසින් තිබූ අති නවීන සුඛෝපබෝගි වර්ගයේ ජීප් රථයක් මා මේ දැක්කාමය. අනිත් දෙය නම් මා සිටි පරිසරය මා කිසිදා ගොස් තිබූ තැනක් නම් නොවේ. හරියට එය පිටරටක දර්ශනයක් වගේය. තත්වය එසේ නම් මා මේ ඡායාරූපයේ පෙනී සිටියේ කවදාද..? මගේ සිතේ තිබුණේ උභතෝකෝටික ප්‍රශ්න පත්තරයකි.

    මම ඡායාරූපය දෙස වඩාත් හොදින් බැලුවෙමි. විනාඩි දෙකක්, තුනක් හතරක් එක දිගටම මම බලාගෙන සිටියෙමි. මෙය මා දැනුවත්ව ගත් ඡායාරූපයක් නම් මගේ මතකයේ කොහේ හෝ මේ ඡායාරූපය ගැන තොරතුරක් ගබඩා වී තිබිය යුතුය. එහෙත් මගේ මනසට එවැනි කිසිම දෙයක් සිහිපත් වූයේ නැත. මම ජායාරුපය ළගටම ගෙන ඉතා හොදින් ඒ දෙස බැලුවෙමි. හෙණ ගෙඩි දෙක තුනක් ඇස් ඉදිරියේ පුපුරා ගියාක් මෙන් මම තිගැස්සී ගියෙමි. මගේ සිතට ආවේ එකම එක අදහසකි.

    දෙවියනේ... මේ ඡායාරූපයේ සිටින්නේ මා නොවේ.. මා වැනි හැඩ හුරුකම් ඇති වෙනත් පුද්ගලයෙකි. මා හට බොහෝ සෙයින් සමාන මට වඩා මදක් වයසින් මුහුකුරා ගිය තරුණයකි. එහෙත් බැලූ බැල්මට හැමටම පෙනෙන්නේ මේ සිටින්නේ, කාංචන නැමැති දුප්පත් අසරණ පුද්ගලයා ලෙසය. වැඩේ තරම කියන්නේ ඡායාරූපය දුටු විගස මටත් ගමයි රටයි දෙකම පැටලැවුණු එකය. අඩුගානේ මට, මාවත් අදුනා ගන්නට බැරි වූ එකය.

    මම නැවත ඡායාරූපය තිබූ ලෙසම තමා ආපසු හැරු‍ණෙමි. මේ ඡායාරූපයේ සිටින තැනැත්තා කවුරුන් විය හැකිද..? මිනිහා කවුරුන් වුවත් මට කමක් නැත. ඔහු දිනූකා මිස්ගේ කිසිවෙකුත් නොවනවා මට ඇතිය. ඔහු දිනූකා මිස්ව අදුනන්නේවත් නැත්නම් වඩා හොදය. එහෙත් තත්වය එසේ වන්නට ප්‍රාර්ථනා කලත් දිනූකා මිස්ගේ කාමරය තුළට මේ ඡායාරූපය පැමිණිමෙන් අදහස් වන්නේ මේ තැනැත්තා දිනූකා මිස් ඉතා හොදින් අදුනන බවය.. දිනූකා මිස් හා ඔහු අතර මට හිතා ගැනීමටවත් නොහැකි තරම් දුර දිග ගිය සම්බන්ධයක් ඇති බව නොවේද..? තත්වය එසේ නම් දැන් මා සොයා ගත යුතු එකම දෙය වන්නේ මේ පුද්ගලයා කොහේ සිටින්නෙද යන්නය. අනුතුරුව දුප්පත් කාංචනට සිදුවන දේ පිලිබදවත් දැනගන්නටය.

    ක්‍රම ක්‍රමයෙන් මට සියලුම දේ පැහැදිලි වන්නට විය. දිනූකා මිස් මට මේ තරම් සැළකිල්ලක් දක්වන්නට ඇත්තේ, මට මේ තරම් ළං වෙන්නට ඇත්තේ, මාද මේ පුද්ගලයා හා සමානව හැඩහුරුකමින් යුක්ත වන නිසාය. බොහෝ විට ඔහුගේ ගති පැවතුම් මා කෙරෙන්ද විද්‍යාමාන වන නිසාය. මේ ඡායාරූපයේ සිටින තැනැත්තා පිළිබද මතකය මා දකින විට අලුත් වන නිසාය.

    ගෙවී ගිය අවසන් දවස් කිහිපයේදී දිනූකා මිස්ගේ මුවින් පිටවූ වචන යළි යළිත් මම සිහිපත් කෙරුවෙමි. 'මං ඔයාට හිතලා කිසිම දෙයක් කරේ නෑ දෙයියනේ.. ඔහොම එක එක දේවල් කියලා මට මගෙ ජීවිතේ එපා කරවන්න එපා.. මං හුගාක් අමාරුවෙන් මෙතන හිත හදාගනෙ ඉන්නේ.. මං ජීවත් වුණේ මිහිපිට අපායක... මං ඒකෙන් ගැලවුණේ ඔයා කිව්වටත් වැඩිය දුක් විදලා..'

    'ඔයා මට ඉන්න දෙන්නෑ දෙයියනේ.. මට තවත් ඔයා දිහා බලාගෙන මේවා ඉවසාගෙන ඉන්න ගියොත් පිස්සු හැදෙයි..'

    හැඩුම්බර හඩින් දිනූකා මිස් වෙතින් පිට වූ එකී වචන පේළී දිගේ මම යළි යළිත් ඇවිදගෙන ගියෙමි. ඇය ඒ නොකියා කිව්වේ මා හා සමාන පුද්ගලයා මිය ගොස් ඇති වග නේද..? ඒ සිතුවිල්ලත් සමගම, සිතා ගැනීමටත් නොහැකි කුරිරු සතුටක් මගේ සිත වෙලා ගත්තේය. ඇත්තෙන්ම එය එසේ සිදු වී ඇත්නම් කොච්චර හොදද..? එවිට දිනූකා මිස්ටත් මටත් මේ මුළු ජීවිත කාලය මුළුල්ලේම සංතෝසයෙන් සිටීමට හැකිවනු ඇත. තමා ළගින්ම බොහෝ කාලයක් හිද ජීවිතයෙන් සමුගත් ආදරණිය පෙම්වතා මගේ දර්ශනයෙන් ඇය සිහිපත් කරගන්නවා ඇත. මට ඇත්තේ නිරන්තරව ඇගේ ලගින් හිද ඒ මුදු කෝමල හිත සැනසීමය. මෙතුවක් කිසි කාලෙක මගේ සිතට නොදැනුණු තරමේ අසීමිත සැනසිමක් දැනෙද්දී මම නැවතත් ඇද කරා ආවෙමි.

    ඇදට පිටුපසින් තිබුණේ තරමක් විශාල බිත්ති කබඩයකි. එයට උඩින් දමා තිබූ බතික් තිර රෙද්ද යාන්තමට මාගේ පැත්තකට ගොස් තිබූ නිසා මම එය දැක්කෙමි. එසේ නොවී තිබුණා නම් මා එය දකින්නේ නැත. මේ බිත්ති කබඩය තුළ මොනවා තිබෙන්නට පුළුවන්ද..? සිත සිතා සිටීමට මා කාලයක් ගත්තේ නැත. රිදී ගාංචුවකින් හැඩ දමා තිබූ හැඩලයෙන් මම හෙමින් සීරුවේ ඇද්දෙමි. මා සිතා සිටි පරිද්දටම බිත්ති කබඩය අගුලු ලා තිබුණේ නැත. ඇරුණු කබඩය තුළින්, මා දැකි දේවල් මගෙ සිත මොහොතකට ගල්බීත කර දැමිය. දෙවියනේ මේවා සියල්ලම මෙතැනට පැමිණියේ කෙසේද..? මට දෑස් අදහාගැනීමටත් බැරිවිය.

    මා පූර්ණිමාට ගත් උපන්දින තෑග්ගත්, මා පාවිච්චි කල තීන්ත අඩක් පමණ ඉවර වූ පෑන් කිහිපයකුත්, මා ළග තිබූ ඩේ කාඩ් කිහිපයකුත්, මා චිත්‍ර අදින පින්සල් දෙකකුත්, මා විසින් ඇදි බතික් සිතුවම් විශාල ප්‍රමාණයකුත්, තවත් අනේක වර්ගයේ කුඩා විසිතුරු බඩු රාශියකුත් එහි විය. ඒ සියල්ලටම වාගේ එහායින් තිබූ කුඩා පාර්සලය දැක මගේ දෙනෙත් තෙත් වී ගියේය. මේ පූර්ණිමා විසින් මට දීමට ගනු ලැබූ තෑග්ග විය හැකිය. එය නැති වූණා යැයි ඇය මා සමග කියුවා නොවේද.? එසේ නම් මේ සියලු දෑම සොරකම් කර තිබෙන්නේ දිනූකා මිස්ය. එහෙත් ඒ ඇයි..? මේ තරම් සුලු දේවල් හොරකම් කර ඇය ලබතා තෘප්තිය කුමක්ද..?

    මා සිටියේ කිසිවක්ම අදහාගත නොහැකිවය. තවත් මා මේ කාමරය තුළ සිටියෝතින් කුමන ආකාරයේ දේවල් දකින්නට ලැබේවිදැයි කියන්නට බැරිය. හැකි ඉක්මනින් මා මෙතනින් පලා යා යුතුය. තවත් මෙතැන රැදී සිටීමෙන් වන්නේ මා පිස්සෙකු වන එකය. දැනට විනාඩි ගණනකට කලින් සිතට දැනුණු අසීමිත සැනසීම නැතිවී යද්දී කුමක් කළ යුතුදැයි නිනව්වක් නැතිව මම ඔහේ බලා සිටියෙමි.

    සවස දිනූකා මිස් ආ පසු මා ඇයට මුහුණ දෙන්නේ කෙසේද..? ඇයගේ රහස් ගබඩාවෙන්, රහස් විශාල ප්‍රහාණයක් දැනටමත් මා දැනගෙන අහවරය. දැන ගැනීමට ඇත්තතෙවත් ඉතා සුලු ප්‍රමාණයක් වනු ඇත. මින් ඉදිරියට මා ඇය හා කෙසේ හැසිරෙන්නද..? මා බොහෝ දේ දන්නා බැව් ඇයට ඇගවිය යුතුද..?

    "කාංචන..."

    මම උඩ විසි වී ගොස් බිම වැටුණෙමි. තත්පර ගණනාවක් යනතුරු මට සිහි එළවා ගැනීමට හැකියාවක් තිබුණේ නැත. ඒ කටහඩ ආවේ කොහින්ද..? වික්ෂිප්ත වූ දෑසින්මම කාමරයට ඇතුලු වූ විවරය දෙස බැලුවෙමි. කිසිදු හැගීමක් නැති දෑසින් හා තද කර පියාගත් දෙතොලින් යුක්තව මදෙස බලා සිටියේ දිනූකා මිස්ය. දෙවියනේ ඇය මාව අදම මේ රැකියාවෙන් අස්කර දමනු ඇත. කාමරයේ හැඩ වැඩ බලා නොසිට මුලින්ම දැනගත්තේද ආරක්ෂා කරගෙන මා මෙතනින් පිටව නොගියේ ඇයි..?

    Mathusambandai.gif

     

    blue_in_rio

    Well-known member
  • යකෝ මේක ලව් සීන් එකක්ද, නැත්නම් ෂර්ලොක් හෝම්ස් කතාවක්ද ? :confused::confused: ඉක්මනට ඉතුරු ටිකත් දාපන්.... :oo::oo: දැන්නම් කුතුහලයේ උපරිම තලේ ඉන්නේ...... :baffled::baffled::baffled::baffled:
     

    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    Cover-16.jpg


    16.png


    "කවුද මගේ කාමරේට එන්න කිව්වේ..?"

    ඒ කටහඩේ කිසිදු තෙතමනයක් තිබුණේ නැත. මෙතැන් සිට ඇයගෙන් මා හට කිසිදු බුරුලක් නොලැබෙනු ඇත. උදේ වරුවේ දිනූකා මිස් වෙතින් දකින්නට ලැබුනු මිත්‍රශීලී බව මෙයින් පසුව දිය වී යනු ඇත. දෙවියනේ මා ඒ ගැන නොසිතුවේ ඇයි..? තමා තුළ ඇති ප්‍රබල රහස් ගොන්නක් එළිදරව් වූ විට ඒ පුද්ගලයා මානසිකව කඩා වැටීම හෝ වියරු වැටීම අනිවාර්යෙන්ම සිදුවන දෙයකි. ඇය මේ අවස්ථාවේ සිටිනේනේ ඉන් කුමන පැත්තේද සිතා ගැනීමට මට පුළුවන් කමක් තිබුණේ නැත.

    "මොකද කතා කරන්න බැරි..? කටේ පිට්ටුද..? ආ..."

    ඇය දෙස නොබලා සිටින්නට මම උත්සාහ කෙරුවෙමි. ළගට විත් හෝ හොදවැයින් කම්මුල් පාරක් දෙකක් තුනක් දී මා මේ පීඩනයෙන් ගලවා දමනවා නම් හොදය. එසේ නොමැතිව උසාවියක ප්‍රශ්න අසනවා සේ ප්‍රශ්න අසා මාව අසරණ කරන්නට හදන්නේ ඇයි..? එයින් සිදුවන්නේ මා තවත් ගොලුවන එකය. ඒ බව ඇය නොදන්නීද..?

    "කාංචන.. මේ මම අන්තිම පාරට අහන්නේ..? කවුද මගේ කාමරේට එන්න කිව්වේ..? ඒ ඇවිත් මගේ දේවල් ඇදලා දාන්න කිව්වේ.."

    දිනූකා මිස් හෙමින් සීරුවේ මට ලංවෙයි. කුමකින් කුමක් වෙයි දැයි යන බියෙන් මම ගල් ගැසී සිටියෙමි. මා වීරයා සේ මේ කාමරය තුළට ආවා වගේ නොව කර ඇති වැරැද්දේ බරපතලකම මට වැටහෙන්නේ දැන්ය. මා මේ කර ඇත්තේ කෙනෙකුගේ පෞද්ගලිකත්වය අමු අමුවේම හූරාගෙන කෑමය. සමහර විට දිනූකා මිස් මේ රහම තම ජීවිත කාලය පුරාම රැක ගන්නට සිතාගෙන සිටි එකක් වන්නට ඇත. එහෙත් එකී රහස මා වැනි දුපප්ත අසරණයෙකු අතට පත්වීම ඇයට කෙසේවත් ඉහිලුම් නොදෙන කාරණයක් වන්නට ඇත.

    "ම.. මට සමාවෙන්න මිස්.. දෙයියන්ගෙ නාමෙට මට සමාවෙන්න.. මං හිතලා, ප්ලෑන් කරලා මේ කාමරේට ආවා නෙමෙයි. මේක අහම්බෙන් වෙච්ච දෙයක්.. මං මේක දැක්ක දේවල් කටවත් කියන්නෑ කියලා මං ඕන තැනක දිව්රන්නම්. අනේ මිස් මගේ රස්සාව නම් නැති කරන්න එපා.. මං මේකට ඕන දඩුවමක් විදින්නම්."

    "රස්සාව නැති කරන්න..?"

    දිනූකා මිස්ගේ දෑස මහත් පුදුමයකින් විසල් විණි. ඒ රූමත් මුහුණ මැදට ආවේ සිතා ගැනීමට නුපුළුවන් සංවේග ජනක හැගීමකි.

    "මං... මං.. ඇයි ඔයාගෙ රස්සාව නැති කරන්නේ..? ඇයි ඔයා මං ගැන ඔහොම හිතන්නේ..? මං කවදාවත් කරන්නැති දෙයක් ගැන ඇයි ඔයා ඔහොම කතා කරන්නේ..?"

    දිනූකා මිස් හා මා අතර පරතරය වැඩිම උනොත් අඩියක් පමණ වන්නට ඇත. මා සිටින්නේ ඇදේ වාඩිවී ගෙනය. ඇය සිටියේ සිටගෙනය.

    "ම.. මං කෙරුවෙ විසාල වැරැද්දක් මිස්.. ඒක හින්දා මං ගැන තීරණයක් ගන්න මිස්ට අයිතියක් තියෙනවා.."

    "ඔයා ගැන තීරණයක් ගන්න මට අයිතියක් තියෙනවා නම්, ඒ ගැන මං තරම් ලෝකෙ වෙන කවුරුත් සතුටු වෙන එකක් නෑ කාංචන.."

    දිනූකා මිස්ගේ වතෙහි දකින්නට ලැබුණේ දැඩි වෙහෙසකාරී බවකි. මෙතනින් පිටව ඔෆිස් කාමරයට යනවාද, එසේත් නැතිනම් තවත් ඩිංග වෙලාවක් හෝ මෙතනට වී සිටිනවාද කියලා මගේ හිත මහා ගැටලුවකට මැදි වී තිබිණි. එහෙත් බොහෝ දේ අහම්භයකින් දැන ගැන්මට ලැබුණු අවස්ථාවකදී, ඒවාට හේතුත්, ඒ සමග දැනගන්නට ලැබෙනවා නම් මොන තරම් හොදද..? මම දිනූකා මිස්ගෙ මුහුණ දෙස කෙලින්ම බැලුවෙමි. ඇයගේ දෙනෙතද තිබුණේ එක එල්ලයේම මා වෙත රදවාගෙනය.

    "ඇයි මිස් එහෙම කියන්නේ..? මිස් ඔහොම හිතනකොට මට හුගාක් දුකයි. මගේ ගැන තීරණයක් ගන්න මිස්ට අයිතියක් නැත්නම් වෙන කාටද තියෙන්නේ..? මං ඉන්නෙ වැඩ කරන්නෙ මිස්ගෙ යටතෙ.. මිස්ට පුළුවන් ඕනම තීරණයක් ගන්න. අනික පහුගිය දවස් වල මිස් වැඩ කෙරුවෙ එහෙම හිතාගෙන නෙමේද..? අර ඔෆිස් කාමරයෙ තියෙන හැම බාන්ඩයක් වගේම, මාවත් අජීවි දෙයක් විදියට හිතලනේ මිස් වැඩ කෙරුවේ.. හුගක් වෙලාවට මං මිස්ට බිංදුවක්වත් වැරැද්දක් කරලා තිබ්බෙ නෑ. ඒත් මං මිස්ගෙන් පලු යනකන් බැනුම් ඇහුවෙ මේ ලෝකෙ ඉන්න ලොකුම වැරදිකාරයා වගේ. ඔෆිස් කාමරයෙන් එළියට යන හැම වෙලාවකදිම මං මිස්ගෙන් අවසර ගත්තා. ඒ අතරෙත් මායි, මිසුයි අතරෙ කොයි තරමි හිත රිද්ද ගැනීම් වුණාද..? වැඩිය ඕන්නෑ.., මං ඔෆිස් වෙලාවෙන් පස්සෙ යන එන ගමන් බිමන් වලටත් මිස් එබිලා බැලුවා. මට තර්ජනය කරා. මං ඒ හැම දෙයක්ම ඉවසන් හිටියා. මිස් දන්නෑ නේද ඒ ඇයි කියලා.. ඇත්තමයි මිස්.. මං ඉස්සෙල්ලා කිව්වත් වගේ මං හිතාන හිටියෙ මගේ හැම දෙයක්ම පාලනය කරන්න මිස්ට අයිතියක් තියෙනවා කියලා. මුලදි මුලදි මං ඒ දේට අකමැත්තෙන් හිටියත්. මේ වෙනකොට මිස් කැමති විදියට මං හැඩ ගැහිලා ඉවරයි. මාත් මනුෂ්‍ය ශරීරයක් දිනූකා මිස්... රොබෝ කෙනෙක් නෙමෙයි.. මිස් ඔහොම කතා කරනකොට මට හරියට දුක හිතෙනවා.."

    "අ.. අනේ ඔහොම කතා කරන්නෙපා.. ප්ලීස්... මට තවත් මේවා දරාගෙන ඉන්න බෑ..."

    මෙතුවක් වේලා මදෙසට එල්ල වී තිබූ නිල්මහනෙල් දෙනෙත් බිමට හැරවිණි. ඇය සිත ඇතුළෙන් මහා විසාල ප්‍රමාණයේ සටනක් කරනා බැව් පැහැදිලිවම දකින්නට ලැබිණි. එහෙත් ඇය සටන් කරන්නේ කා සමගද..? කුමක් සදහාද යන්න ගැන මම දැන නොසිටියෙමි..

    "කතා නොකර ඉන්න තියෙනවා නම් හුගක් හොදයි මිස්.. ඒත් මේ සිද්ධ වෙන දේවල් මනුස්ස ශරීරයක් තියෙන කෙනෙක්ට දරාගන්න අමාරුයි. ඒත් ඉතින් මිස් අර කලින් කිව්වා වගේ මං අමුනුස්සයෙක් හන්දා මේවා ඒ තරම් ගාණක් නෑ කියලා මිස්ට හිතෙනවා ඇති."

    "කාංචන...? මොනවද මේ කියවන්නේ..?"

    "කියවන්න නම් හුගක් දේවල් තියෙනවා මිස්.. ඒත් හැම දයෙක්ම මං දරාගෙන හිටියෙ ඇයි කියන්න මංවත් දන්නෑ.. මං මේ ඔෆිස් එකට ආපු මුල්ම දවසෙ ඉදලා සිද්ධ වෙච්ච දේවල් ගැන පොත් දහයක් උනත් ලියන්න පුලුවන්. අනික අද දවසෙ, උනත් මගේ අතින් සිද්ධ වුණේ මහ විසාල වැරැද්දක් උනත්, මං දැකපු දේවල් මට උහුල ගන්න බෑ.."

    එතැන් සිට ගෙවී ගියේ නිහැඩියාවේ මහා සම්මත කාල වේලාවයි. මමත් දිනූකා මිසුත් ගොලු කසාය බිව් ගොලුවන් සේ ඔබේ බලාගත් අත බලා සිටයෙමු. මෙච්චර දේවල් මා ඇයට කියද්දීත් දිනූකා මිස් නම්, මා හට කිසිවක්ම කියනා පාටක් නැත. ඇත්තටම තවත් දුරට මෙතැන රැදී සිටීමෙන් මට අත්වන සුගතියක් නැත. වෙනවා නම් වෙන්නේ ඔලුවට දැනෙන මේ පීඩනයෙන් මා පිස්සෙකු වන එකය. පිස්සෙකු වී මුලු ජීවිතයෙන්ම විදවනවාටවඩා පුලුවන් තරම් ඉක්මනට මෙතැනින් ඉවත්ව යන එක ඇගට ගුණය.

    "ම... මං එහෙනම් යන්නද මිස්...?"

    ඒ ප්‍රශ්නය අසන්නට මා වින්ද අමාරුව ගැන හිතද්දී, එය නෑසුවා නම් හොද යැයි මට සිතිණි. මක් නිසාද යත් මගේ අමාරුව කෙසේ වෙතත් ඉන් දිනූකා මිස් තුළ ඇති වූ කැළඹීම මට මහා පසුතැවිල්ලක් වූ නිසාය. ඇයව යාන්තමින් හෝ අපහසුතාවයකට පත් කරන්නට මගේ සිත අකමැතිය. එහෙත් වෙනදා මෙන් අදද මට නික්ම යාට සිදුව ඇත්තේ මේ කිසිම දෙයක් නොදැනය. එසේත් නැතිනම් කිසිම දෙයකට හේතුව නොදැනය.

    "ඇයි කාංචන යන්නේ..?"

    මා මෙතුවක් කිසිදාක නෑසූ අහිංසක ගැහැණු කමක් ඒ වචන වලට උරාගෙන තිබිණි. ඇය මෙන්න මේ ආකාරයෙන් කතා කරනවා නම් කොයි තරම් හොදද..? එයින් මේ දුප්පත් අසරණයාගේ සිත මොන තරම් සැනසෙනවාදැයි සමහර විටක ඇය නොදන්නවා විය හැකිය.

    "මිස් කියන්නෙ මට මොනව කරන්න කියලද..?"

    "කාංචන ඔය කතා කරන්නෙ මගෙත් එක්ක තරහෙන් නේද..?"

    "අනේ නෑ මිස්.. මං එහෙම ඇහුවේ ඇත්තටම කරන්න ඕන දේ දන්නැති හින්දා. එහෙම නැතුව මිස් ගැන අහිතක් හිතලා නෙමෙයි. අනික මං මිස් එක්ක කවදාවත් තරහා වෙන්නෙ නෑ.. අ.. අපි යාලු වුනෙත් අදනේ.."

    සියමැලි කොපුල් තල මගේ කතාවෙන් රත් පැහැ ගැන්විණි. නියම ගැහැණියකගේ අවිහිංසක ගති ලක්ෂන ඇය වෙතින් මතුවන මේ වේලාවේ මම ඉතා ආසාවනේ ඒ දෙස බලා සිටියෙමි..

    "ම.. මං මෙතනින් වාඩි වෙන්නද..?"

    මා වාඩි වී සිටි ඇද පෙන්වා දිනූකා මිස් ඇසුවාය. ඇයත් අහන්නේ මාර ප්‍රශ්නය. පොල් පරාල පයින් යනවා කියන්නෙ මෙන්න මේවාට විය යුතුය. කාමරයත් ඇගේමය. මා ඇතුලු සියලු ජීව අජීව වස්තූන් වලත් අයිතිය ඇගේය. එහෙම තිබියදී ඇදෙන් වාඩි වෙන්නදැයි ඇය මගෙන් අසයි.

    "මිස්ගෙ තැනක වාඩිවෙන්න මිස්ට කාගෙන්වත් අවසර ගන්න ඔන්නෑ.. මිස්... අනික ඉතිං..."

    "ඔව් කියන්න කියන්න... මග නතර කරන්න එපා..."

    "අනික ඉතින් මට ඩිංගක් එහායින් මිස් වාඩිවෙන එක මගේ හිතට මොන තරම් සතුටක්ද..?"

    මා කියූ දේට මිස් කිසිවක්ම කිව්වේ නැත. කිසියම් වූ නොපැහැදිලි ආකාරයේ මද සිනාවක් ඒ රත් දෙතොල් මත සටහන් වී තිබිණි. මගෙන් ඇසුවා වගේම, ඇය ඇද මතින් වාඩි වූවාය. මේ සිදුවන්නට යන්නේ මොනවාද..? කාර්යාලයේ සේවක සේවිකාවන් බොහෝ දෙනෙකුත්, මැණික්දිවෙල මහතාත් බරට බරේ වැඩෙහි යෙදෙන අතර මාත්, දිනූකා මිසුත් තනිවම මේ කාමරය තුලය.

    කිසියම් අපූර්ව ආකාරයෙ රහසක් මගේ සිතට දැනෙමින් තිබූ අතර මේ කාමරයෙන් යා යුතු යැයි මගේ සිතට දැනී තිබූ හැගීම මේ වන විට නැතිවීම ගොස් තිබිණි. ලෝකයේ කුමක් සිදුවුවත්, කවුරුන් අප ගැන සොයා බැලුවත් මා දිනූකා මිස් ළගට වී සිටිය යුතුය. සමහර විට මෙවැනි අවස්ථාවක් ලැබෙන්නේ ජීවිතයට එකම එක වරක් විය යුතුය. සුරංගනාවියක් බදු මෙවැනි කුමාරිකාවන් ළගින් මෙසේ සිත සැනසිල්ලෙන් වාඩි වී හිදීමට ලැබෙන අන්තිම අවස්ථාවද මෙය විය හැක.

    "කාංචන.. මගෙත් එක්ක තරහද...?"

    ඇය එවැනි ප්‍රශ්නයක් මේ මොහොතේ අසාවියැයි මම කිසි විටෙක නොසිතුවෙමි. සමහර විට ඇය කතාව පටන් ගැනිමට කුමන ආකාරයේ හෝ මගක් හොයනවා විය යුතුය. මම ඇයට දිරියක් වීමට සිතාගත්තෙමි. ඇයගේ මේ හැසිරීමට හේතුව මට පහදා දෙනවා නම්, ඇය වෙනුවෙන් ඕනෑම කැප කිරීමක් කිරීමට මම පසුබට නොවමි.

    "මට මිස් එකක් තරහා වෙන්න බෑ..."

    "ඇයි ඒ...?"

    "ඒක හරියට මූණත් එක්ක තරහා වෙලා, නහය කපා ගන්නව වගේ වැඩක්.. රිදෙන්නෙත් මටමයි.."

    "මටත් වෙලා තියෙන්නෙ ඕකමයි.."

    අනතුරුව තවත් විනාඩි ගණනක හරි අපූරු නිහැඩියාවත් ගෙවී ගියේය. කුමක්දෝ ලොකු කතාවක් කියන්නට දිනූකා මිස් අර අදිනා බව පැහැදිලිය. ඇය සිත ඇතුළෙන් මහත් සටනක් කරනා බැව් මට හොදින්ම දැනේ. ඇයගේ සිතේ ඇති මේ බර මගේ සිත උඩින් තබන්නට කියා කියන්නටද මට සිතෙයි. එහෙත් මා එසේ කියන්නේ කෙසේද..? ඇය මගේ ස්වාමි දුවය. සුරංගනාවක බදු වූ ස්වාමි දුවය.

    "කාංචන අර ෆොටෝ එක දැක්කද..?"

    හිටි හැටියේම ඇය මා මුලින් දැකි ඡායාරූපය දෙසට අත දිගු කළාය. එහි ඉන්නේ මා වැනි පුද්ගලයෙකි. මගේත්, ඔහුගේත් තිබු සමානකම මතක්වෙද්දී මම හදවත ඇතුළෙන් හිරි වැටී ගියෙමි.

    "ඔව් මිස්.. මේ කාමරේට ඇතුල් වුණ ගමන්ම මං දැක්කෙ ඒක.. හරි පුදුමයි.. හරියට නිකං මගේම නිවුන් සහෝදරයකේ වගේයි.. පුංචි පුංචි වෙනස්කම් ටිකක් ඇරුණාම අපි දෙන්නා ළගින් තිබ්බොත් කාටවත් අදුනගන්න බැරිවෙයි.."

    සිතේ අහිතකින් තොරව මම කීවෙමි. ඇත්ත කතාවද එයමය. ඔහුත් මාත් එක තැනක තිබ්බොතින් මගේ අම්මාට වුවද පැහැදිලි ගැටලුවක් පැන නගිනු ඇත.

    "මට මේ දේවල් හැම එකක්ම ඔයාට කියන්න තිබුණේ, මං ඔයාව දැකපු මුල්ම දවසේ. මං දන්නවා, මං හොදට දන්නවා කාංචන මං ගැන හිතන් ඉන්නේ, මං කිසිම හිතක් පපුවක් නැති ගෑනියෙක් කියලා.. මනුස්සයෙක්ගෙ දුකක්, වේදනාවක් නොතේරෙන කෙනෙක් කියලා. ඒත් දෙයියනේ මං වින්ද වේදනාව ගැන දන්නෙ මගේ හිත විතරයි. ඔයාව දැකපු පළවැනි දවසෙ මං හොදටම ගැස්සුනා. මට දැනුණෙ මගේ ඇග පණ නැතුව ගියා කියලා.. ඔයත් හරියට 'ප්‍රසාද්' වගේමයි කාංචන. ඇරපු අතක් නෑ.. ඒ ගමන, ඒ කතාබහ, ඒ හැඩරුව, ඒ හිනාව හැම එකක්ම පුදුම තරම් සමානයි.. මට.. මට හිතාගන්න බැරිවුණා මං මේ දකින්නෙ හීනයක්ද කියලා.."

    මම හූමිටියක්වත් නොතබා ඇය කියන්නක් අසාගෙන සිටියෙමි. ප්‍රසාද් ඇයගේ කවරෙකු වියහැකිදැයි සිතා ගැන්මට මම වෑයම් කලෙමි.

    "ඔයාට මං ප්‍රසාද් ගැන කියන්නම්.. ප්‍රසාද් මට ලංවුණේ මංවත් හිතපු නැති විදියට. එයා හම්බෙනකං මං ආදරේ ගැන අහල තිබුණට, දැකල තිබුණට, කියලා තිබුණට මං කාටවත්ම ආදරේ කරලා තිබුණෙ නෑ. බොයිස්ල මහ හුගක් මගේ පස්සෙන් ආවත් මං මගේ ආදරේ පරිස්සම් කරලා තියාගත්තා. ඒ මේ ලෝකෙ ඉන්න අහිංසකම කොල්ලා හම්බවෙනකන්, මගෙ ආදරේ දෙන්න.. මං එහෙමයි හිතන් හිටියෙ.. ආදරේ කියන්නෙ පුදුම තරම් පිවිතුරු දෙයක් කියලා මං විශ්වාස කලා.."

    ඇය වැනි සද දෙව්දුවකගේ මුවින් ආදරේ ගැන මේ තරම් සංවේදී හැගීම් ගිලිහෙනා මොහොතේ සුරංගනා කතාවක් අසා සිටිනා පුංචි එකෙකු සේ මම ඇය දෙසම බලා සිටියෙමි.

    "ප්‍රසාද්ව දැකපු මුල්ම දවසෙ ඉදලා මං එයාට ආස කෙරුවා. ආදරේ කෙරුවා. මං පන්න පන්නා එයා ගැන හොයන්න ගත්තා.. මං පුදුම විදියට එයාගෙ පස්සෙන් යන්න ගත්තා. ඒ හැමදේම සිද්ධ වුණේ, මං ප්‍රසාද්ට මගේ ජීවිතේටත් වැඩිය ආදරේ කරපු නිසා. අන්තිමේදි ප්‍රසාද් දැනගත්තා, එයා නැතුව මට ඉන්න බෑ කියලා.. එයා නැතුව මට ජීවිතයක් නෑ කියලා.. ඔයා දන්නවද කාංචන.. මං ප්‍රසාද්ට සල්ලි කොයි තරම් දීලා තියෙනවද කියලා.. ලක්ෂ ගානක්.. මං හිතන විදියට කෝටියකට කිට්ටු වෙන්න ඇති.."

    "කෝටියක්..?"

    මට හුස්ම ගන්න පවා අමතක විය... දෙවියනේ.. එසේ නම් ආදරයකදී මිල මුදල් ගැන නොසිතනවා කියන්නේ ඇත්තය. එහෙත් ඒ අරමුණින් දිනූකා මිස් බලාපොරොත්තු වූ ආදරය, සැනසීම ඇයට ලැබුණාද..? එය මට තවත් ටිකකින් ඇයගෙන්ම අසා දැනගැනීමට හැක.

    "ඔව්.. ඒ වගේ ගානක් මිස ඊට අඩු නෑ.."

    "ඉතිං ඇයි මිස් එයාට සල්ලි දුන්නේ..?"

    "ආදරේ වැඩි හිංදා කාංචන.. මගේ මුළු ලෝකෙම පිරිලා තිබුණෙ එයාගෙන්. එයා කියන හැම වචනයකම, හැම අකුරකම මං දේවත්වයෙන් විශ්වාස කලා. ඒත්.. ඒත් අන්තිමේදි...."

    ඇය කතාව නවතා මදෙස බැලුවාය. ඒ සොදුරු දෑසේ මහ වේදනාවක මං සලකුණු අඩුවක් නැතිව තිබිණි. ඇය මේ පිටකර, දියකර හරින්නට හදන්නේ එකී වේදනාවෙන් අංශු මාත්‍රයක් හෝ විය යුතුය.

    "කියන්න මිස්... මං අහගෙනයි ඉන්නේ.. අද රෑ වෙනකන් උනත් මං මිස් කියන දේ අහන් ඉන්නවා.."

    "මේක ඒ තරම් දිග කතාවක් නෙමේ කාංචන.. කතාව පුංචියි.. ඒත් වේදනාව මහ මෙරක් වගේ.."

    "පුංචි උනත් ලොකු උනත් කමක් නෑ.. මිස් කතාව කියන්න.. අපි ඊට පස්සෙ තීරණේ කරමු මොකද කරන්නෙ කියලා...?"

    මගේ කතාවෙන් ඇය දිරි වඩා ගත්තා විය යුතුය. නැවතත් ඇදෙහි හරි බරි ගැසී ඇය කතාව පටන් ගත්තාය.

    "අන්තිමේදි ප්‍රසාද් මාව රවට්ටලා තිබුණා. මං හීනෙකින්වත් හිතුවෙ නෑ එයා ඒ වගේ පහත් වැඩක් මට කරයි කියලා.. එයා තවත් ගෑනියෙක් එක්ක එකට ඉන්නවා මට අතටම අහුවුණා.."

    ඇයගේ කටහඩ වඩාත් දුක්බර විය. තමා හදවතින්ම ප්‍රේම කළ තැනැත්තා වෙනත් ගැහැණියකගේ තුරුලේ නැලවෙනු දැකීම තරම් ගැහැනියකට වෙනත් දුකක් තිබේද..? එය ඉවසාගෙන සිටිය හැකිද..?

    "එහෙම වෙලත් මං ප්‍රසාද්ට සමාව දුන්නා.. ආයෙ ඒ වගේ දේවල් කරන්නෙපා කියලා.. ඇතත්ටම ප්‍රසාද් ඊටත් වැඩිය පහත් වැඩ කලත් මගේ හිතේ තිබ්බ ආදරේ හින්දා ඉවසන් හිටියා. මගේ හිත විශ්වාස කෙරුවෙම ප්‍රසාද් නැතිවුණොත් මං මැරෙයි කියලා.. අන්න ඒ සිතුවිල්ලට මං හුගක් බය වුණා."

    "ආදරේ කොයි තරම් තිබ්බත් මිස්ට තිබ්බෙ එදාම එයාගෙන් අයින් වෙන්න. දෙකට නැමිච්ච කඩදාසියක් ආයෙ දිග ඇරලා නැමුවත් නැමෙන්නෙ ආයෙ නැමිච්ච තැනින්මයි.. මිස්... ඒක අලුත් තැනකින් නැමෙන්නෑ.."

    "ඔයා මොනවා කිව්වත් ආදරේට ඔය ඔක්කොම යටයි කාචංන.. ඔයා දවසකට හරි ගෑනියෙකුට ආදරේ කරලා තියෙනවා නම් ඔයාට තේරෙයි.."

    දිනූකා මිස් කෙලින්ම මදෙස බැලුවාය. ඒ දෑසේ සැගවී තිබූ දහසකුත් එකක් දේවල් අතර ආදරය පිලිබද හුරු පුරුදු දේවලුත් ඇති බැව් දිව්රා කියන්නට මට පුලුවන. එහෙත් ආදරයට සදාතනික කෝඩුකාරයකු වූ මා එසේ කියන්නේ කාටද..? දිනූකා මිස්ටද..? එසේ වුවහොත් ඇය මට සිනාසෙනු ඇත. ඇයගේ කතාන්දරය අස්සේ මා බයිලා ගසනවා කියන්නට පුලුවන.
     
    Last edited:

    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    "ප්‍රසාද් මොනවා කෙරුවත් මං එයාව දාල යන්නෑ කියන දේ එයාට තේරිලා තිබුණා. මං එයා ගැන හිතලා අනන්ත වාරයක් දුක් විදිද්දි එයා තවත් ගෑනු එක්ක දිගින් දිගටම සතුටු වුණා. මට ඒවා ආරංචි වුණාම මං ඒ කකුල් ළග වැද වැටිලා ඇඩුවා. ඇයි මට මෙහෙම කරන්නෙ කියලා.. මං ඔයාට කොයි තරම් ආදරේද කියලා... ඒත් ප්‍රසාද් සත පහකටවත් මගේ වචන ගනන් ගත්තෙ නෑ.."

    "එයා මහ පහත් මනුස්සයෙක් නේ මිස්..."

    "ඔව්.. ඔයා හරි කාංචන.. එයා පහත් මනුස්සයෙක් තමයි.. ඒත් එයාට එහෙම කරන්න පුංචි හේතුවක් තිබුණා.."

    "ඒ මොකක්ද..?"

    "ප්‍රසාද්ට මං මොන දේ දුන්නත්, කෙල්ලෙකුට තියෙන්න ඕන පිරිසිදුකම මං එයාට දුන්නෑ.. මැරි කරන්න කලින් එයත් එක්ක එකට ඉන්න ඕන කමක් මට තිබුන්නෑ. එයා ඒ ගැන හුගත් තරහින් හිටියේ. එයා නිතරම කිව්වෙ අපි එන්ජෝයි කරන්න ඕනෑ. සෙක්ස් පැත්ත නැත්තන් ගෑනියෙක්ගෙන් වැඩක් නෑ කියලා. එයා මට කීප සැරයක්ම බල කලා හොටෙල් වලට යන්න. ඒත් මං ගියේ නෑ. ආදරේට පිස්සියක් වගේ වහල් වුනාට, මං ආශාවල් වලට වහල් වෙන කෙල්ලෙක් නෙමෙයි කියලා එයා හොදටම තේරුම් ගත්තා.."

    මට දිනූකා මිස් ගැන දැනුණේ ආඩම්බරකමක් සමග මුසු වූ භක්තිමත් හැගීමකි. ඇය වැනි සොදුරු ජේත්තුකාර තරුණියක් යුවතියකගේ පිරිසිදුකම ගැන අභිමානයෙන් කතා කිරීමත්, ඇයම එහි උදාහරණයක් බවට පත්වීමත් කොතරම් අගනේද..?

    "ජීවිතේ ගැන උපරිම බලාපොරොත්තු මගේ හිතට දීලා, ආදරේ අයනු ආයන්න මගෙන් අරගෙන, අන්තිම තත්පරේදි කිසිම හිතක් පපුවක් නැතිව ප්‍රසාද් ඒ හැමදේම බිදලා දැම්මා.... එයා මාව දාලා ඉන්ග්ලන්ඩ් යද්දි මං පිස්සියක් වගේ ඒ කකුල්වල එල්ලිලා ඇඩුවා. මාව දාලා යන්නෙපා කියලා සිය දහස් පාරක් මං බැගෑපත් වුණා. ඒත්, මහ පිස්සු වාතයක් කියලා මිනිස්සු ඉස්සරහ මට කැත විදියට හිනාවලො, මට පුළුවන් හැම විදියටම අපහාස කරලා ප්‍රසාද් යන්න ගියා. ඒ සිද්ධ වෙච්ච දේවල් ගැන අදටත් මගේ හිතේ තියෙන්නෙ තරහක්.."

    "මැණික්දිවෙල සර් මේ ගැන දන්නවද..?"

    "තාත්තිට හැමදේම ආරංචි වෙලා තිබුණා. තාත්ති හැමදේම හොයගෙනත් තිබුණා. අන්තිමේදි තාත්තිගෙ මිනිස්සු දවසක් ප්‍රසාද්ට හොදටම ගහලා තිබුණා. තාත්ති හැදුවෙ මට දීපු ගින්දරට ප්‍රසාද්ව මේ ලෝකෙන් අයින් කරලා දාන්න. ඒත් ඒ දේ කරනවට මගේ හිත ඩිංගක්වත් කැමති වුණේ නෑ. මොන ජරා වැඩේ කරා උනත් මං ඉස්ඉස්සෙල්ලාම ආදරේ කෙරුවෙ ප්‍රසාද්ට. මිනිහා කොයි තරම් කැත මිනිහෙක් වුණත් මං අන්තිමට ප්‍රසාද්ට සමාව දුන්නා.."

    "ඊට පස්සේ..?"

    "සම්බන්ධෙ නැත්තටම නැතිවුණා කියලා හරියටම දැන ගත්තට පස්සෙ තාත්ති මගෙන් ඇහුවෙ නෑ මුකුත්ම. ඒත් ප්‍රසාද් කියන්නෙ කවුද කියලා තාත්ති හරියටම හොයාගෙන තිබුණා. ප්‍රසාද් කියන්නෙ මර්ජුවානා කියන ඩ්‍රග්ස් වර්ගයට පුරුදු වෙච්ච කෙනෙක්. මගෙන් ගත්තු හැම සතයක්ම එයා වියදම් කරලා තිබුණේ ගෑනුන්ටයි, ඩ්‍රග්ස්වලටයි. කොහොම හරි තාත්තිගෙ මිනිස්සුන්ගෙන් හොදටම ගුටි කාලා මාස දෙකකට විතර පස්සෙයි ප්‍රසාද් ඉන්ලන්ඩ් ගියේ.."

    "එතකොට මිස්, ප්‍රසාද් ළග ඇඩුවයි කිව්වේ..?"

    "ඔව්.. එයා ඉන්ග්ලන්ඩ් යන්න දවස් දෙක තුනකට කලින්.. මමම ගියා ප්‍රසාද්ව හම්බවෙන්න. ඒත් මිනිහා මාව දැක්ක හැටියෙම පන්න ගත්තා. වටපිටේ මිනිස්සු මහ හුගක් හිටියත්, මං ප්‍රසාද් ඉස්සරහ ඉන්ගලන්ඩ් යන්න එපා කියලා බැගෑපත් වුණා. ඒත් ඒ වෙනකොට එයා ඩ්‍රග්ස් හොදටම අරගෙනයි තිබුණේ. මට තව කතා කරන්න දෙයක් තිබුණෙත් නෑ.. පුංචි එකෙක් වගේ අඩ අඩා මං ආපහු එන්න ආවා.."

    "ඊට පස්සෙ මිස්ට ප්‍රසාද්ව හම්බවුනේ නැද්ද..?"

    "නෑ.. ඒ තමයි අපේ අන්තිම හමුවීම. එදායින් පස්සෙ මං එයාව දැක්කෙ නෑ කවදාවත්ම.."

    දැන් දැන් දිනූකා මිස්ගේ රූමත් මුහුණේ ඇත්තේ වචනයෙන් විස්තර කල නොහැකි ආකාරයේ දැඩි බවකි. ඉතා සන්සුන් කෝමල ගැහැණු ඉරියව්වක සිට ඒ තරම් දැඩි බවකට එනන්ට නම් මහා විශාල වෛරයක් ඒ හිතේ උපදින්නට ඕනෑය. ඇගේ ඇස්වල තිබූ අසාමාන්‍ය දීප්තියෙන් මම ඒ දෙය තේරුම් ගත්තෙමි. ඇය මේ ඉන්නේ ප්‍රසාද් සමග වෛරයනි.

    "ඊට පස්සෙ මිස්..?"

    "කිසිම දෙයක් වුණේ නෑ.. මගේ ජීවිතේ හොදම කාලේ නාස්ති කරලා දාපු ඒ කාලකණ්නියට මං අදත් වෛර කරනවා කාංචන.. ඔයිට වැඩිය නම්බුකාර විදියට මිනිහට මගෙන් අයින් වෙන්න තිබුණා. ඒත් ප්‍රසාද් හැම තැනම කිය කිය ගිහින් තිබුණා, මිනිහා මට බූට් එක තිබ්බා කියලා. ඒත් මගේ හිත ඒක පිළිගන්න කැමති වුණේ නෑ. ප්‍රසාද් ඉන්ගලන්ඩ් ගියපු දවසෙ ඉදලා ගෙවුන හැම මොහොතකම එයා ගැන මගේ හිතේ තිබ්බ ආදරේ මරාගෙන, ලොකු වෛරයක් ඉපදෙන්න ගත්තා. දවසින් දවස ඒ වෛරය වැඩි වුණා මිසක අඩුවක් නම් වුණේ නෑ.."

    ප්‍රසාද්ගේ ඡායාරූපය දුටු මොහොතේම ඔහු මියගොස් ඇත් නම් කොයිතරම් හොදයිද කියා මට සිතී තිබිණි. එහෙත් එය එසේ සිදුවී නැත. ඔහු දැන් ජීවතුන් අතර සිටියි. එසේම මා සිතුවාටත් වැඩිය අති විශාල ගනුදෙනාවක් ඔහුත්, දිනූකා මිසුත් අතර සිදුවී තිබෙනවා. තව දුරටත් කුමන ආකාරයේ දේවල් සිදුවන්නට තිබෙනවාදැයි මම නොදනිමි. දැවැන්ත වේදිකාවක නිහඩව, නිසංසලව රග දැක්වෙන මෙම නාට්‍යයේ මා හට ඇත්තේ කුමනාකාරයේ චරිතයක්දැයි මම නොදනී.

    "ප්‍රාසාදුයි, මිසුයි අන්තිමට හම්බ වුණාට පස්සෙ මිනිහා ගැන මිස්ට මුකුත් ආරංචි වුණේ නැද්ද..?"

    "ඒ කිව්වේ..?"

    "මිනිහා ඉන්ගලන්ඩ් ගියාට පස්සෙ දැන් මොනවද කරන්නේ, මිනිහා තාමත් ඉස්සර වගේද..? ආයෙත් ලංකාවට ඒවිද.. ඔන්න ඔය වගේ දේවල්.."

    "කිසිම දෙයක් නෑ කාංචන.. මට කිසිම දෙයක් ආරංචි උනේ නෑ. ඒ සමහර විට මං මිනිහා ගැන මුකුත්ම හොයන්න ගියේ නැති හින්දා වෙන්නැති. අනික ඉතිං මගේ ආත්මෙම අන්තිම බිංදුවට පාගලා දාපු මිනිහෙක් ගැන මං තවත් මොනවා හොයන්නද..? මොනව උනත් මං දැන් ප්‍රාර්ථනා කරන්නේ එකම එක දයෙයි. ඒ තමයි ප්‍රසාද් කියන අමුනුස්සයගෙ රූපෙ මගේ ඇස් ඉස්සරහට ආයෙ කවදාවත්ම එන්න එපා කියලා.."

    ඇයගේ කතාවෙන් මගේ සිතට නව පණක් ලැබිණි. ඇය ප්‍රසාද් ගැන ඔහොම සිතනා එකත් මගේ සිතට පුදුමාකාර තරම් සනීපදායක දෙයකි. ඒත් දිනූකා මිස්ට කිය යුතු බොහෝ දේවල් මගේ හිතේ තියේ. ඒ සියල්ලම අදම කියා දාගත්තා නම් හොදය. තවත් පසුවට ඒ දේවල් තබා, මට නැවත කිසිදාක මෙවැනි අවස්ථාවක් නොලැබෙන්නට පුළුවන.

    "කෙහොම උනත් මට නම් හිතෙන එක දෙයක් තියෙනවා දිනූකා මිස්.."

    "ඒ මොකක්ද..?"

    "ප්‍රසාද් එක්ක මිස්ගෙ තිබ්බ රහයි, වෛරයයි දෙකම මිස් පිරමහගත්තෙ අහිංසක මගෙන්.. මෙච්චර ලොකු දෙයක් සිද්ධ වෙලා කියලා හාන්කවිසියක්වත් දැනගෙන හිටපු නැති දුප්පත් කොල්ලගෙන්.."

    මම කියාගෙන ගියෙමි. දිනූකා මිස්ගේ මුවේ ඇදී ගියේ අන්ත අසරණ සිනාවකි. ඒ අසරණකමේ තිබූ අව්‍යාජකමට මගේ සිත ගිනිගත්තේය. නිල් මහනෙල් දෙනෙත පුරා කදුළු පිරෙන්නට ඇසිල්ලක්වත් නොවිය. කියූ වචන ටික යලි යලින් ඇද ගැනීමට බැරිකම හින්දාම මම ඇයගේ දෙනෙතට එබීගෙන බලා සිටියෙමි. දෙවියනේ.. මේ දුක්බර කදුලු කැට පිසදමන්නට පුංචි දුප්පත් කාංචනට ඉඩක් ලැබෙනවා නම්..? ඇයව සනසන්නට මොනවා හෝ කියන්නට මට ඉඩක් ලැබෙනවා නම්..?

    "ඔ.. ඔයා අහිංසකයෙක් කියලා මගේ හිත තේරුම් ගත්තෙ ඔයා මෙහාට ආපු පළවෙනි දවසෙම. ඔයාව දැකපු ගමන් මගේ හිත පිච්චිලා ගියා. දෙවියනේ.. ආයෙමත් ප්‍රසාද් ඇවිල්ලද කියලා මං හොදටම බය වුණා. මට දැනුණෙ මාව නිකං වෙව්ලනවා වගේ කියලා.. ඒත් ඔයා දිහා හොදට බලද්දි මට තේරුණා මේ ප්‍රසාද් නෙමෙයි කියලා. කොහොම හරි විනාඩි ගානක් යද්දී ආයෙත් හොද තත්වෙට එන්න මට පුලුවන් වුණා."

    ඇය වේගයෙන් දිගු හුස්මක් ඇතුළට ඇද ගත්තාය. මේ වේලාවේ ඇයට මා බාධා කළ යුතු නැත. මා දැන් ප්‍රශ්නය අසා අවසන්ය. එසේත් නැත්නම් මේ කතාවට ඇය පොළඹවා අවසන්ය. දැන් ඇත්තේ ආයෙමත් මගේ අසා සිටීමේ වාරයයි.

    "ඒත් දෙයියනේ තාත්ති ඔයාව මගේ ඔෆිස් එක ඇතුලට දැම්මාම, මගේ හිත කොයි තරම් අවුල් වුණාද කියලා කියන්න කවුරුත් මගේ ළග හිටියෙ නෑ. ඔයාව දකින තත්පරයක් ගානෙ මට මතක් වුණේ ප්‍රසාද්ව. ඔයාම හිතන්න මුළු දවස පුරාම ඔයාගෙ ඉස්සරහ ඉදගෙන මං කොයි තරම් විදවන්න ඇත්ද කියලා. ගෙවන හැම විනාඩියක්ම, පැයක්ම, දවසක්ම මං ගතකෙරුවෙ පුදුම තරම් වේදනාවකින්. ඒක උහුලගන්න බැරි වුණාම තමයි ඔයාට හොරෙන් මං මේ කාමරේට ඇවිත් ඇඩුවේ. මගේ මූණෙ තියෙන වෙනස්කම් එයා දකීවි කියලා මං බය වුණා. ඒවා දැකලා ඔයා හිනාවේවි කියලා මට හිතුණා."

    "ඔය හැමදේම මං පිළිගන්නම් මිස්.. ඒත් ඇයි මේ තරම් නපුරු විදියට මං ඉස්සරහ හැසිරුණේ. ඇයි මට මේ තරම් රිද්දුවේ..?"

    "මගේ හිතට හිතිලා තිබුණේ, කාවැදිලා තිබුණේ, දැන් ප්‍රසාද් මං යටතෙ වැඩ කරන්න ඇවිත් කියලා.. මගේ පාලනය යටතේ ඉන්න මනුස්සයෙකුට ඕනම දෙයක් මට කරන්න පුළුවන් කියන අදහස මගේ හිතට ඇවිත් තිබුණා. අනික මේක නිකම්ම දෙයක් නෙමෙයි.. මාව විනාශ කරලා දාලා, මගේ ආත්මෙට නින්දා කරලා දාපු තිරිසනෙකුට කරන දෙයක්.. මේක පළිගැනීමක්.. එහෙමයි මට හිතුණේ.."

    දැන් දැන් ඇසෙනා දේවල් අනුව සිදුවී ඇති සියල්ලම පිරිසිදු වතුර වලක් සේ මට පැහැදිලිය. දිනූකා මිස් මගේ ඉදිරියේ යක්ෂ මුහුණක් දමා ගත්තේ ඇයදැයි මම දැන් දනිමි. ඇය එසේ හැසිරුණේ මගේ වැරදක් නිසා නොව, ඇගේ ආත්මයේ අදෝනාවෙන් බේරෙන්නටය.

    "ප්‍රසාද් එක්ක මගේ හිතේ තිබ්බ තරහා, වෛරය මං තනිකරම යැව්වෙ ඔයාගෙ පිටින්. ඔයාට මතකද මං ඔයාගෙ ෆයිල් ගොඩ අවුල් කරලා දාපු දවස.. මං හීනෙකින්වත් හිතුවෙ නෑ, ඔයා අඩයි කියලා.. ආයි, මං අර ඔයාගෙ ආර්ට්වර්ක් එක විනාශ කරපු දවස.. ඔයා මට හුගක් දේවල් අඩ අඩ කියවලා මෙහෙන් අස්වෙලා යනවා කියලා ගියේ... මගේ පපුව දාලා පිච්චිලා ගියා.. මං මොනවද මේ කරන්නෙ කියලා මට හිතුණා. ඔයා අඩද්දි මං ගැනම මහා පිළිකුලක් දැනුනා. ඒ මං මේ කරන දේවල් හරිද කියලා.. අනික මං හුගක් අමාරුවෙන් තියාගෙන ඉදපු දරාගැනීමේ ශක්තිය ඔයා බිදලා දැම්මා. ඒ වෙනකනුත් මං හිතන් හිටියෙ, මගේ හිතේ මැවිල තිබ්බේ ප්‍රසාද් කියන්නෙ ඔයා කියලා. මං මේ පළිගන්නෙ ප්‍රසාද්ගෙන් කියලා.. ම.. මට ඒ දෙයින් ගැලවීමක් තිබ්බෙ නෑ කාංචන.."

    මදක් හති ඇරීමට හෝ දිනූකා මිස් කතාව නතර කළාය. මම මගේ ඇල්මේ කිසිදු වෙනසක් සිදු නොකළෙමි. සිත පත්ලෙන්ම නැග ආ කිසියම් වූ හැගීමකින් මම ඇය දෙස බලා සිටියෙමි.

    "මේ ගෙවිල ගියපු කාලෙදි මං රෑ කීයක් නම් නිදි නැතුව ඉන්න ඇතිද..? මං පුදුම තරම් මානසික වේදනාවක් වින්දේ.. මට ඒකෙන් ගැලවීමක් තිබුණෙම නෑ.. මගේ ජීවිතේ දවසින් දවස විනාස වෙනවා කියලා මට තේරෙද්දි මං වියරු වැටුණා. ඒ හැම දෙයින්ම සිද්ධ වුණේ මං ඔයාට මහ වේදනාවක් වුණු එකයි. ඔයාට හුස්ම ගන්නවත් බැරි වෙන තරමට මං ඔයාව හිර කරපු එකයි. කිසිම කෙනෙකුට නොදාන තරම් නීති ගොඩක් මං ඔයාට දැම්මා.. ඔයා යන යන තැන මං ඔයාගෙ පස්සෙන් ගියේ, ඔයා මොනවද කරන්නෙ කියලා බලන්න.. ඒගැන වැඩිය කතා කරන්න මං කැමති නෑ කාංචන.. අපි එතනින් එහාට මොනවත් කතා නොකර ඉමු.."

    මහා බාධකයක් ගග හරහා ඉදිවූ බවක් මට දැනුණි. ඇය කතාව ස්තීරවම නවතා දැමුවාය. පූර්ණිමා සම්බන්ධ සිද්ධියේදි ඇය ක්‍රියා කළ ආකාරය කෙතරම් වැරදි සහගත දැයි ඇයටම වැටහෙන්නට ඇත. එහිදී මෙලෝ මනුස්සයෙක් නොකරන තාලයේ දේවල් තමා කල බැව් ඇයට මතක් වන්නට ඇත..

    "ඔ.. ඔයාව දැක්කට පස්සෙ මගේ හිතේ තුවාලයෙන් ආයෙම ලේ ගලන්න ගත්තා කාංචන.. මං දැනගත්තා මගේ තුවාලෙ ආයෙ කවදාවත් හොද කරන්න බෑ කියලා, මට මේ දෙයින් කවදාවත් ගැලවීමක් නෑ කියලා.. ඔ.. ඔයාට දැන් තේරෙනව නේද..? දැන් තේරෙනවා නේද මං ඉන්න තත්වේ..? ඔය අහිංසක හිත රිද්දුවට ඔයාට මට සමාව දෙනවා නේද..? ඔයා මගෙත් එක්ක තරහා නෑ නේද..?"

    මගේ අත් දෙකෙන්ම අල්ලාගනෙ ඇය ඇසුවාය. ඒ සුසිනිදු දෑත මගේ අත්වල පැටලෙද්දී නුහුරු කිතියකින් මම ඇඹරී ගියෙමි. උණුසුම්ව තිබූ පපුව මටත් නොදන්වාම සීතල වී ගියේය.. දෙවියනේ.. මේ මා දකින්නේ සිහිනයක්ද..? ඔව්.. බොහෝ විට මෙය සිහිනයක් විය යුතුය. සැබෑ ජීවිතයේදී මෙවැනි දේවල් සිදුවන්නේ නැත. සිදුවුවොත් හින්දි චිත්‍රපට වලය. මෙවැනි අති විශාල ආයතනයක හිමිකාරිය වූ ඇය මගේ අතින් අල්ලාගනෙ මේ කාමරය තුළ පැය ගණනාවක් කතා බහ කළා යැයි කාට හෝ මා කීවොතින් ඔවුන් එය සිනහවකින් හැබැර කරනු ඇත. මට පිස්සුයැයි කියනු ඇත. කිසිවෙකුත් මගේ කීම පිළි නොගන්නා බව මම හොදාකරවම දනී. සිතේ වූ නොසන්සුන් බව නිසාම මගේ මුවට සිනාවක් නැගිනි.

    "ඔ.. ඔයා මට හිනාවෙනවා නේද..?"

    "අනේ නෑ මිස්..! මගෙත් එක්ක තරහෙන් හිටපු කාලෙ මතක් වෙනකොට මට මේ වෙන දේවල් අදහා ගන්නත් බෑ වගේ.."

    "අදහන්න බැරි දේවල් වෙනවා කාංචන.. මේ පහුවුණු දවස්වල සිද්ධ වුණු දේවල් වලින් මගේ හිතේ ප්‍රසාද් ගැන තිබ්බ වෛරයෙන් ඔයාව එළියට ඇදලා දැම්මා. මං දැන් දන්නවා ප්‍රසාද් කියන්නෙ ඔයා නෙමෙයි කියලා. රූපයන් එක වගේ වුණාට, ඔයා අදහස් අතින් ප්‍රසාද්ට වැඩිය හුගාක් වෙනස් අහිංසක කොල්ලෙක් කියලා.. මේ ඇත්තමයි කාංචන.. මං ඔයාට දිව්රලා පොරොන්දු වෙනවා.. මීට පස්සෙ මගෙන් ඔයාට කිසිම දුකක් වෙන්නෑ.. මං ඔයාව බිංදුවක්වත් රිද්දන් නෑ.. දැන් ඉතිං හොද ළමයා වගේ අපි ඔෆිස් එකට යමු.. ගිහින් අපි දෙන්නම එකතුවෙලා ලස්සන ආර්ට් වර්ක් එකක් කරමු. ඊට පස්සෙ ඒක තාත්තිට පෙන්නලා, ඔයයි, මායි ලකුණු දාගමු.. හරිනේ..."

    මෙතුවක් වේලා එකට බැදී තිබූ ඇගිලි මේ දැන් අතැරී ගියේය. මගේ සිතට කිව නොහැකි වූ තරම් ශෝකී හැගීමක් මුසුවූ කාන්සියක් දැනුණි. තවත් බොහෝ වේලාවක් මගේ ළගට වී මගේ අතින් අල්ලාගෙන දිනූකා මිස් සිටියා නම් කොතරම් හොදද..? ඇයත් මාත් දෙදෙනෙකු නොව එක් අයෙකු බවට දැනෙනා මේ හැගීම කුමක්ද..? පපුව පලාගනෙ දුප්පත්ව, අසරණව මේ උඩට ගලා එන වේදනාව කුමක්ද..? මා අසාගත්තේ මගෙන්මය..

    කෙසේ වුවත් මෙතුවක්ම කල් මගේ සිතට නිරන්තරේ වද දුන් ගැටලුව මේ ආකාරයෙන් නිමාවීම ගැන මා සිටියේ දැඩි සතුටකිනි. කුමක් හෝ ඛේදවාචකයක් සිදු නොවී මෙය මෙලෙසින් අවසන් වීම කොතරම් අපූරුද..? මගේ සිතේ වූ සතුටට සමාන ආකාරයේ සතුටක් දිනූකා මිස් වෙතින්ද මම දුටිමි. එදින මුළු දවස පුරාම ඇයත්, මමත් සිදුවූ සිදුවීම් ගැන නැවත නැවතත් කතා කර කර සිටියා මිසක වෙන කිසිදු වැඩක් නොකෙරුවෙමු..

    Mathusambandai.gif

     

    blue_in_rio

    Well-known member
  • මචන් උඹ කතාව මාර පැත්තකටනේ ගත්තේ.... :nerd::nerd: කෙලින්ම U ටර්න් එකක් ගැහුවා නේද ? :confused::confused: ඇයි ඉතින්, දැන්මේක අසාමාන්‍ය ලව් ස්ටෝරි එකක් වෙලානේ....:love::love::love::love: පුලුවන්නම් තව ටිකක් දාපන්, අද රෑට බලන්න..... :yes::yes::yes::yes::yes:
     

    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    මචන් උඹ කතාව මාර පැත්තකටනේ ගත්තේ.... :nerd::nerd: කෙලින්ම U ටර්න් එකක් ගැහුවා නේද ? :confused::confused: ඇයි ඉතින්, දැන්මේක අසාමාන්‍ය ලව් ස්ටෝරි එකක් වෙලානේ....:love::love::love::love: පුලුවන්නම් තව ටිකක් දාපන්, අද රෑට බලන්න..... :yes::yes::yes::yes::yes:
    අද කතාව ඉවර කරනවා.. :D:D:D
     

    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    Cover-17.jpg


    17.png


    ඉන් අනතුරුව ගෙවී ගිය කාල වකවානුව මගේ ජීවිතයේ සුන්දරතම කාල සමයයි. දිනූකා මිසුත්, මමත් දිනෙන් දින හදවතින් ලංවූවා මිසක කිසිවිටකත් ඈත් නොවූයෙමු. සමහර වේලාවන් හීදි ඇයත්, මාත් මේ තරම් ලංව හිදීම ගැන මහා පුදුමයක් දැනේ. මා නිස්කලංකයේ ආට් වර්ක් කරද්දී ඇය ඇසි පිය නොහෙලා මා දෙස බලා සිටියි. අහම්බයකින් හෝ සිතා මතා හෝ ඇය දෙස බැලුවෝතින් ඒ රත් දෙතොල් මත ඉතා පියකරු සිනාවක් ඇදී යයි. දෙවියනේ.. ජීවිතය කියන්නේ මෙයම නොවේද..? හදවත ඇතුලාන්තයෙන්ම ලේ නහර පුපුරා මතුපිටට ගලා එන මේ ආත්මීය හැගීමට කියනා වෙනත් නමක් මම නොදනිමි. මෙවන් සැනසීමක් ජීවිතය පුරා ලැබෙනවා නම් කිසිවක්ම නොපතා මම දිනූකා මිස් ළගින් හිදිමි.


    දවස් එකින් එක ගෙවී යද්දී දිනූකා මිස්ට කියා නිවාඩුවක් ලබාගෙන මම අයියාව හා ජයවර්ධන අංකල්ව බැලීමට ගියෙමි. කලින් සිටියාට වඩා පෘෂ්ටිමත්ව, සිනාමුසු මුහුණින් සිටි මා දැක ඔවුන් දෙදෙනා බෙහෙවින්ම සතුටට පත්වූවාය. අයියගේ මුළු මුහුණ පුරාම රැදී තිබුණේ නිරන්තරවම මගේ දියුණුව අපේක්ෂා කරන ආකාරයේ හැගීමකි. මා ගෙන ගිය තෑගි ද මුදල් ද අයියාටත්, ජයවර්ධන අංකල්ටත් ලබාදී තෘප්තිමත් සිතින් යුතුව මම ආපසු ආවෙමි.


    "කාංචන දැන් හුගක් වෙනස් වෙලා.."


    අයියා බැලීමට ගොස් ආපසු කාමරයට එද්දී, පුබුදු වැඩ අහවර වී පැමිණ සිටියේය.


    "මම..?"


    "ඔව්... අර කලින් හැමදේකටම හඩන වැළපෙන මනුස්සයා, දැන් ඒ හැමදේම අතෑරල දාලා හිනාවෙලා ඉන්නවා.. ඉතිං ඒක වෙනස්කමක් නෙමේද..?"


    එසේ නම් පුබුදු මාව හොදින් අධ්‍යනය කර ඇත. ඔහු කියන්නේ ඇත්තය. මා මේ සිටින්නේ, මගේ ජීවිතයේ උපරිම සතුටින් ගත කරනා කාලය මැදය. ඒ සතුට මට ලබා දුන් සද කුමරිය දිනූකා මැණික්දිවෙලය.


    "දැන් දිනූකා මිස් ඉස්සර වගේ සැර නෑ පුබුදු. මං ඔහේ නිස්කලංකෙ වැඩ කරගෙන යනවා.."


    දිනූකා මිසුත්, මාත් අතර සිදුවූ සිදුවීම ගැන පුබුදු හා කියන්නට නොගියෙමි. එසේ කීවා නම් නිසැකවම පුබුදු, දිනූකා මිස් ගැන වරදවා සිතනු ඇත. ඇය ගැන කිසිවෙකුත් අහිතක් සිතනවාට මම කැමති නැත. පුබුදු කොතරම් හොද යාලුවෙකු වුවත්, මේ කාරණයේදී ඔහු දිනූකා මිස්ව අවිශ්වාස කරනු ඇතැයි මම සිතුවෙමි. ඇත්තටම එය එසේ වුවහොත් මට වාවාගත නොහැකි වනු ඇත. මා හිස් මුදුනේ තබා පිළිගන්නා දේව රූපයකට කවුරුන් හෝ ගල් මුල් වලින් පහර දෙනු මට බලා සිටිය නොහැක. එය එසේ වන්නේ මගේ කටින් සිදුවූ දෑ පිළිබද වදනයක් හෝ එළියට ගියෝතින්ය. එම නිසාම මම කට පරිස්සම් කරගතිමි.


    "අහන්නත් සංතෝසයි.. ඒක නෙමෙයි.. මං කාංචනට වැඩක් කියන්නයි හිටියේ.. පසුගිය දවස්වල විවේකයක් තිබුණෙ නැති හන්ද මේ කතාව මග ඇරුණා.."


    "මොකක්ද පුබුදු..?"


    "මට පූර්ණිමාව හම්බවුණා.."


    මහා ලොකු සතුටක් දෑසේ තවරාගෙන පුබුදු කීවේය. කවදාවත් නැති තරම් මොකක්දෝ නොතේරෙන හැගීම් ගොන්නක් ඒ දෑස මත ලියැවී තිබිණි.


    "කවදද..?"


    "දැන් ටික දවසක් වෙනවා.. කෙල්ල දැන් වෙනින් රස්සාවක් කරනවා ඇඩ්වටයිසින් ෆර්ම් එකක. කෙල්ලට ටිකක් විතර සරු පාටයි. අතේ, කරේ, පයේ හැම තැනම රත්තරන් බඩු පොරවගෙනයි හිටියේ. මට මුලින්ම අදුනගන්නත් බැරි වුණා. කෙල්ලම තමයි මුලින්ම මගෙත් එක්ක කතා කරේ.. පිටට ගහලා කතා කරාම මං උඩ ගිහින් බිම වැටුනා. ඇයි කාංචන.. අපි පණ දාගෙන හෙව්වා මතකද ඒ දවස්වල පූර්ණීමාව.."


    "ඉ.. ති... ං..."


    "ඇ.. ඇයි කාංචන උඹට සංතෝස නැද්ද මාස ගානකින් හරි පූර්ණිමා ගැන ආරංචියක් ලැබුණට..?"


    මගේ මුහුණේ වූ සියලුම හැගීම් නිරීක්ෂනය කරමින් පුබුදු ඇසුවේය.


    "වෙනද නම් ඔය ආරංචිය ඇහුවාම මට ලොකු සතුටක් දැනෙන්න තිබුණා. ඒත් දැන් මට එහෙම දැනෙන් නෑ. පුබුදු ඔය කිව්ව දේ නිකං හරියට, අසුභ දවසක ආපු සුභ පැතුමක් වගේ.."


    "ඒ කියන්නෙ උඹ දැන් පූර්ණිමාව සදහටම හිතින් අයින් කරලද..? එහෙමත් නැත්නම් අයින් කරන්න හිතාගෙන ඉන්නවද..?"


    "ඔය දෙකින් එකක්වත් නෙමෙයි පුබුදු. මං පූර්ණීමා ගැන කොයි තරම් හෙව්වද කියලා කියන්න මං විතරයි දන්නේ.. එයා ගැන හිත හිතා මොන තරම් දුක් වුණාද කියලා දන්නෙ මම විතරයි. පහුගිය කාලෙ ආපු ප්‍රශ්නත් එක්ක අපි හැමෝම තම තමන්ගෙ රස්සාවල් බේරගත්තු එකනේ. එතනින් එහාට දෙයක් ගැන හිතන්න අපිට බැරි වුණා."


    දැන් අමුතුම ධෛර්යයකින් කතා කරන්නට ගියත්, ගෙවී ගිය දවස් සිහිපත් වී දෝ පුබුදු නිහඩ විය. ඒ නිහඩ බව වාසියක් කරගෙන මම කාමරයෙන් එළියට ආවෙමි. ඔහු ද මගේ පිටුපසින් ආවේය.


    "උඹේ හිතේ තාමත් පූර්ණිමාව ඉන්නවද..?"


    "ඇයි පුබුදු උඹ එහෙම අහන්නේ..?"


    "නෑ.. පූර්ණිමාගෙ කතාවෙන් මට තේරුණේ උඹ ගැන හැම දෙයක්ම එයා අමතක කරලා වගේ කියලයි.."


    හදවතට දරුණු පහරක් වැදුණු කලෙක මෙන් මම තිගැස්සී ගියෙමි. දිනූකා මිස් පසෙකින් සිටියදීම දලුලා වැඩුනු මගේත්, පූර්ණිමාගේත් ලැබැදි සම්බන්ධතාවයේ සොදුරු දවස් එකින් එක මගේ මනසේ ඇදෙන්නට විය. ඒ දවස්වල ඇය කොතරම් අහිංසක තරුණියක්ව සිටියාද..? මා දිනූකා මිස්ට ද වඩා අගය කළේ පූර්ණිමාගේ අහිංසකකමයි. එහෙත් ඒ අහිංසක යුවතිය, අප දෙදෙනාගේම විශ්වාසවන්තයා සමග කතාබහ කර ඇත්තේ මා වැනි එකෙකු මේ ලෝ තලයේ නොමැති ගානටය.


    "මට කරන්න පුලුවන් හැමදෙයක්ම මම කරා පුබුදු. වදාපු අම්මවත් අමතක කරලා දාලා, වෙන කෙනෙක්ගෙ නමක් උප්පැන්නෙට දාගන්න අද කාලේ, ඔය වෙච්ච දේ ගැන මට ලොකු දුකක් නෑ. ඒත් පූර්ණිමාට යුතුකමක් තිබුණා එකම එක දවසක් හරි මාව හම්බවෙලා මේ ගැන කතා කරන්න. එයයි මුල ඉදලම අපිව මගෑරියේ.."


    "පූර්ණිමා හිතලා තියෙන්නේ, තාමත් හිතන් ඉන්නේ, උඹයි දිනූකා මිසුයි යාලුයි කියලා.. කලුගල්වල ඔලුව ගහන්න බැරි හින්දා එයා වෙන අතක් බලාගත්තා කියලයි මගෙත් එක්ක කිව්වේ.."


    "ඉතිං උඹ කිව්වෙ නැද්ද දිනූකා මිසුයි, මගෙයි අතරෙ එහෙම කිසිම සම්බන්ධයක් නෑ කියලා. අනික ඒ දවස්වලත් මං දිනූකා මිස්ගෙන් කොයි තරම් කරදර ගොඩක් වින්දද කියලා.."


    "මං කිව්වා කාංචන... ඒත් කෙල්ල පිළිගත්තෙ නෑ කියලා මට හිතුණා.. හිනාවකින් මං කියපු හැම දෙයක්ම කපලා දැම්මා.."


    පූර්ණිමා ගැන මගේ හිත පතුලේම නිදන්ගතවී තිබූ මොකක්දෝ ලොකු බැදීම හෙමින් සීරුවේ දියවී යනවා සේ මට දැනුණි. මා හමුවී කතා බහ නොකර, මගේ පැත්තෙන් එකදු වචනයක්වත් නොසිතා, පසුගිය කාල සීමාව ගැන බිංදුවක්වත් සිතේ නොමැතිව කතා කරනා අය වැනි තරුණියක් ළගින් ඇසුරු කලා යැයි, දැනෙනා හැගීමම මට මහා වදයක් විය.


    "කමක් නෑ පුබුදු.. කවදම හරි පූර්ණිමා ඇත්ත දේ තේරුම් ගනීවි. ඒත් එයා හරි දේ තේරුම් ගන්නකොට පෙරහැරේ කොයි තරම් ප්‍රමාණයක් ගිහිල්ල ඉවරවෙලා තියෙයිද කියලා මං දන්නෑ.. මොන දේ වුණත්, මොන අඩුපාඩුව මගෙන් සිද්ද වුණත්, පූර්ණීමාට යුතුකමක් වශයෙන් හරි මට ටෙලිෆෝන් කොල් එකක් දෙන්න තිබුණා. ඒත් මාව හම්බවෙන්න මට කතා කරන්න බිංදුවක්වත් උත්සාහ ගන්නෙ නැතුව, පූර්ණිමා හැමදේම තීරණය කරලා.. හරිම අපූරුයි පුබුදු.. වැඩේ කියන්නේ මේ හැමදේම මටම වෙන එකයි.."


    "ඔන්න ඕවා ගැන ඒ තරම් හිතන්නෙපා කාංචන.. අපි ඕවා අල්ලලා දාමු."


    "තුවාලෙ වේදනාව දන්නෙ තුවාලෙ අයිතිකාරයා විතරයි පුබුදු.. වටේ ඉන්න අයට පේනනේ තුවාලෙ තරම විතරයි.. ඒක හින්දා ඒ අය කියනවා ඕක ගැන ඒ තරම්ම හිතන්නෙපා කියලා.. අපි ඕවා අමතක කරමු කියලා.. ඒත් තමන්ටත් ඒ වගේ දෙයක් උනොත් ඔය කියන කතන්දර ඔක්කොම පුහු දේවල් වෙනවනේ පුබුදු.. ඇයි ඉතිං ඉවසගෙන ඉන්න වෙන්නෙ තමන්ටමනේ.."


    පුබුදු පුදුමයෙන් මදෙස බලා සිටියේය. වෙනදා හැම දෙයකටම හොට්ට පෙරාගෙන අඩා වැළපෙන කාංචනගේ මේ හදිසි ග්‍රහ මාරුව කුමක්දැයි ඔහු උඩ බිම බලනවා විය හැකිය. වෙනදා කිසිවෙකුගේ සිතක් නොතැලෙන්නට කතා කරනා තම දුප්පත් අසරණ යාලුවාගේ, සිතේ දැන් ඉදිවී තිබෙනා ශක්තිය ගැන පුබුදු කල්පනා කරනවා වන්නට පුලුවන..


    "කාංචන.. මටත් එක්කද ඔය හැමදේම කිව්වේ...?"


    මම කිසිවක්ම නොකීවෙමි. පුබුදුට ඕනෑ දෙයක් සිතා ගැනීමට ඉඩදී මම නැවත කාමරයට ආවෙමි.


    එදින මුළු රාත්‍රිය පුරාම මට කිසිදු නින්දක් ලැබුණේ නැත. රාත්‍රියම ගෙවී ගියේ මා නිදිවර්ජිතව තබාය. පූර්ණීමාත, මාත්, දිනූකා මිසුත් අතර වූ විවිධාකාර මතකයන් මගේ සිතේ උතුරා දෙගොඩ තලා යමින් තිබිණි. කොතරම් නෑ නෑ කීවත්, අහිමි වීමකදී දැනෙනා දුක ගැන සිතන්නට, වචන ලක්ෂ ගානක් තිබුණත් මදිය. ඒ මතකයන් හිත තුළින් පෙරි පෙරී ඇදෙද්දී ගරාගෙන වැටෙනා ජීවිතයේ දහසකුත් එකක් බලාපොරොත්තු ගැන කාටවත්ම කියන්නට නොසිතෙන්නේත් ඒ නිසාය. බොහෝ දෙනෙකු සුවෙන් සනීපෙන් නිදි දෙව්දුව වැළද ගනිද්දී, මේ අසරණයාට නින්ද අහිමිව ඇත්තේ තවකෙකු ගැන හර්දයාංගමව සිතන්නට වීම නිසාය.


    ****************************


    නින්දක් නොලැබුණු ඇස් දෙකත්, දහසකුත් සිතිවිලි පිරී තිබූ සිතත් කර පින්නාගෙන, මම උදෑසනම කාර්යාලය වෙත ගියෙමි. ඊයේ උදයෙන් පසුම මම දිනූකා මිස්ව නොදැක්කෙමි. අයියා හා ජයවර්ධන අංකල්ව බලන්නට යනවා කියන විට ඒ සොදුරු දෑසේ මොකක්දෝ අමුත්තක් මම දැක්කෙමි. සමහර විට ඒ නුහුරු දුකක යම් කිසි හැගීමක් වෙන්නටද පුළුවන. ඒ ගැන හරියටම කියන්නට තරම් ඉඩක් දිනූකා මිස්ගේ දෑසින් මට බලාගන්නට හැකියාවක් ලැබුණේ නැත. ඇය වහ වහා තම හැගීම් මගෙන් සගවා ගත්තාය. දිනූකා මිස් හැමදාම කළේ එයමය.


    මොනව වුවත් සවස් වරුවේ හෝ දිනූකා මිස්ට දුරකථන ඇමතුමක් දුන්නා නම් හොද බැව් මට දැන් සිතේ. එහෙත් එසේ ඇමතුමක් දී මා කියන්නේ මොනවාද..? කතා කරනා අදහස කීප විටක්ම ආවත් මා ඇමතුමක් නොදුන්නේද කියන්නට දෙයක් නොමැතිකම නිසාය. ඔය කුමන දේ වුවත්, මම එක දෙයක් නම් හොදාකාරවම දනිමි. ඒ ඇය වෙතින් මා පැයකට හෝ ඈත්ව යනවාට දිනූකා මිස්ගේ සිත කිසිදු කැමැත්තක් දක්වන්නේ නැති බවය. යා යුතුම නිසා ඊයේ මට යන්නට ඉඩ දුන්නද ඇය මුහුණින් තම හැගීම් සගවාගෙන සිටියද ඒ දෙය මම නම් හොදාකාරවම දනිමි.
     

    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    කාර්යාලය තුලට ඇතුල් වෙද්දීම මට මහා අමුත්තක් දැනුණි. එය හරියට, අපට කිසියම් ආකාරයේ විපතක් හෝ අභාග්‍යයක් සිදුවන්නට පෙර සිතට යාන්තමින් දැනෙනා ශෝකී නොසන්සුන්තාවයයි. මගේ දෑස එක එල්ලයේම යොමු වූයේ දිනූකා මිස්ගේ අසුන වෙතය. එහෙත් ඇය එතැන සිටියේ නැත. ඒ කියන්නේ ඇය අද වැඩට ආවේ නැති වගද..? ඇය එනවා නම් මේ වේලාවට නොවරදවාම පැමිණෙයි. කාර්යාලය ළගම මා නැවතී සිටියද බොහෝ අවස්ථාවන්හීදී, මා පැමිණෙන විට දිනූකා මිස් කාර්යාලයට පැමිණ සිටියි. එහෙත් අද ඇයට කුමක් සිදූවූයේද..? මා උදෑසනම සිට දත කට මැදගෙන පුංචි එකෙකුට, ගමනක් බිමනක් යන්නට ඇති ආසාව සේ බලාගෙන සිටියෙමි. ඇය අද වැඩට එන්නේ නැතුවාක්ද..?

    වෙනදා මෙන් දිනූකා මිස් දැන් ඇතුළත රහස් කාමරයට වැඩිපුර නොයන නිසා ඒ තුළට එබී බැලීමට මම කල්පනා නොකළෙමි. දිනූකා මිස් කීයටවත් ඔය කාමරය තුළ සිටින්නට බැරිය. ඉන්නවා නම් මා හට මේ ලෙසින් වද වීමට ඉඩ ලබාදෙන්නේ නැත. කෙසේ වුවත් කාලය කෙමෙන් කෙමෙන් ගෙවී යද්දී මම නොසන්සුන් වන්නට විමි. ඇය පරක්කු වෙනවා නම් අඩුම ගණනේ මට දුරකථන ඇමුතුමක්වත් දිය යුතුය. එහෙත් ඇය එසේ කරන්නේද නැත. ඇයට දුරකථන ඇමතුමක් දෙනවා නම්, මා දිය යුත්තේ ඇයගේ නිවසටය. මා කිසිදාක දිනූකා මිස්ගේ නිවසට දුරකථන ඇමතුමක් ගෙන නොමැත. ඇත්තටම ඒ සදහා අවශ්‍යතාවයක් ඇති වූයේද නැත. දුරකථනය වටේ කිහිප වතාවක්ම මෙලෝ සිහියක් නැතිව එහාටත් මෙහාටත් ගමන් කරද්දී හදිසියේම දුරකථනය නාද වන්නට විය. මගේ සිතට දැණුනේ කියාගත නොහැකි ආකාරයේ සතුටකි. ඇයට මගේ සිතැගි තේරුම් යන්නට ඇත. එකිනෙකා ළගින් ඇසුරු කරනා විට, ඔවුන්ගේ සිතිවිලි තරංග ආකාරයෙන් එකිනෙකා වෙතට ගමන් කරනවා කියන්නේ මෙන්න මේවාට විය යුතුය. මම මහත් වූ භක්තියෙන් දුරකථනය අතට ගත්තෙමි.


    එහෙත් අනෙක් අන්තයේ සිටියේ දිනූකා මිස් නොවේ.. මට ඇදුනේ මහා අමනුස්ස කටහඩකි. ඇත්ත වශයෙන්ම මම වෙව්ලා ගියෙමි.


    "දිනූකා ඉන්නවද..?"


    එය ඇසුනු රළු ආකාරයට මම හොදටම නොසන්සුන් විමි. හරියට නිකං ප්‍රේත ලෝකයක සිට කතා කරනවා වැනිය. වචනවල කිසිම ගරු සරුවක් නැත.


    "කරුණාකරලා මට කියනවද කවුද කතා කරන්නෙ කියලා.. දිනූකා මිස් නම් තාම ඇවිල්ලා නෑ.."


    "මං කවුද කියලා අහන්න, තමුසෙ කවුද ඕයි.. ඔක්කොටම කලින් මට කියනවා තමුසෙ ඔතන මොනවද කරන්නෙ කියලා..?"


    මම උඩ විසිවී ගොස් බිම වැටිණි. දෙවියනේ.. මේ කුමන කුන්ඩවාලියක්ද..? මා කතාකළ වචන වල තිබූ අඩුපාඩුව කුමක්දැයි සිතා ගත නොහැකිව මම අන්දමන්ද විමි. කාගේ හෝ හෙණ ගෙඩියක් මේ කඩා පාත්වන්නට යන්නේ මගේ ඔලුව උඩටය.


    "ස.. සමාවෙන්න.. ම.. මං දිනූකා මිස් ළග වැඩ කරන කෙනෙක්.."


    "තමුසෙගෙ සමාව ගහගන්නවා කකුල් දෙක අස්සේ.. දැන් මට කියනවා ඔතන තමුසෙයි, දිනූකායි විතරද ඉන්නේ..? වෙන කවුරුත් ඔතන නැද්ද..?"


    මේ කවුරු විය හැකිද..? කතා කරනා ආකාරයට මේ පුද්ගලයාට මේ ආයතනය ගැන හරි හමන් වැටහීමක් නැත. ඒත් එහෙම කියා උත්තර නොදීද බැරිය. කෙසේ වුවත් මීට වඩා පණ ඇතුව කතා කරන්නට මම සිතා ගත්තෙමි. අප නම්බු දිය යුත්තේ අපට නම්බු දී කතා කරන අයටය. එසේත් නැතුව අපට ගරහනා අයට නම් නොවේ. මේ මිනිහාට කතා කළ යුත්තේ කැති පිහි භාෂාවෙනි.


    "මෙතන කවුද ඉන්නෙ කියනෙක මිස්ටර්ට ප්‍රශ්නයක්ද..? එහෙම නම් ඉතිං මිස්ටර්ට මෙතෙන්ට එන්න වෙනවා ඒක බලාගන්න.. අනිත් දේ තමයි ඔක්කොටම කලින් මනුස්සයෙකුට කතා කරන්න ඉගෙනගෙන ඉන්නවා.."


    "මොකක්ද යකෝ උඹ කිව්වේ..?"


    "ඇයි මිස්ටර් ඇහුණෙ නැද්ද..? මං හිතන්නෙ මිස්ටර්ගෙ මොලේ අඩු වගේම, කන් දෙකෙත් අවුලක් තියෙනවා වගේ.."


    මේ වගේ අමනයින්ට කතා කළ යුත්තේ මෙන්න මේ වගේය. අහිංසකව, තැන්පත්ව, ධාර්මිකව කතා කරන්නට යාමෙන් මුං අපේ ඔලුවටම අත සෝදන්න බලනවාය.


    "උ.. උඹ කවුද යකෝ..?"


    "මං කවුද කියලා බලාගන්න මිස්ටර් මෙතෙන්ට එන්න වෙනවා.. හැබැයි ඊට කලින් යන්න ඩොක්ටර් කෙනෙක් ළගට. ඔය මූලග්ගාය නැති කරගන්න.. තේරුණාද..?"


    මම දුරකථනය හනිකට විසන්ධි කර දැමුවෙමි. දැන් මිනිහාට කතා කරන්නට වෙන්නේ බීප් බීප් නාදය සමග පමනකි. ඉන් අනතුරුව කීප වතාවක්ම දුරකථනය දාන වුවද මම ඇහැක් ඇරවත් බලන්නට නොගියෙමි. පසුව දුරකථනයට එපා වී ද කොහේදෝ කිසිදු ශබ්දයක් කාමරය තුළින් ඇසුනේ නැත.


    *****************************


    දිවා ආහාරය ලංවන විටත් දිනූකා මිස් කාර්යාලයට ආවේ නැත. උදේ පාන්දරම මා පැනගෙන ආවේ, ඇයගේ පින්වත් වත කමල බලන්නටය. එහෙත් දැන් මධ්‍යහ්නය ලංවී ඇත. ඇය විහිලුවට වත් මේ අසලක නොමැත. ඇත්තටම ඇයට සිදුවූයේ කුමක්දැයි කියා, තත්පරයෙන් තත්පරය සිතාගත නොහැකිව මගේ සිත කඩාගෙන වැටෙයි.


    අනෙක් කරුණ නම් මේ දුරකථනයෙන් කතා කළ තැනැත්තා කවුරුන්දැයි මගේ නොදන්නාකමයි. වීරයා සේ දුෂ්ඨයාගේ චරිතය රගපාන කුමාරයෙක් මම සිහිපත් කර ගතිමි. දිනූකා මිස් ආ කළ, මා කළ හපන්කම ගැන මම පුරසාරම් දෙඩීමට පුළුවන. ඒ අමනුස්සයාට මා කතා කළ ආකාරය ගැන පවසනා විට ඇයගේ රෝස කම්මුල් රත් පැහැ ගැන්වෙනු ඇත. හෙමීට පුංචි අත් පොඩියක් ගසා මහත් වූ සතුටකින් කෑගසනු ඇත. එහෙත් මේ සියල්ලම සිදුවන්නේ ඇය ආවොතින් පමණකි. දැන් නම් කාර්යාලයට ඒමට ඇය හොදටම කල් ගත්තා වැඩිය.


    කාලය කෙමෙන් කෙමෙන් ගෙවී යද්දී මගේ සිත තව තවත් නොසන්සුන් වන්නට විය. දිනූකා මිස් වැඩට එන්නේ නැත්නම් ඒ ගැන පවසා දුරකථන ඇමතුමක් හෝ දෙන්නට බැරි ඇයි..? කොහේ හරි ගිය විට ඇයට සියලුම දේ කියන්නට ඕනෑ මා විතරද..? සමහර විට දිනූකා මිස් අසනීප වූවාද කියා කියන්නට මම නොදනිමි. මෙසේ අවුල් සහගත ඒවා සිතමින් සිත නාස්ති කර ගැනීම පාපයකි. දිනූකා මිස් ගැන එසේ සිතිය යුතු නැත. ඇය මේ මනුස්ස ලොවට පෑයූ සද දෙව්දුවකි. හිමි කරගන්නට වරම් නොමැති වුවත් දුරින් හිද, එදෙස බලා හිදීම පවා සැනසීමකි.


    කාර්යාලයට ඇතුලු වන දොර දෙසින් මහා ශබ්දයක් ඇසුණු අතර, මම වහා හැරී බැලුවෙමි. මගේ ඉමහත් සතුටට හේතුවන පරිද්දෙන් කාමරයට ආවේ දිනූකා මිස්ය..


    "මිස් අද හුගක් පරක්කුයි.. මං උදේ ඉදන්ම බලන් හිටියා. ගෙදර ගිහිනුත්, අයියව බලලා මං ඉක්මනට ආවා මිස්.. පරක්කු උන්නෑ.."


    පංතිභාර ගුරුතුමියට නානාප්‍රකාර දේ කියවන පුංචි එකෙක් සේ මම ඇය ඉදිරියට විත් කියවාගෙන ගියෙමි. වෙනදාට පිපෙන සොදුරු සිනාව ඒ සිනිදු වත කමලේ පිපුනේ නැත. කුමක් හෝ අවුලක් සිදුවී ඇති බැව් මට ඉවෙන් මෙන් දැනුණි. ඇය සිටියේ පරවුණු කුසුමක් පරිද්දෙනි. ඇස් දෙකද තඩිස්සි වී ඇත. මුහුණේ හිනා පොදක් නැත. දෙවියනේ.. ඊයේ, ලෝකයේ තිබෙනා හැම සතුටක්ම තමන් ළග තියෙනවා සේ සතුටින් සිටි ඇයට මේ සිදුව ඇත්තේ කුමක්ද..? මගේ කුමක් හෝ ක්‍රියාවක් නිසා දිනූකා මිස් හිත රිදවාගෙනද..?


    "ඇ... ඇයි.. මිස්..."


    ඇය පුටුවේ වාඩි වූවා නොවේ.. පුටුව මතට ඇදගෙන වැටුණාය. සුදු මුහුණ මහා දුකකින් වැසී ගොස් ඇති බැව් පෙනෙද්දී මට දැනුණේ ද ඉවසිය නොහැකි වූ දුකකි.


    "ම... මගෙන් මුකුත් වැරැද්දක් උනාද මිස්.. අනේ කතා කරන්නකෝ.. මිස් මාව බය කරනවනේ..."


    මදක් වේලා යනතුරු ඇය කිසිවක්ම නොකීවාය. එහෙත් බයවෙන්නට උවමනාවටත් වැඩි කාරණා ඇගේ කතාවේ තිබෙනු දැක මම වෙව්ලා ගියෙමි. දෙවියනේ අපට උරුම දුක පමණද..? එකදු දිනක් හෝ සතුටින් ගෙවා දැමීමට මේ දෛවය අපට ඉඩ දෙන්නේ නැතිද..?


    "ඔයාගෙන් මුකුත් වැරැද්දක් උනේ නෑ කාංචන.."


    "එහෙනම්...?"


    "ප්‍රසාද් ලංකාවට ඇවිත්.."


    මගේ සිත ගිනි වැදිනි.. දෙවියනේ.. මේ කුමන ආකාරයේ පාපයක්ද..? අපේ ජීවිතවල සතුටක් කියා දෙයක් ඇත්තේම නැද්ද..? අපිට ලැබෙන්නේ අසුභ ආරංචිම පමණක්ද..?


    "හ.. හරි වැඩේනේ ඉතිං අපි මොකද කරන්නේ.."


    මා එය ඇයගෙන් ඇසුවා නොවේ, මට ඇසුණි. දිනූකා මිස් මැලවුණ දෙනෙත මා දෙසට පා කළාය. කිසිම ජීවි බලාපොරොත්තුවක් එහි තිබුණේ නැත.


    "මට තේරෙන්නෑ කාංචන.. මං මොනවද කරන්න ඕනෙ කියලා.."


    ඇයගේ මේ අසරණ විලාසය මගේ සිත ආත්මානුකම්පාවෙන් බර කරවයි. ඇයට වචනයකින් හෝ උදව්වක් කිරීමට ඉන්නා අයවලුන් පිලිබදව මා දන්නේ නැත. ඇයගේ සමීපතමයන් ලෙස මා දන්නේ රෝෂි ගැන පමණි. එහෙත් ඇය ද කෙල්ලෙකි. ඇයටද කළ හැකි දෙයක් තිබෙනවාද කියා සැක සහිතය.


    "ඉ.. ඉතිං අ.. අපි බයවෙන්න ඕන නෑනේ මිස්.. ප්‍රසාද් ලංකාවට ආවා කියලා අපිට ප්‍රශ්නයක් නෑනේ.. කලින් සිද්ධ වෙච්ච හැමදේම අතීතයට එක්කහු වෙලා ඉවරනේ.. අනික ප්‍රසාද් කියන පුද්ගලයාව මිස්, මිස්ගෙ ජීවිතෙන් එලියට ඇදලා දාලත් ඉවරනේ. මිස්ට දීපු දුක් කන්දරාවට මිස්ගෙ හිතේ දැන් තියෙන්න ඕන තරහක්නේ.. ඉතිං... ඇ.. ඇයි මිස් මෙහෙම මැලවෙලා ඉන්නේ..?"


    ප්‍රශ්නය වඩාත් හොදින් තේරුම් ගැනීමට මම විවෘතව කතා කෙරුවෙමි. එහෙත් මා සිතූ තරම් හොද උත්තරයක් දිනූකා මිස් වෙතින් ලැබුණේ නැත.


    "ප්‍රසාද්ව මගේ ජීවිතයෙන් අයින්කරපු එක ඇත්ත කාංචන.. ඒත් එයා තමයි මගේ ෆස්ට් ලව් එක. ඒක අමතක කරන්න මට බෑ.. මං කොයි තරම් දුක් වින්දත්, මං ඒක අමතක කරන්නෙත් නෑ.."


    දිනූකා මිසුත්, මමත් හොද මිතුරන් වී හර්දයාංගමව ඇසුරු කිරීමට පටන් ගත් පුසුව, ප්‍රථම වරය ඇය කෙරෙහි තරහවක් ඇතිවිණි. එය තරහවකට වඩා නොරිස්සුම් සහගත හැගීමකි. ගැහැනු චපල යැයි පුරාණයේ සිට පැවත එන කතාවේ ඇති සත්‍යතාවය ගැන මට මදක් සිහිපත් විය. නැත.. ගැහැණු පමනක් නොවේ.. චපල පිරිමින්ද ඕනෑ තරම් ඇත. එහෙත් අති පිරිසිදු සිතින්, දිනූකා මිස් ගැන සිතා සිටි මගේ සිත ඉදිරියේම ඇය මේ කියන්නේ මොනවාද..? ප්‍රසාද් මේ දැන් ආවත්, ඔහු සමග ඇය යන බවද..? ප්‍රසාද් මොන දේ කළත් තමා ප්‍රසාද්ට සමාව දෙන බවද..?


    "දැන් මිස් මොකක්ද කරන්න හදන්නේ..?"


    "කරන්න ඕන කිසිම දෙයක් මට තේරෙන්නෑ.. ප්‍රසාද් ඊයෙ මට කතා කලා.."


    "මොනවා..?"


    හොල්මන් දහයක් එක පෙලට සිටිනවා දැක්කාටත් වැඩිය බියකින් මම ඇලලී ගියෙමි. දෙවියනේ.. මේ සිදුවන්නේ මොනවාද...?


    "එයාට මාව හම්බවෙන්න ඕනලු.. මං බෑ කිව්වා කාචංන.. ඔයා හින්ද විදපු දුක් කන්දරාව හොදටම ඇති කියලා මං කිව්වා.. එයා ඒවා පිළිගන්නෙ නෑ.. වෙච්ච දේවල් වලට සමාවෙලා එයාව මුණ ගැහෙන්නලු.."


    සිතේ ඉදිවී තිබූ සොදුරු ටජ් මහලේ කුලුණු හෙමින් සීරුවේ දෙදරා යන හැටි මට දැනෙයි.. සිත විශාල වේදනාවකින් ඇලලී යන්නේ ඇයි කියා මට වැටහෙන්නේ නැත. ඇය මට කිසිදාක අයිති කරගන්නට බැරිබව සැබෑය. එහෙත් දුරින් හිද හෝ ඇය දෙස බලා සිටීමට මට ආත්ම ගණනකට සැනසීම් ලබාදෙන දෙයකි. ඇය මේ කියන්නට යන්නේ එයත් මට අහිමිවන බවද..?


    "මිස් මොනවද කිව්වේ...?"


    "මං මොනවද කියන්නෙ කාංචන.. මං බෑ කිව්වා.. ඒ පාර ප්‍රසාද් කියනවා මං එයා ළගට ආවෙ නැත්නම්, එයා මං ඉන්න තැනට එනවලු.. මාව හම්බවෙන්න.."


    මසිත ගිනි වැදී යයි.. හදවත පුපුර පුපුරා නැගෙන දුක් විලාපය දෑස් මතින් පිටව යන්නට මගක් සොයයි..


    "හ.. හම්බවෙලා..?"


    "එ.. එයා කියනවා මාව බදින්න ඕනලු.. බැදලා මාත් එක්කම රට යනවලු.."


    මට කෙලින් සිටගෙන ඉන්නට පවා පණක් නොමැත. මා පත්වූයේ දැඩි අසහනකාරී තත්වයකටය. කුමක් කිව යුතුදැයි මට සිතා ගන්නට බැරිය. ප්‍රසාද් මේ සියල්ලම කියවා ඉවර වෙනතුරු දිනූකා මිස් ඔහේ අසාගෙන සිටියාද..? මේවාට විරුද්ධව ඇයට වචනයක්වත් කියන්නට හිත් නොදුන්නේද..? මම දිනූකා මිස් දෙස අපමණ ශෝකයකින් බලා සිටියෙමි. මගේ දෑසට කදුළු පිරීගෙන එන සැටි මට දැනේ..


    "ඇ.. ඇයි කාංචන මේ..? මට මේවා කියන්න පුළුවන් ඔයා එක්ක විතරයි දෙයියනේ... ඔයාට මං නිතරම කියලා තියෙනවනේ ප්‍රසාද් මට හරියට වද දුන්නා කියලා.. තව ඉස්සරහටත් ඒක එහෙම්මම වෙයි. ම.. මට තේරෙන්නෑ, මොනව කරන්නද කියලා.. ම.. මට ලොකු බයක් දැනෙනවා, හුගාක් නපුරු දේවල් තවත් ඉස්සරහට වෙයි කියලා"


    දිනූකා මිස් මේසය මත හිස ගසාගෙන සුසුම් ලෑවාය. ඒ මුදු සිතේ ඇති දුක් කන්දරාවම දෝතට ගෙන ඇයව සැනසීමට මට හැකිය. දිනූකා මිස් වෙනුවෙන් කල නොහැකි දෙයක් මට නැත.


    "අ.. අපි මේක මැණික්දිවෙල සර්ට කියමුද මිස්..."


    දිනූකා මිස් සැනෙකින් හිස උස්සා මදෙස බැලුවාය. ඒ දෑසේ තිබුණේ දැඩි බලාපොරොත්තු සහගත බවකි. එහෙත් ටිකෙන් ටික ඒ බලාපොරොත්තු දියවී යන සැටි මම අපමණ කම්පාවෙන් බලා උන්නෙමි.


    "කලින් පාර තාත්ති මේ ප්‍රශ්නෙට පටලැවිලා තව පොඩ්ඩෙන් කරදර ගොඩක් වෙනවා.. ප්‍රසාද්ට ගහපු එකට, පොලීසිය හරියට තාත්ති පස්සෙ පැන්නුවා.. එහෙට මෙහෙට සල්ලි විදි කරලා තමයි තාත්ති බේරුනේ. මොකද ප්‍රසාද්ගෙ ළගම නෑදෑයෙක් ඉන්නවා ඇමති කෙනෙක් වෙන. ඉතිං ප්‍රසාද් මොන දේ කළත් අර ඇමතිගෙ ගාඩ් එක එයාට තියෙනවා.. ඒක හින්දා මේ පාර මට තනියෙම තමයි මේ ප්‍රශ්නෙ විදසගන්න වෙන්නේ.. අනිත් දේ තමයි මගේ ආදරේට මේ මොකද උනේ කියලා, මම හරියටම දැනගන්න ඕන.. එපා වෙනකොට දාලා යන්නයි.. ආයෙ ඕන වෙනකොට ලංවෙන්නයි හදන මිනිහෙක්ව මට ඕනෙ නෑ.. ඔයාට තේරෙනවද කාංචන.. මං මේ අවංකවමයි කියන්නේ.. මං මේ ගැන ලොකු තීරණයක් ගන්නවා.."


    ඇයගේ ලොකු තීරණය කුමක්දැයි මම අසන්නට නොගියෙමි.. එහෙත් අද උදෑසන ආ දුරකථන ඇමතුම ගැන මම ඉන්පසුව ඇයට කීවෙමි. එහිදී සිදුවූ කතාබහත්, අකුරක් නෑරම මම වැමෑරුවෙමි. බලා ඉද්දීම මිස්ගේ දෑස් නළලට ගියාය. දියෙන් මේ දැන් ගොඩ දැමූ මාළුවෙකු මෙන් ඇය දැන් හැගෙයි.


    "ඇ... ඇයි.. මි.. මිස්..?"


    "ඇයි කාංචන එහෙම කතා කලේ..?"


    "ඉතිං මිස්, ඒ මනුස්සයා කතා කරපු තාලෙට මං වෙන කොහොමද කතා කරන්නේ..? ජීවිතේට ඉස්කෝලෙ ගියපු නැති මනුස්සයෙක් වගේ කතා කලේ.. අනික මිස්ට වත් කිසිම ගරු නම්බුවක් දීලා කතා කලේ නෑ.. මට වැඩියෙන්ම තරහා ගියේ ඒකට.."


    "සමහරවිට.."


    එසේ කියා දිනූකා මිස් ඉතිරි වචන ටික ගිල ගත්තාය. මගේ නොසන්සුන් සිතේ පැන නැගී ආවේ දැඩි කුකුසකි. ඇය ඉතිරි ටික නොකියන්නේ ඇයි..?


    "සමහර විට මොකක්ද මිස්..?"


    "ඒ කතා කෙරුවෙ ප්‍රසාද් වෙන්න පුළුවන්.."


    අධික මීදුම් සහිත මාර්ගයක, මීදුම ඉවත්වී පාර පැහැදිලි වනවා සේ මට සියල්ල පැහැදිලි වන්නට විය. දිනූකා මිස් කියනා ලෙසටම, උදෑසනම ආ ඇමතුම ප්‍රසාද්ගෙන් විය යුතුය. දැන් දැන් මගේ සිතේ වූ නොසන්සුන්කමට අමතරව ආවේ බියකට සමාන වූ හැගීම් ගොන්නකි. එසේ නම් මා වීරයකු සේ පඩි ටෝක් දමා ඇත්තේ දිනූකා මිස්ගේ ප්‍රථම ආදරය සමගය..


    "මට සමාවෙන්න මිස්.. මං මේ වෙච්ච කිසි දෙයක් දන්නෙ නැතුවයි කතා කරේ..."


    "නෑ කාංචන.. ඒක ඔයාගෙ වැරැද්දක් නෙමෙයි.. ඔයා එහෙම කතා කරපු එක හොදයි. එතකොට ප්‍රසාද් දැනගනියි, මගේ ගාඩ් එකට මගේ ළග කවුරු හරි ඉන්නවා කියලා.. ඒක මට ලොකු ශක්තියක්.."


    "ම.. මට පුළුවන් උදව්වක් මං කරන්නම් මිස්.. මට මේ ලෝකෙ මගේ කියලා ඉන්නේ මිසුයි, අයියයි විතරයි.. මට නැතිවෙන්න දෙයක් නෑ මිස්.. කිව්වා වගේම මං මිස්ගෙ ගාඩ් එකට ඉන්නවා. මිස්ට පුංචි කරදරයක්වත් වෙන්න මං ඉඩ තියන්නෑ.. ඒක පොරොන්දුවක්.."


    "තෑන්ක්ස් කාංචන.. ඔයා ඔහොම කියන එකත් මට මහ ලොකු හයියක්.. ඔයා මේ කරන උදව් මං කවදාවත් අමතක කරන්නෑ.."


    දිනූකා මිස් තවත් මොනවදෝ, මහ හුගක් කියවාගෙන ගියාය. ඇත්තෙන්ම ඒ කිසිවක් මසිතේ රැදුණේ නැත. මගේ සිතේ තිබුණේ ඇය වෙනුවෙන් ඉපදී තිබූ මොකක්දෝ කියාගත නොහැකි ආදරණිය හැගීම්, බැදීම් රාශියකි. එහෙත් ඒවායින් එක අංශු මාත්‍රයක් හෝ ඇයට කිව නොහැකි බැව් මම හොදාකාරවම දැන සිටියෙමි. එවිට දිනූකා මිස්ට, ප්‍රසාද්ට වඩා මාව එපාවනු ඇත. හොදම දෙය නම් මේ ඉවසුවා සේ තව කල්ප කාලයක් හෝ ඉවසා හිදීමය. එහෙත් මා ඉවසුවාට ප්‍රසාද් ඉවසා සිටීවිදැයි මගේ සිතේ වූයේ දැඩි සැකයකි.


    Mathusambandai.gif