⛔‘‘ගෝඨාභය දිගටම හිටියොත් අර්බුදය විසඳන්න බැහැ‘‘- නාලක ගොඩහේවා..

Truth Hurts

Well-known member
  • Jun 15, 2013
    12,223
    20,377
    113
    Westනාහිර
    ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා ඒ ධුරයේ දිගටම රැඳී සිටීමෙන් රටේ අර්බුදය විසඳිය නොහැකි බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ගම්පහ දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ආචාර්ය නාලක ගොඩහේවා මහතා පැවැසීය.

    මේ අවස්ථාවේදී ජනාධිපතිවරයාට ජනතාවගේ පිළිගැනීමක් නැති බවද ඔහු සඳහන් කළේය.

    පාර්ලිමේන්තුවේ කොපමණ බහුතරයක් සිටින්නේද යන වග තවමත් හරි හැටි අධ්‍යනයක් කර නොමැති බවත් මෙවැනි විශාල අර්බුදයක් ඇතිවුණ මොහොතක ජනතාවට අලුත් බලාපොරොත්තුවක් දිය යුතු බවත් ගොඩහේවා මහතා පැවසුවේය.

    ආණ්ඩුව කරන දේ විශ්වාස නොකරන තුරු ජනතාවගෙන් ආණ්ඩුවට කිසිදු සහයක් නොලැබෙන බව පැවසූ මන්ත්‍රීවරයා ජනතාවගේ විශ්වාසය දිනාගත හැකි විශාල වෙනසක් රටේ සිදු විය යුතු බවද පෙන්වා දුන්නේය.

    ඒ විශාල වෙනසේ දී ජනාධිපතිවරයා වැදගත් සාධකයක් බවත් ඒ සාධකය එතන තියෙන තුරු ඒ විශ්වාසය ගොඩනැගිය නොහැකි බවත් ඔහු කීවේය.

    ජනාධිපතිවරයා තවදුරටත් ධූරයේ රැඳී සිටීමෙන් ජනතා විශ්වාසය ගොඩ නැගිය නොහැකි බව තමා විශ්වාස කරන්නේ යැයි නාලක ගොඩහේවා මහතා වැඩිදුරටත් පැවසීය.

    ආචාර්ය නාලක ගොඩහේවා මහතා ජනපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ සෞභාග්‍යයේ දැක්ම ප්‍රතිපත්ති මාලාව සකස් කළ කණ්ඩායමේ සාමාජිකයෙකි.

    nalaka-godahewa.jpg

    https://www.lankadeepa.lk/news/‘‘ගෝඨාභය-දිගටම-හිටියත්අර්බුදය-විසඳන්න-බැහැ‘‘/101-616070
     
    iworld

    Well-known member
  • Sep 8, 2007
    17,803
    23,363
    113
    චී ලංකාව

    කියත් මගත් අරන් පාරට වරෙන් පම්කෝ