~~බැස්ටිලය අත්පත් කරගැනීමෙහි බලපෑම යෝධ එකක් විය. මානව වර්ගයාගේ සිර ගෙය ඇද වැටුනු බව ලෝකයේ සියලු මහජනයාට පෙනී ගියේ ය. මෙය මිනිස් අයිතිවාසිකම් පිලිබඳ ප්‍රකාශනයට වැඩි දෙයක් විය; එය මානව අයිතීන්ගේ සේවයට කැඳවනු ලැබූ මහජනයාගේ ශක්තියෙහි ප්‍රකාශනයක් විය. පැරීසියේ සිට විශ්වයේ පීඩිතයන් කරා ලඟා වූයේ ආලෝකය පමනක් නො වේ.දාසභාවයේ අඳුරු රාත්‍රීය තුල සිරගත ව සිටි මිලියන ගනනකගේ හදවත් තුල, හරියට ම ඒ මොහොතේ දී විමුක්තියේ පලමු අරුනෝදය නැගී සිටියේ ය.
පැරීසියෙන් සැතපුම් 20ක් දකුනට වන්නට වර්සායිහි පිහිටා තිබුනු ඔහුගේ මාලිගයේ ආරක්ෂිත ව සැඟවී සිටි දහසයවැනි ලුවී රජු, ආදිපාද ඩි ගා රොච්ෆව්කෝල්ඩ්-ලියන්කෝට් විසින් නින්දෙන් අවදි කරනු ලැබ වාර්තාවක් දෙනු ලැබූ සවස් යාමයේ පසුභාගය වන තෙක්, මහජන නැගිටීම ගැන අසා තිබුනේ නැත. “ඒ කියන්නේ ඒක කැරැල්ලක්දැ?” යි අපහසුවට පත් රජු ඇසී ය. “නැහැ, දේවයන් වහන්ස, ඒක විප්ලවයක්!” යයි කියමින් ආදිපාදවරයා එයට පිලිතුරු දුන්නේ ය.
බ්‍රිතාන්‍යය අභිබැවූ ඇමරිකානු විජිත වැසියන්ගේ ජයග්‍රහනය සංකේත්වත් කල, පැරිස් සම්මුතියෙන් යන්තම් වසර හයකට පසුව පැමිනි ප්‍රන්ස විප්ලවය, ලෝක ඉතිහාසයේ නව යුගයක ආරම්භය සලකුනු කලේ ය. එහි යෝධ පරිමානය සහ දේශපාලනික ගතිකය අතින් ගත් කල, “තමාගේ ම ඉරනම මත පාලනයේ ක්ෂේත්‍රයට මහජනතාවගේ බලහත්කාරී කඩාවැදීම” යයි ට්‍රොට්ස්කි පසුව සඳහන් කල දෙය, එමගින් මූර්තිමත් කලේ ය.
යෝධ සමාජ, ආර්ථික හා සංස්කෘතික සංක්ෂෝභයේ කාලපරිච්ඡේදයක දේශපාලනික කූටප්‍රාප්තිය වූයේ විප්ලවය යි. මානවවර්ගයාගේ ගැටලු විසඳනුවස්, හේතුප්‍රත්‍යයට පවතින බලය කෙරෙහි විශ්වාස කල බුද්ධි ප්‍රබෝධය නමැති බුද්ධිමය විප්ලවය විසින් එය පූර්වාපේක්ෂා කරනු ලැබිනි. මානව සමාජය විද්‍යාත්මක ව අධ්‍යයනය කිරීමට බලගතු බුද්ධිමය ආවේගයක් සම්පාදනය කල එම යුගයේ ශ්‍රේෂ්ඨ භෞතිකවාදී දාර්ශනිකයෝ පුරාන ආර්ථික, සමාජ හා දේශපාලන පර්යායේ අසාධාරනයන් සහ රජවරුන්ගේ දිව්‍යමය අයිතිය ආගමික මිථ්‍යාව සමගින් යුක්තිසහගත කිරීමට විවේචනයක් සම්පාදනය කලේ ය.
බුද්ධි ප්‍රබෝධයේ වඩාත් ම රැඩිකල් චින්තකයෝ සිය විවේචනය නාභිගත කලේ, සමාජ අසමානතාව සහ පොහොසතුන්ගේ වරප්‍රසාද මත ය.
අද දිනයේ අනුනාද වන වචන යොදා ගනිමින්, ෂෝන්-ජැක් රූසෝ 1755 දී විමසන ලද්දේ “සමාජයේ සියලු වාසි පවතින්නේ බලවත් හා ධනවත් අය වෙනුවෙන් නො වේද?” යනුවෙනි. “සියලු සඵල තානාන්තර පුරවනු ලබන්නේ ඔවුන් විසින් පමනක් නො වේ ද? සියලු වරප්‍රසාද සහ මුක්තීන් වෙන් වී ඇත්තේ ඔවුන්ට නො වේ ද? රාජ්‍ය අධිකාරිය මුලුමනින් ම පවතින්නේ ඔවුන්ගේ වාසියට නො වේ ද? ඉහල පෙලේ මිනිසෙක් ඔහුගේ නයකරුවන්ගෙන් හොරකම් කරමින් වෙනත් ආකාරවලින් රවටද්දී ඔහු නිතර ම මුක්තිය ලබන බව නිශ්චිත නැද්ද?”
1762 දී ලියන ලද රූසෝගේ වඩාත් ම ප්‍රසිද්ධ කෘතිය වන සමාජ කොන්ත්‍රාත්තුව ආරම්භ වූයේ “මිනිසා නිදහසේ උපත ලබන අතර සෑම තැනක දී ම ඔහු යදමින් බැඳී සිටී” යන වචන සමගිනි.
එම යුගයෙහි ශ්‍රේෂ්ඨ චින්තකයන්ගේ සමාජ විවේචනය ක්ෂනික ව විප්ලවය බවට පරිවර්තනය නො වී ය. මහජනතයාගේ ක්‍රියා තුල ඔවුන්ගේ බුද්ධිමය ශ්‍රමයෙහි ගම්‍යයන් සොයාගැනීමට, තවත් දශක කිහිපයක් අවශ්‍ය විය. එහෙත්, ප්‍රන්ස විප්ලවය ගම්‍යතාව අත්පත් කරගනිද්දී, ජනගහනයේ පලල් ස්ථරයන් දේශපාලනික ක්‍රියාකාරීත්වයට ගෙන එමින් වඩා රැඩිකල් මානයන් අත් කරගත්තේ ය. 1785 දී සිතා ගැනීමට පවා නො හැකි ව තිබුනු දේවල් -රාජාන්ඩුව අවසන් කිරීම, වැඩවසම් වරප්‍රසාද හා දේපොල සබඳතා අහෝසි කිරීම, සමූහාන්ඩුවක් ස්ථාපිත කිරීම සහ රජු මරා දැමීම- ඊට පසුව එලඹුනු දශකයේ අවසානයෙහි දී යථාර්ථයක් බවට පත් ව තිබිනි.
සිය රුසියානු විප්ලවයේ ඉතිහාසය නමැති කෘතිය තුල, ලියොන් ට්‍රොට්ස්කි ප්‍රන්සයේ සිද්ධීන් පිලිබඳ ව මෙසේ ලිවී ය: “සංස්කෘතික ධනේශ්වරය විසින් පයට පාගා පොඩි කර දමන ලද සමාජයේ පදනම ම පවා සංක්ෂෝභී වෙමින් සජීවී බවට පැමිනෙමින් පැවතුනි”. “ඝන ස්කන්ධයෙන් ඉහලට මානව හිස් එසවුනේ, ගොරෝසු දෑත් මුදුනට දිගහැරෙද්දී සහ කර්කශ එහෙත් ධෛර්යය සම්පන්න හඬවල් කෑගසද්දී ය! පැරීසියේ දිස්ත්‍රික්ක, විප්ලවයේ අට්ටාල ඒවායේ ම ජීවිතයක් ගත කිරීම ආරම්භ කලේ ය. ඒවා හඳුනාගනු ලැබූ අතර, එසේ හඳුනා නො ගෙන සිටීම කල නො හැක්කක් විය! ඒවා කොටස් බවට පරිවර්තනය විය. නීත්‍යානුකූලත්වයේ සීමාවන් අඛන්ඩ ව බිඳ දමමින් පැවති ඒවා පහලින් නැවුම් රුධිර ධාරාවක් ලබාගනිමින් හා නීතිය නො තකා, අයිතීන් රහිත හා අනාථ විප්ලවවාදීන්ට ඒවායේ තරාතිරම් විවෘත කිරීම කරගෙන ගියේ ය.”
විප්ලවය ප්‍රතිගාමීන්ගේ කර්කශ වෛරයට මුහුන දුනි. ගතානුගතිකයෝ හා මධ්‍යස්ථවාදියෝ විප්ලවයේ “සීමාව ඉක්මවා යාම්” හෙලා දුටුවෝ ය. එහෙත් වඩාත් ම ප්‍රගතිශීලී චින්තකයෝ එහි ආරක්ෂාව සඳහා රැලි වූ හ. දහසය වැනි ලුවී මරා දැමීම ද විප්ලවයේ ආරක්ෂාව සඳහා දියත් කරන ලද ත්‍රස්තය හෙලා දුටු අයට පිලිතුරු දුන් තෝමස් ජෙෆර්සන්, විප්ලවය පරාජය වීමට සාක්ෂි දරනවාට වඩා “ලෝකයෙන් අර්ධයක් වැනසී” යාම දැකගැනීමට තමන් වඩා කැමති බව කීවේ ය. “සෑම රටක් තුල ම ආදම් කෙනෙක් හා ඒව කෙනෙක් පමනක් ඉතිරි වී නිදහස් වුව හොත්, එය දැන් පවතින තත්ත්වයට වඩා යහපත් වනු ඇත” යි ඔහු ලීවේ ය.
ප්‍රන්ස විප්ලවය අද දිනට දක්වන අදාලත්වය කවරක් වේ ද? ඇත්ත වසයෙන් ම, අප සිටින්නේ ධනේශ්වර ප්‍රජාතන්ත්‍රවාදී විප්ලවයේ නො ව, සමාජවාදී විප්ලවයේ යුගයේ ය. එහෙත්, අසමානතාව, දේපොල සහ ස්ථාපිත පර්යාය පිලිබඳ විප්ලවවාදී විවේචනයෙහි සාරය, ධනවාදී ඛාදනයේ හා අර්බුදයේ කොන්දේසි යටතේ යෝධ බලයක් අත්පත් කරගනී.~~
සම්පූර්නයෙන් කියවන්න
https://www.wsws.org/si/articles/2023/08/09/pers-a09.html
#bastilleday #frenchrevolution #france