🌟✨ "WR 40" නම් වූ "Wolf Rayet (WR)" තාරකාවෙන් නිකුත් කෙරෙන තාරකා සුළං මගින් නිර්මාණය කළ "RCW 58" නම් වූ මනරම් විමෝචන නිහාරිකාව ✨🌟

Stimulus mind

Well-known member
  • Feb 27, 2021
    31,036
    153,145
    113
    XIEOueT.jpg



    දිනය: 2023 පෙබරවාරි 08

    අපගේ සූර්යයා මෙන් 100 ක් ගුණයක් විශාල වූත්, සූර්යයා මෙන් මිලියන ගුණයක දීප්තියකින් යුක්ත වූත්, සූර්යයා මෙන් 30 ගුණයක මතුපිට උෂ්ණත්වයකින් ද යුක්ත වූ ද තාරකාවන් අපගේ විශ්වය තුළ පවතී. මෙවැනි ගනයේ තාරකාවන් හදුන්වනු ලබන්නේ "Wolf Rayet (WR) stars" ලෙසය. ප්‍රංශ ජාතික තාරකා විද්‍යාඥයන් දෙපළක් වූ "Charles Wolf" සහ "Georges Rayet" සිහිවීම පිණිස මෙලෙස නාමකරණය කර ඇති "Wolf Rayet (WR)" තාරකාවන් ඉතා දැවැන්ත, දීප්තිමත් මෙන්ම ඉතාමත් කැළඹිලි සහගත වූ සුළං (තාරකා සුළං - Stellar winds) සහිත හා අයනීකෘත හීලියම්, නයිට්‍රජන් හෝ කාබන් විමෝචන තීරයන්ගෙන් යුක්ත වූ අසාමාන්‍ය ආකාරයේ ප්‍රභාමණ්ඩලයන්ගෙන් සමන්විත වූ තාරකා විශේෂයක් ලෙස සලකනු ලබයි.

    පහත දැක්වෙන ඡායාරූපයෙන් ද මෙවැනි ආකාරයේ "Wolf Rayet (WR)" තාරකාවක් නිරූපණය කෙරෙන අතර එය නම් කොට ඇත්තේ "WR 40" ලෙසය. පෘථිවියේ සිට ආලෝක වර්ෂ 16308 ක් පමණ ඈතින්, 'Carina' තාරකා රාශිය දෙසට වන්නට පිහිටා තිබෙන මෙම "WR 40" වැනි "Wolf Rayet (WR)" ගනයේ තාරකාවන් අපගේ සූර්යයාට සාපේක්ෂව ගත් කළ ඉතා කෙටි ආයු කාලයකින් යුක්ත තාරකාවන් විශේෂයක් ලෙස සලකනු ලබයි. මෙවැනි තාරකාවන්ගේ හරයට (core) සැපයෙන හයිඩ්‍රජන් ඉතා ඉක්මණින් අවසන් වීම සිදුවන බැවින් ඉන්පසුව එහි පවතින බර මූලද්‍රව්‍යයන් විලයනය කිරීමට තාරකාවේ හරය යොමු වීම සිදු කරන අතර එහිදී එම තාරකාවේ වූ බාහිර ස්ථරයන් තාරකා සුළං ආකාරයෙන් ඉවතට නිකුත් කිරීම සිදු කරයි.

    මෙම ඡායාරූපයෙහි දැක්වෙන "WR 40" නම් වූ "Wolf Rayet (WR)" තාරකාව සැලකීමේදී මෙම බාහිර ස්ථරයන් නැතහොත් වායුගෝලීය ස්ථරයන් ඉවතට නිකුත් කිරීම තත්පරයට කිලෝමීටර 100 ක පමණ වේගයකින් සිදුවෙතැයි ගණනය කොට තිබේ. මෙලෙස පුළුල් ලෙස ඉවතට නිකුත් වූ "WR 40" තාරකාවේ බාහිර ස්ථරයන් මගින් ඡායාරූපය මගින් නිරූපිත ඕවලාකාර හැඩයෙන් යුක්ත වූ "RCW 58" විමෝචන නිහාරිකාව (Emission Nebula/E type nebula) නිර්මාණය කොට ඇත.


    Image Credit & Copyright: Mike Selby & Mark Hanson; Text: Natalia Lewandowska (SUNY Oswego)

    Rcw58_Selby_4326.jpg





    Wolf Rayet (WR) Stars

    WR 40 - Star

    RCW 58 - Nebula




     

    batwise

    Well-known member
  • Aug 28, 2020
    8,515
    15,894
    113
    111
    Gotham
    batman.com



    https://en.wikipedia.org/wiki/WR_104#cite_note-11
    oka pupurala meheta enna pulwn kyawna ne oya burst eka

    The WR star is surrounded by a distinctive spiral Wolf–Rayet nebula, often referred to as a pinwheel nebula. The rotational axis of the binary system, and likely of the two closest stars, is directed approximately towards Earth. Within the next few hundred thousand years, the Wolf–Rayet star is predicted to experience a core-collapse supernova with a small chance of producing a long-duration gamma-ray burst.

    The possibility of a supernova explosion from WR 104 having destructive consequences for life on Earth stirred interest in the mass media, and several popular science articles have been issued in the press since 2008. Some articles decide to reject the catastrophic scenario, while others leave it as an open question
     

    Similar threads