⭐️ ඔබේ පරිගණකයට වෛරසයක් ඇතුළු වූ විට කරන්න ඕනෙ දේවල් ⭐️

SL MULTIMEDIA TUTORIAL

Well-known member
  • Jul 27, 2020
    1,663
    7,025
    113
    United States
    ඔබේ පරිගණකයට වෛරසයක් ඇතුළු වූ විට කරන්න ඕනෙ දේවල්

    5642e87f35800557102a5.jpg


    අපිට එදිනෙදා ජීවිතයේදී අත්‍යවශ්‍ය වෙන ප්‍රධාන උපාංගයක් විදිහට පරිගණකය හඳුන්වන්න පුළුවන්. විශේෂයෙන් කාර්යාල ජීවිතයේදීත්, පුද්ගලික ජීවිතයේදීත් අපිට පරිගණකයෙන් තියෙන ප්‍රයෝජන ඉතා විශාලයි. ඉතාම සරල ලියුමක් හදාගන්න තැන සිට රටක් පාලනය කිරීම වෙනකන් විශාල පරාසයක විහිදුණු ප්‍රයෝජන අපිට පරිගණක වලින් ලැබෙනවා. ඒ වගේම පරිගණකයේ තියෙන දත්ත සහ තොරතුරු සමහරෙකුට ජීවිතය තරම්ම වැදගත්. එච්චර වටිනා දේවල් ගබඩා කරපු පරිගණකයකට වෛරසයක් ඇතුළු වෙලා ඒ දත්ත මකා දැමුවොත් හෝ දත්ත වලට හානි කළොත්, මොනවා වෙයිද කියල හිතාගන්නවත් බෑ නේද? ඔව් ඒක ඉතාම කණගාටුදායක තත්ත්වයක්. හැබැයි එහෙම අවස්ථාවකට මුහුණ දෙන්න උනොත් කලබල නොවී එයට මුහුණ දෙන්න සුදානම් වෙන්න අවශ්‍යයි. අපි අද කියල දෙන්නේ එහෙම අවස්ථාවක ක්‍රියාත්මක වෙන්න ඕනේ කොහොමද කියන කාරණාව ගැන.


    1. පරිගණකය හැකි ඉක්මනින් ක්‍රියා විරහිත කිරීම සහ ජාල සම්බන්ධතා විසන්ධි කිරීම


    9858221c7d4101bcfad24.jpg


    පරිගණකයට වෛරසයක් ඇතුළු වුණු වහාම අපිට බොහෝ විට පරිගණකයේ තියෙන ප්‍රති වෛරස මෘදුකාංගය විසින් දැනුවත් කිරීමක් කරනවා. නමුත් බොහෝ විට මේ වෛරස පරිගණක වලට ඇතුළත් වෙන්නේ අදාළ ප්‍රති වෛරස මෘදුකාංගය අක්‍රිය කරපු අවස්ථා වල. බොහෝ විට අපි පාවිච්චි කරන ක්‍රැක් කරන ලද සහ අනවසර මෘදුකාංග වලින් මේ වෛරස ඇතුළත් වීම සිදු වෙනවා. එහෙම නැත්නම් නොයෙක් මෘදුකාංග ඇක්ටිව් කරන්න අන්තර්ජාලයෙන් බාගත කරන නොයෙකුත් දේවල් වලින් මේ වෛරස ඉතාම පහසුවෙන් පරිගණක වලට ඇතුළු වෙනවා. ඉතින් එහෙම තත්ත්වයකදී හැකි ඉක්මනින් අන්තර්ජාල සම්බන්ධය සහ අනෙකුත් ජාල සම්බන්ධතා විසන්ධි කරන ඒක ගොඩක් වැදගත්. මොකද අන්තර්ජාලය හරහා තව දුරටත් හානිය වැඩි කරන දේවල් වෙන්න පුළුවන්. විශේෂයෙන් ඔබේ පුද්ගලික දත්ත සොරා ගැනීම වගේ දේවල් අන්තර්ජාල සම්බන්ධතාවය හරහා තමයි වෙන්නේ. ඉන් පස්සේ පරිගණකය ක්‍රියාවිරහිත කරන්න. මොකද ඒකෙනුත් වෛරසය පැතිරීම අඩු කරගන්න සහ හානිය අඩු කරගන්න උදව්වක් වෙයි.



    2. වෛරසය හඳුනා ගැනීම


    fe7b782a27a25e1c83e96.jpg


    ඇතුළු වෙලා තියෙන වෛරසය මොකක්ද කියන එක හොයාගන්න එක තමයි ඊළඟ වැදගත් දේ. ඒකට හොඳ වෛරස් ගාර්ඩ් මෘදුකාංගයක් පාවිච්චි කරන්න. ඒකෙන් පරිගණකය ස්කෑන් කිරීමෙන් වෛරසය හඳුනාගන්න පුළුවන්. මොකද වෛරස් කියල අපි පොදුවේ කිව්වට වෛරස් වල ප්‍රභේද ගණනාවක් තියෙනවා. එක එක වෛරස ක්‍රියාත්මක වෙන්නේ එක එක විදිහට. සමහර ඒවා දත්ත සොරකම් කරනවා. සමහර වෛරස දත්ත මකා දමනවා. සමහර ඒවා දත්ත විකෘති කරනවා. ඒ නිසා වෛරසය ඉවත් කරනවා වගේම වැදගත් වෛරසය හඳුනා ගැනීම.


    3. වෛරස ඉවත් කළ හැකිද යන්න සොයාබැලීම


    a649c55a656e48393a734.jpg


    වෛරසය ඉවත් කරගන්න අවශ්‍ය ක්‍රියාමාර්ග ගන්න එක තමයි ඊළඟ වැදගත් දේ. වෛරසය හඳුනා ගැනීමෙන් අපිට පුළුවන් ඒ වෛරසය මොන වගේ එකක් ද කියන එක අන්තර්ජාලය හරහා හොයල බලන්න. ඉවත් කරන්න පුළුවන් වෛරස වගේම ඉවත් කරන්න බැරි වෛරස ප්‍රභේදත් තියෙනවා. ඉවත් කළ හැකි වෛරසයක් නම් ඔබේ ප්‍රති වෛරස මෘදුකාංගය හරහා ඒ සියල්ල ඉවත් කරන්න කටයුතු කරන්න.



    4. හානිය හඳුනාගැනීම හා දත්ත නැවත ලබා ගැනීම


    1abd7237c8f3b1525befe.jpg


    වෛරස ඉවත් කළාට පස්සේ නැවත ස්කෑන් එකක් කිරීමෙන් එය තහවුරු කරගන්න පුළුවන්. ඊට පස්සේ තමන්ගේ දත්ත වලට වෙලා තියෙන හානිය සොයාබලන්න. දත්ත මකා දැමීමක් කරලා නම් රිකවරි මෘදුකාංගයක් හරහා ඒවා නැවත ලබාගන්න කටයුතු කරන්න. දත්ත විකෘති කරලා (Encrypt) නම් දත්ත Decrypt කරන ටූල් කිහිපයකින් උත්සහ කරන්න. එහෙම නැත්නම් ඒ සේවාවන් ලබාදෙන විශ්වාසවන්ත කෙනෙක් හරහා ඒ දත්ත රිකවර් කරගන්න උත්සහ කරන්න. විශේෂයෙන් දත්ත නැවත ලබාගැනීමේදී වෙනත් දත්ත ගබඩාවකට ඒවා ලබාගන්න එක වඩා හොඳයි. දත්ත නැවත ලබා ගැනීම වෙනුවෙන් අදාළ වෛරසයේ නිර්මාණකරුවන්ට (සයිබර් අපරාධකරුවන්ට) මුදල් ගෙවීමට උත්සහ කරන්න එපා. ඔබ මුදල් ගෙව්වත් අදාළ දත්ත ඔබට නැවත ලැබේ යැයි තහවුරුවක් ලැබෙන්නේ නෑ. අනෙක් අතට මුදල් ගෙවීමෙන් ඔබද එම අපරාධයේ කොටස්කරුවෙක් වෙයි. එය අහිතකර පූර්වාදර්ශයකුත් වෙනවා.



    5. මෙහෙයුම් පද්ධති නැවත ස්ථාපනය කිරීම


    9f295796ede70086a1e77.jpg


    ඉතා සුළු බලපෑමක් සහිත සරල වෛරසයක් ඔබේ පරිගණකයට ඇතුළත් වෙලා නම් සරල උපක්‍රම කිහිපයකින් ඔබට ඒ බලපෑමෙන් ඉවත් වෙන්න පුළුවන්. නමුත් අද ලෝකයේ ඉන්න වෛරස නිර්මාණය කරන්නන් මේවා නිර්මාණය කරන්නේ බොහෝ විට මුදල් ලබාගැනීමේ පරමාර්ථයෙන්. ඉතින් එහෙම අය ඒවා කරන්නේ ලේසියෙන් ගැලවෙන්න පුළුවන් විදිහට නෙමෙයි. සමහර Ransomware ගණයේ වෛරස තියෙනවා ඒවා දත්ත Encrypt කරන්නේ ඔන්ලයින් කී (Online Key) කියන ක්‍රමයට. ඒ ඔවුන්ගේ සර්වර් එකෙන් ස්වයංක්‍රීයව උත්පාදනය කරන එකිනෙකට වෙනස් කී එකකින් තමයි මේ දත්ත Encrypt කරන්නේ. ඒ වගේ අවස්ථාවක ඔබට පරිගණකය Format කිරීමෙන් පමණයි මේ වෛරස බලපෑමෙන් ඉවත් වෙන්න පුළුවන්. ඒ නිසා දත්ත හැකි ප්‍රමාණයට නැවත ලබාගෙන පරිගණකය Format කර මෙහෙයුම් පද්ධති නැවත ස්ථාපනය කිරීම වඩා සුදුසුයි.



    6. දත්ත සඳහා අමතර ආරක්ෂාවක් සපයා ගැනීම


    9ab19d7c1ef5e88a2814e.jpg


    මේක තමයි ඉතා විශේෂ කාරණාව. තමන්ට වෙච්ච දේ වුණා. නමුත් නැවත ඒ වගේ දෙයක් උනොත් ඒ වගේ අවස්ථාවක වෙන්න පුළුවන් හානිය අවම කරගන්න ක්‍රියාමාර්ග ගන්න ඒක ඉතා වැදගත්, විශේෂයෙන් නීති විරෝධී මෘදුකාංග පරිගණකයට ස්ථාපිත කරගන්නේ නැතුව ඉන්න එක තමයි හොඳම ක්‍රමය. ඒ වගේම නිතර යාවත්කාලීන කරන ලද ප්‍රති වෛරස (Anti Virus) මෘදුකාංගයක් භාවිතා කිරීම, ඉතා සංවේදී සහ වැදගත් දත්ත වෙනත් මතක ගබඩාවක් වෙත යොමු කිරීම, පරිගණකයේ මුරපදය සහ අනෙකුත් ගිණුම් වල මුර පද Remember නොකර තබාගැනීම, වගේ දේවල් වලින් හානි අවම කරගන්න පුළුවන්.

    1626011327606-png.134824

    හැමෝටම සුභ දවසක්...😍🤗:-)..

    Coppied from lifie.lk
     
    Last edited: