✨🌟 කේතුකාකාර හැඩයක් ගත් අපූර්ව නිහාරිකාව: Cone Nebula (NGC 2264) 🌟✨

Stimulus mind

Well-known member
  • Feb 27, 2021
    30,967
    152,934
    113
    XIEOueT.jpg



    දිනය: 2022 ජනවාරි 10

    මෙහි වූ කේතුකාකාර හැඩයක් ගත් දැවැන්ත දූවිලි කුලුණු තුළ නව තාරකාවන් උපැද්දවීම සිදු කරනු ලබයි. මෙලෙස කේතුකාකාර ව්‍යුහයන්ගෙන් සමන්විතව දිස්වන මෙම දැවැන්ත කුලුණු ආකාරයේ ව්‍යුහයන්, අයනීකරණයට ලක්වූ අන්තර්තාරකා පරමාණුක හයිඩ්‍රජන්වලින් සමන්විතව පවතින "H II ප්‍රදේශයක්" (H II region) වන "Cone Nebula" (කේතුකාකාර නිහාරිකාව) නම් වූ නිහාරිකාවට අයත් වේ. අලුත උපන් තාරකාවන් මගින් ඇති කරන ප්‍රබල තාරකා සුළං මගින් නිහාරිකාවෙහි පවතින දූවිලි හා වායු වළාවන් වෙත එල්ල කරනු ලබන බලපෑම් හේතුවෙන් මෙම දැවැන්ත ව්‍යුහයන් නිර්මාණය වී ඇත.

    "NGC 2264" යන නාමයෙන් හදුන්වනු දීප්තිමත් නව තාරකාවන් උපැද්දවීම සිදුකරන ප්‍රදේශය තුළ පිහිටා ඇති මෙම "Cone Nebula" නිරූපණය කෙරෙන පහත දැක්වෙන ඡායාරූපය චිලී රාජ්‍යයයේ පිහිටි "El Sauce Observatory" නම් වූ අභ්‍යවකාශ නිරීක්ශනාගාරයෙහි ඇති මීටර් භාගයක විශාලත්වයෙන් යුක්ත දර්පණයකින් සමන්විත වූ දුරේක්ෂය, පැය 24 ක් නිරාවරණ කාලයකට (exposure time) ලක් කිරීම මගින් හසු කර ගත්තකි. පෘථිවියේ සිට ආලෝක වර්ෂ 2500 ක් ඈතින්, 'Unicorn (Monoceros)' නම් තාරකා රාශියට අයත්ව පිහිටා තිබෙන මෙම කේතුකාකාර නිහාරිකාවෙහි ඇති කේතුකාකාර හැඩයකින් (conical shape) යුක්ත වූ දූවිලි කුලුණෙහි දිග ආලෝක වර්ෂ 7 ක පමණ අගයක් ගනී.

    මෙම ඡායාරූපයෙහි ඉහළින්ම වන්නට දිස්වන "NGC 2264 IRS" නම් දැවැන්ත තාරකාව නිහාරිකාව තුළ වූ මෙම දූවිලි කුලුණු නිර්මාණය කිරීමට දායක වන ප්‍රබල තාරකා සුළංවල ප්‍රභවය විය හැකි බවට තාරකා විද්‍යාඥයන් විසින් විශ්වාසය පළ කරයි. මේ අතර "Cone Nebula" හි පවතින රතු පැහැ දීප්තියට දිදුළන හයිඩ්‍රජන් වායුවෙහි ක්‍රියාකාරීත්වය හේතු වී ඇත.


    Image Credit & Copyright: Matthew Dieterich

    ConeNebula_Dieterich_1370.jpg





    Cone Nebula

    NGC 2264: star-forming region