⚡ SJB මහ කලබල... ආර්ථික මොල තුන ගැලවෙයි...

sylvaticus

Well-known member
  • Aug 27, 2024
    779
    879
    93
    සමගි ජන බලවේගය නියෝජනය කරන පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් තිදෙනෙකු එම පක්ෂයෙන් ඉවත් වීමට සූදානමක ඇති බව වාර්තා වෙයි.

    අදාළ මන්ත්‍රීවරුන් තිදෙනා ගත වූ ජනාධිපතිවරණයේදීත් ඊට පෙර සිටත් දිගින් දිගටම රනිල් වික්‍රමසිංහ පාර්ශවය සමඟ එක්වීම සම්බන්ධයෙන් අදහස් පළ කරමින් සිටි අයයි.

    ජනාධිපතිවරණයෙන් පසුද එම පිරිස එකී යෝජනාව ඉදිරිපත් කරද්දී ඔවුන්ට එල්ල වූ දැඩි විරෝධය මත කළකිරීමට පත්වූ ඔවුන් මෙම පියවර ගැනීමට සූදානම් වෙයි.

    ඉදිරි මහ මැතිවරණයට තරඟ කිරීමට පවා ඔවුන්ට නාම යෝජනා ලබාදීමට පක්ෂයේ ඇතැම් පිරිස් විරුද්ධ වෙමින් ඇතැයි ද සඳහන් වෙයි.

    LCN

    UNP, SJB Talks ongoing despite obstacles
     
    Last edited:

    sylvaticus

    Well-known member
  • Aug 27, 2024
    779
    879
    93
    මහ ඡන්දයට රනිල් නෑ: ලිස්ට් එකෙන් එනවද කියන්න කල් වැඩියි – වජිර අබේවර්ධන

    හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා එළැඹෙන මහ මැතිවරණයට තරග නොකරන බවත්, ඔහු ජාතික ලැයිස්තුවෙන් එනවද නැතිද තීරණය කිරීමට තවම කල් වැඩි බවත් එක්සත් ජාතික පක්‍ෂ සභාපති වජිර අබේවර්ධන මහතා ඊයේ (24දා) පැවසීය.

    හිටපු ජනාධිපතිවරයා තරග නොකළත් ඔහුගේ නායකත්වය යටතේ පුළුල් සන්ධානයකින් මහ මැතිවරණයට තරග කිරීමට මේ වනවිට සාකච්ඡා කරමින් සිටින බවත් අබේවර්ධන මහතා සිරිකොත පක්‍ෂ මූලස්ථානයේ ඊයේ පැවති මාධ්‍ය හමුවකට එක් වෙමින් පැවසීය.
     

    sylvaticus

    Well-known member
  • Aug 27, 2024
    779
    879
    93
    කල්වැඩි මොකද්ද? කලින් පාරත් ආවෙ ජාතික ලැයිස්තුවෙන්නෙ

    රුවන් විජේවර්ධන කිව්ව ලිස්ට් එකෙන්වත් එන්නෑ කියල. ඒක කරේ තියාගෙන ඔක්කොම දිව්ව පහුගිය දවස් දෙකේ.