⛔️ උද්දමනය තව තවත් පහලට

lapaman

Well-known member
  • Apr 3, 2023
    4,678
    8,355
    113
    ගිය මසට සාප්කෙෂව මෙමස උද්දමනය පහල ගොස් තිබේ. 😂 නමුත් වෙලදපල තුල බාන්ඩ හා සේවා වල මිල ගණන් වල කිසිදු වෙනසක් සිදු නොවීම විශේශත්වයයි.
     
    Thoththa_Baba

    Well-known member
  • Oct 25, 2022
    1,004
    1,214
    113
    ubala dannavada oka balanne pahugiya avuruddata sapekahava

    den api hithamu 2022 July mase උද්දමනය ekka thama me avurudde july balanne

    ehema unama oka adu venava ban
     
    • Like
    Reactions: NRTG and lapaman

    Emarald

    Well-known member
  • Jan 2, 2022
    2,291
    4,408
    113
    ගිය මසට සාප්කෙෂව මෙමස උද්දමනය පහල ගොස් තිබේ. 😂 නමුත් වෙලදපල තුල බාන්ඩ හා සේවා වල මිල ගණන් වල කිසිදු වෙනසක් සිදු නොවීම විශේශත්වයයි.
    මේක කිරියේ දෙතුන් තැනකම කියලා තියනවා. උද්ධමනය අඩු වෙනවා කියන්නේ බඩු මිල අඩු වෙන එකට නෙමෙයි.. බඩු වල මිල වැඩි වීමේ වේගය අඩු වෙනවා කියන එකට. තවදුරටත් පැහැදිලි කරොත් උද්ධමනය 17% යි කියන්නේ දැනටත් බඩු මිල වැඩි වීමේ වේගය 17% ක් තියනවා කියලා මිසක අඩු වීමක් නෙමෙයි :censored:
    උද්ධමනය 0% කියන්නේ බඩු වල මිල රු0 කියන එක නෙමෙයි සාපේක්ෂව බඩු මිල වැඩි වුනේ නෑ කියන එක.
     
    neo7x

    Well-known member
  • Aug 11, 2009
    3,262
    3,349
    113
    උද්ධමනය යනු, සරලවම මිල ගණන්වල ඉහළ නැගීමබව බොහෝදෙනා දන්නා කරුණකි. නමුත්, වෙළෙඳපොළ ආර්ථිකයක මිල ගණන් නිරන්තරයෙන් ඉහළ පහළ යන නිසා උද්ධමනය යනු හුදෙක් එක් එක් භාණ්ඩයේ මිල ගණන්වල ඉහළයාම නොවනබව වටහා ගැනීම වැදගත් වේ.
    උද්ධමනය යනු ආර්ථිකයක සියලුම අංශවල කාලයක් පුරා සිදුවන මිල ගණන් ඉහළ යාම පිළිබිඹු කරන සාමාන්‍ය සංසිද්ධියකි. එය සාමාන්‍ය මිල මට්ටමේ අඛණ්ඩ ඉහළ යාම දැක්වීම සඳහා භාවිතා කරනු ලබන ආර්ථික විද්‍යාත්මක වචනයකි.
    'අවධමනය' යනු සාමාන්‍ය මිල මට්ටමේ අඛණ්ඩ පහළ වැටීම යි. රටක සාමාන්‍ය මිල මට්ටම නිරූපනය කරනු ලබන ඕනෑම මිල දර්ශකයක් තුළින් උද්ධමනය/අවධමනය ඇස්තමේන්තු කළ හැකි ය.
    උද්ධමනයේ පහළ වැටීමක් (සමහර අවස්ථාවල දී නිර්-උද්ධමනය නමින් හඳුන්වයි), පාරිභෝගික මිල ගණන්වල සාමාන්‍ය පහළ වැටීමක් පෙන්නුම් නොකරන බව වටහා ගැනීම වැදගත් ය. එයින් පෙන්නුම් කරන්නේ සාමාන්‍ය මිල මට්ටම ඉහළ යාමේ වේගය අඩුවීමකි. උද්ධමනය යනු සාමාන්‍ය මිල මට්ටම් ඉහළ යන අනුපාතය යි.
    උදාහරණයක් ලෙස, එක් වසරක දී පැවති උද්ධමනය දෙවන වසරේ දී යම් තාක් ප්‍රමාණයකට පහත වැටුන ද, දෙවන වසරේ දී ද සියලුම භාණ්ඩවල හෝ යම් භාණ්ඩ ප්‍රමාණයක මිල ගණන් ඉහළ යා හැකි ය. සාමාන්‍ය මිල මට්ටමේ පහත වැටීමක් දැක්වෙන්නේ අවධමනයක දී පමණි.
    උද්ධමනය අඩුවිය හැකි නමුත් භාණ්ඩවල මිල අඩු නොවනු ඇත. ඇතැම් භාණ්ඩ හා සේවාවන්ගේ මිල පහළට පැමිණිය හැකි නමුත්, බොහෝවිට සිදුවනු ඇත්තේ මිල ස්ථාවරව පැවතීම හෝ තවත් ඉහළ යෑම යි. එබැවින් සාමාන්‍ය මිල ගණන් පහත වැටීම ඉතා විරල ය.
    ඒ අනුව උද්ධමනය යනු සාමාන්‍ය මිල මට්ටම් අඛණ්ඩව ඉහළ යාම යි. උද්ධමන අනුපාතය යනු මෙම වැඩිවීම සිදුවන අනුපාතය යි - වෙනත් වචනවලින් කිවහොත්, පාරිභෝගික මිල දර්ශකය වැඩි වන අනුපාතය යි.
     
    acryan

    Well-known member
  • Oct 11, 2012
    9,682
    9,338
    113
    Ithin bung Inflation adu unaa kiyala badu mila adu wenne na ne. Inflation eka kiyanne badu mila wadi wimee wegayata.

    ithin eka -% wenne, nathuwa badu mila adu wenne na

    News channel ekaka wath lanakwe minissunta mekee meaning eka kiyala denne na hariyata. ithin adu una kiuwama minissu banina eka sadaranaiyi

    - inflation awoth onna badu mila adu wenna ona. - inflation ena ekath honda na economy ekakata

    onna oya yata nvestopedia article eka kiyawanna

    Deflation is when the prices of goods and services decrease across the entire economy, increasing the purchasing power of consumers. It is the opposite of inflation and can be considered bad for a nation as it can signal a downturn in an economy, leading to a recession or depression.

    https://www.investopedia.com/articles/personal-finance/030915/why-deflation-bad-economy.asp#:~:text=Deflation is when the prices,to a recession or depression.
     
    Last edited:

    lapaman

    Well-known member
  • Apr 3, 2023
    4,678
    8,355
    113
    ubala dannavada oka balanne pahugiya avuruddata sapekahava

    den api hithamu 2022 July mase උද්දමනය ekka thama me avurudde july balanne

    ehema unama oka adu venava ban

    ගිය අවුරුද්දට සාපේක්ෂව මොනවා ද බන් අඩු කියපන් කෝ 🙄

    මේක කිරියේ දෙතුන් තැනකම කියලා තියනවා. උද්ධමනය අඩු වෙනවා කියන්නේ බඩු මිල අඩු වෙන එකට නෙමෙයි.. බඩු වල මිල වැඩි වීමේ වේගය අඩු වෙනවා කියන එකට. තවදුරටත් පැහැදිලි කරොත් උද්ධමනය 17% යි කියන්නේ දැනටත් බඩු මිල වැඩි වීමේ වේගය 17% ක් තියනවා කියලා මිසක අඩු වීමක් නෙමෙයි :censored:
    උද්ධමනය 0% කියන්නේ බඩු වල මිල රු0 කියන එක නෙමෙයි සාපේක්ෂව බඩු මිල වැඩි වුනේ නෑ කියන එක.

    උද්දමනය වැඩි උනත් බඩු මිල වැඩි වෙනවා උද්දමනය අඩු උනත් බඩු මිල වැඩි වෙනවා අමුතු ඇටේ මේකයි නියාය.

    උද්ධමනය යනු, සරලවම මිල ගණන්වල ඉහළ නැගීමබව බොහෝදෙනා දන්නා කරුණකි. නමුත්, වෙළෙඳපොළ ආර්ථිකයක මිල ගණන් නිරන්තරයෙන් ඉහළ පහළ යන නිසා උද්ධමනය යනු හුදෙක් එක් එක් භාණ්ඩයේ මිල ගණන්වල ඉහළයාම නොවනබව වටහා ගැනීම වැදගත් වේ.
    උද්ධමනය යනු ආර්ථිකයක සියලුම අංශවල කාලයක් පුරා සිදුවන මිල ගණන් ඉහළ යාම පිළිබිඹු කරන සාමාන්‍ය සංසිද්ධියකි. එය සාමාන්‍ය මිල මට්ටමේ අඛණ්ඩ ඉහළ යාම දැක්වීම සඳහා භාවිතා කරනු ලබන ආර්ථික විද්‍යාත්මක වචනයකි.
    'අවධමනය' යනු සාමාන්‍ය මිල මට්ටමේ අඛණ්ඩ පහළ වැටීම යි. රටක සාමාන්‍ය මිල මට්ටම නිරූපනය කරනු ලබන ඕනෑම මිල දර්ශකයක් තුළින් උද්ධමනය/අවධමනය ඇස්තමේන්තු කළ හැකි ය.
    උද්ධමනයේ පහළ වැටීමක් (සමහර අවස්ථාවල දී නිර්-උද්ධමනය නමින් හඳුන්වයි), පාරිභෝගික මිල ගණන්වල සාමාන්‍ය පහළ වැටීමක් පෙන්නුම් නොකරන බව වටහා ගැනීම වැදගත් ය. එයින් පෙන්නුම් කරන්නේ සාමාන්‍ය මිල මට්ටම ඉහළ යාමේ වේගය අඩුවීමකි. උද්ධමනය යනු සාමාන්‍ය මිල මට්ටම් ඉහළ යන අනුපාතය යි.
    උදාහරණයක් ලෙස, එක් වසරක දී පැවති උද්ධමනය දෙවන වසරේ දී යම් තාක් ප්‍රමාණයකට පහත වැටුන ද, දෙවන වසරේ දී ද සියලුම භාණ්ඩවල හෝ යම් භාණ්ඩ ප්‍රමාණයක මිල ගණන් ඉහළ යා හැකි ය. සාමාන්‍ය මිල මට්ටමේ පහත වැටීමක් දැක්වෙන්නේ අවධමනයක දී පමණි.
    උද්ධමනය අඩුවිය හැකි නමුත් භාණ්ඩවල මිල අඩු නොවනු ඇත. ඇතැම් භාණ්ඩ හා සේවාවන්ගේ මිල පහළට පැමිණිය හැකි නමුත්, බොහෝවිට සිදුවනු ඇත්තේ මිල ස්ථාවරව පැවතීම හෝ තවත් ඉහළ යෑම යි. එබැවින් සාමාන්‍ය මිල ගණන් පහත වැටීම ඉතා විරල ය.
    ඒ අනුව උද්ධමනය යනු සාමාන්‍ය මිල මට්ටම් අඛණ්ඩව ඉහළ යාම යි. උද්ධමන අනුපාතය යනු මෙම වැඩිවීම සිදුවන අනුපාතය යි - වෙනත් වචනවලින් කිවහොත්, පාරිභෝගික මිල දර්ශකය වැඩි වන අනුපාතය යි.
    උද්දමනය අඩු වෙනවා නම් බඩු මිල අඩු වීමක් වෙන්න ඕන බන් දැන් රනිලා ආවා දවසේ ඉදන් උද්දමනය අඩු වෙනවා අඩු වෙනවා කියනවා විතරයි, නන්දි ගවයා යනකොට තිබ්බ බඩු මිල එහෙමමයි. උද්දමනය අඩු උනාට බඩු මිල එක තැන හිටලා තිබ්බට වැඩක්‌ නෑ
    අඩෝ රින වෙයිද බයෙත් බෑ බං
    හාමුගේ ගෙදර ලග කඩේ බඩු මිල අඩුයි ලු 😂
    Ithin bung Inflation adu unaa kiyala badu mila adu wenne na ne. Inflation eka kiyanne badu mila wadi wimee wegayata.

    ithin eka -% wenne, nathuwa badu mila adu wenne na

    News channel ekaka wath lanakwe minissunta mekee meaning eka kiyala denne na hariyata. ithin adu una kiuwama minissu banina eka sadaranaiyi

    - inflation awoth onna badu mila adu wenna ona. - inflation ena ekath honda na economy ekakata

    onna oya yata nvestopedia article eka kiyawanna

    Deflation is when the prices of goods and services decrease across the entire economy, increasing the purchasing power of consumers. It is the opposite of inflation and can be considered bad for a nation as it can signal a downturn in an economy, leading to a recession or depression.

    https://www.investopedia.com/articles/personal-finance/030915/why-deflation-bad-economy.asp#:~:text=Deflation is when the prices,to a recession or depression.

    උද්දමනය අඩු වෙනවා කියන්නේ බන් බාන්ඩ හා සෙවා වල මීල අඩු වීමක් වෙන්න ඕන බන්.
     
    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    44,207
    31,941
    113
    ගිය මසට සාප්කෙෂව මෙමස උද්දමනය පහල ගොස් තිබේ. 😂 නමුත් වෙලදපල තුල බාන්ඩ හා සේවා වල මිල ගණන් වල කිසිදු වෙනසක් සිදු නොවීම විශේශත්වයයි.
    Nondi laal igenagena thiyana inflation hari wenas neda lol
     
    • Like
    Reactions: NRTG

    Susa911

    Well-known member
  • Jul 16, 2022
    293
    423
    63
    බඩු මිල අඩු වෙන්න නම් ඍණ (-) උද්දමනයක් තියෙන්න ඕනා, ධණ (+) උද්දමනයක් තියන තාක් බඩු වල මිල වැඩි වෙනවා.
     
    acryan

    Well-known member
  • Oct 11, 2012
    9,682
    9,338
    113
    උද්දමනය අඩු වෙනවා කියන්නේ බන් බාන්ඩ හා සෙවා වල මීල අඩු වීමක් වෙන්න ඕන බන්.
    na bung ehama newee

    First Inflation Equation eka mama penawannam

    Inflation = ((Ending Price - Beginning Price) / (Beginning Price))

    menna mehama ganan example eka monthly inflation gannawa kiyala

    April mula Parippu price eka 1kg 400 LKR wenawaa

    May mula 700 LKR

    June muladi 870 LKR unaa kiyala hithamu

    dan ethakota May first week ekadi inflation eka calculate kaloth

    ((700-400)/(400))*100 = 75% wela thiyanawa

    June first week calculate kalama

    ((870-700)/(700))*100 = 24.2% wela thiyanawa

    dan penawada May wala Inflation eka 75%, June wala 24.2%. Inflation eka adu welaa but price eka adu wela naa, rate ekaiyi adu wenne

    Dan Price eka adu wenne nam - inflation wenna ona

    July wala parippu 500 wenawaa kiyala hithamu, ethakota

    ((500-870)/(870))*100% = -42% dan - unama badu mila adu welaa. - inflation eka honda na, normally 2-4% thiyana eka thama honda

    oita wada okee CPI dala, hena hena seen thiyanawa basket case ehama. mama oya basic ma example ekake dunne
     
    neo7x

    Well-known member
  • Aug 11, 2009
    3,262
    3,349
    113
    උද්දමනය වැඩි උනත් බඩු මිල වැඩි වෙනවා උද්දමනය අඩු උනත් බඩු මිල වැඩි වෙනවා අමුතු ඇටේ මේකයි නියාය.
    උද්දමනය අඩු වෙනවා නම් බඩු මිල අඩු වීමක් වෙන්න ඕන බන් දැන් රනිලා ආවා දවසේ ඉදන් උද්දමනය අඩු වෙනවා අඩු වෙනවා කියනවා විතරයි, නන්දි ගවයා යනකොට තිබ්බ බඩු මිල එහෙමමයි. උද්දමනය අඩු උනාට බඩු මිල එක තැන හිටලා තිබ්බට වැඩක්‌ නෑ
    උද්දමනය අඩු වෙනවා කියන්නේ බන් බාන්ඩ හා සෙවා වල මීල අඩු වීමක් වෙන්න ඕන බන්.
    උද්ධමනයට අනුව බඩු මිල අඩුවෙනවානම් හොදයි බන් . නමුත් එහෙම වෙන්න ක්‍රමයක් නෑ .
    ඔබට මෙය තවම අපැහැදිලි නම්, උදාහරණයක් ලෙස අධිවේගී මාර්ගයක මෝටර් රථයක් ධාවනය කිරීම ගැන සිතන්න. ඔබ ගමන ආරම්භ කළ ස්ථානයේ සිට ගමන් කළ දුර පාරිභෝගික මිල දර්ශකය ලෙස සිතන්න. මෙම සන්දර්භය තුළ, උද්ධමන අනුපාතය යනු වේග මාපකයේ දැක්වෙන වේගයේ අගය යි.
    50%ක උද්ධමන අනුපාතයක් යනු පාරිභෝගික මිල දර්ශකය ඉහළ යයි. එසේ මිල දර්ශකය ඉහළ යන අනුපාතය වසරකට 50%කි.
    දැන්, මෝටර් රථය පැයට කිලෝමීටර 20 දක්වා මන්දගාමී වුවත්, තවමත් එය ඉදිරියට ධාවනය කරයි (= උද්ධමනය 20% දක්වා පහත වැටුණත්, පාරිභෝගික මිල දර්ශකය තවමත් ඉහළ යයි).
    සරලව කිවහොත්, පාරිභෝගික මිල දර්ශකය ඉහළ යාමේ වේගය අඩු වී ඇතත්, පහත වැටී නොමැත. එය දිගින් දිගටම ඉහළ යමින් පවතියි. සිදුවී ඇත්තේ එහි වේගය අඩුවීම පමණි. මෝටර් රථය පැයට කිලෝමීටර 20ක වේගයකින් ධාවනය කරනවා යනු, පාරිභෝගික මිල දර්ශකය වසරකට 20%කින් ඉහළ යෑම යි.
    ඔබ මෝටර් රථය නවත්වන්නේ නම්, එවිට ඔබේ වේගය පැයට කිලෝමීටර 0කි. එනම් උද්ධමනය 0% දක්වා පහත වැටේ. මෝටර් රථය එක තැන පවතියි. මෙවැනි අවස්ථාවක දී පාරිභෝගික මිල දර්ශකය ස්ථාවරව පවතින නමුත් පහළ නොයයි (= පාරිභෝගික මිල දර්ශකය ඉහළ යාමේ අනුපාතය වසරකට 0% වේ).
    එමගින් පෙන්නුම් කරනුයේ, උද්ධමනය බිංදුවට වැටුණත් පාරිභෝගික මිල දර්ශකය පහළ නොවැටෙන බව යි. පාරිභෝගික මිල දර්ශකය පහළ වැටීම සඳහා උද්ධමන අනුපාතය සෘණ විය යුතුය. එය අවධමනය ලෙස හැඳින්වේ.
    අවධමනය යනු උද්ධමනයේ ප්‍රතිවිරුද්ධය, එනම්, සාමාන්‍ය මිල මට්ටම්වල අඛණ්ඩ පහළ වැටීම යි.
    අධිවේගී මාර්ගයක, පැයට කිලෝමීටර 10ක වේගයෙන් වාහනය පසුපසට යනවායැ යි සිතන්න. මෙය, පාරිභෝගික මිල දර්ශකය පහළ වැටීමට සමාන කළ හැකි ය. එය වසරකට 10%කින් පහත වැටේ.
     
    malakadss

    Well-known member
  • Mar 8, 2009
    22,865
    1
    36,592
    113
    xxx
    ගිය මසට සාප්කෙෂව මෙමස උද්දමනය පහල ගොස් තිබේ. 😂 නමුත් වෙලදපල තුල බාන්ඩ හා සේවා වල මිල ගණන් වල කිසිදු වෙනසක් සිදු නොවීම විශේශත්වයයි.
    ඒහෙම තමා . උද්ධමනය අඩු වෙනවා කියන්නේ මිළ ඉහල යාමේ වේගය අඩු වෙනවා. උද්ධමනය අඩු වුනා කියලා බඩු මිල අඩු වෙන්න නම් උද්ධමනය රින වෙන්න ඕනේ නේ
     
    • Like
    Reactions: NRTG

    haunte

    Well-known member
  • May 13, 2007
    2,977
    4,605
    113
    Kurunegala
    නමුත් වෙලදපල තුල බාන්ඩ හා සේවා වල මිල ගණන් වල කිසිදු වෙනසක් සිදු නොවීම විශේශත්වයයි.
    E kiyanne uddamanaya 0% kiyana eka.
    Badu mila adu wenawa kiyanne uddamanaya negative wenawa kiyana eka.
     
    • Like
    Reactions: NRTG