♦️අරක්කු මිල ඉහලට 😪 මාසේ පඩි ජෙප්පෝ බිලත් ඉවරයි

hitter

Well-known member
  • Dec 4, 2016
    4,393
    6,536
    113

    අද සිට ක්‍රියාත්මක වන පරිදි මත්පැන් සඳහා වන නිෂ්පාදන බද්ද 6 % කින් වැඩි කර තිබේ.​

    මුදල් අමාත්‍යාංශය ඒ බව නිවේදනය කළේ, අතිවිශේෂ ගැසට් නිවේදනයකින් ය.

    මේ අතර අදාළ ගැසට්ටුව තුළ වාහන ඇතුළු භාණ්ඩ වර්ග කිහිපයක තීරුබදු ගාස්තු ප්‍රකාශයට පත්කර තිබේ.

    එම ගැසට් පත්‍රයට අනුව මිලි ලීටර් 750 මත්පැන් බෝතලයක මිළ අවම වශයෙන් රු. 106 කින් ඉහළ යනු ඇති

    ඊට සමගාමීව අනෙකුත් මත්පැන් වර්ගවල මිල ද සියයට 5කින් ඉහළ යන බව ගැසට් නිවේදනයේ දැක්වෙයි.

    මේ අතර, සුරාබදු ඉහළ නැංවීමත් සමග අද සිට ක්‍රියාත්මක වන පරිදි දුම්වැටි මිලද ඉහළ දමා ඇතැයි ලංකා දුම්කොළ සමාගම පවසයි.

    කාණ්ඩ හතරක් යටතේ මිල ගැලපීම් ක්‍රියාත්මක කර ඇති අතර, රුපියල් 5 සිට 10 දක්වා දුම්වැටියක මිල ඉහළ යනු ඇති
     

    thomian

    Well-known member
  • May 20, 2011
    12,793
    17,993
    113
    Cleaning in progress... ⏳

    Cleaning-In-progress-floor-sign-1.jpg


    Adu kule bus mitto..
    Adu kule 3 wheel mitto..
    Adu kule bebaddo..

    🤣🤣👍
     
    Last edited:

    supun_sg

    Well-known member
  • Sep 5, 2010
    16,295
    25,072
    113
    tracing Geo-location.. ... ...
    අරක්කු සිගරට් බොන්න හොඳ නෑ බං.. අනික පුනරුදයට ඡන්දේ දුන්න මිනිස්සුන්ටත් ඕනි ඔය දහජරාව පාවිච්චි නොකර හොඳ රටට වැඩ දායි පුරවැසියෝ වෙන්න.. ඒකට මේක හොඳ අවස්ථාවක්..


    කියලා ජෙබයියෙක් කියලා යයි ඇවිත් පොඩ්ඩක් ඉන්න..
     

    lasankandy

    Well-known member
  • Jul 18, 2009
    32,780
    34,254
    113
    KY
    🧐 පුනුරුදයට පණ දෙනකොට චන්දේ දුන්න උන් බීලා කොහොමද 😂
     
    • Haha
    Reactions: supun_sg

    Janatha Jhon

    Well-known member
  • Nov 24, 2023
    10,570
    14,445
    113
    එකෙක්ට ගෙදර ඉදන් කඩල පැකට් එකක් එක්ක භාගයක් ගහන්නත් රුපියල් දෙදාහක් යනවා අවම. සිගරට්, සෝඩා නැතිව තෝරා බීඩියක් බීලත්
     

    SDCR

    Well-known member
  • Dec 24, 2020
    7,650
    7,713
    113
    අඩු කරානන් කියයි "අනුරට ඡන්දෙ දුන්නාට ඔන්න තොපිට අරක්කු අඩු කරලා" කියල 🤣
     

    Bitter Truth

    Well-known member
  • Dec 19, 2015
    24,465
    47,540
    113
    නියම වැඩක්..මාත් නැවැත්තුවා ඔය මළ ජරාව බොන ඵක 2025 පලවෙනිදා ඉඳන්..අපරාදේ ඕවට වියදම් කරපු සල්ලි මේතතරම් කල් ඵකතු කරානම් වාහනයක් වුනත් ගන්න තිබ්බා..මිනිස්සු විනාස කරන්නේ සුරාව, සූදුව ,වල් ගෑණු කියලා ඒ කාලේ ඉඳන්ම කියලා තියෙන්නේ කට කහනවට නෙමෙයි..🙁