✨🌟 අඟහරු ග්‍රහයා සහ තාරකා පොකුරු 🌟✨

Stimulus mind

Well-known member
  • Feb 27, 2021
    31,002
    153,034
    113
    XIEOueT.jpg

    දිනය: 2022 දෙසැම්බර් 30

    මෙම වසරේ අවසන් දිනයන්හීදී ඔබ රාත්‍රී ආකාසය හොදින් නිරීක්ශනය කළහොත් "Taurus" තාරකා රාශියට අයත් කලාපය තුළ දීප්තිමත්ව දිස්වන අඟහරු ග්‍රහයා දැක ගත හැකිය. පහත දැක්වෙන ඡායාරූපයෙහි දීප්තිමත් කහපැහැයකින් යුක්තව දිස්වන අඟහරු ග්‍රහයාට අමතරව "Taurus" තාරකා රාශියට අයත් ඇල්ෆා තාරකාවක් (alpha star) වන "Aldebaran' තාරකාවත්, "Hyades' තාරකා පොකුර හා "සොයුරියන් සත්දෙනා" යන අනුවර්ථ නාමයෙන් හදුන්වනු ලබන "Pleiades" නම් විවෘත්ත තාරකා පොකුරු ද (open star clusters) දිස්වන අයුරු නිරීක්ශනය කළ හැකිය. "Aldebaran' තාරකාව මෙහිදී කහපැහැයෙන් දිස්වුවද එය රතු දැවැන්ත තාරකාවක් (Red Giant Star) වන අතර "Hyades' තාරකා පොකුරට අයත් තාරකාවක් නොවුන ද එම තාරකා පොකුරෙහි පවතින "V' අකුරෙහි හැඩයෙහි පහළ ලක්ෂයට වන්නට පිහිටා ඇති ආකාරයෙන් දිස්වේ.

    පෘථිවියේ සිට ආලෝක වර්ෂ 151 ක් ඈතින් පිහිටි "Hyades'තාරකා පොකුර පෘථිවියට ආසන්නයෙන්ම පවතින විවෘත්ත තාරකා පොකුර වුවද එම තාරකා පොකුරට අයත්ව ඇති තාරකාවක් ලෙස මෙහිදී දිස්වන "Aldebaran' තාරකාව පිහිටා ඇත්තේ "Hyades'තාරකා පොකුරට පෘථිවියේ සිට පවතින දුරින් හරි අඩක ප්‍රමාණයකිනි. මේ අතර ඡායාරූපයෙහි දකුණු පසට වන්නට දිස්වන "Pleiades" විවෘත්ත තාරකා පොකුර පිහිටා ඇත්තේ පෘථිවියේ සිට ආලෝක වර්ෂ 400 ක් පමණ දුරකින් වන අතර මෙම තාරකා පොකුර "Messier 45" (M45) යන නාමයෙන් ද හදුන්වනු ලබයි. ග්‍රීක පුරා වෘත්තයන්ගේ එන "ඇට්ලස්' (Atlas) නම් දෙවියන්ගේ හා "Pleione" නම් දිව්‍යාංගනාවගේ දූවරුන් සත් දෙනා හදුන්වනු ලබන "Pleiades" යන නාමයෙන් මෙම තාරකා පොකුර හැදින්වීම සිදු කරයි.

    Image Credit & Copyright: Gabor Balazs

    mars_clusters.jpg

    Aldebaran (Red Giant Star)

    Pleiades (Open Star Cluster)

    Hyades (star cluster)

    Stimulus mind

    Well-known member
  • Feb 27, 2021
    31,002
    153,034
    113
    Bro @Stimulus mind apita iss/satellites piyawi asen balagnna puluwanda? live apita kaksha gatha wel tyna tan blna pulwnda ??
    :yes:, ISS එක නම් බලන්න පුළුවන්. මේඒ වගේ පෙනුන වෙලාවල ගත්තු ෆොටෝස් ගැන මං දාපු ත්‍රෙඩ්ස් ටිකක්.

    🌏🔭🌌 දවසේ නාසා ඡායාරූපය: 2022 සැප්තැම්බර් 03 - සූර්යයා සහ චන්ද්‍රයා ඉදිරියෙන් ගමන් කළ ජාත්‍යන්තර අභ්‍යවකාශ මධ්‍යස්ථානය 🌌🔭🌎

    🌏🔭🌌 දවසේ නාසා ඡායාරූපය: 2022 අප්‍රේල් 11 - සූර්යයා පසුකර යන ජාත්‍යන්තර අභ්‍යවකාශ මධ්‍යස්ථානය (International Space Station - ISS) 🌌🔭🌎

    🌏🔭🌌 දවසේ නාසා ඡායාරූපය: 2022 ජූලි 08 සහ ජූලි 09 - අපූරු තාරකා මංපෙත් හා ආකාසයේ දිස්වූ සෙනසුරු ග්‍රහයා හා ජාත්‍යන්තර අභ්‍යවකාශ මධ්‍යස්ථානය 🌌🔭🌎

    🌠🌃🌕 දවසේ නාසා ඡායාරූපය: 2022 නොවැම්බර් 12 - මැන්හැටන් නගරයට ඉහළින් දිස්වූ පූර්ණ චන්ද්‍රග්‍රහණය (Blood Moon lunar eclipse) 🌕🌃🌠
     
    thulithasajeewa

    Well-known member
  • Jun 9, 2007
    1,839
    3,368
    113
    44
    දැන් නම් අනේ මංද&#3535
    ස්තූතියි සහ‌ෝදරා!!

    ඒ වගේම අපේ ඉස්මියුලස් මලයා සහ මේ astrology threads හැමදාමත් බම්ප් කරන ලයික් කරන අභ්‍යවකාශ picco සැට් එකටම 2022 අවුරුද්ද වගේ මුස්පේන්තු එකක් නොවී ලබන්නා වූ 2023 අවුරුද්ද රැකී රක්ෂා කටයුතු, අධ්‍යාපන කටයුතු, ආදර සම්බන්ධතා ඇතුලු පවුල් කටයුතු ❤️ සිතූ පැතූ අයුරින් ම හරියන, මිල මුදල් ලෙසටම ලැබෙන නිදුක් නිරෝගී සුභ නව වසරක් ම වේවා!!

    ආයු රක්ඛන්තු ආවඩා!! 🙏🙏
     
    Walter White

    Well-known member
  • Nov 20, 2019
    43,636
    125,180
    113
    දෙහිවල
    ස්තූතියි සහ‌ෝදරා!!

    ඒ වගේම අපේ ඉස්මියුලස් මලයා සහ මේ astrology threads හැමදාමත් බම්ප් කරන ලයික් කරන අභ්‍යවකාශ picco සැට් එකටම 2022 අවුරුද්ද වගේ මුස්පේන්තු එකක් නොවී ලබන්නා වූ 2023 අවුරුද්ද රැකී රක්ෂා කටයුතු, අධ්‍යාපන කටයුතු, ආදර සම්බන්ධතා ඇතුලු පවුල් කටයුතු ❤️ සිතූ පැතූ අයුරින් ම හරියන, මිල මුදල් ලෙසටම ලැබෙන නිදුක් නිරෝගී සුභ නව වසරක් ම වේවා!!

    ආයු රක්ඛන්තු ආවඩා!! 🙏🙏
    එසේම වේවා මචන්, උබට ජය !!!
     
    ඔයගොල්ලන්ටත් එසේම වේවා!!! සහෝලා. :love2: (y) (y) (y)

    New-Year-Wishes.png
     
    Stimulus mind

    Well-known member
  • Feb 27, 2021
    31,002
    153,034
    113
    happy new year bro. ara youtube karana girl wagema kenek 2023 set wewaai kiyala wish karnawa :giggle:
    ඔයාටත් සුබම සුබ අලුත් අවුරුද්දක් වේවා සහෝ. :love2: (y) අදට දවසේ නාසා ඡායාරූප ත්‍රෙඩ් සීරීස් එකටත් අවුරුද්දක් වෙනවා. :yes::)

    🙂✨🌌 දවසේ නාසා ඡායාරූපයෙහි වසරක ගමන: "Makemake' වාමන ග්‍රහලොව සහ එහි චන්ද්‍රයා 🌌✨🙂

    thulithasajeewa

    Well-known member
  • Jun 9, 2007
    1,839
    3,368
    113
    44
    දැන් නම් අනේ මංද&#3535
    ඔයාටත් සුබම සුබ අලුත් අවුරුද්දක් වේවා සහෝ. :love2: (y) අදට දවසේ නාසා ඡායාරූප ත්‍රෙඩ් සීරීස් එකටත් අවුරුද්දක් වෙනවා. :yes::)

    WOW.. තවත් චිරාත් කාලයක් ඔයාට මේ වගේ valuable post ගොඩාක් දාන්න ශක්තිය ධෛර්යය ලැබේවා.. 🙏 උඹල වගේ අතලොස්සක් දෙනෙක් නිසා තමයි කිරියෙ ජීව ගුණය ඉතුරුවෙලා තියෙන්නෙ... (y)(y)
     
    Stimulus mind

    Well-known member
  • Feb 27, 2021
    31,002
    153,034
    113
    WOW.. තවත් චිරාත් කාලයක් ඔයාට මේ වගේ valuable post ගොඩාක් දාන්න ශක්තිය ධෛර්යය ලැබේවා.. 🙏 උඹල වගේ අතලොස්සක් දෙනෙක් නිසා තමයි කිරියෙ ජීව ගුණය ඉතුරුවෙලා තියෙන්නෙ... (y)(y)
    බොහොම ස්තූතියි සහෝ. :love2:(y) ඔයා වගේ එළකිරි සහෝලා කීපදෙනෙක් හැමදාම මේ ත්‍රෙඩ් බලන හින්දා තමයි මාත් ලියන එක නවත්තන්නෙ නැතුව දිගටම කරගෙන් ගියේ. :yes: :)