⚠ ️️අනිවාර්යයෙන් කියවන්න‼️

Crazy killer

Well-known member
  • Nov 15, 2014
    875
    269
    63
    මෙවර වඩාත් ශක්තිමත්, උපක්‍රමශීලී සහ අදෘශ්‍යමාන ලෙස නැවතත් කොවිඩ්-19 වෛරසය පැමිණ ඇත. කැස්ස හෝ උණ තත්ත්වය නොමැත. ඇත්තේ සන්ධි වේදනාව, ශාරීරික දුර්වලභාවය සහ කොවිඩ් නිව්මෝනියා තත්ත්වය පමණි.

    ඇත්තවශයෙන්ම මරණ අනුපාතය වඩාත් ඉහළ ගොස් ඇත. ප්‍රවේශම් වන්න ඇතැම්විට රෝග ලක්ෂණ නොමැතිව ම ඉතා කෙටි කාලයකින් උත්සන්නතම අවස්ථාව දක්වා පැමිණේ.
    එය අපගේ නාස් කුහරය තුළ නොරැඳෙන අතර ඍජුවම පෙනහලු තුළට බලපායි, ඉන් අදහස් වන්නේ පෙනහළු වලට පිවිසීමට පෙර නාසය තුළ රැඳෙන කාලය අවම වන බවයි. උණ තත්ත්වයක් නොමැති නමුත් #XRay පටයක් තුළින් පපුවෙහි නිව්මෝනියා තත්ත්වයක් ඇති රෝගීන් මා දැක ඇත.

    නාසයෙන් ලබාගන්නා පටක පරීක්ෂාව (#PCR) තුළ බොහෝවිට වෛරසය නොමැත. එයින් අදහස් වන්නේ වෛරසය සෘජුවම පෙනහළු තුළට ඇතුළු වී වයිරස් නිව්මෝනියා තත්ත්වය මගින් ස්වසන අපහසුතාවක් ඇති කරන බවයි! මේ අනුව එය අතිශය දරුණු සහ මාරාන්තික බව පැහැදිලි වේ!!!

    ⚠️️ ප්‍රවේශම්වන්න‼️

    1️⃣ සෙනඟ ගැවසෙන ස්ථාන මගහරින්න‼️
    2️⃣ මුඛ ආවරණ පළඳින්න ‼️
    3️⃣ නිතර අත සෝදන්න ‼️

    මෙම රැල්ල පෙර ඒවාට වඩා අතිශය මාරාන්තිකයි‼️

    එබැවින් අප අතිශය ප්‍රවේශම් විය යුතු අතර පූර්ව ක්‍රමෝපායන් යොදා මෙම තත්ත්වය පිටුදැකිය යුතුයි. ඔබත් ඔබේ මිතුරන් සහ පවුලේ සාමාජිකයින් අතර විමසිලිමත් සන්නිවේදකයකු වන්න.

    ⚠️️ සැලකිය යුතුයි :
    මෙම තොරතුරු ඔබ ළඟ පමණක් තබා නොගන්න මෙය ඔබගේ මිතුරන් සහ පවුලේ අය අතර බෙදා හරින්න‼️
    කරුණාකර පරිස්සමෙන් ඉන්න‼️

    උපුටා ගැනීම :
    පෙනහලු රෝග විශේෂඥ වෛද්‍ය Ritesh Kumar මහතාගේ මුහුණු පොතෙනි.

    🔴 නවතම රෝග ලක්ෂණ

    ⚠ කොවිඩ්-19 වෛරසයේ ️️B.1.1.7. ප්‍රභේදය හේතුවෙන් මීට පෙර කොවිඩ් ව්‍යාප්තියේදී ආසාදිතයින්ගෙන් වාර්තා වූ උගුරේ වේදනාවට පෙර රෝගීන්ට නියුමෝනියා තත්ත්වය ඇතිවේ‼️

    ⚠️️ ️️B.1.1.7. ප්‍රභේදය නිසා රෝගීන්ට ශ්වසන අපහසුකම් ඇතිවී රෝගය උත්සන්න වන තෙක් ඔවුන් ආසාදිතද යන්න හදුනාගැනීම අපහසුය‼️

    ⚠ඔබ️️ ආසාදිතයින් වාර්තා වූ ප්‍රදේශයක ජිවත්වන පුද්ගලයෙකු නම් ඔබ සතු රෝග ලක්ෂණ සම්බන්ධයෙන් දැඩි අවධානයෙන් පසුවන්න‼️

    ️️ ඔබ තරප්පු පෙළක් මීට පෙර මහන්සියකින් තොරව නැග ආ නමුත් දැන් ඊට පසු හතිය දැනේ නම් !

    ️️ ඔබට හුස්ම අල්ලා හඬනගා 1-10 දක්වා වත් ගැණිය නොහැකි නම් !

    ඔබ හුස්ම අල්ලා හඬනගා 1 සිට 20 හෝ 40 වැනි සංඛ්‍යාවක් ගණනය කර ඉන් පසුව කෙටි දුරක් ඇවිදීම වැනි ක්‍රියාකාරකමකින් පසු, යළි ගණනය කිරීම 1-10 ට අඩු නම් !

    වචන කීපයක් කතා කරද්දී ඔබට මහන්සිය දැනේ නම් !

    ⚠️️ මුල් අවස්ථාවේදී වෛද්‍ය උපදෙස් පැතීම මගින් රෝගය උත්සන්න වී දැඩි සත්කාර ඒකකයට යාමට තිබෙන ඉඩකඩ අවම කරගත හැකියි‼️

    ⚠️️ යම් හෙයකින් රෝගය උත්සන්න වන තෙක් සිටියහොත් ප්‍රතිකාරයක් පවා ලබාගැනීමට නොහැකි තැනට පත්විය හැකියි‼️

    - ඖෂධ නීතිගත සංස්ථාවේ සභාපති
    විශේෂඥ වෛද්‍ය ප්‍රසන්න ගුණසේන

    🔴 නව කොරෝනා වෛරසයෙන් ආරක්ෂා වීමට අමරිකානු විශේෂඥයෙක්ගෙන්උපදෙස්

    KN95 වර්ගයේ මාස්ක් 02ක් ගන්න . එකක් අද පළදින්න. අනෙක හෙට දින පැළඳීම සඳහා කඩදාසි බෑගයක තබාගන්න . මාස්ක් එක හොඳ තත්ත්වයේ පවතින තුරු දිනපතා මේ ක්‍රමය අනුගමනය කරන්න

    රෙදි මාස්ක් හරහා කොරෝනා වෛරසය ඇතුළු වීමට ඉඩ ඇත.

    කොරෝනා වාතයෙන් පැතිරීම යනු එය සාමාන්‍ය පරිසරයේ සුළඟ ඔස්සේ පැතිරීමක් / පාවී යාමක් නොවේ . නමුත් හොඳින් වාතාශ්‍රය හුවමාරු නොවන කාමරවල ( ජනේල් අඩු ) මෙම වෛරසය පැය කිහිපයක් පැවතිය හැක . එම නිසා විවෘත නොවූ කාමරවල දී mask එක ඉවත් කිරීමෙන් වලකින්න .

    - මේරිලන්ඩ් සරසවි වෛද්‍ය පීඨයේ උප සභාපති
    විශේෂඥ වෛද්‍ය ෆහීම් යූනුස්

    🔴 කෝවිඩ් මාරයා පැරදවීමට පෙනහලු සවිමත් කරමු‼️ 🖒

    වෛරසය ඇති කරන බලපෑමට ඔරොත්තු දීමේ ශක්තිය පෙනහලු වලට තිබේ නම් යම්කිසි ආකාරයක සහනයක් ලැබෙනු ඇත. සෑම අයෙක්ම පෙනහලු ශක්තිමත් කිරීමට අවධානය යොමු කිරීම දිවි රැකෙන්නට හේතුවක් වනු ඇත. 🖒

    ⛤ නයිට්රස් ඔක්සයිඩ් නැමති සංයෝගය කොවිඩ් වෛරසය විනාශ කිරීමට භාවිතා කීරීමට හැකියාව ඇති බව සොයාගෙන ඇත.

    ✡සිරුර තුළ නිෂ්පාදන වන මෙම සංයෝගයේ ජෛව බහුල බව පෙනහලු තුළ වැඩි කිරීමට හැකියාව තිබේ නම් එය ආසාදනය උත්සන්න වීම වලක්වා ගැනීමට උපකාරී වනු ඇත.

    ශ්වසන ව්‍යායාම කිරීම හා නයිට්රස් ඔක්සයිඩ් නිෂ්පාදනය වැඩි කිරීමට හේතුවන පහත දැක්වෙන දේවල් වැඩි වැඩියෙන් ආහාර සමග මුසු කර ගැනීම වැදගත් වේ.

    1️⃣බීට්රූට්
    2️⃣කොමඩු
    3️⃣ සුදුලූණු
    4️⃣ කොළ එළවළු
    5️⃣ දෙලුම්
    6️⃣ පැඟිරි පලතුරු
    7️⃣ කලු චොකලට්
    8️⃣ කජු හා ඇට වර්ග

    🔴ශ්වසන ව්‍යායාම

    ස්වායුක ව්‍යායාම වල යෙදීම පෙනහලු ශක්තිමත් කිරීමට වැදගත් වෙයි. ශ්වසන ව්‍යායාම කිරීම අමතරව සිදු කිරීමට හැකි වේ.

    01. තොල් තෙරපුම් ශ්වසනය

    1️⃣ උරහිස් හා බෙල්ල සැහැල්ලු කරගන්න වාඩිවී හෝ සිටගෙන සිදු කිරීමට හැකි ය.
    2️⃣ නාසයෙන් හොඳට හුස්ම ඇතුලතට ගන්න.
    3️⃣ හුස්ම මදක් රඳවාගෙන සිටින්න.
    4️⃣ ඉටිපන්දම් නිවීමේදී තොල් තබාගන්නා ලෙස තබා ගනිමින් කටින් හුස්ම පිට කරන්න.
    5️⃣ හුස්ම ගැනීමට ගත කල කාලය මෙන් දෙගුණයක හෝ තුන් ගුණයක කාලයක් හුස්ම පිටකිරීමට ගත කරන්න. 20 වරක් පමණ සිදු කරන්න .

    02. උදර ශ්වසනය

    1️⃣ බිම දිගා වී දණහිස් මදක් නවාගෙන හිස හා බෙල්ල සැහැල්ලු කරගන්න.
    2️⃣ වම් අත පපුව මත හා දකුණු අත උදරය මත තබා ගන්න.
    3️⃣ දිව උඩු ඇන්දේ දත් වලට තෙරපාගෙන නාසයෙන් හුස්ම ගන්න.
    4️⃣ උදරයේ පිම්බීම අත්විඳින්න.
    5️⃣ හුස්ම මදක් රඳවාගෙන සිටින්න.
    6️⃣ උදරය හැකිලීම සිදු වන තෙක් කටින් හුස්ම පිට කරන්න. 20 වරක් පමණ සිදු කරන්න.

    03. ඈනුම හා සිනහව

    1️⃣ අත් උරහිස් මට්ටමේ පවතින ලෙස ඔසවා ගනිමින් හුස්ම ගන්න.
    2️⃣ ඈනුමක් අරිනවා ලෙස මුඛය විවෘත කර අත් පහත හෙලන ගමන් ශබ්දය නගා සිනාසෙන්න. 10 වරක් පමණ සිදු කරන්න.

    04. හම්මින් ශ්වසනය

    1️⃣ පහසුවෙන් වාඩි වෙන්න.
    2️⃣බෙල්ල හා උරහිස් සැහැල්ලු කරගන්න.
    3️⃣ නාසයෙන් ගැඹුරට හුස්මගන්න.
    4️⃣ දිව උඩු ඇන්දේ දත් වලට තෙරපාගෙන හම්ම් යන හඩින් දිගු කාලයක් තිස්සේ හුස්ම පිට කරන්න. 20 වරක් පමණ සිදු කරන්න.
    5️⃣ දිනකට කිහිප වතාවක් කරන්න. එවිට නයිට්රස් ඔක්සයිඩ් නැමති සංයෝග වැඩිවීම හා මනස සැහැල්ලු වීම සිදු වේ.

    -වෛද්‍ය ජගත් ඇල්විටිගල

    🔵 Airborne droplets vs Aerosol
    - කුඩා බිදිති(airbone droplets) සහ වාතයේ පවතින ඉතා කුඩා අංශු(aerosols)

    ඇයි දැන් මේක වැදගත් වෙන්නේ අපි දන්න දේට වඩා⁉️

    ⚠️1️⃣.ආසාදනය වූ තැනැත්තෙක් යම් තැනක සිට පිටව ගියද ඒරෝසල් (aerosols) එම පරිසරයේ රැදීපවතිමින් පසුව එහි ඇතුලුවන අයෙකුට ලෙඩේ සැදීමට ඇති හැකියාව‼️

    ⚠️️ 2⃣.ආසාදිත පුද්ගලයා මීටර කිහිපයක් දුරින් සිටියද සංවෘත පරිසරයක ඔබට රෝගය වැළදීමේ වැඩි හැකියාවක් වීම (සමහර අවස්ථා වළදි මීටර 10 -15 දුරින් සිටියද රෝගය වැළදී ඇත)‼️

    ⚠️3️⃣. සාමාන්‍ය කතාබහ , ආසාදිත පුද්ගලයාගේ ආශ්වාස ප්‍රශ්වාසයෙන් පවා ඔබට රෝගය වැළදිය හැක‼️

    මොනාද මේ- Aerosol -ඒරෝසල්⁉️

    වාතයේ පවතින ඉතා කුඩා අංශූ යනු ඉතාමත් කුඩා (මයික්‍රෝන 5 හෝ ඊට අඩු) ද්‍රවමය අංශූවේ. මේවා වාතයේ සාමාන්‍ය පරිදි සැරිසරමින් පවතින් ඉතා කුඩා දුවිලි අංශු වලට සම කළ හැක. කොවිඩ් වෛරසය මේවායෙහි අඩංගුවේ. මේ එරෝසල් වාතයේ රැදී පවතිමින් වෛරසය පැතිර යන නිසාත් , සෑහෙන වෙලාවක් වාතයේ රැදෙන නිසාත් අධික අසාධිත බවකින් යුක්තවේ. කිමිහුම් , කැස්ස , සාමාන්‍ය කතාබහ මෙන්න සාමාන්‍ය ආශ්වාස ප්‍රශ්වාසයේදී මෙම ඒරෝසල් ජනිතවේ.

    මොකක්ද වෙනස⁉️

    බිදිති( droplets) වලට වඩා වැඩි කාලයක් සංවෘත පරිසර වල වාතයේ රැදීමත් , වඩා වැඩි දුරකට පැතීරීමත් සිදුවේ ( මීටරේට වඩා)... එනම් ඒරෝසල් මගින් විශේෂයෙන්ම සංවෘත පරිසර වලදී ඔබට රෝගය වැළදීමේ වැඩි හැකියාවන් ඇත.

    මෙහිදී වඩාත් සැලකිය යුතු දේනම් තරමක් හෝ සංවෘත පරිසර තුළ මේවා රැදි පවතිමින් එම වටපිටාව පුරා ව්‍යාප්ති වීමෙන් රෝගය බෝ කිරීමයි.

    මොනාද සංවෘත පරිසර⁉️

    එනම් හොදින් වාතාශ්‍රයක් නොමැති දොරවල් ජනෙල් වලින් වැසුනු තැන්

    1️⃣කාමර
    2️⃣යාච්ඤා ශාලා( prayer room)
    3️⃣පල්ලි
    4️⃣බණ ශාලා
    5️⃣ආපන ශාලා
    6️⃣හෝටල්
    7️⃣ව්‍යායාම ශාලා ( Gymnasium )
    8️⃣රාත්‍රී සමාජ ශාලා(night clubs)
    9️⃣තදබදය ඇති බස්රථ
    ️රෝහල්

    මොකක්ද අපි කරන්න ඕනේ⁉️

    ✅ පල්ලි, පන්සල් , කෝවිල් දේවාල, ජිම්, පැණි පෝලිම් , සමාජ ශාලා , පන්දාහේ පෝලිම් වැනි තැන්වල නොගැවසීම, කෙටියෙන්ම කීවොත් එවැනි තැන්වලට නොයෑම‼️

    ✅ මාස්ක් එක නිවැරැදිව පැළැදීම, මේහිදී රෙදි මාස්ක් එකෙන් ලැබෙන් ආරාක්ෂාව සැක සහිතයි. රෙදි මාස්ක් 02ක් , සර්ජිකල් මාස්ක් එකක් සහ රෙදි මාස්ක් එකක් පාවිච්චි කල හැක‼️

    ✅ හදිසියේවත් යාමට සිදුවුවහොත් රැදී සිටීම ඉතා කෙටි කාලයකට සීමා කරන්න‼️

    ✅සංවෘත පරිසර වල දොරවල් , ජනෙල් ඇර හොදින් වාතාශ්‍රය සහ හිරැ එළිය ලැබෙන සේ සැකසීම‼️

    🔴 Remember three “C” s - C අකුරැ තුන මතක තබාගන්න‼️

    1️⃣ Crowded places - තද බදය ඇති මිනිස්සු ගැවසෙන ස්ථාන, සංවෘත පරිසර
    2️⃣ Close contacts - ලගින් ගැවසීම , සමීප ඇසුර
    3️⃣ Close conversations - සාමාන්‍ය කතාබහ , මුහුණට මුහුණ කතාබහ

    LPT (Location, Proximity and Time )

    ❎ එහෙනම් කෙටියෙන් අනතුරුදායක ස්ථාන මග හරින්න ‼️
    ❎ ලගින් ගැවසෙන්න එපා ‼️
    ❎ වැඩි වෙලාවක් කොතනත් ඉන්න එපා ‼️

    සර්වාංග හා කායික රෝග විශේෂඥ
    වෛද්‍ය රංග ගුණසේකර

    ⚠️️ Hotline for COVID-19 patients‼️