දිනය: 2023 මාර්තු 29
"H II region", එනම් අයනීකරණයට ලක්වූ අන්තර්තාරකා පරමාණුක හයිඩ්‍රජන්වලින් සමන්විතව පවතින ප්‍රදේශයක් ලෙස සලකනු ලබන මෙම නිහාරිකාවේ පවතින ඩොල්ෆින් මත්ස්‍යයෙකුගේ හිසට සමාන හැඩය හේතුවෙන් "Dolphin-Head Nebula" යන අනුවර්ත නාමයෙන් ද හැදින්වීම සිදු කරයි. පෘථිවියේ සිට ආලෝක වර්ෂ 5000 ක් පමණ ඈතින්, "මහ බල්ලා" (Canis Major) නම් වූ තාරකා රාශියට අයත්ව පිහිටා ඇති මෙම නිහාරිකාවේ විෂ්කම්භය ආලෝක වර්ෂ 70 ක පමණ අගයක් ගනී. මීට වසර 70000 කට පමණ ඉහතදී බිහිවී ඇති මෙම අපූරු තාරකා බුබුළට වම් පසින් දිස්වන දූවිලි හා වායු වළාවන්ගේ පවතින රතු පැහැය සදහා Wolf-Rayet තාරකාවෙන් නිකුත් වන ප්‍රබල ආලෝකය දායක වී තිබේ.
Image Credit & Copyright: Aleix Roig (AstroCatInfo)

