⛔️රුසියාවේ හදිසි තත්වයක් - වෙදික්කරුවෙක් වෙඩි කා නාසි

lapaman

Well-known member
  • Apr 3, 2023
    4,723
    8,434
    113
    මිනුවන්ගොඩ ප්‍රදේශයේ සිදු වූ ඝාතන කිහිපයක වෙඩිකරු වශයෙන් කටයුතු කළ බව කියන සංවිධානාත්මක අපරාධකරුවකු ඇඹිලිපිටිය වැලිකඩයාය 99 හන්දිය ප්‍රදේශයේදී අද (24) අලුයම විශේෂ කාර්ය බළකාය සමඟ ඇති වූ වෙඩි හුවමාරුවකින් මියගොස් ඇත.

    සිද්ධියෙන් මියගොස් ඇත්තේ යුද හමුදා විශේෂ බළකායෙ හිටපු සෙබළකු වන සසිඳු සඳමිණි මෙන්ඩිස් (24) නැමැත්තා බවත් ඔහු සංවිධානාත්මක අපරාධකරුවකු වන හීනටියන මහේෂ් නැමැත්තාගේ වෙඩිකරුවකු බව ද විශේෂ කාර්ය බළකාය කියයි.

    මෙම සැකකරු අත්අඩංගුවට ගැනීමට සොයමින් සිට ඇති අතර ඇඹිලිපිටිය වැලිකඩ ප්‍රදේශයේ සිය සොහොයුරාගේ නිවසේ සැඟව සිටින බවට විශේෂ කාර්ය බළකායේ බුද්ධි අංශයේ විශේෂ මෙහෙයුම් ඒකකය ට තොරතුරු ලැබී ඇති බව විශේෂ කාර්ය බළකාය පවසයි.

    එම තොරතුරු අනුව භට කණ්ඩායමක් අද අලුයම 3.50 ට පමණ සැකකරු අත්අඩංගුවට ගැනීමට යාමේදී සැකකරු විශේෂ කාර්ය බළකා නිලධාරීන්ට වෙඩි ප්‍රහාරයක් එල්ල කර ඇති බවත් එස්.ටී.එෆ් ප්‍රතිප්‍රහාර එල්ල කිරීමේ දී සැකකරු තුවාල ලබා ඇඹිලිපිටිය රෝහලට ඇතුළත් ඇතුළත් කිරීමේදී මිය ගොස් ඇත.

    සැකකරු අත්අඩංගුවට ගැනීමේ මෙහෙයුමේ නිරත පොලිස් කොස්තාපල්වරයෙකුට තුවාල ලබා ඇඹිලිපිටිය රෝහලට ඇතුළත් කර ඇත.

    මිනුවන්ගොඩ ප්‍රදේශයේ ඉකුත් 17 වැනි දා සිදු කළ වෙඩි තැබීමකින් පුද්ගලයකු මියයාම, සහ තවත් පුද්ගලයකුට වෙඩි තබා තුවාල කිරීම් ඇතුළු වූ අපරාධ කිහිපයකට මෙම සැකකරු වෙඩිකරු වශයෙන් කටයුතු කර ඇති බව ද විශේෂ කාර්ය බළකාය පවසයි.
     

    windows_ubuntu

    Well-known member
  • Jun 2, 2018
    17,364
    25,894
    113
    Fantasy
    රුසියාවට බස් එකෙන් උනත් යන්ඩ පුලුවන් තරම් අවස්තාවක් ලබා දුන්නට අයියට පින්
     
    • Haha
    Reactions: NRTG

    Bitter Truth

    Well-known member
  • Dec 19, 2015
    24,482
    47,575
    113
    Happy Workout GIF by Olympics