✨🌌 දවසේ නාසා ඡායාරූපය: 2022 නොවැම්බර් 24 - "Lynds Dark Nebula (LDN) 1251" නම් වූ අඳුරු නිහාරිකාවෙහි අසිරිය 🌌✨

Stimulus mind

Well-known member
  • Feb 27, 2021
    31,026
    153,107
    113
    Re2fjSp.jpg

    අපගේ ක්ෂීරපථය මන්දාකිණියෙහි තලයට ඉහළින් පිහිටි නව තාරකාවන් උපැද්දවීම සිදුකරන අණුක වළා සංකීර්ණයන් බහුලව පවතින කලාපයක් වන "Cepheus Flare" හි පිහිටා තිබෙන "අඳුරු නිහාරිකාවක්" (Dark Nebulae) ලෙස "Lynds Dark Nebula (LDN) 1251" නම් වූ නිහාරිකාව හැදින්විය හැකිය. පෘථිවියේ සිට ආලෝක වර්ෂ 1000 ක් ඈතින් මෙම "අඳුරු නිහාරිකාව" පිහිටා ඇති අතර මෙවැනි අඳුරු අන්තර්තාරකා වළාවන් තුල බිහිවන නව තාරකාවන් මගින් නිකුත් කරනු ලබන බලවත් කම්පන තරංගයන් පිළිබදව සිදුකරන තාරකා විද්‍යාත්මක ගවේෂණයන්ට උපකාරී වන දත්ත රැසක් ද මෙම ඡායාරූපය තුල ගැබ් වී තිබේ.

    නව තාරකාවන් බිහිවීමේදී නිකුත්වන කම්පන තරංගයන් මගින් හටගන්නා අන්තර්තාරකා සුළං (stellar winds) හේතුවෙන් ඒ අවට වූ වායූන්ගේ සිදුවන කැළබීම් මුල්කොටගෙන එම නව තාරකාවන් වටා නිර්මාණය වන දීප්තිමත් ප්‍රදේශයන් "Herbig-Haro objects" යනුවෙන් හදුන්වන අතර මෙම ඡායාරූපය තුල සැගවී ඇති මෙවැනි "Herbig-Haro objects", නිහාරිකාව තුළ තැනින් තැන විසිරී යාම හේතුවෙන් හටගන්නා ලද රතු පැහැයට හුරු දීප්තිය මගින් හෙළි කරයි. මේ අතර මෙම නිහාරිකාවෙහි වූ දූවිලි වළාවන්ට පිටුපසින් වන්නට දිස්වන දුරස්තර මන්දාකිණියක් ද මෙහිදී නිරීක්ශනය කළ හැකිය. "Lynds Dark Nebula (LDN) 1251" නිරූපණය වන චමත්කාර දසුන රැගත් මෙම ඡායාරූපයෙන් ආලෝක වර්ෂ 35 කට අයත් වූ වපසරියක් නියෝජනය වන බවද අවසාන වශයෙන් සදහන් කළ යුතුය.

    Image Credit & Copyright: Stefano Attalienti

    LDN1251v7social.png

    Lynds Dark Nebula 1251

    PHBhagya

    Well-known member
  • Feb 26, 2020
    25,166
    3
    118,940
    113
    Gampaha
    අන්තර්තාරකා සුළං
    මේන්න මේක ටිකක් පැහැදිලි කරන්න මචං...

    වායුගෝලයක් නැති තැන සුළඟක් හටගන්න බෑ නේද..?
    මේ කියන්නෙ දූවිළි කුණාටු, ඉලෙක්ට්‍රෝන කුණාටු වගේ දේවල් ගැනද?
    ඒව හටගන්නෙ ග්‍රහවස්තු වල ගුරුත්වාකර්ශණ බලය නිසාද..?
     
    Stimulus mind

    Well-known member
  • Feb 27, 2021
    31,026
    153,107
    113
    මේන්න මේක ටිකක් පැහැදිලි කරන්න මචං...

    වායුගෝලයක් නැති තැන සුළඟක් හටගන්න බෑ නේද..?
    මේ කියන්නෙ දූවිළි කුණාටු, ඉලෙක්ට්‍රෝන කුණාටු වගේ දේවල් ගැනද?
    ඒව හටගන්නෙ ග්‍රහවස්තු වල ගුරුත්වාකර්ශණ බලය නිසාද..?
    අන්තර්තාරකා සුළං කියන්නෙ තාරකාවක බාහිර ස්ථරේ ඉදලා ලොකු වේගෙකින් පිටතට නිකුත් කරන ද්‍රව්‍ය ප්‍රවාහවලට. තාරකාවල චුම්බක ක්ෂේත්‍රෙ ඇතිවෙන වෙනස්කම් නිසා ඒ ස්ථරවල තියෙන අංශුවලට තාරකාවෙ තියෙන ගුරුත්වයෙන් මිදිලා පිටතට යන්න අවස්ථාව හම්බ වෙනවා. හුගක්ම ඔය ද්‍රව්‍ය ප්‍රවාහවල තියෙන්නෙ ප්‍රෝටෝන, ඉලෙක්ට්‍රෝන, බැර ලෝහ වගේ ඒවා. :yes:
     
    PHBhagya

    Well-known member
  • Feb 26, 2020
    25,166
    3
    118,940
    113
    Gampaha
    අන්තර්තාරකා සුළං කියන්නෙ තාරකාවක බාහිර ස්ථරේ ඉදලා ලොකු වේගෙකින් පිටතට නිකුත් කරන ද්‍රව්‍ය ප්‍රවාහවලට. තාරකාවල චුම්බක ක්ෂේත්‍රෙ ඇතිවෙන වෙනස්කම් නිසා ඒ ස්ථරවල තියෙන අංශුවලට තාරකාවෙ තියෙන ගුරුත්වයෙන් මිදිලා පිටතට යන්න අවස්ථාව හම්බ වෙනවා. හුගක්ම ඔය ද්‍රව්‍ය ප්‍රවාහවල තියෙන්නෙ ප්‍රෝටෝන, ඉලෙක්ට්‍රෝන, බැර ලෝහ වගේ ඒවා. :yes:
    👍👍
     
    Similar threads