✳️ ජනාධිපතිවරණයේදී උතුරු නැගෙනහිරින් මතුවූ පී. අරියනේත්තිරන් කවුද?

sylvaticus

Well-known member
  • Aug 27, 2024
    779
    879
    93
    1727008953223.jpeg


    2024 ජනාධිපතිවරණයේදී සුවිශේෂී සිදුවීම් රැසක් සිදුවිය.

    ඉන් එකක් වූයේ, ශ්‍රී ලංකාවේ ජනාධිපතිවරණ ඉතිහාසයේ පළමු වරට කිසිදු අපේක්ෂකයෙකුට 50% ඉක්මවා ඡන්ද ලබා ගැනීමට නොහැකි විය.

    මෙහිදී වඩාත් අවධානයට ලක්වූ අපේක්ෂකයෙකු වූයේ, උතුරු නැගෙනහිර කලාපයේ කැපී පෙනෙන ඡන්ද සංඛ්‍යාවක් හිමි කර ගත් පී. අරියනේත්තිරන් ය.

    උතුරු-නැගෙනහිර පළාත්වල ඡන්ද 226,000කට වඩා වැඩි සංඛ්‍යාවක් ලබා ගත් ස්වාධීන ජනාධිපති අපේක්ෂකයෙකු වන පී. අරියනේත්තිරන් කවුද?

    කවුද මේ අරියනේත්තිරන්?​

    1955 පෙබරවාරි 01 වන දා පාක්කියසෙල්වම් අරියනේත්තිරන් උපත ලැබී ය.

    ඔහුට සහෝදර සහෝදරියන් 4 දෙනෙකු සිටින අතර, ඔහු මූලික අධ්‍යාපනය ලබා ඇත්තේ මඩකලපුව අම්බලන්තුරෙයි කලෛමගල් විද්‍යාලයෙනි.

    ඉන්පසුව මඩකලපුව ශාන්ත සෙබස්තියන් විද්‍යාලයෙන් සහ කලවංචිකුඩි විද්‍යාලයෙන් අධ්‍යාපනය හදාරා තිබේ.

    බීබීසී සිංහල සමග අදහස් දක්වමින් ඔහු පැවසුවේ, ඔහු උසස් පෙළ විභාගය සමත් වීමෙන් පසුව කෘෂි විද්‍යාව සම්බන්ධ ඩිප්ලෝමාවක් හදාරා සත්ත්ව පාලනය සම්බන්ධ රැකියාවක නිරත වූ බව ය.

    ඔහු කලක් මාධ්‍යවේදියෙකු ලෙස ද සේවය කර ඇති අතර, 1990 දශකයේදී නිදහස් මාධ්‍යවේදියෙකු ලෙස ද කටයුතු කර තිබේ.

    පුරප්පාඩු වූ මන්ත්‍රී ධූරයකින් පාර්ලිමේන්තුවට පිවිසීම​

    ඉලංගෛ තමිල් අරසු කට්චි, ටෙලෝ, ප්ලොට් සහ ඊපීආර්එල්එෆ් වැනි සංවිධාන කිහිපයක් එක්ව 2004දී පිහිටුවා ගත් දමිළ ජාතික සන්ධානයෙන් (TNA) පළමු වරට ඔහු 2004 මහ මැතිවරණයකට තරග කර තිබේ.

    නමුත්, ඔහුට එවර මැතිවරණය ජයග්‍රහණය කිරීමට නොහැකි වූ අතර, ඔහු නියෝජනය කළ මඩකලපු දිස්ත්‍රික්කයේ පාර්ලිමේන්තු මන්ත්‍රී ධූරයක ඇති වූ පුරප්පාඩුවකින් පළමු වරට පාර්ලිමේන්තුවට පිවිසීමට ඔහුට අවස්ථාව හිමි විය.

    ඒ අනුව, ඔහු 2004 වසරේ සිට 2010 වසර දක්වා පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකු ලෙස කටයුතු කළේ ය.

    'ජනාධිපතිවරණයට ඉදිරිපත් වුණේ දමිළ ජනතාව වෙනුවෙන්'​

    බීබීසී සිංහල සේවය කළ විමසීමකදී ජනාධිපති අපේක්ෂක අරියනේත්තිරන් ප්‍රකාශ කළේ, තමා ජනාධිපතිවරණයට ඉදිරිපත් වූයේ දමිළ ජනතාව වෙනුවෙන් බව ය.

    "දමිළ ජනතාවට ඔවුන්ගේ ඕනෑ එපාකම් ගැන සොයා බලන්න කෙනෙක් අවශ්‍යයි කියලා හිතුණ නිසා මම තරග කළා."

    එමෙන් ම ඔහු පැවසුවේ, ලක්ෂ දෙක ඉක්මවා තමාට ලැබී ඇති ඡන්දවලින් පැහැදිලි වන්නේ ජනතාවට ද එවැනි ජනතා නියෝජිතයෙකුගේ අවශ්‍යතවක් ඇති බව ය.

    ස්වාධීන ජනාධිපති අපේක්ෂකයෙකු ලෙස ඉදිරිපත් වූ පී. අරියන්නේත්තිරන් හට ඊපීආර්එල්එෆ්, ටෙලෝ, ප්ලොට් ඇතුළු සංවිධාන කිහිපයක සහය ද හිමිව තිබිණි.

    - BBC සිංහල
     
    • Like
    Reactions: hi.dushan