♦️ පොහොට්ටු කොන්දා මගියාගේ කණ කාලා

lapaman

Well-known member
  • Apr 3, 2023
    4,689
    8,380
    113
    කොළඹ සිට අවිස්සාවේල්ල දක්වා ධාවනය වූ බස් රථයක් තුලදී කොන්දොස්තරවරයා සහ මගියකු අතර ඇති වූ බහින්බස් වීමක් අතරතුර කොන්දොස්තරවරයා මගියාගේ දකුණු කණෙහි කොටසක් සපා කා කඩාගෙන ගිල දමා ඇතැයි මීගොඩ පොලිසිය පවසයි.

    අදාල මගියා අද (17) රාත්‍රි නාවින්න ප්‍රදේශයෙන් එම පෞද්ගලික බස් රථයට ගොඩවී ඇති අතර ගොඩගම දක්වා බස් රථයට මුදල් ලබා දී රියදුරු අසුන අසල සිටගෙන පැමිණ ඇත.

    එම අවස්ථාවේදී කොන්දොස්තරවරයා කිහිපවරක් මගියාට බස් රථයේ පිටුපසට යන ලෙස දැනුම් දී ඇති බවත් එහිදී ඇති වූ බහින්බස් වීමකදී කොන්දොස්තර මගියාට පහර දී කණෙන් කොටසක් සපා කා ගිල දමා ඇතැයි ද පොලිසිය පවසයි.

    මහරගම ගුරු විද්‍යාලය ආසන්නයේදී සිදුවීම සිදුවී ඇති අතර හෝමාගම නගරයට ලංවෙන අවස්ථාවේදී මගියාගේ කණෙහි කොටසක් නොමැති බව තවත් මගියකු අදාල තරුණයාට දැනුම් දී ඇත.

    ඒ අවස්ථාවේදී කණ අත ගා බැලීමේදී කණෙමි කොටසක් අඩු බව දැනගත් අදාල මගියා මීගොඩ පොලිසිය අසලින් බස් රථය නවත්වා මේ පිළිබදව මීගොඩ පොලිසිය වෙත පැමිණිල්ලක් සිදු කර ඇත.

    එම අවස්ථාවේදීම බස් රථයේ සැගව සිටි කොන්දොස්තරවරයා මීගොඩ පොලිසියේ නිළධාරීන් අත් අඩංගුවට ගෙන තුවාල ලැබූ මගියා රෝහල් ගත කිරීමට පියවර ගත් බවද මීගොඩ පොලිසියේ උසස් නිළධාරියෙක් පැවසීය.

    මෙලෙස අත් අඩංගුවට පත්ව ඇත්තේ කොළඹ අවිස්සාවේල්ල පෞද්ගලික බස් රථයක කොන්දොස්තරවරයෙක් වන ගල්ගමුව ප්‍රදේශයේ පදිංචිකරුවකු වන 25 හැවිරිදි පුද්ගලයෙකි.

    එම සැකකරු ⁣වැඩිදුර පරීක්ෂණ සදහා මහරගම පොලිසිය වෙත භාර දීමට නියමිත වේ.
     
    • Haha
    Reactions: inspiron

    Janatha Jhon

    Well-known member
  • Nov 24, 2023
    10,570
    14,445
    113
    අපේ බාප්පට උනා ඔහොම සීන් එකක්.

    මාළු කඩේ උන් එක්ක වලියක් ගිහිං බාප්පලා කැන්ටර් අරං ගියා, අපිට දොරවල් වහන් නිදා ගන්න කියලා.

    පැය දෙකකින් විතර මු ඇවිල්ලා අපේ ගෙදරට වෙලා කෝපි කඩේ බලනවා කනේ ප්ලාස්ටර් එකක් අලවන්.

    මාළු කඩේ උන් මන්නෙන් ගහලා. කනේ භාගයක්‌ නැහැ පස්සේ බලද්දී.