⚫ මහව ලපේ

Lovtus

Well-known member
  • Apr 26, 2015
    12,892
    21,441
    113
    මහව විවිධ සේවා සමුපකාර සංගම් මහා සභාව වෙනුවෙන් සභිකයන් තෝරා ගැනීම සඳහා පැවති ඡන්ද විමසීමේ දී සමස්ත ආසන සංඛ්‍යාවෙන් 62% ක ප්‍රතිශතයක් දිනා ගැනීමට ජනතා විමුක්ති පෙරමුණ සමත්ව තිබේ.

    විවිධ සේවා සමුපකාර සංගමයට අයත් ප්‍රාදේශිකයන් 30 ක දී පැවති මෙම ඡන්ද විමසීමේ දී ජනතා විමුක්ති පෙරමුණ සිය බලය තහවුරු කරගෙන ඇත.

    මෙහිදී ජනතා විමුක්ති පෙරමුණට ආසන හැට දෙකක් (62), පොදුජන පෙරමුණට ආසන දහයක් (16),සමගි ජන බලවේගය ට ආසන්න දාහතරක් (14 ක් හා ස්වාධීන කණ්ඩායමට ආසන නවයක් (9) ක් වශයෙන් බෙදී ගොස් තිබේ.

    මහව සමූපකාර ප්‍රාදේශික තිහක් (30) සඳහා සභිකයන් සිය දෙනකු තෝරා පත් කර ගන්නා අතර ඡන්ද විමසීමේ දී පැවති ප්‍රාදේශීය 30 න් 13 ක් සඳහා ඉදිරිපත් වූ සියලු සභිකයන් ජනතා විමුක්ති පෙරමුණෙන් තේරී පත් වීම ද මෙහිදී කැපී පෙනෙන සිද්ධියකි.
    Link