දිනය: 2023 පෙබරවාරි 02
"NGC 1977, NGC 1975, සහ "NGC 1973" යනු ඔරායන් (Orion) තාරකා රාශියට අයත්ව පිහිටා තිබෙන පරාවර්තන නිහාරිකා (reflection nebulae) ගනයට අයත් නිහාරිකාවන් ත්‍රිත්වයකි. දැවැන්ත ඔරායන් අණුක වළාවට, එනම් දීප්තිමත් ඔරායන් නිහාරිකා සංකීර්ණයට (Orion Nebula complex) උතුරු දෙසින් වන්නටව පිහිටා ඇති "42 Orionis, Theta Orionis, හා Iota Orionis" යන තාරකාවන් ත්‍රිත්වයෙන් සැදුම්ලත් වූ "Orion's Sword" නම් සංයුක්ත තාරකා රටාවට (compact asterism) සමගාමීව පිහිටා තිබෙන මෙම පරාවර්තන නිහාරිකාවන් පෘථිවියේ සිට ආලෝක වර්ෂ 1500 ක් පමණ ඈතින් පිහිටා තිබේ.
යාබදව පිහිටි දැවැන්ත ඔරායන් නිහාරිකාවෙන් නික්මෙන් විශාල දීප්තිය, මෙම පරාවර්තන නිහාරිකාවන් මගින් නික්මෙන දිප්තිය අභිබවා යාම හේතුවෙන් බොහෝවිට ආකාශ වස්තු නිරීක්ශකයන්ගේ අවධානය මෙම පරාවර්තන නිහාරිකාවන්ගෙන් ගිලිහී යාම සිදුවේ. මෙම නිහාරිකාවන්ගේ පවතින කැපීපෙනෙන නිල් පැහැ දීප්තිය ලැබී ඇත්තේ ඒ අවට පවතින උණුසුම් යොවුන් තාරකාවන් මගින් නික්මෙන ආලෝකය, අන්තර්තාරකා දූවිලි මගින් පරාවර්තනය කිරීම හේතුවෙනි. පහත දැක්වෙන තියුණු වර්ණ ඡායාරූපයෙහි පහළින්ම වූ තීරුවට අයත් කොටසෙන් ඔරායන් නිහාරිකාව නිරූපණය කෙරෙන අතර "NGC 1977, NGC 1975, සහ "NGC 1973" නිහාරිකාවන් ත්‍රිත්වය ඡායාරූපයෙහි මධ්‍යයයට වන්නට දිස්වන අයුරු දැකගත හැකිය.
මින් "NGC 1977" නිහාරිකාව ඡායාරූපයෙහි මධ්‍යයයට මදක් පහළින් ද, මධ්‍යයයේ සිට මදක් ඉහළින් දකුණු දෙසට වන්නටව "NGC 1973" නිහාරිකාව ද, මධ්‍යයයේ සිට මදක් ඉහළින් වම්පසට වන්නටව "NGC 1975" නිහාරිකාව ද පිහිටා තිබෙන ආකාරය මෙහිදී නිරීක්ශනය කළ හැකි අතර එම නිහාරිකාවන්, හයිඩ්‍රජන් පරමාණු මගින් විමෝචනය වන ලා රතු පැහැති අලෝකයෙන් යුක්ත වූ අඳුරු කලාපයන් මගින් බෙදා වෙන්කොට ඇත. මෙම නිහාරිකාවන් ත්‍රිත්වය අතර වූ "NGC 1977" නම් වූ පරාවර්තන නිහාරිකාව "Running Man Nebula" යන අනුවර්ත නාමයෙන් ද හදුන්වනු ලබන අතර එහි විෂ්කම්භය ආලෝක වර්ෂ 15 ක් පමණ වෙතැයි ගණන් බලා තිබේ.
Image Credit & Copyright: Daniel Stern
Orion Nebula
The Orion Nebula is a starry nursery
Dust of the Orion Nebula
NGC 1977
Running Man Nebula - NGC 1977

