මීපැණි සාදික්ක අමු ඉගුරු කොත්ත්මල්ලි බිව්වට මොනා වෙන්නද බන්?
හොදක් මිසක් නරකක් වෙන්නෙ නෑ
අවුලක් තියෙනවනෙ, මේක බීපු අය හිතනවනෙ එයාලට කොරෝනා හැදෙන්නෙ නෑ හෝ හැදිලා තියෙන එක සනීප වෙනව කියල, එතකොට එයාල ගොඩක් බරපතල වාහකයෙක් වෙන්න පුලුවන්නෙ, හරියටම සනාත නොකරපු දෙයක් නිසා අපි දන්නෙ නෑනෙ තාම මේකෙන් හොඳ වෙනවද නැද්ද කියල? ඒ බීපු අය නිරෝධායනයක් වෙන්න ඕනෙ නෑ කියල හිතන්න පුලුවන්, අනිත් අයගෙන් තමන්ට බෝ වෙන්නෙ නෑ කියල හිතල අපරිකශාකාරී විදිහට හැසිරෙන්න පුලුවන්.
කාලෙන් කාලෙට ඒඩ්ස් වලටත් බෙහෙත් හොයා ගත්ත කියල එක එක මිනිස්සු කියනවා, ඩෙස්පරේට් වෙලා ඉන්න මිනිස්සු ඒවට යනවත් එක්ක. ඒ මිනිස්සු තමන්ගෙ ඒඩ්ස් හොඳ වෙලා කියල හිතල, හැමෝත් එක්කම සෙක්ශුවලි එකතු වෙන්න ගත්තොත් මොකද වෙන්නෙ? මුලින් මේ බෙහෙත සාධාරණ සැකයකින් තොරව ඔප්පු කරන්න ඕනෙ නේද?