✨🛰️🌌 "James Webb" අභ්‍යවකාශ දුරේක්ෂය මගින් දුටු "Wolf–Lundmark–Melotte" (WLM) නම් වූ වාමන මන්දාකිණියෙහි අසිරිය 🌌🛰️✨

Stimulus mind

Well-known member
  • Feb 27, 2021
    31,026
    153,107
    113
    U5b7XZk.jpg


    "James Webb" අභ්‍යවකාශ දුරේක්ෂයෙහි වූ "Near Infrared Camera" (NIRCam)නම් අධෝරක්ත කිරණ කැමරාව මගින් ලබාගත් මෙම නවතම ඡායාරූපයෙන් නිරූපණය වන්නේ අක්‍රමවත් මන්දාකිණි (barred irregular galaxy) ගනයට අයත් වන "Wolf–Lundmark–Melotte" (WLM) නම් වූ වාමන මන්දාකිණියයි (dwarf galaxy). පෘථිවියේ සිට ආලෝක වර්ෂ මිලියන 3 ක් ඈතින්, "Cetus' නම් තාරකා රාශියෙහි පිහිටා තිබෙන මෙම මන්දාකිණියෙහි පවතින විශේෂත්වය වනුයේ එය සමන්විත වී පවතින වායූන්, විශ්වයේ මුල් අවධියේදී බිහිවූ මන්දාකිණි නිර්මාණය කිරීමට දායක වූ වායූන්ට සමාන සං‍යුතියකින් යුක්ත වූ වායූන් වීමය. හුදෙකලා මන්දාකිණියක් වීම හේතුවෙන් මෙම මන්දාකිණිය වෙනත් මන්දාකිණි සමග අන්තර්ක්‍රියාවන් නොපවත්වන බැවින් මන්දාකිණියන්හි පරිණාමය හා විකාශය පිළිබදව දැනට පවතින න්‍යායන් නිවැරදි දැයි පරීක්ෂා කිරීමට යොදාගත හැකි මන්දාකිණියක් ලෙස සැලකීම ද තාරකා විද්‍යාඥයන්ගෙ අවධානය මේ වෙත යොමුවීමට මුල්වී ඇත.

    මේ අතර මෙම මන්දාකිණිය සමන්විත වූ නව තාරකාවන්ගේ නිර්මාණය සදහා දායක වන පදාර්ථයන් අතරින් බොහෝමයක් "මන්දාකිණි සුළං" (galactic winds) හේතුවෙන් අහිමිව ගොස් තිබුණ ද මෑතක සිට මෙම මන්දාකිණිය තුළ නව තාරකාවන් බිහිකිරීම ආරම්භ කොට ඇති බව හදුනාගෙන තිබේ. මෙලෙස බිහිවන තාරකාවන් මගින් සංස්ලේෂණය කරන නව පදාර්ථයන් එම තාරකාවන් සුපර්නෝවාවන් ලෙස පුපුරා යාමේදී කුඩා ස්කන්ධයකින් යුක්ත වූ "Wolf–Lundmark–Melotte" (WLM) මන්දාකිණියෙන් ඉවතට නිකුත් වී යාම සිදුවේ. මේ ක්‍රියාවලීන් හේතුවෙන් මෙම "Wolf–Lundmark–Melotte" (WLM) නම් වූ වාමන මන්දාකිණිය, විශ්වයේ මුල් අවධියේදී බිහිවූ තාරකාවන් හා එම තාරකාවන් කුඩා මන්දාකිණියන් තුළදී පරිණාමය වූයේ කෙසේ දැයි අධ්‍යයනය කිරීම සදහා ඉදිරියේදී යොදාගත හැකි මහගු තෝතැන්නක් විය හැකි බවත් තාරකා විද්‍යාඥයන්ගේ මතය වී තිබේ.


    FhIlr1mXgAMslNg





    "Spitzer' අභ්‍යවකාශ දුරේක්ෂයෙහි (Spitzer Space Telescope) වූ "Infrared Array Camera" (IRAC) නම් කැමරාවෙන් සහ "James Webb" අභ්‍යවකාශ දුරේක්ෂයෙහි වූ "Near Infrared Camera" (NIRCam)නම් අධෝරක්ත කිරණ කැමරාව මගින් ලබාගත් "Wolf–Lundmark–Melotte" (WLM) මන්දාකිණියෙහි ඡායාරූපයන් එකිනෙකට සැසදූ විට

    Credits: SCIENCE: NASA, ESA, CSA, IPAC, Kristen McQuinn (RU)
    IMAGE PROCESSING: Zolt G. Levay (STScI), Alyssa Pagan (STScI)

    STScI-01GH202Z56VQTBGMZRRTC36ZYG.png










     

    thulithasajeewa

    Well-known member
  • Jun 9, 2007
    1,839
    3,370
    113
    44
    දැන් නම් අනේ මංද&#3535
    ස්තූතියි සහෝ.. :love2:

    කවදහරි හොඳ telescope එකක් ගන්නවා.. එක්කො @scurvy උතුමාණන් ස්වර්ගස්ථ උනාම ඒ උත්තමයගෙ එක (i mean the telescope) උස්සගෙන එනවා..

    BUMP...!!
     

    Stimulus mind

    Well-known member
  • Feb 27, 2021
    31,026
    153,107
    113
    goo giya. oya starbursts 6k thiyana loku tharunam milky way eke ewane. ethakota oya duuwilla wage podi tharu kohe ewada
    ක්ෂීරපථයට අයිති ඒවා නෙවේ මං දන්න තරමින්. ඒ ගැන පැහැදිලි සදහනක් තිබුණෙ නෑ නාසා වෙබ්සයිට් එකේ නම්. :sorry:
     

    Stimulus mind

    Well-known member
  • Feb 27, 2021
    31,026
    153,107
    113
    Telescope එකෙන් ගන්න photo clear නෑ නේද ! ජීවින් ඉන්නවද කියලා කොහොම හොයන්ඩද🤔
    Spitzer Space Telescope එක විශ්‍රාම යවපු අභ්‍යවකාශ දුරේක්ෂයක්. ඒක අක්‍රීය කළේ 2020 අවුරුද්දෙදි. ඒකත් එක්ක බලද්දි James Webb Telescope එක කොච්චර ක්ලියර් ද කියලා පේනවා නේද? :yes:
     

    Similar threads