⚡⚡ සපුගස්කන්දේ 100 MW යන්ත්‍රය නවතී. නැවත විදුලි කප්පාදුවක් ⚡⚡

Stimulus mind

Well-known member
  • Feb 27, 2021
    31,002
    153,023
    113
    AVvXsEiCQ6AXEIGjTl-I9dtSnsP10iBH3yo13a6qrWiqleTKGNTzArt9huAP__spVOGWkgEA57vDb0SGJUe0VZpmeS4vsR6AXG-_uFWv4NVLuSoRnSwvd-0_Ru638cTGXKzaIxTm3fvvB19SBlNP8W8o7tmW9S3cgYov9Aeo_MX7GD7OK2N2HN8I2birPWZzkg=s16000


    සපුගස්කන්ද බලාගාරය ක්‍රියා කිරීමට අවශ්‍ය දැවි තෙල් නොමැති වීම මත නැවතත් රට පුරා විදුලි කප්පාදු කිරීමේ තත්ත්වයක් මතුව තිබේ.

    විදුලිබල මණ්ඩල ප්‍රකාශකයෙකු කියා සිටියේ මේ වන විට සපුගස්කන්ද බලාගාරය දැවි අවසන්වීමත් සමග විදුලි නිෂ්පාදනය අත්හිටුවීමට සිදුවනු ඇති බවයි.

    සපුගස්කන්ද බලාගාරය මෙරට විදුලි පද්ධතියට මෙගා වොට් 100 ක පමණ ප්‍රමාණයක් දෛනිකව එකතු කරයි.

    ඉන්ධන නොමැති වීම මත මෙම බලාගාරය ඊයේ රාත‍්‍රියේ නතර කිරීමට ගිය අවස්ථාවේ තෙල් සංස්ථා විසින් දැවි තෙල් මෙට්‍රික් ටොන් 500ක් ක්ෂණිකව ලබා දීමත් සමග අද දිනය තෙක් ක්‍රියාත්මක කරගැනීමට හැකියාව ලැබුණු බව ද ඔහු සඳහන් කළේ ය.

    කෙසේ නමුත් එය දුරටත් ක්‍රියාත්මක වීම සඳහා නම් දැවි තෙල් මෙටි‍්‍රක් ටොන් හයසීයක් දෛනිකව අවශ්‍ය බව ද ඔහු තවදුරටත් කියා සිටියේය.


    Source: gossiplankanews.com