❤️‍🔥 බලවතුන් රැසක් අහක බලද්දී ලංකාව ජීවත් කරන්නට නොමසුරුව සහයදෙන ඉන්දියාව ❤️‍🔥

asbestos

Well-known member
  • May 5, 2022
    2,200
    2,656
    113
    සංසාරය
    istockphoto-1124487995-170667a.jpg


    ශ්‍රී ලංකාව මේ වන විට මුහුණ දී ඇති දැවැන්ත ආර්ථික අර්බුදය හමුවේ ශ්‍රී ලංකාවාසීන්ට ආහාර වැනි අත් අනිකුත් අත්‍යවශ්‍ය ද්‍රව්‍ය වලින් ආධාර කිරීම සඳහා හැකි පමණින් අරමුදල් සපයන ලෙස ඉන්දියාවේ තමිල්නාඩු ප්‍රාන්තයේ ප්‍රධාන අමාත්‍ය කේ ස්ටාලින් මහතා පසුගියදා තමිල්නාඩු වැසියන් ගෙන් ඉල්ලීමක් කළා.

    තමිල්නාඩු DMK පක්ෂයේ සභාපතිවරයා ද වන ස්ටාලින් මහතා පවසා ඇත්තේ සිය පක්ෂය මගින් ද ඉන්දීය රුපියල් කෝටියක මුදලක් ද ශ්‍රී ලංකාව වෙත ප්‍රදානයක් ලෙස ලබාදෙන බවයි.
    පළමු අදියරේ කොටසක් ලෙස සහල් ටොන් 40,000 ක්, කිරිපිටි ටොන් 500 ක් සහ අත්‍යවශ්‍ය ඖෂධ ඇතුළු මානුෂීය ආධාර යැවීමට ප්‍රාන්ත රජය තීරණය කර ඇති බව ඉන්දීය මාධ්‍ය වාර්තා වල සදහන්.

    අපට හැකිතාක් දුරට අවශ්‍යතා ඇති අයට උපකාර කිරීමට කාලය මෙයයි.

    ශ්‍රී ලංකාවේ ජනතාවට මානුෂීය ආධාර සඳහා ඔබගේ දායකත්වය ලබා දෙන ලෙස මම ඉල්ලා සිටිනවා, ඔහු නිවේදනයක් නිකුත් කරමින් කියා සිටි බව ඉන්දීය මාධ්‍ය රැසක්ම වාර්තා කර තිබුණා.
    ලැබෙන පරිත්‍යාගවලින් ආහාර වැනි අත්‍යවශ්‍ය ද්‍රව්‍ය සපයා ගන්නා බවත් ඒවා ශ්‍රී ලංකාවට එවන බවත් ප්‍රධාන ඇමැතිවරයා දැනුම් දුන්නා.

    "අදාල අරමුදල් සහන ද්‍රව්‍ය මිලදී ගැනීම සඳහා භාවිතා කරනු ලබන අතර ස්ටාලින් මහතා පැවසුවේ 1961 ආදායම් බදු පනතේ 80(G) වගන්තිය යටතේ ප්‍රධාන අමාත්‍යවරයාගේ මහජන සහන අරමුදලට වන දායක මුදල් , ආදායම් බද්දෙන් නිදහස් කෙරෙන බවයි.

    එම මුදල් දායකත්වය දැක්වීම සදහා ඉතා විශ්වසනීය වැඩසටහනක් ක්‍රියාත්මක කර ඇති අතර ඉලෙක්ට්‍රොනිකව අරමුදල් සපයන අය සදහා https://ereceipt.tn.gov.in.cmprf/cmprf.html. යන දිගුව භාවිත කිරීමට හැකියාව පවතිනවා.

    මීට අමතරව බැංකු මගින් මෙන්ම PhonePe, Google Pay, Paytm, Amazon Pay, MobiKwik යනාදිය හරහාද තමිල්නාඩු වැසියන්ට මීට දායකත්වය ලබා දිය හැකි බව තමිල්නාඩු ප්‍රාන්ත රජය දැනුම් දී තිබෙනවා.

    ශ්‍රී ලංකාවට ආධාර ලබාදීම සඳහා තමිල්නාඩු ප්‍රාන්ත රජය ඉන්දීය මාධ්‍යම රජයේ අනුමැතියද ඉල්ලා සිටි අතර පසුගිය දා ඒ සදහා ඉන්දීය මධ්‍යම රජයේ අනුමැතිය හිමි වුණා.

    ඒ තමිල්නාඩු ප්‍රාන්ත ප්‍රධාන අමාත්‍ය එම්. කේ. ස්ටාලින් විසින් මීට අදාළව පසුගියදා ඉදිරිපත් කරන ලද යෝජනාව ප්‍රාන්ත රජය තුළ ඒකමතිකව සම්මත වීමෙන් අනතුරුවයි.

    ඒ අනුව ඉන්දීය විදේශ අමාත්‍ය එස්. ජයශංකර් මහතා පැවසුවේ ඉන්දීය මධ්‍යම රජය ශ්‍රී ලංකාවට සපයන සහයට අමතරව තමිල්නාඩු ප්‍රාන්ත රජයටද ශ්‍රී ලංකාවට සහය ලබා දිය හැකි බවයි.

    තමිල්නාඩුවේ ඉල්ලීම මත කොළඹ ඉන්දීය දූත පිරිසෙන් උපදෙස් ලබා ගත් බව ඉන්දීය විදේශ අමාත්‍ය එස් ජයිශංකර් මහතා විසින් මහ ඇමති ස්ටාලින් වෙත ලිපියක් යවමින් සඳහන් කර තිබෙනවා.

    ඉන්දීය විදේශ අමාත්‍යාංශය සඳහන් කළේ, තමිල්නාඩු රජයේ සහය ඉන්දීය රජය විසින් සපයනු ලබන දෙයට අතිරේකව සැපයිය හැකි බවයි.

    ශ්‍රී ලංකා රජයේ කැමැත්ත මත එම අධාර බෙදාහැරීය හැකි බව ද ඉන්දීය විදේශ අමාත්‍යවරයා සඳහන් කර තිබෙනවා.

    මේ අතර ඉන්දිය මාධ්‍ය වාර්තා පෙන්වා දෙන්නේ තමිල් නාඩු ප්‍රාන්තයේ පාලක පක්ෂය වන DMK පක්ෂය නියෝජනය කරන ලොක් සභාවේ සහ රාජ්‍ය සභාවේ මන්ත්‍රීවරුන් තම මසක වැටුප තමිල්නාඩු මහ ඇමති එම්.කේ. ස්ටාලින් මහතා විසින් පිහිටුවනු ලැබ ඇති අරමුදල වෙත පරිත්‍යාග කිරීමට තීරණය කර ඇති බවයි.

    තමිල්නාඩු ප්‍රාන්ත ප්‍රධාන ඇමති එම්.කේ. ස්ටාලින් නිකුත් කළ නිවේදනයක මේ බව සඳහන් වුණා.

    කෙසේ වෙතත් තමිල්නාඩු ප්‍රාන්ත රජය අවධාරණය කර ඇත්තේ මෙම මානුෂීය ආධාර තමන් විසින් ලබා දෙන්නේ ශ්‍රී ලංකාවේ රාජපක්ෂ පරිපාලනයට නොවන බවයි.

    රාජපක්ෂ පරිපාලනය පිළිබඳ ශ්‍රී ලංකාවේ ජනතාව තුල පවතින විරෝධය ඔවුන් මීට හේතු ලෙස දක්වා තිබෙනවා.

    ඒ අනුව ඉන්දීය තමිල්නාඩු ප්‍රාන්ත රජය අවධාරණය කරන්නේ ශ්‍රී ලංකාව තුල පවතින බැරෑරුම් ආර්ථික තත්ත්වය මත එදා වේල හෝ සොයාගත නොහැකිව , දුක්විදින ලංකික ජනතාව ගැන සිතා තමන් මෙම ආධාර ලබා දෙන බවයි.

    ශ්‍රී ලංකාව ඉතිහාසයේ වෙන කවරදාටත් වඩා, මේ වන විට දැඩි ආර්ථික අර්බුදයකට මුහුණ දී ඇති අතර මුදල් අමාත්‍ය අලි සබ්‍රි මහතා පසුගිය දා පාර්ලිමේන්තුවේදී අවධාරණය කළේ මෙරට සතු භාවිත කළ හැකි විදෙස් සංචිත ප්‍රමාණය අමෙරිකානු ඩොලර් මිලියන 50 දක්වා ඉතා අවම අගයකට පහත වැටී ඇති බවයි.
    එය ප්‍රමාණවත් වන්නේ එක් ඉන්ධන නෞකාවකට ගෙවීමට පමණක් බවද ආර්ථික විශ්ලේෂකයන් පෙන්වා දෙනවා.

    ශ්‍රී ලංකාව මුහුණ දී සිටින මෙම දැවැන්ත ආර්ථික අර්බුදය හමුවේ ඉන්ධන මිලදී ගැනීම් සඳහා පෙබරවාරි මාසයේදී ඩොලර් මිලියන 500 ක ණයක් සහ ආහාර, ඖෂධ සහ අනෙකුත් අත්‍යවශ්‍ය ද්‍රව්‍ය මිලදී ගැනීම සඳහා මාර්තු මාසයේදී තවත් ඩොලර් බිලියන 1 ක ණයක් ඇතුළුව, වසර ආරම්භයේ සිටම ඉන්දියාව ශ්‍රී ලංකාවට ඩොලර් බිලියන 2.5 කට ආසන්න මූල්‍ය ආධාර ලබා දී තිබෙනවා.

    මේ වන විට රාජපක්ෂ ආන්ඩුවට එරෙහිව දැවැන්ත විරෝධතා රටපුරා පැන නැගී ඇති අතර අර්බුදයට මුහුණ දීම සඳහා ශ්‍රී ලංකාව තවත් ඩොලර් බිලියනයක මුල්‍ය ආධාරයක් ඉන්දියාවෙන් ඉල්ලා ඇති බවද විදෙස් වාර්තා වල සදහන්.

    ඉන්ධන, ඖෂධ, ආහාර ඇතුළු අත්‍යාවශ්‍ය ද්‍රව්‍ය සඳහා ගෙවීම් සිදු කිරීමට නොහැකි වීමෙන් මෙරට සමස්ථ ජනතාව පත්ව ඇත්තේ දැඩි අර්බුදයකටයි.

    ඉන්දියාව අවස්ථා කිහිපයකදී ලබා දුන් ආධාර මෙන්ම ඉන්ධන ගෙන්වීම සදහා ලබා දුන් ණය ආධාරය ඒ අතරින් ප්‍රධානයි.

    ශ්‍රි ලංකා තමිල්නාඩු සබඳතා පිළිබඳ කවුරුන් කුමන විවේචන එල්ල කළත් අවසානයේ මෙරට ජනතාව තේරුම් ගත යුතු කරුණු කිහිපයක් වනවා, එනම් ශ්‍රී ලංකාව මේ වන විට නිදහසින් පසු දරුණුතම ආර්ථික අර්බුදයට මැදිව සිටින අතර තත්ත්වය මෙසේ පැවතුනහොත් ඉදිරියේ දී ජනතාවට බඩගින්නේ මියැදෙන්නට සිදුවීම නම් සිදුවිය හැක්කක්.

    ඩොලර් බිලියන ගනන් සිය සංචිත තරකරගෙන සිටින බටහිර රටවල් ශ්‍රී ලංකාව දෙස නොදුටු දෑසින් පසුවෙද්දී කිලෝමීටර් 50කටත් වඩා අප ලගින්ම සිටින අසල්වැසියා වන තමිල්නාඩුව අපවෙත දිගුකරන මෙම මිතුදමේ දෑත් අතීතයේ සිටම දෙරට අතර පැවති සබඳතාව මැනවින් මෙරට වැසියන්ට පසක් කර දෙනවා.

    ජනතාවට වින කරමින් මෙරට පාළනය කරන රාජපක්ෂවරු දෙස නොබලා, සිය වැටුප් පවා පරිත්‍යාග කරමින්, ශ්‍රී ලංකාවේ සැබෑ ලෙසම දුක්විදින ජනතාව වෙත පමණක් සිය මිත්‍රත්වයේ දෑත් දිගු කිරීමට ඉන්දියාවේ තමිල්නාඩු ප්‍රාන්ත රජය තීරණය කිරීම මේ මොහොතේ දී සියලු ශ්‍රී ලාංකිකයන් පැසසිය යුතු කරුණක්.
     
    • Like
    Reactions: magix

    YelaWolf

    Well-known member
  • Jun 6, 2017
    5,226
    4,095
    113
    ලංකාව බංකොලොත් වුනොත් පාඩුව කාටද කියල හොයල බලපං..ඕකට රචනා ලියන්න දෙයක් නෑ ඵතකොට..ඒ කොහොම වුනත් බලු චීනෙට වඩා ඉන්දියාව හොඳයි..
     
    • Like
    Reactions: sandaru1rox

    asbestos

    Well-known member
  • May 5, 2022
    2,200
    2,656
    113
    සංසාරය
    ලංකාව බංකොලොත් වුනොත් පාඩුව කාටද කියල හොයල බලපං..ඕකට රචනා ලියන්න දෙයක් නෑ ඵතකොට..ඒ කොහොම වුනත් බලු චීනෙට වඩා ඉන්දියාව හොඳයි..

    ඕකේ ස'
     
    • Haha
    Reactions: YelaWolf

    Tricle_Buwa

    Well-known member
  • Sep 15, 2019
    13,058
    18,991
    113
    ලංකාව බංකොලොත් වුනොත් පාඩුව කාටද කියල හොයල බලපං..ඕකට රචනා ලියන්න දෙයක් නෑ ඵතකොට..ඒ කොහොම වුනත් බලු චීනෙට වඩා ඉන්දියාව හොඳයි..
    නොදන්න අපිටත් කියාදුන්න නම්..