✨🌕 සෙනසුරු ග්‍රහයා මගින් ආලෝකවත් කළ 'Enceladus' චන්ද්‍රයා 🌕✨

Stimulus mind

Well-known member
  • Feb 27, 2021
    31,021
    153,086
    113
    XIEOueT.jpg



    දිනය: 2023 පෙබරවාරි 05

    මෙහි දිස්වන චන්ද්‍රයා එහි මව් ග්‍රහයා විසින් ආලෝකමත් කර තිබේ. මෙම චන්ද්‍රයා සෙනසුරු ග්‍රහයාට අයත් චන්ද්‍රයන් අතරින් එකක් වන 'Enceladus' චන්ද්‍රයා වන අතර එය සෙනසුරු ග්‍රහයා මගින්, එහි පෘෂ්ඨය මත පතිත වූ සූර්යාලෝකය නැවතත් පරාවර්තනය කිරීම හේතුවෙන් මෙම 'Enceladus' චන්ද්‍රයා පහත ඡායාරූපයෙහි නිරූපණය කෙරෙන පරිදි ආලෝකමත් වී ඇත. මෙම පරාවර්තනය වූ ආලෝකය හේතුවෙන් අයිස්වලින් සම්පූර්ණයෙන්ම පාහේ වැසී පවතින 'Enceladus' චන්ද්‍රයාගේ පෘෂ්ඨයෙන් දිස්වන ස්වාභාවික පැහැය වන සුදු වර්ණය වෙනුවට මෙම ඡායාරූපයේදී එය දිස්වන්නේ රන්වන් පැහැති (gold color) ස්වරූපයකිනි.

    මෙහි වැඩිම දීප්තියක් 'Enceladus' චන්ද්‍රයා වෙතින් දිස්වන්නේ ඡායාරූපයෙහි වම්පස කෙළවරට වන්නට වන අතර 'Enceladus' චන්ද්‍රයා මත ඇති වංකගිරියක (labyrinth) ස්වරූපය ගත් කඳු වැටිවලින් ගහන වූ ප්‍රදේශයන් මත ආලෝකය පතිත වීමෙන් හටගත් සෙවණැලි ඡායාරූපයෙහි මධ්‍යයයේ සිට මදක් දකුණු පසට වන්නට දිස්වන අයුරු මෙහිදී නිරීක්ශනය කළ හැකිය. මේ අතර ඡායාරූපයෙහි පහළින් "Labtayt Sulci" නම් වූ කිලෝමීටරයක් පමණ ගැඹුරු දොරුව ද (canyon) මෙහිදී දැකගත හැකිය. ඡායාරූපයෙහි දකුණු කෙළවරෙහි වූ 'Enceladus' චන්ද්‍රයාගේ වඩාත් දීප්තිමත් කොටසට පමණක් මෙහිදී සූර්යාලෝකය එක එල්ලේම පතිත වී තිබේ.

    සෙනසුරු ග්‍රහයා සහ එහි චන්ද්‍රයින් ගවේෂණය කිරීම සදහා ඇමරිකාවේ නාසා ආයතනයත්, යුරෝපා අභ්‍යවකාශ ඒජන්සියත් එක්ව අභ්‍යවකාශ ගත කළ 'Cassini' අභ්‍යවකාශ යානය (Cassini-Huygens මෙහෙයුම) මගින් ලබාගත් පහත දැක්වෙන ඡායාරූපය, එම යානය 2011 වසරේදී 'Enceladus' චන්ද්‍රයා සමීපයෙන් ගමන් ගත් මොහොතේදී ලබාගත්තකි. ඩිජිටල් තාක්ෂණය උපයෝගී කරගනිමින් නැවත සකසා වඩාත් තියුණු බාවයකට පත්කරන ලද පහත දැක්වෙන ඡායාරූපයෙහි පහළම කොටසට වන්නටව ඇති 'Enceladus' චන්ද්‍රයාගේ වූ සාගර අභ්‍යන්තරයේදී නිර්මාණය වී මතුපිටට පැමිණ පෘෂ්ඨය පුරා විසිරී ඇති ආකාරයෙන් පවතින අයිස් ස්ඵටිකයන් මෙහිදී නිරීක්ෂණය කළ හැකිය.


    Image Credit: NASA; ESA, JPL, Cassini Imaging Team, SSI; Color Composite: Gordan Ugarkovic

    enceladus12_cassini_960.jpg






    Enceladus (Moon)

    Enceladus - IN DEPTH

    Cassini spacecraft

    Cassini–Huygens (Mission)

    Overview | Cassini – NASA Solar System Exploration













     

    Stimulus mind

    Well-known member
  • Feb 27, 2021
    31,021
    153,086
    113
    Awesome brother

    අඩේ ඒ කියන්නෙ වතුර තියනවද
    ලවණ මිශ්‍ර ජලය තියෙන සාගර අයිස්වලින් වැහුණු බාහිර පෘෂ්ඨෙට යටින් තියෙනවා. :yes:
     
    • Love
    Reactions: Solo Rider

    Similar threads