✨🌟 වායු හා දූවිලිවලින් ගහණ වූ "Tadpole' නිහාරිකාව (Tadpole Nebula) තුළ පවතින කැළඹිලි සහගත ස්වභාවය 🌟✨

Stimulus mind

Well-known member
  • Feb 27, 2021
    31,034
    153,136
    113
    Re2fjSp.jpg



    දිනය: 2022 දෙසැම්බර් 19


    පහත දැක්වෙන ඡායාරූපයෙන් නිරූපණය වනුයේ "Tadpole Nebula" (IC 410 යන නාමයෙන් ද හදුන්වයි) නම් වූ විමෝචන නිහාරිකාවට (emission nebulae) අයත් වූ ප්‍රදේශය තුළ පවතින කැළඹිලි සහගත ස්වරූපයයි. පෘථිවියේ සිට ආලෝක වර්ෂ 12 000 ක් ඈතින්, "Charioteer' (Auriga) නම් තාරකා රාශියට අයත්ව පිහිටා තිබෙන මෙම නිහාරිකාව බිහිකිරීමට දායක් වූ, දිදුළන වායූන්ගෙන් හා දූවිලිවලින් සමන්විත වූ දැවැන්ත අන්තර් තාරකා වළාව ආලෝක වර්ෂ 100 ක පමණ විෂ්කම්භයකින් යුක්ත වේ. මීට වසර මිලියන 4 කට පමණ ඉහතදී, තාරකා සුළං හා බලවත් විකිරණයන් මගින් නිර්මාණය වූ, නව තාරකාවන් උපැද්ද්වීම සිදු කරන ප්‍රදේශයක් (star-forming region) වන මෙම දැවැන්ත අන්තර් තාරකා වළාව තුළ "NGC 1893" නම් වූ විවෘත්ත තාරකා පොකුරක් (open star cluster) පිහිටා තිබෙන අතර මෑතකදී බිහිවූ දීප්තිමත් නව තාරකාවන් රාශියක් ද මෙම "Tadpole' නිහාරිකාවෙහි තැනින් තැන විසිරී පවතින අයුරු මෙහිදී නිරීක්ශනය කළ හැකිය.

    විශේෂයෙන් මෙම ඡායාරූපයෙහි පහළ දකුණු පස කෙළවරට වන්නටව දිස්වන සාපේක්ෂ ඝනත්වයකින් යුක්ත වූ පදාර්ථ ප්‍රවාහයන් ද්විත්වයක්, නිහාරිකාවෙහි මධ්‍ය ප්‍රදේශයන්ගේ සිට ඉවතට නිකුත් වන අයුරු මෙහිදී නිරීක්ශනය කළ හැකිය. මෙම පදාර්ථ ප්‍රවාහයන් නිකුත් වන ස්ථානයන් නව තාරකාවන්ගේ උපැද්දවීම් සිදුකරන ප්‍රදේශයන් ලෙස හදුනාගෙන් ඇති අතර මෙවැනි ප්‍රදේශයක විෂ්කම්භය ආලෝක වර්ෂ 10 ක් පමණ වේ. "Tadpole' නිහාරිකාව නිරූපණය කෙරෙන පහත දැක්වෙන මෙම අපූරු ඡායාරූපය මගින් නිහාරිකාව තූළ සිදුවන සල්ෆර් විමෝචනයන් රතු පැහැයෙන් ද, හයිඩ්‍රජන් විමෝචනයන් කොළ පැහැයෙන් හා ඔක්සිජන් විමෝචනයන් නිල් පැහැයෙන් ද දැක්වෙන පරිදි විශේෂයෙන් සකසා ඇති අතර ඊට අමතරව නිහාරිකාව තුල වූ තාරකාවන් සියල්ල ද ඩිජිටල් තාක්ෂණය යොදා ගනිමින් මකා දැමීම සිදුකොට තිබේ.


    Image Credit & Copyright: Craig Stocks (Utah Desert Remote Observatories)


    තාරකාවන්ගෙන් තොර වූ "Tadpole' නිහාරිකාවෙහි ස්වරූපය

    Tadpoles_Stocks_2560.jpg




    තාරකාවන්ගෙන් පිරි "Tadpole' නිහාරිකාව

    Tadpoles_Stocks_960_stars.jpg




    Tadpole Nebula (IC 410)