රට තුළ ඇති වූ දරුණු කාලගුණ තත්ත්වය සම්බන්ධයෙන් මහජනතාවට නිසි වේලාවට අනතුරු ඇඟවීමට කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජනරාල්වරයා අපොහොසත් වූ බවට චෝදනා කරමින්, ඒ පිළිබඳව පරීක්ෂණයක් පවත්වන ලෙස ඉල්ලා මානව හිමිකම් කොමිෂන් සභාවට පැමිණිල්ලක් ඉදිරිපත් කර ඇත.
මෙම පැමිණිල්ල සිදුකර ඇති "අපි ශ්‍රී ලංකා" සංවිධානයේ කැඳවුම්කරු වන ප්‍රියන්ත හේරත් මහතා ප්‍රකාශ කළේ, මෙම ව්‍යසනය හේතුවෙන් විශාල පිරිසක් මරණයට පත්වීම, අතුරුදන් වීම සහ පීඩාවට පත්වීම සැලකිල්ලට ගත් විට, දෙපාර්තමේන්තුවේ ක්‍රියාකාරීත්වය සම්බන්ධයෙන් බරපතළ සැකයක් මතුවන බවයි.
ඔහු වැඩිදුරටත් අවධාරණය කළේ, මෙවැනි මහා පරිමාණ විපතක් සිදුවන බව දැන දැනත්, නිලධාරීන් විසින් මහජනතාව දැනුවත් නොකළ බවට විවිධ පාර්ශ්වයන්ගෙන් චෝදනා එල්ලවීම බරපතළ තත්ත්වයක් බවයි.
"රටට බලපෑ මෙම මහා ව්‍යසනයේදී, කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පැත්තෙන් යම් දෝෂයක් සිදුවී ඇත්දැයි අපට නිශ්චිතවම දැනගත යුතුයි. මන්ද, මෙම ආපදාවෙන් ජීවිත අහිමි වූ ජනතාවට සාධාරණයක් ඉටු විය යුතුයි. එම නිසා අපි මානව හිමිකම් කොමිෂන් සභාවට ගොස් පැමිණිලි කළා." යනුවෙන් හේරත් මහතා වැඩිදුරටත් පැවසීය.

Last edited: