❤ SitH pAwRa ♡

dilrasan

Well-known member
  • Oct 30, 2007
    42,743
    1
    4,829
    113
    40
    හත් ඉලව්වෙ!
    ගොඩක් දේවල් නිසා හිත ටිකක් නිදහස් මදි....කාටවත් ඇහුනෙ නැති උනත් හිතේ තියෙන දේ කියන්නයි මේ ත්‍රේඩ් එක හැදුවෙ....ලඟින් හිටිය හොඳම යාලුවො කියල සලකපු අයම කරදරයක් උනාම රිදවන පැත්තටම සහයෝගය දුන්න කියල දැනගත්තම කොයි තරම් දුකක් ඇතිවෙනවද..ආදරය කරපු අය සාධාරණ හේතුවක් නැතුව ඈත් වෙලා ගිහින් තව කෙනෙක්ගෙ ආදරය ලඟ නැවතුනත් කමක් නෑ කියමු...ඒත් මීට කලින් වෙන කෙනෙකුට ආදරය කලා නේද කියල මතක් වෙන්නෙ නැති එක...රිදවන්න නොවටින හිතක් රිදෙව්ව කියල හිතට දැනෙන්නෙ නැති එක....පුලුවන්ද අදහගන්න...

    හැමෝම එක පැත්තකට වෙලා වැරදි කියනව හරියට එයාල ගාව වරදක් ඇත්තෙම නැති ගානට....කොයි තරම් සැහෙල්ලුවෙන්ද එයාල ඉන්නේ...වරදක් උනා කියලවත් දැනෙන්නෙ නැතුව...කොහොම ඉන්නවද..හ්ම්ම්...

    තමන්ගෙ වරදින් වෙන කෙනෙක් වැරදි කලාම ඒ කෙනාද වැරදිකාරය...වැරැද්දක් වෙන්න හේතු උන කෙනා නෙවේද වැරදි? මේක හරි අමුතු ලෝකයක්....කීප දෙනෙක් එකතු උනාම පුලුවන් ඕනිම කෙනෙකුගෙ වැරදි වහන්න....කීපදෙනෙක් ලඟ හිටියම තමන්ගෙ වැරදි නිසා වෙන අය දුක් විඳිනව කියල හිතෙන්නෙ නැතුව යනව ඇති...එහෙම වෙන්න ඇති....හ්ම්ම්....