❗ රක්ෂණ_වන්දි ❗

Los pollos hermanos

Well-known member
  • Mar 15, 2018
    5,061
    2
    5,923
    113
    Albuquerque, New Mexico, United States
    ❗ රක්ෂණ_වන්දි ❗

    රක්ෂණ වන්දි ගන්න නම් වාහන හිමියන් ඉදිරියේදී අනිවාර්යයෙන් කළ යුතු කටයුත්තක් ගැන රථවාහන මූලස්ථානය දැනුම් දෙයි




    රථවාහන අනතුරක දී රක්ෂණ වන්දි ලබා ගැනීම සඳහා මින් ඉදිරියට අනතුර සම්බන්ධයෙන් පොලිසිය දැනුවත් කර පොලිස් වාර්තා ඉදිරිපත් කළ යුතු බව රථ වාහන හා මාර්ග ආරක්ෂාව පිළිබඳ අධ්‍යක්ෂ පොලිස් අධීකාරි ඉන්දික හපුගොඩ පැවසුවා.
    2018 අංක 18 දරන පනත යටතේ ඉදිරියේ දී මේ අනුව ක්‍රියාත්මක විය යුතු බවයි ඔහු පෙන්වා දුන්නේ.


    අනතුරු සිදුවූ තැනදීම රක්ෂණ සමාගමේ නියෝජිතයකු විසින් වන්දි මුදල ලබාදීමේදීත් (On The Spot) මින් ඉදිරියට ආකෘති පත්‍රයක් පුරවා දීමෙන් රිය අනතුර පොලිසිය වෙත දැන්විය යුතු වනවා. මාර්ගයන්හි සිදුවන නියම අනතුරු ප්‍රමාණය වාර්ථා නොවීම නිසා ඉදිරි රථ වාහන හා මාර්ග ආරක්ෂණ සැලසුම් සඳහා ඉන් ඇතිවිය හැකි දුර්වලතා වළක්වා ගැනීමේ අරමුණින් මෙම වැඩපිළිවෙල ක්‍රියාත්මක කරන බවයි අධ්‍යක්ෂවරයා වැඩිදුරටත් පැවසුවේ.


    පොලිස් පැමිණිළි වලට අනුව ගිය වසරේ දී රිය අනතුරු 37730ක් වාර්තා වී තිබෙන අතර, ඒ අතරින් බරපතළ රිය අනතුරු 2933ක් වාර්තා වන වනවා. නමුත් "ඔන් ද ස්පොට්" ක්‍රමයට වන්දි ලබාගත් වාහනත් සමග ගත්විට මීට වඩා රිය අනතුරු සංඛ්‍යාවක් සිදුව ඇති බවයි පොලිස් රථවාහන මූලස්ථානය විශ්වාසය පල කරන්නේ්.
    පුසුගිය වසරේදී රිය අනතුරු හේතුවෙන් පුද්ගලයන් 3147ක් මිය ගොස් තිබෙනවා.

    Neth news
     

    Erandic

    Active member
  • Dec 11, 2014
    635
    154
    43
    Hettipola
    ඒක හොඳයි. වැරද්ද කරපු කෙනාගේ රක්ෂණ ප්‍රතිලාභයෙන් යම් ප්‍රතිශතයක් කපාගත්ත නම් තවත් හොඳයි.
     

    surflive

    Active member
  • Jan 23, 2011
    833
    121
    43
    gon kathawak.... police gihin report gannawa kiyanne maha kale naasthi wena wadak....eka nisamai "on the spot" insurance popular wuneth
     

    icepack

    Well-known member
  • Jun 5, 2008
    3,020
    1,916
    113
    Dan okata customer yannama oneda police station ekata.
    Stat accurate karanna nam insurance company eken oya reports ganna system ekak haduwama iwarai neh.