✳️ සති දෙකක් සීනි භාවිතය නතර කරන්න පුළුවන්නම්..

chathura414

Well-known member
  • Jan 2, 2014
    6,225
    8,221
    113
    M-Town
    සති දෙකක් සීනි භාවිතය නතර කරන්න පුළුවන්නම්, ඔබගේ ශරීරය නැවත සුපිරි ශක්තියක් ලබා ගනු ඇත.

    මේක මැජික් එකක්.ලස්සන වෙන්න ආස අයට සති 2න් ලස්සන වෙන්න පුලුවන්.බර අඩු කර ගන්න ආස අයට බර අඩු කර ගන්න පුලුවන්,සීනි කොලොස්ට්‍රෝල්,ප්‍රෙෂර් තියෙන අයට ඒවා ගාණට පාලනය කර ගන්න පුලුවන්.කරන්න පොඩි දෙයක් තියෙන්නේ.මුලදී ටිකක් අමාරු උණාට මේක කරන්න ගත්තම ආස හිතේවි.ඇගේ සීනි අඩු වෙන,ප්‍රෙෂර් අඩු වෙනවා වගේ ලෙඩ තියෙන අය මේක කරන්න යන්න එපා.

    වැඩේ පටන් ගන්න කලින් ඔයාගේ බර බලාගෙන,සීනි,කොලොස්ට්‍රෝල් මට්ටම ගැන රිපෝට් එකක් ගන්න.මොකද මේක කරාට පස්සේ ඔයාටම පුදුම හිතේවි.

    වැඩේ පටන් ගන්නේ මෙහෙමයි.සම්පූර්ණයෙන්ම ඔයා සීනි නතර කරන්න ඕනි.සීනි දාලා තේ එකක් වත් බොන්න බෑ,බිස්කට් එකක් වත් කන්න තහනම්,පිටි වලින් හදන කිසි දෙයක් කන්න තහනම්,නූඩ්ල්ස් වත් බෑ.පොඩියට පලතුරු කෑල්ලක් කෑවට කමක් නෑ.Green Tea,Oats කමක් නෑ.හැබැයි මී පැණි මුද්දරස්පලම් දාන්නේ නැතුව.දවසට වතුර ලීටර් 3,4ක් අනිවාර්යයෙන් බොන්න ඕනි.මද්‍යසාර සපුරා තහනම්.බිත්තර මස් මාලු ඇති තරම් කන්න පුලුවන්.

    මුල්ම සතිය -

    පටන් අරන් මුල්ම දවස් 3 ඔයා මේක කරද්දි ඔයාගේ යටිහිත බලනවා මේකා මේ මොනවද කරන්න යන්නේ කියලා.එතකොට ඔයාව නතර කරන්න ඔයාගේ ඇඟ මාර ගේමක් දෙනවා.ඔයාට ඔළුව රිදෙන්න ගනීවි,ඇඟට පණක් නෑ වගේ දැනේවි.මේ මොන මඟුලක්ද කියලා හිතේවි.හීනෙනුත් රස කෑම පෙනේවි.ඒත් අත අරින්න එපා.දවස් 6ක් යද්දි හිත තේරුම් ගන්නවා වැඩේ හරියන්නේ නෑ මේ පොරගේ විදියට මාත් හැඩගැහෙන්න ඕනි කියලා.එතනින් එහාට අමාරුකම් අඩුවෙනවා.

    දෙවෙනි සතිය -

    ඔන්න දැන් ඔයාගේ අක්මාව විස,තෙල් අයින් කරලා Refresh වෙන්න ගන්නවා.විස සෛල බිදින්න ගන්නවා.ඔයාගේ ලේ හොඳට පිරිසිදු වෙන්න ගන්නවා.වෙනදා රෑට හරියට නින්ද ගියේ නැති උන ඔයාට සැපට නින්ද යන්න ගන්නවා.මල බද්ධය වගේ ප්‍රශ්න තිබුණා නම් ඒවා ඉවරයි.පොඩි පොඩි පලතුරු වලත් රස හුඟක් මේ වෙද්දි දැනෙන්න ගන්නවා.වෙනදා හවසට දවල්ට එන පොඩි පොඩි බඩගිනි නැති වෙලා යනවා.

    ඔයාගේ හම විනාස කරන ඔයාව ඉක්මනට වයසට යවන ලොකුම හතුරා තමයි සීනි.දැන් මේ වෙද්දි ඔයාගේ කුරුලෑ හොඳ වෙන්න අරන් මූණට අමුතු ලස්සන පාටක් එන්න ගන්නවා.

    තුන්වෙනි සතිය පටන් ගද්දි

    ඔන්න මේ වෙද්දි ඔයාගේ සීනි කොලොස්ට්‍රෝල් පාලනය වෙලා,ඔයාගේ මූණට පැහැදිලි ලස්සන පාටක් ඇවිත්,තිබුණ තඩි බඩ ටිකක් බැහැලා ගිහින්.ඔයා මේක හරියටම කරා නම් අනිවාර්යයෙන්ම ඔයාගේ බරින් 2KG වත් මේ සති දෙකට අඩු වෙලා තියෙන්න ඕනි.Fatty Liver තිබබ අය ඉන්න්නවා නම් Report වල පැහැදිලි වෙනසක් දකින්න ලැබේව්( සති දෙකේ තෙල් බෝතල් ගනන් ගිල්ලේ නැත්නම් )

    වැඩේ හරියට කරලා 3 වෙනි සතියේ ආපහු බර බලලා,Sugar,Liver Profile,Lipid Profile බලා ගන්න.සප්‍රයිස් වෙයි.මේක හරියට කරොත් ඔයාට මේක අත අරින්න හිතෙන එකක් නෑ.

    කරලම බලන්න.ජයම වේවා..🙏

    සංජය ප්‍රදීප්
     

    redux

    Well-known member
  • Feb 19, 2017
    10,932
    18,035
    113
    සීනි නොකෑව කියල බර අඩු වෙන්නෙ නෑ calorie deficit එකක් නැත්තන්

    nutrition ගැන phd එකක්වත් කරල නැති එකෙක්ගෙන් ඇරෙන්න ඔය වගේ advice අරගෙන කෙලෝගන්න එපා
     

    shenat

    Well-known member
  • May 13, 2007
    58,683
    87,059
    113
    ආශ්චර්යමත් රටක
    සීනි නොකෑව කියල බර අඩු වෙන්නෙ නෑ calorie deficit එකක් නැත්තන්

    nutrition ගැන phd එකක්වත් කරල නැති එකෙක්ගෙන් ඇරෙන්න ඔය වගේ advice අරගෙන කෙලෝගන්න එපා

    මේක තමයි මමත් දැක්ක ගොං පාට් එක.

    හැබැයි සීනි නවත්තන එක ගැන මුලින් කියල තියෙන ටික හරි. මුලින් අමාරුයි. පස්සෙ මරු. වාසි ගොඩක් තියෙනවා.
     

    dilann

    Well-known member
  • Jul 6, 2018
    67,817
    167,471
    113
    එකමත් එක රටක
    සීනි සීනි විදියට නම් කොහොමත් කැවෙන්නේ නෑ දැන් සෑහෙන කාලෙක ඉදන් තේ වත් බොන්නේ නැති නිසා .
    සීනි නවත්තනවා කියන්නේ පිටි / පැණිරස ඔක්කොම නවත්තන එකට .
     

    nalin0001

    Well-known member
  • Jun 12, 2014
    20,220
    34,846
    113
    සීනි නවත්තනවා කියන එක ලේසි නෑ
    අපි සීනි වලට ඇබ්බැහි වෙලා ඉවරයි
    දවසින් දවස ටිකෙන් ටික අඩු කරපං

    එක පාරට නැවැත්තුවොත් වෙන්නේ
    ඉවසල ඉවසලා බැරිම තැන එකපාරටම පැනි රස කෑම ගොඩක් කනවා
    ------ Post added on Oct 11, 2025 at 12:07 PM
     
    • Like
    Reactions: 00gayan00