Dr Gamini Samarasingha
Forwarded message
*නවතම රෝග ලක්ෂණ*
⚠ කොවිඩ්-19 වෛරසයේ ️️B.1.1.7. ප්‍රභේදය හේතුවෙන් මීට පෙර කොවිඩ් ව්‍යාප්තියේදී ආසාදිතයින්ගෙන් වාර්තා වූ උගුරේ වේදනාවට පෙර රෝගීන්ට නියුමෝනියා තත්ත්වය ඇතිවේ
️ ️️B.1.1.7. ප්‍රභේදය නිසා රෝගීන්ට ශ්වසන අපහසුකම් ඇතිවී රෝගය උත්සන්න වන තෙක් ඔවුන් ආසාදිතද යන්න හදුනාගැනීම අපහසුය
⚠ඔබ️️ ආසාදිතයින් වාර්තා වූ ප්‍රදේශයක ජිවත්වන පුද්ගලයෙකු නම් ඔබ සතු රෝග ලක්ෂණ සම්බන්ධයෙන් දැඩි අවධානයෙන් පසුවන්න
️️ ඔබ තරප්පු පෙළක් මීට පෙර මහන්සියකින් තොරව නැග ආ නමුත් දැන් ඊට පසු හතිය දැනේ නම් !
️️ ඔබට හුස්ම අල්ලා හඬනගා 1-10 දක්වා වත් ගැණිය නොහැකි නම් !
ඔබ හුස්ම අල්ලා හඬනගා 1 සිට 20 හෝ 40 වැනි සංඛ්‍යාවක් ගණනය කර ඉන් පසුව කෙටි දුරක් ඇවිදීම වැනි ක්‍රියාකාරකමකින් පසු, යළි ගණනය කිරීම 1-10 ට අඩු නම් !
වචන කීපයක් කතා කරද්දී ඔබට මහන්සිය දැනේ නම් !
️ මුල් අවස්ථාවේදී වෛද්‍ය උපදෙස් පැතීම මගින් රෝගය උත්සන්න වී දැඩි සත්කාර ඒකකයට යාමට තිබෙන ඉඩකඩ අවම කරගත හැකියි
️ යම් හෙයකින් රෝගය උත්සන්න වන තෙක් සිටියහොත් ප්‍රතිකාරයක් පවා ලබාගැනීමට නොහැකි තැනට පත්විය හැකියි
- ඖෂධ නීතිගත සංස්ථාවේ සභාපති
විශේෂඥ වෛද්‍ය ප්‍රසන්න ගුණසේන
නව කොරෝනා වෛරසයෙන් ආරක්ෂා වීමට අමරිකානු විශේෂඥයෙක්ගෙන්උපදෙස්
KN95 වර්ගයේ මාස්ක් 02ක් ගන්න . එකක් අද පළදින්න. අනෙක හෙට දින පැළඳීම සඳහා කඩදාසි බෑගයක තබාගන්න . මාස්ක් එක හොඳ තත්ත්වයේ පවතින තුරු දිනපතා මේ ක්‍රමය අනුගමනය කරන්න
රෙදි මාස්ක් හරහා කොරෝනා වෛරසය ඇතුළු වීමට ඉඩ ඇත.
කොරෝනා වාතයෙන් පැතිරීම යනු එය සාමාන්‍ය පරිසරයේ සුළඟ ඔස්සේ පැතිරීමක් / පාවී යාමක් නොවේ . නමුත් හොඳින් වාතාශ්‍රය හුවමාරු නොවන කාමරවල ( ජනේල් අඩු ) මෙම වෛරසය පැය කිහිපයක් පැවතිය හැක . එම නිසා විවෘත නොවූ කාමරවල දී mask එක ඉවත් කිරීමෙන් වලකින්න .
- මේරිලන්ඩ් සරසවි වෛද්‍ය පීඨයේ උප සභාපති
විශේෂඥ වෛද්‍ය ෆහීම් යූනුස්
කෝවිඩ් මාරයා පැරදවීමට පෙනහලු සවිමත් කරමු
🖒
වෛරසය ඇති කරන බලපෑමට ඔරොත්තු දීමේ ශක්තිය පෙනහලු වලට තිබේ නම් යම්කිසි ආකාරයක සහනයක් ලැබෙනු ඇත. සෑම අයෙක්ම පෙනහලු ශක්තිමත් කිරීමට අවධානය යොමු කිරීම දිවි රැකෙන්නට හේතුවක් වනු ඇත. 🖒
⛤ නයිට්රස් ඔක්සයිඩ් නැමති සංයෝගය කොවිඩ් වෛරසය විනාශ කිරීමට භාවිතා කීරීමට හැකියාව ඇති බව සොයාගෙන ඇත.
✡සිරුර තුළ නිෂ්පාදන වන මෙම සංයෝගයේ ජෛව බහුල බව පෙනහලු තුළ වැඩි කිරීමට හැකියාව තිබේ නම් එය ආසාදනය උත්සන්න වීම වලක්වා ගැනීමට උපකාරී වනු ඇත.

ශ්වසන ව්‍යායාම කිරීම හා නයිට්රස් ඔක්සයිඩ් නිෂ්පාදනය වැඩි කිරීමට හේතුවන පහත දැක්වෙන දේවල් වැඩි වැඩියෙන් ආහාර සමග මුසු කර ගැනීම වැදගත් වේ.
බීට්රූට්
කොමඩු
සුදුලූණු
කොළ එළවළු
දෙලුම්
පැඟිරි පලතුරු
කලු චොකලට්
කජු හා ඇට වර්ග
ශ්වසන ව්‍යායාම
ස්වායුක ව්‍යායාම වල යෙදීම පෙනහලු ශක්තිමත් කිරීමට වැදගත් වෙයි. ශ්වසන ව්‍යායාම කිරීම අමතරව සිදු කිරීමට හැකි වේ.
01. තොල් තෙරපුම් ශ්වසනය
උරහිස් හා බෙල්ල සැහැල්ලු කරගන්න වාඩිවී හෝ සිටගෙන සිදු කිරීමට හැකි ය.
නාසයෙන් හොඳට හුස්ම ඇතුලතට ගන්න.
හුස්ම මදක් රඳවාගෙන සිටින්න.
ඉටිපන්දම් නිවීමේදී තොල් තබාගන්නා ලෙස තබා ගනිමින් කටින් හුස්ම පිට කරන්න.
හුස්ම ගැනීමට ගත කල කාලය මෙන් දෙගුණයක හෝ තුන් ගුණයක කාලයක් හුස්ම පිටකිරීමට ගත කරන්න. 20 වරක් පමණ සිදු කරන්න .
02. උදර ශ්වසනය
බිම දිගා වී දණහිස් මදක් නවාගෙන හිස හා බෙල්ල සැහැල්ලු කරගන්න.
වම් අත පපුව මත හා දකුණු අත උදරය මත තබා ගන්න.
දිව උඩු ඇන්දේ දත් වලට තෙරපාගෙන නාසයෙන් හුස්ම ගන්න.
උදරයේ පිම්බීම අත්විඳින්න.
හුස්ම මදක් රඳවාගෙන සිටින්න.
උදරය හැකිලීම සිදු වන තෙක් කටින් හුස්ම පිට කරන්න. 20 වරක් පමණ සිදු කරන්න.
03. ඈනුම හා සිනහව
අත් උරහිස් මට්ටමේ පවතින ලෙස ඔසවා ගනිමින් හුස්ම ගන්න.
ඈනුමක් අරිනවා ලෙස මුඛය විවෘත කර අත් පහත හෙලන ගමන් ශබ්දය නගා සිනාසෙන්න. 10 වරක් පමණ සිදු කරන්න.
04. හම්මින් ශ්වසනය
පහසුවෙන් වාඩි වෙන්න.
බෙල්ල හා උරහිස් සැහැල්ලු කරගන්න.
නාසයෙන් ගැඹුරට හුස්මගන්න.
දිව උඩු ඇන්දේ දත් වලට තෙරපාගෙන හම්ම් යන හඩින් දිගු කාලයක් තිස්සේ හුස්ම පිට කරන්න. 20 වරක් පමණ සිදු කරන්න.
️
දිනකට කිහිප වතාවක් කරන්න. එවිට නයිට්රස් ඔක්සයිඩ් නැමති සංයෝග වැඩිවීම හා මනස සැහැල්ලු වීම සිදු වේ.
-වෛද්‍ය ජගත් ඇල්විටිගල
Airborne droplets vs Aerosol
- කුඩා බිදිති(airbone droplets) සහ වාතයේ පවතින ඉතා කුඩා අංශු(aerosols)
ඇයි දැන් මේක වැදගත් වෙන්නේ අපි දන්න දේට වඩා
️
️
.ආසාදනය වූ තැනැත්තෙක් යම් තැනක සිට පිටව ගියද ඒරෝසල් (aerosols) එම පරිසරයේ රැදීපවතිමින් පසුව එහි ඇතුලුවන අයෙකුට ලෙඩේ සැදීමට ඇති හැකියාව
️ 2⃣.ආසාදිත පුද්ගලයා මීටර කිහිපයක් දුරින් සිටියද සංවෘත පරිසරයක ඔබට රෝගය වැළදීමේ වැඩි හැකියාවක් වීම (සමහර අවස්ථා වළදි මීටර 10 -15 දුරින් සිටියද රෝගය වැළදී ඇත)
️
. සාමාන්‍ය කතාබහ , ආසාදිත පුද්ගලයාගේ ආශ්වාස ප්‍රශ්වාසයෙන් පවා ඔබට රෝගය වැළදිය හැක
මොනාද මේ- Aerosol -ඒරෝසල්
️
වාතයේ පවතින ඉතා කුඩා අංශූ යනු ඉතාමත් කුඩා (මයික්‍රෝන 5 හෝ ඊට අඩු) ද්‍රවමය අංශූවේ. මේවා වාතයේ සාමාන්‍ය පරිදි සැරිසරමින් පවතින් ඉතා කුඩා දුවිලි අංශු වලට සම කළ හැක. කොවිඩ් වෛරසය මේවායෙහි අඩංගුවේ. මේ එරෝසල් වාතයේ රැදී පවතිමින් වෛරසය පැතිර යන නිසාත් , සෑහෙන වෙලාවක් වාතයේ රැදෙන නිසාත් අධික අසාධිත බවකින් යුක්තවේ. කිමිහුම් , කැස්ස , සාමාන්‍ය කතාබහ මෙන්න සාමාන්‍ය ආශ්වාස ප්‍රශ්වාසයේදී මෙම ඒරෝසල් ජනිතවේ.
මොකක්ද වෙනස
️
බිදිති( droplets) වලට වඩා වැඩි කාලයක් සංවෘත පරිසර වල වාතයේ රැදීමත් , වඩා වැඩි දුරකට පැතීරීමත් සිදුවේ ( මීටරේට වඩා)... එනම් ඒරෝසල් මගින් විශේෂයෙන්ම සංවෘත පරිසර වලදී ඔබට රෝගය වැළදීමේ වැඩි හැකියාවන් ඇත.
මෙහිදී වඩාත් සැලකිය යුතු දේනම් තරමක් හෝ සංවෘත පරිසර තුළ මේවා රැදි පවතිමින් එම වටපිටාව පුරා ව්‍යාප්ති වීමෙන් රෝගය බෝ කිරීමයි.
මොනාද සංවෘත පරිසර
️
එනම් හොදින් වාතාශ්‍රයක් නොමැති දොරවල් ජනෙල් වලින් වැසුනු තැන්
කාමර
යාච්ඤා ශාලා( prayer room)
පල්ලි
බණ ශාලා
ආපන ශාලා
හෝටල්
ව්‍යායාම ශාලා ( Gymnasium )
රාත්‍රී සමාජ ශාලා(night clubs)
තදබදය ඇති බස්රථ
️රෝහල්
මොකක්ද අපි කරන්න ඕනේ
️
පල්ලි, පන්සල් , කෝවිල් දේවාල, ජිම්, පැණි පෝලිම් , සමාජ ශාලා , පන්දාහේ පෝලිම් වැනි තැන්වල නොගැවසීම, කෙටියෙන්ම කීවොත් එවැනි තැන්වලට නොයෑම
මාස්ක් එක නිවැරැදිව පැළැදීම, මේහිදී රෙදි මාස්ක් එකෙන් ලැබෙන් ආරාක්ෂාව සැක සහිතයි. රෙදි මාස්ක් 02ක් , සර්ජිකල් මාස්ක් එකක් සහ රෙදි මාස්ක් එකක් පාවිච්චි කල හැක
හදිසියේවත් යාමට සිදුවුවහොත් රැදී සිටීම ඉතා කෙටි කාලයකට සීමා කරන්න
සංවෘත පරිසර වල දොරවල් , ජනෙල් ඇර හොදින් වාතාශ්‍රය සහ හිරැ එළිය ලැබෙන සේ සැකසීම
Remember three “C” s - C අකුරැ තුන මතක තබාගන්න
Crowded places - තද බදය ඇති මිනිස්සු ගැවසෙන ස්ථාන, සංවෘත පරිසර
Close contacts - ලගින් ගැවසීම , සමීප ඇසුර
Close conversations - සාමාන්‍ය කතාබහ , මුහුණට මුහුණ කතාබහ
LPT (Location, Proximity and Time )
එහෙනම් කෙටියෙන් අනතුරුදායක ස්ථාන මග හරින්න 
ලගින් ගැවසෙන්න එපා 
වැඩි වෙලාවක් කොතනත් ඉන්න එපා 
සර්වාංග හා කායික රෝග විශේෂඥ
වෛද්‍ය රංග ගුණසේකර
⚠‼