පෘථිවියේ සිට ආලෝක වර්ෂ 1344 ක් ඈතින්, 'Orion' තාරකා රාශියෙහි පිහිටා තිබෙන විසරණ නිහාරිකා (diffuse nebula) ගණයට අයත් වන ඔරායන් නිහාරිකාවෙහි (Orion Nebula - මෙය Messier 42, M42, හා NGC 1976 යන නාමයන්ගෙන් ද හදුන්වනු ලබයි) අභ්‍යන්තර ප්‍රදේශය දැක්වෙන, "James Webb" අභ්‍යවකාශ දුරේක්ෂය (James Webb Space Telescope) මගින් ලබාගත් අපූර්ව ඡායාරූපයක් ඊයේ දිනයේදී එළිදක්වන ලදී. "James Webb" දුරේක්ෂයෙහි වූ "Near Infrared Camera" (NIRCam) නම් අධෝරක්ත කිරණ කැමරාව මගින් ලබාගත් මෙම ඡායාරූපය මගින් නව තාරකාවන්ගේ බිහිවීම සිදුවන ආකාරය පිළිබදවත්, ග්‍රහලෝක පද්ධතියන් නිර්මාණය වන ආකාරය පිළිබදවත් නවමු තතු රාශියක් නිරූපණය කරන බව තාරකා විද්‍යාඥයන්ගේ අදහස වී තිබේ.
මූල ග්‍රහලෝක තැටි (protoplanetary disks) ලෙස හදුන්වන "T Tauri star" හේ "Herbig Ae/Be star" යන ගනයන්ට අයත් වන අලුත බිහිවූ තාරකාවන් වටා නිර්මාණය වන පරිස්ථිති තැටි (protoplanetary disk), දුඹුරු වාමන ග්‍රහලෝක, වායූ හා දූවිලි වළාවන්ගෙන් යුක්ත වූ කැළඹිලි සහගත ප්‍රදේශයන් මෙන්ම දීප්තිමත් තාරකාවන් ද මෙම ඔරායන් නිහාරිකාව සමන්විත වී තිබෙන අයුරු ද මෙහිදී නිරීක්ශනය කළ හැකිය.මීට වසර බිලියන 4.5 කට පෙර අපගේ සෞරග්‍රහ මණ්ඩලයේ බිහිවීම සිදුවූ කාල වකවානුව තුළදී පැවති පරිසරයට සමාන පරිසරයක් මෙම ඔරායන් නිහාරිකාව තුළද පැවතීම හේතුවෙන් ඔරායන් නිහාරිකාව පිළිබදව නව තොරතුරු සොයාගැනීමෙන් හා එම සොයාගත් තොරතුරු අධ්‍යයනය කිරීම මගින් අපගේ සෞරග්‍රහ මණ්ඩලයේ බිහිවීම සිදුවූ ආකාරය පිළිබදව අවබෝධ කර ගැනීම සදහා එම තොරතුරු උපකාර කර ගැනීමත් තාරකා විද්‍යාඥයන් විසින් මෙමගින් ඉටුකර ගැනීමට බලාපොරොත්තු වන මූලික පරමාර්ථය බවට පත්ව ඇත.
Credit: NASA, ESA, CSA, PDRs4All ERS
නම් කරන ලද ඡායාරූපය
"James Webb" අභ්‍යවකාශ දුරේක්ෂය මගින් ලබාගත් "Orion Nebula" හි ඡායාරූපය, හබල් දුරේක්ෂය මගින් ලබාගත් ඡායාරූපය සමග සැසදූ විට
"James Webb" අභ්‍යවකාශ දුරේක්ෂය මගින් ලබාගත් "Orion Nebula" හි ඡායාරූපය, 'Spitzer' අභ්‍යවකාශ දුරේක්ෂය මගින් ලබාගත් ඡායාරූපය සමග සැසදූ විට
Orion Nebula: Facts about Earth’s nearest stellar nursery

