🌌✨ ක්ෂීරපථයේ හදවතට සමීපයෙන් පිහිටි "නව තාරකාවන්ගේ නිජබිම" ✨🌌

Stimulus mind

Well-known member
  • Feb 27, 2021
    24,045
    122,128
    113
    Los Alamos
    k5zH47Z.jpg



    "ජේම්ස් වෙබ්' අභ්‍යවකාශ දුරේක්ෂයේ (James Webb Space Telescope) වූ "Near-Infrared Camera" (NIRCam) නමින් හදුන්වන ආසන්න - අධෝරක්ත කිරණ කැමරාව මගින් ලබාගත් මෙම නවතම ඡායාරූපයෙන් නිරූපණය වන්නේ අප අයත් ක්ෂීරපථය මන්දාකිණියෙහි (Milkyway Galaxy) මධ්‍යයයට ආසන්නයෙන් පිහිටා තිබෙන "Sagittarius C" (Sgr C) නමින් හදුන්වන නව තාරකාවන් උපැද්දවීම සිදුකරනු ලබන ප්‍රදේශයකි (star-forming region). තාරකාවන්ගේ පරිණාමීය ක්‍රියාවලියෙහි මුල්ම අවධියේ පසුවන, එනම් නව තාරකාවක් නිර්මාණය වීමේ ආරම්භක අවධියෙහි පසුවන තාරකාවන් "ප්‍රොටෝ තාරකාවන්" (protostars) ලෙස හදුන්වන අතර එවැනි ගණයේ තාරකාවන් 500 000 කට ආසන්න සංඛ්‍යාවකින් සැදුම්ලත් වූ දැවැන්ත තාරකා පොකුරක් ලෙසට ද මෙම ප්‍රදේශය සලකනු ලබයි. මේ අතර මෙම තාරකා පොකුරට අයත් විශාලතම තාරකාවේ ස්කන්ධය අපගේ සූර්යයාගේ ස්කන්ධය මෙන් 30 ගුණයක අගයක් ගන්නා බවත් මෙහිදී සදහන් කළ යුතුය.


    Image Credit: NASA, ESA, CSA, STScI, and S. Crowe (University of Virginia).

    STScI-01HF7P3X06S6DD4MEXWQASJ7YJ.png


    මෙම ප්‍රදේශයෙහි පිහිටා ඇති ඇතැම් තාරකාවන් ඝන අණුක වළාවන්ගෙන් වැසී පවතින අතර එම අණුක වළාවන්ගෙන් වැසී ගිය තාරකාවන්ගෙන් නිකුත් වන ආලෝකය "ජේම්ස් වෙබ්" අභ්‍යවකාශ දුරේක්ෂයේ වූ "Near-Infrared Camera" (NIRCam) නම් වූ ආසන්න - අධෝරක්ත කිරණ කැමරාව වෙතට ළගාවීමට නොහැකි වීම හේතුවෙන් "Sagittarius C" (Sgr C) හි පවතින සැබෑ තාරකා ප්‍රමාණයට වඩා මදක් අඩු තාරකා ප්‍රමාණයක් මෙම ඡායාරූපය තුළින් දිස්වන ආකාරය මෙහිදී නිරීක්ශනය කළ හැකිය. "Sagittarius C" (Sgr C) 'හි පවතින "ප්‍රොටෝ තාරකාවන්ට" අමතරව මෙම ප්‍රදේශයෙහි පිහිටි අඳුරු අණුක වළාවක් වටා පවතින අයණීකරණයට ලක්වූ හයිඩ්‍රජන්වල සිදුවන විමෝචන ක්‍රියාවලිය ද මෙහිදී නිරීක්ශනය කළ හැකිය.



    Image Credit: NASA, ESA, CSA, STScI, and S. Crowe (University of Virginia).

    STScI-01HFCHYZMVAXJ2D00KQW55XQYH.png


    STScI-01HF9HXVDTZ1VHWDWTY152T5CS.png



    ඡායාරූපයෙහි පහළ කොටසෙහි දිස්වන 'cyan' වර්ණයෙන් (දීප්තිමත් ලා නිල් පැහැය) යුක්ත වූ ප්‍රදේශයෙන් මෙම විමෝචන ක්‍රියාවලිය නිරූපණය වේ. පෘථිවියේ සිට ආලෝක වර්ෂ 25 000 ක් පමණ ඈතින්, ක්ෂීරපථය මන්දාකිණියෙහි මධ්‍යයයට සමීපයෙන් (ක්ෂීරපථය මන්දාකිණියෙහි මුළු විෂ්කම්භය ආලෝක වර්ෂ 105 700 ක පමණ අගයක් ගනු ලබයි) පිහිටි මෙම "Sagittarius C" (Sgr C) නම් වූ නව තාරකාවන් උපැද්දවීම සක්‍රීය ලෙස සිදුකරන ප්‍රදේශය පිහිටා ඇති අතර ක්ෂීරපථය මධ්‍යයයේ පිහිටි එහි හදවත බදු වූ "Sagittarius A*" නම් "supermassive black hole" ගණයේ දැවැන්ත කළු කුහරයට "Sagittarius C"හි සිට පවතින දුර ආලෝක වර්ෂ 300 ක පමණ අගයක් ගනු ලබයි. කිලෝමීටර මිලියන 24 ක පමණ විෂ්කම්භයකින් යුක්ත වූ මෙම "Sagittarius A* නම් දැවැන්ත කළු කුහරයේ ස්කන්ධය, සූර්ය ස්කන්ධ (Solar masses) මිලියන 4.3 ක් පමණ අගයක් ගනී.


    ඉහත දැක්වෙන ඡායාරූපවල ඉහළ විභේදනයකින් (Higher Resolutions) යුක්ත වූ සංස්කරණ ලබාගැනීම සදහා පහත ලින්ක් එකට පිවිසෙන්න.

    🖼️ Release Images 🖼️







     

    Chemist

    Well-known member
  • Nov 19, 2023
    189
    355
    63
    අපි දෙන්නා යාලු.............ඉඳල හිටල මාලු
    කොටා ගන්නවාලු.........ඇම දැම්මම මාලු
    දැන් එනවලු පාලු..........මකල යන්න යාලු
    වලියක් නම් නැතිලු වෙන්න දෙන්න මාලු
     

    Chemist

    Well-known member
  • Nov 19, 2023
    189
    355
    63
    ස්ටිමියුලස් පොන්ස් වට්ස් අප්? සුද්දිගෙ asmr බල බල පයි කොටේ මිරික මිරික මනෝ පාරක් ගහන වැයි?
     
    • Like
    Reactions: Walter White