✨🌟💥 "WR 134" නම් වූ "Wolf-Rayet" තාරකාව සහ ඒ වටා නිර්මාණය වූ "Ring Nebula" නමින් හදුන්වන දැවැන්ත බුබුළක ස්වරූපය ගත් ව්‍යුහය 💥🌟✨

Stimulus mind

Well-known member
  • Feb 27, 2021
    31,036
    153,145
    113
    TNTCr38.jpg



    දිනය: 2023 මැයි 18
    පටු තීර පෙරහන් (narrowband filters) භාවිතා කරමින් ලබාගත් පහත දැක්වෙන ඡායාරූපයෙන් නිරූපණය කෙරෙන මනස්කාන්ත විශ්වීය පථය මගින් 'Cygnus' නම් තාරකා රාශියටයට අයත් සීමා මායිම් පෙන්නුම් කරයි. එම තාරකා රාශියට අයත්ව පිහිටි අනතරීක්ෂීය වළාවන් තුළ ගැබ් වී තිබෙන දිදුළන ස්වභාවයක් ගන්නා අයනීකරණයට ලක්වූ සල්ෆර්, හයිඩ්‍රජන් සහ ඔක්සිජන් යන වායූන්ගෙන් සැදුම්ලත්ව නිර්මාණය වූ මුද්දක නැතහොත් වළල්ලක ස්වරූපයක් ගත්, පහත ඡායාරූපයෙන් නිරූපණය වන ව්‍යුහය "Ring Nebula" (Wolf Rayet Bubble ලෙස ද හදුන්වයි) ලෙස හදුන්වනු ලබයි.

    "Wolf-Rayet star" ගණයට අයත් "Ring Nebula"හි මධ්‍යයයේ පිහිටා තිබෙන "WR 134" නම් තාරකාව මගින් නිකුත් කරන තාරකාමය ද්‍රව්‍යයන්, "WR 134" තාරකාවෙහි හටගන්නා තාරකා සුළං මගින් විසිරුවා හැරීමේදී මෙම කලාපයෙහි වූ අනතරීක්ෂීය වළාකුළුවල අඩංගු වන වායු හා දූවිලි සමග ගැටීමේදී නිර්මාණය වූ දීප්ත්මත් චාපාකාර සීමාවන්ගෙන් යුක්ත වූ දැවැන්ත කවචයක් නැතහොත් බුබුළක ආකාරයක් ගත් ව්‍යුහය මගින් "Ring Nebula" ව උපත ලබා තිබේ."Wolf Rayet (WR)" තාරකාවන් ඉතා උණුසුම්, දැවැන්ත, දීප්තිමත් මෙන්ම ඉතාමත් කැළඹිලි සහගත වූ සුළං (තාරකා සුළං - Stellar winds) සහිත හා අයනීකෘත හීලියම්, නයිට්‍රජන් හෝ කාබන් විමෝචන තීරයන්ගෙන් යුක්ත වූ අසාමාන්‍ය ආකාරයේ ප්‍රභාමණ්ඩලයන්ගෙන් සමන්විත වූ තාරකා විශේෂයක් ලෙස සලකනු ලබයි.

    දැවැන්ත තාරකාවක ආයු කාලය අවසාන වීමත් සමග සිදුවන දැවැන්ත සුපර්නෝවා (supernova) පිපිරීමක් මගින් එම තාරකාව කළු කුහරයක් හෝ ඝනත්වයෙන් ඉතා අධික නියුට්‍රෝන තාරකාවක් බවට පත්වීම සිදුවන අතර එවැනි සුපර්නෝවාවක් ඇති වීමට පෙර තාරකාවක් ගත කරන සීමිත වූ අවධිය ලෙස "Wolf-Rayet' තාරකාවක් ලෙසින් ද හැදින්විය හැකිය. පෘථිවියේ සිට ආලෝක වර්ෂ 6000 ක් ඈතින් පිහිටා ඇති, ආලෝක වර්ෂ 50 ක පමණ වූ වපසරියකට අයත් කලාපයක් පිහිටා ඇති මෙම "WR 134" නම් තාරකාව මගින් නිකුත් වෙමින් පවතින බර මූලද්‍රව්‍යයන් ඇතුළු අනෙකුත් අන්තරීක්ෂීය ද්‍රව්‍යයන්, අනාගතයේ බිහිවන තාරකාවන්ගේ නිර්මාණය සදහා ද මූලික ලෙස දායක වේ.


    Image Credit & Copyright: Craig Stocks

    WR134SHO.jpg


    WR 134 (Wolf-Rayet star)






    Wolf–Rayet star





     

    PHBhagya

    Well-known member
  • Feb 26, 2020
    25,167
    3
    118,945
    113
    Gampaha
    සුපිරි...👍

    @AnuradhaRa මේක බම්ප් කරපන්
    මනුස්සයෙක් දෙයක් කරනවනං තමුන් හිතල කරන්න ඕනෙ මචං...
    බලෙන් පොලඹවල අරගන්න එකේ තේරුමක් නෑ... එතකොට දෙන දේ සතුටින් නෙමෙයිනෙ දෙන්නෙ... "බම්ප්" එක උනත් එච්චර තමයි...
     

    Walter White

    Well-known member
  • Nov 20, 2019
    43,677
    125,345
    113
    දෙහිවල
    මනුස්සයෙක් දෙයක් කරනවනං තමුන් හිතල කරන්න ඕනෙ මචං...
    බලෙන් පොලඹවල අරගන්න එකේ තේරුමක් නෑ... එතකොට දෙන දේ සතුටින් නෙමෙයිනෙ දෙන්නෙ... "බම්ප්" එක උනත් එච්චර තමයි...
    එකෙන්ම බාන්ඩාගාරික තුමා, එකෙන්ම
     

    Similar threads