➡➡ විශ්වයේ නොවිසඳුනු අභිරහස්

ctooi

Banned
  • Jul 19, 2008
    7,280
    498
    83
    මකබාවේ
    puma-punku-14%25255B6%25255D.jpg


    d7173796f69c9e3b667b1b72aa62fc04.jpg


    puma-punku-em-tiahuanaco.jpg




    පුමා පුන්කු අවුරුදු දොළොස් දාහක් දාහත් දාහක් අතර පරණ ගොඩ නැගිලි, විශේෂත්වේ අද තියෙන තාක්ශනෙන් වත් කරන්න අපහාසු ගොඩ නැගිලි, ගොඩ නැගිලි වල ගල් වැද්දුම් කරලා තියෙන්නේ ලේසර් කටිං තාක්ෂනය යොදාගෙන ඉතාමත් සියුම් විදිහට
     

    scorpion MW

    Well-known member
  • Dec 9, 2014
    10,364
    6,782
    113
    හෙල බිමේ
    bermuda2_i000199.jpg
    SS El Faro නෞකාව​

    බර්මියුඩා ත්‍රිකෝණයේ ආසන්නතම බිල්ල ලෙස සැලකෙන්නේ SS El Faro නම් භාණ්ඩ ප්‍රවාහන නෞකාවයි.මෙය භාණ්ඩ ප්‍රවාහන නෞකාවකි.එය අඩි 790 ක පමණ දිගකින් යුක්ත වූ බව කියවේ.නෞකාව ඇමෙරිකා එක්සත් ජනපදයේ ෆ්ලොරිඩා හි Jacksonville නම් නගරයේ වරායෙන් පිටත් වන්නේ 2015 සැප්තැම්බර් මස 30 දාය.එහි ගමන් මාර්ගය වැටී තිබුණේ බර්මියුඩා ත්‍රිකෝණය මැදින්ය.නෞකාවේ කන්ටේනර් 390ක් සහ වාහන 290ක් ගබඩා කර තිබූ බව කියවේ.කපිතාන් මයිකල් ඩේවිඩ්සන් ඇතුලුව ගැහැණු පිරිමි 33ක් නෞකාවේ ගමන් කර තිබේ.ඉන් 28 දෙනෙක් ඇමෙරිකානුවන්ද ඉතිරි 5 දෙනා පෝලන්ත ජාතිකයන්ද විය.ඔවුන් 2015 සැප්තැම්බර් මස 30 දා වරායෙන් පිටත්වන විට ඔවුන්ට නැගෙනහිර දෙසින් සැතපුම් සියගණනක් දුරින් Joaquin නම් නිවර්තන කුණාටුවක් පැවතුණු බව සඳහන්ය.

    florida_fl_state_map.jpg
    Jacksonville​


    1444083534283980.jpg
    නෞකාවේ ගමන් මාර්ගය සහ කුණාටුවේ ගමන් මාර්ගය​

    නමුත් ඊළඟ දිනයේ එනම් 2015 ඔක්තෝම්බර් 1 දා නෞකාව Joaquin කුණාටුවේ බලපෑමට හසුවිය.ඒ වන විට කුණාටුව වර්ගීකරණයේ 3 වැන්නක් තෙක් වර්ධනය වී තිබිණි.කුණාටුවට මුහුණ දුන් නෞකාවට අඩි 40ක් පමණ උස රැළි සහ පැයට සැතපුම් 90 වේගයෙන් හමන සුළග සමග සටන් වදින්නට සිදුවිය.එදින රාත්‍රී 7.30 අවසන් වරට නෞකාවේ කපිතාන් සමග සන්නිවේදන සම්බන්ධතාවය පැවතී තිබේ.ඔහුට අනුව නෞකාවේ එන්ජිම අක්‍රීය වී තිබේ,විදුලිබලය විසන්ධිව ගොස් තිබේ,ඉන්පසු නෞකාව අංශක 15ක් පමණ ඇලවී ගොස් තිබේ.මෙම කතාබහෙන් පසුව නෞකාව සමග සම්බන්ධතා ඇණහිට තිබේ.ඊළඟ දිනයේ පටන් ඇමෙරිකානු වෙරළාරක්ෂක හමුදාව ගුවන් සහ නාවික හමුදාවල සහායෙන් දැවැන්ත සෝදිසි මෙහෙයුමක් දියත් කලද සාර්ථක ප්‍රතිඵලයක් නොලැබිණි.සති කිහිපයකට පසුව ඇමෙරිකානු නාවික හමුදාවේ Apache නෞකාව බහාමාස් දූපත් ආසන්නයේ නෞකාව ගිලී ගිය ප්‍රදේශයේ මෙහෙයුමක් දියත් කර තිබේ.එහිදී සෝනාර් තාක්ෂණය සහ කේබල් මගින් පාලනය වන දිය යට සෙවීම් කටයුතු වෙනුවෙන් නිර්මාණය කල උපකරණයක් (CUර්‍V) යොදාගෙන තිබේ.එහිදී ඔවුන් ගිලී ගිය නෞකාව සොයා ගත් අතර එය සිරස් අතට තැන්පත්ව තිබුණේ අඩි 15,000ක් ගැඹුරු මුහුදු ප්‍රදේශයකය.එහි ගෙන ගිය මෝටර් රථ සහ අනෙකුත් භාණ්ඩ වලින් බොහෝ ප්‍රමාණයක් හමුවුවද එහි ගමන් කල කිසිදු අයෙකුගේ මළසිරුරක් හෝ හමු නොවීය.

    curv3.jpg




    ඇයි බන් මෙ නැව බර් මියුඩ ත්‍රිකොනනය ගාවින්ම යවල තියන්නෙ. එතන අතුරුදන් වෙනව කියල දැන දැනත්. බර් මියුඩ ත්‍රිකොනය හැම වෙලෙම එහෙම ක්‍රියා කරන්නෙ නැද්ද
     

    raveenaj

    Active member
  • Feb 8, 2016
    223
    153
    43
    bermuda tirikoone nam dan epa wela bun tiyene

    hamadaama ekama seen ekane kiyane itin

    නොදන්න අයත් ඉන්නවනෙ කොල්ලො..ලිස්ට් එකේ තියන ඒවා , නැති ඒව ඔක්කොම post කරනවා ලගදිම.
     

    HarshaLulzSec

    Well-known member
  • Sep 7, 2015
    3,710
    3,239
    113
    Ratnapura
    ඇයි බන් මෙ නැව බර් මියුඩ ත්‍රිකොනනය ගාවින්ම යවල තියන්නෙ. එතන අතුරුදන් වෙනව කියල දැන දැනත්. බර් මියුඩ ත්‍රිකොනය හැම වෙලෙම එහෙම ක්‍රියා කරන්නෙ නැද්ද

    Bermuda_Triangle.png
    බර්මියුඩා ත්‍රිකෝනය නම් ප්‍රදේශයේ දළ පිහිටීම​


    eQnI2l3.png
    SS El Faro නෞකාවේ ගමන් මාර්ගය ඇ.එ.ජ. ෆ්ලොරිඩා හි Jacksonville වරායේ සිට පුවෝට රිකෝ හි San Juan වරාය වැටී තිබිණි.​

    searates.com​



    1444083534283980.jpg
    SS El Faro නෞකාව අනතුරට ලක්වූ ප්‍රදේශය​


    xjo2m7P.jpg
    මෙම අනතුරුදායි මුහුදු ප්‍රදේශය ඔස්සේ ජාත්‍යන්තර නෞකා මාර්ග වැටී තිබේ​


    නමුත් මේ මොහොතේදීත් බර්මියුඩා ත්‍රිකෝණය නමින් හඳුන්වන මුහුදු ප්‍රදේශය ඔස්සේ නෞකා ගමනාගමනය සිදුවන බව පහත සිතියමෙන් පැහැදිලිව දක්වා තිබේ.

    www.marinetraffic.com​


    wWEB29w.png

    2014 වසර තුල බර්මියුඩා ත්‍රිකෝණය හරහා සිදුවී තිබෙන නෞකා ගමනාගමනය​
     
    • Like
    Reactions: kinkon

    Similar threads