දිනය: 2023 අප්‍රේල් 12
පෘථිවියෙහි අසල්වැසි මන්දාකිණිය වන ඇන්ඩ්‍රොමීඩා මන්දාකිණියෙහි (Andromeda Galaxy), එනම් "Messier 31" සර්පිල මන්දාකිණියෙහි (M31, NGC 224 යන නාමයන්ගෙන් ද හදුන්වයි) දුහුවිල්ලෙන් වැසී ගිය සර්පිල බාහු තුළ පිහිටා ඇති තාරකාවන් පිරි තාරකා වළාකුළක් (star cloud) නිරූපණය කෙරෙන මනරම් සමීප ඡායාරූපයක් පහත දක්වා ඇත. පෘථිවියෙහි සිට ආලෝක වර්ෂ මිලියන 2.5 ක් පමණ ඈතින් පිහිටා ඇති ඇන්ඩ්‍රොමීඩා මන්දාකිණිය තුළ පවතින මෙම තාරකා වළාකුල "NGC 206" යන නාමයෙන් හදුන්වයි.
පහත දැක්වෙන ඡායාරූපයෙහි මධ්‍යයයට වන්නට දිස්වන මෙම තාරකා වළාකුල, ඇන්ඩ්‍රොමීඩා මන්දාකිණි තලයෙහි නිරිත දිග දෙසට වන්නට පිහිටා ඇති රෝස පැහැයෙන් දිස්වන නව තාරකාවන් උපැද්ද්වීම් සිදුකරන ප්‍රදේශයන්ට (star-forming regions) සමගාමීව පිගිටා තිබේ. එහි වූ, තවමත් යොවුන් වියේ පසුවන දීප්තිමත් නිල් තාරකාවන් සමූහයන් මෙහිදී පැහැදිලිව දැකගත හැකි අතර ඒ අතර වූ විශාලතම හා ලාබාලතම තාරකාවන්ගේ වයස වසර මිලියන 10 කටත් අඩු ප්‍රමාණයන්ගෙන් යුක්ත වන බව තාරකා විද්‍යාඥයන් විසින් සිදුකළ ගණනය කිරීම්වලදී සොයාගෙන ඇත. අප ජීවත් වන ක්ෂීරපථය මන්දාකිණි තළය තුළ පවතින තාරකා පොකුරුවලට (star clusters) වඩා විශාලත්වයෙන් වැඩි තාරකා පොකුරුවලින් යුක්තව පවතින මෙම "NGC 206" තාරකා වළාකුළ ආලෝක වර්ෂ 4000 ක වපසරියක් පුරා ව්‍යාප්ථව පවතී.
Image Credit & Copyright: Howard Trottier


ඔයා කියන නිසා වෙලාවක් තිබ්බොත් අනිවා බලන්නම් සහෝ.