https://www.wsws.org/si/articles/2020/10/12/tly6-o12.html
වර්තමාන යුරෝපය බලගතු ලෙස 15 වන ශතවර්ෂයේ ඉතාලිය හා සැසඳේ.” [29] ඇත්ත වසයෙන් ම එම යුගය තුල කුඩා රාජ්‍යයන් “ලදරු ධනවාදයක ආරම්භක පියවරයන් නියෝජනය කලේ ය.” එහෙත් පුනරුදයේ කාල පරිච්ඡේදය එක් වැදගත් ආකාරයකින් නවීන යුගය සමඟ සැසඳින: “එය වනාහි පැරනි සම්මතයන්ගේ සිට නව සම්මතයන් කරා - එනම් නිරාචාර හා ඒ ස්වරූපයෙන් ම දුරාචාර කාල පරිච්ඡේදයක් දක්වා - පරිවර්තනය වූ යුගයක් විය.” [30] කාදිනල්වරු “අශ්ලීල ප්‍රහසනයන් රචනා කල අතර, පාප්වරු ඒවා ඔවුන්ගේ උසාවිවලට ඉදිරිපත් කල හ.” [31]
ඉතාලියානු දේශපාලනයේ තේමාව වූයේ දූෂනය යි. ආන්ඩුකරනයේ කලාව කුඩා කල්ලි ලෙස ප්‍රගුන කෙරුනු අතර එය සමන්විත වූයේ බොරු කීමේ, පාවාදීමේ හා අපරාධකරනයේ වංශවත් කලාවන්ගෙනි. ගිවිසුමක් සම්පූර්න කිරීම, පොරොන්දුවක් ඉටු කිරීම ආදිය සලකන ලද්දේ මුග්ධත්වයේ අග්‍රස්ථානය ලෙස ය. ප්‍රයෝගකාරීත්වය ප්‍රචන්ඩත්වය සමග අතිනත ගෙන ගමන් කලේය. මිථ්‍යා දෘෂ්ටීන් හා විශ්වාස රහිත භාවය, රාජ්‍යයේ ප්‍රධානීන් අතර සියලු සබඳතාවන්ට විෂ එකතු කලේ ය. එය ස්ෆෝර්සාස්, මෙඩිසි හා බෝගියාස්වරුන්ගේ යුගය විය. එහෙත් එය හුදෙක් ද්‍රෝහීත්වයේ හා කූට ලේඛන සැකසීමේ සහ වස දීමේ හා කපටිකමේ යුගයක් පමනක් නො වී ය. එය පුනරුදයේ ද කාල පරිච්ඡේදය ද විය. [32]
පුනරුදයේ කාල පරිච්ඡේදයේ දී මෙන් ම, නවීන මිනිසාට ද පෙනී යන්නේ,
තමන් මරන වේදනාවෙන් පෙලෙන ධනේශ්වර-ධනවාදී ලෝකය සහ එය විස්ථාපනය කිරීමට නියමිත නව ලෝකය යන දෙලොව අතර සීමාවේ බවය. දැන්, යලිත් වරක් එක් සමාජ පද්ධතියක සිට තවෙකකට පරිවර්තනය වන, සෑම විට ම සිදු වන පරිදි සදාචාරයේ අර්බුදයක් සමග අත්වැල් බැඳගත් විශාලතම සමාජ අර්බුදයක යුගයේ අපි ජීවත් වෙමු. පැරනි දෙය එහි පදනම දක්වා ම සොලවාලනු ලැබ ඇත. නව දෙය ඉස්මතු වීම ඇරඹී ඇත්තේ යන්තමිනි. සමාජ පරස්පර-විරෝධයන් නැවතත් සුවිශේෂී තියුනු භාවයක් කරා එලැඹී තිබේ. [33]