❌දහතුන්වන ව්‍යවස්ථා සංශෝධනය ❌

සොහොන

Well-known member
  • Dec 27, 2012
    13,888
    1,332
    113
    revolυтιoɴαry
    https://m.facebook.com/story.php?st...Eoq8UcnMxE2l&id=100064419502288&sfnsn=scwspmo

    "1987 ඉන්දු-ලංකා ගිවිසුමේ එන වගන්ති වලට අනුව 13 වන සංශෝධනය ගෙන ආ බව පවසන ඩයස්, තම වර්ගවාදී උද්ඝෝෂනයට ගැලපෙන පරිදි ඉතිහාසය විකෘත කරමින් එකී ගිවිසුම අත්සන් කෙරුනේ, නවදිල්ලිය තථ්‍ය වසයෙන් කොලඹ තන්ත්‍රයට 'තුවක්කුව මානා සිටියදී' බව කියා සිටී. ඩයස්ගේ විකෘතියට විපරීතව, ඉන්දු-ලංකා ගිවිසුමට නවදිල්ලිය එලැඹුනේ ජනාධිපති ජේ.ආර්.ජයවර්ධනගේ අර්බුද ග්‍රස්ථ තන්ත්‍රයට දෙනලද සහයෝගයක් ලෙසිනි.

    ගිවිසුමට අනුව, පලාත්බද සීමිත ස්වයං-පාලනයක් ලබාදෙන පොරොන්දුව මත දෙමල සන්නද්ධ කන්ඩායම් නිරායුධ කිරීම සඳහා ඉන්දියාව තම 'සාම සාධක' හමුදා උතුරු පලාතට එවූ අතර, ශ්‍රී ලංකා හමුදාව සමග සටන්වැද සිටි දෙමල විමුක්ති කොටි සංවිධානය (එල්ටීටීඊය) එයට සහාය දුන්නේය. දකුනේ ගම්බද නොසන්සුන්තාව මැඩපැවැත්වීම සඳහා තම හමුදාව යැවීමට ගිවිසුම ජයවර්ධනට ඉඩහසර ලබා දුන්නේය.

    සමාජවාදී සමානතා පක්ෂය (සසප) සහ එහි පූර්ව සංවිධානය වන විප්ලවවාදී කොමියුනිස්ට් සංගමය මුල සිටම පෙන්වාදුන් පරිදි, 13 වන ව්‍යවස්ථා සංශෝධනය කවර ලෙසකින් හෝ දෙමල පීඩිත ජනයාගේ ප්‍රජාතන්ත්‍රීය අයිතීන් තහවුරු කිරීම සඳහා ගෙනඑන ලද්දක් නොවේ. එය, උතුරු හා නැඟෙනහිර දෙමල ප්‍රභූවට සීමිත බලතල බෙදා හැරීමේ අරමුනෙන්, 1987 ඉන්දු-ලංකා ගිවිසුමෙන් පැන නැගුනකි.

    අනුප්‍රාප්තික කොලඹ ආන්ඩු දෙමල ධනේශ්වරය සමග කුමන හෝ බලය බෙදාගැනීමකට එරෙහි වී ඇති අතර මෙම සංශෝධනය මුලුමනින්ම ක්‍රියාත්මක කර නැත. එය ප්‍රශංසාවට ලක් කරමින්, නීතීඥ මනෝහර ද සිල්වා පවසන්නේ, හිටපු ජනාධිපති චන්ද්‍රිකා කුමාරතුංග ඇතුලු සියලු ජනාධිපතිවරුන්, එහි 'අන්තරායන් සලකා බලා', 13 වන ව්‍යවස්ථාවෙන් පලාත් සභා වලට පැවරුනු යම් නිශ්චිත බලතල ලබා දීමෙන් වැලකී සිටි බවයි.

    දහතුන්වන වන සංශෝධනය බලාත්මක කලහොත්, උතුරු සහ නැගෙනහිර පලාත් යලි ඒකාබද්ධ කිරීමටත්, එමගින් 'දෙමල නිජබිම' සංකල්පය ප්‍රවර්ධනය කිරීමටත් ඉඩ ප්‍රස්ථාව ලැබෙන බවත් ද සිල්වා කියා සිටී. පලාත්සභා වලට අයත් පොලීසි, මහඇමතිවරයා යටතට පත්වන බැවින්, ඉතා වැදගත් පුද්ගලයන්ට (වීඅයිපී) ආරක්ෂාව සැලසීම සම්බන්ධයෙන් 'ජාතික පොලීසිය සතු කර්තව්‍යයන්' නිසියාකාරව ඉටුකල නොහැකිවන බවට ද ඔහු තර්ක කරයි.

    මෙම සිංහල වර්ගවාදී නඩය, 26 වසරක කුරිරු යුද්ධය අවසන් වීමෙන් පසුව ද උතුරු සහ නැගෙනහිර පලාත්වල දෙමල කතා කරන ජනයාට එරෙහිව පවත්වාගෙන යන දැඩි හමුදා පාලනය බිඳකුදු හෝ ලිහිල් කිරීමට එරෙහි ය. 'ජාතික ආරක්ෂාව පරදුවට තබා ඇතැම් හමුදා කඳවුරු ඉවත් කර ගැනීම, පුරාවිද්‍යා ස්ථානයන්හි පාලනය අත්හැර දැමීම, රාජ්‍ය දේපොල පෞද්ගලීකරනය සහ හමුදාව දුර්වල කිරීම' මෙම බලාත්මක කිරීමේ ප්‍රතිඵලය බවත් එමගින් 'රට කැඩීමට සුදුසු පරිසරයක්' නිර්මානය කෙරෙන බව ජනරාල් ඩයස් කියා සිටී.

    කෙසේ නමුත්, 13 වන සංශෝධනය බලාත්මක කිරීමේ ජනාධිපති වික්‍රමසිංහගේ යෝජනා සහ සාකච්ඡා මුලුමනින්ම කුහකය, එමෙන්ම ව්‍යාජය. මෙම සාකච්ඡාවන්හි එක් මූලික අරමුනක් වනුයේ ජාමූඅ හි කප්පාදු ක්‍රියාත්මක කිරීමේ දී දෙමල ධනපති පක්ෂවල පූර්න සහයෝගය දිනා ගැනීමයි.

    තම වරප්‍රසාද වෙනුවෙන් නවදිල්ලිය සහ වොෂින්ටනය හරහා කොලඹට පීඩනය යෙදීමේ ව්‍යායාමයක දෙමල ධනපති පක්ෂ යෙදී සිටිති.

    වික්‍රමසිංහ පසුගිය දා ඉන්දියාවට කල සංචාරයේදී අගමැති නරේන්ද්‍ර මෝදි කියා සිටියේ 13 සංශෝධනය මුලුමනින්ම බලාත්මක කලයුතු බවයි. එක් පසෙකින් වොෂින්ටනය සහ නවදිල්ලියත් අනෙක් පසින් බෙයිජිනයත් අතර තුලනයවීමේ මංමුලාසහගත උත්සාහයන යෙදී සිටින වික්‍රමසිංහ මෙම සාකච්ඡා මගින් නවදිල්ලිය සතුටු කිරිම ද අපේක්ෂා කරයි. කෙසේ නමුත්, දෙමල ධනපති පක්ෂ අතිමූලිකව ඉල්ලා සිටින පොලිස් බලතල සම්බන්ධයෙන් වික්‍රමසිංහ ගේ එකඟතාවක් නොමැත.

    ගැඹුරු අර්බුදයක ගිලී සිටින වික්‍රමසිංහ ආන්ඩුව ජාත්‍යන්තර මුල්‍ය අරමුදලේ විධානයන් මත එල්ල කරන කප්පාදු ප්‍රහාර වලට සහ එම ප්‍රහාරයන්ට එරෙහි පංති සටන් තලා දැමීම සඳහා ගෙයන රුදුරු රාජ්‍ය මර්දනයට එරෙහිව කම්කරුවන්, තරුනයන් සහ දුගී ගොවීන් අතර වැඩෙමින් පවතින්නේ බලගතු විරෝධයකි. එය, ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ සහ ඔහුගේ ආන්ඩුව බලයෙන් පහකල පසුගිය වසරේ මහජන නැගිටීම ඉක්මවා යන බලයක් ලෙස වැඩෙතැයි ආන්ඩුව ඇතුලු පාලක පංතියේ සියලු කොටස් බියවැදී සිටිති."

    සම්පූර්නයෙන් කියවන්න
    https://www.wsws.org/si/articles/2023/08/17/sril-a17.html

    #SriLanka #SriLankaProtests #SriLankanCrisis #SLK
    #SriLankaEconomicCrisis

    FB_IMG_1692652455720.jpg

    ------ Post added on Aug 22, 2023 at 2:47 AM