ජනාධිපති ගෝඨාභය රාජපක්ෂට තම රටට පැමිණීමට ඉඩ සැලසීම සම්බන්ධයෙන් අවධානය යොමු කර ඇතැයි මාලදිවයින් විපක්ෂ නායිකා දුන්යා මවුමූන් ප්‍රකාශ කර තිබේ. ඇය උපුටා දක්වමින් අල් ජසීරා මේ බව වාර්තා කර ඇත.
“ඇත්ත වශයෙන් ම අපි රාජපක්ෂ මහතා මෙහි පැමිණීම ගැන දැඩි අවධානයෙන් පසු වෙනවා,” හිටපු විදේශ අමාත්‍ය සහ හිටපු ජනාධිපති මයුමූන් අබ්දුල් ගයුම්ගේ දියණිය වන දුන්යා මවුමූන් අල් ජසීරා වෙත ප්‍රකාශ කර තිබේ.
“රාජපක්ෂ මහතා ඔහුගේ ක්‍රියාවන්හි ප්‍රතිවිපාකවලට මුහුණ දීමට ශ්‍රී ලංකාවේ සිටිය යුතු යැයි මම සිතනවා. සිදු වූ සෑම දෙයකට ම ඔහු වගකිව යුතු යැයි මම කියන්නේ නැහැ. නමුත් ඔහු ආර්ථික අර්බුදය ඇති වීමට විශාල වශයෙන් දායක වුණු අතර ඔහුට එරෙහිව තවත් බරපතළ චෝදනා තිබෙනවා. වැරදිකරුවන් බව ඔප්පු වන තුරු සෑම කෙනෙකු ම නිර්දෝෂී බව මම දන්නවා. නමුත් යුක්තිය ජයගත යුතු ය.” ඇය වැඩිදුරට ත් සඳහන් කර ඇත්තේ, රටක් කඩාවැටීමට තුඩු දෙන තත්ත්වයක් නිර්මාණය කර පසුව යුක්තිය මගහැර පළා යා නොහැකි බව ය.
ගෝඨාභය සිංගප්පූරුවට ගොස් ඉල්ලා අස්වීමේ ලිපිය එවනු ඇතැයි විදෙස් වාර්තා පවසයි
මාලදිවයින් වෙත පළා ගිය ගෝඨාභය රාජපක්ෂ සිංගප්පූරුව වෙත යාමට සැලසුම් කර ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කර තිබේ. රජයේ ඉහළ බලධාරියෙකු උපුටා දක්වමින් ඒ බව වාර්තා කර ඇත. සිංගප්පූරුව බලා ගිය පසු ඔහු ජනාධිපති ධූරයෙන් ඉල්ලා අස්වීමේ ලිපිය යොමු කරනු ඇති බව ද එහි දැක්වේ.
Source