--------------------------------------------------
කහ පැහැය බැලූ බැල්මට භීතිය දනවන වර්ණයක් යැයි අපට සිතෙන්නේ නෑ, නමුත් Horror/thriller වැනි සිනමා ශානරයක, ස්ටීවන් කින්ගේ බිහිසුණු නවකතාවල ඒ වගේ අවස්තා බහුලයි.
ඒ නිසාම සිනමාපට රසිකයෙක් නම්,මෙවන් ශානරයක සිනමාපටයක් නරඹනවිට, එහි චරිතයක් කහපාට රේන්කෝට් එකක්,කුඩයක් හෝ ඇදුමක් ඇදන් ඉන්නවා දුටුවොත්, ඔහු හෝ ඇයගේ ඉදිරිය/ අවසානය එතරම් සුභදායක නොවන බවට හැගීමක් ඒම සාමාන්‍යයි.
කහ යනු, සුදු පැහැයටත් වඩා අදුර තුළ ඉතාම හොදින් කැපී පෙනෙන වර්ණයක්. විශේෂයෙන් කහ පැහැ වැහි කබායක්, කුඩයක් පැලදගෙන යන කෙනෙක් අදුරු වැසි දිනෙක පහසුවෙන් කැපී පෙනෙනවා. ඒ වගේම කහ පැහැ මං සලකුණු රාත්‍රියට ඉතා හොදින් දර්ශනය වෙනවා. ඒ නැතත්, තැනෙක විශේෂයෙන් කැපී පෙනෙන්න ඕනේ නම් ඔබේ පළමු තේරීම කහ වර්ණය කරගැනීම වඩාත් සුදුසුයි.
ඉතිං සරලම අදහස "ඔබ කහ පැහැ යමක් ඇද පැලදගෙන, අත දරාගෙන ඉන්නවනම් ඔබව ඒ පරිසරයෙන් විශේෂයෙන් කැපී පේන්න ගන්නවා". විශේෂයෙන් අදුර රජයන පරිසරයකදි...
භීතිය දනවන සිනමාපටයක කහ කියන්නේ "එම චරිතයට සැගවීමේ අවස්තා අවම බවත්, එය දැනටමත් අදුරේ හෝ නපුරේ කෲර දෑසට හසුවී ඇති බවත් සංකේතාත්මකව නිරූපණය" කිරීමක් ලෙස හැදින් විය හැකිය.
Dark (Tv series)-2017
Hope(korean movie) 2013
Talk to me(2022)
Stranger things(Tv series)
It(2017)
The village (2004)
Coraline (2009
ප.ලි:- මෙය සංකේතාත්මක නිරූපණයක් පිළිබඳ ලිපියක් පමණි. කහ හා බැදි මිත්‍යා මතයක් නොවේ
උපුටා ගැනීමකි